(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධ දන්ත වෛද්‍ය පීඨයේ සිසුන් සඳහා ස්ථිර අංග සම්පූර්ණ මහාචාර්ය ඒකකයක් මහරගම මුඛ සෞඛ්‍ය ආයතන පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ.
මේ සදහා නිසි සැලසුමක් යටතේ අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙමින් අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බව පෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මෙරට ස්ථාපිත වූ දෙවන දන්ත වෛද්‍ය පීඨය ලෙස 2022 වර්ෂයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආරම්භ වූ මෙම දන්ත වෛද්‍ය පීඨය අංග සම්පූර්ණ වෛද්‍ය පීඨයක් බවට පත් කිරීමට වත්මන් රජය කටයුතු කරන බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීය.
කළුබෝවිල ශික්ෂණ රෝහලට සහ මහරගම මුඛ සෞඛ්‍ය ආයතනය සඳහා අවශ්‍ය වන විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන්, දන්ත තාක්ෂණ නිලධාරීන් මෙන්ම අවශ්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩල කඩිනමින් අනුයුක්ත කිරීමටත්, අවශ්‍ය උපකරණ හැකි ඉක්මනින් ලබා දීමටත් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
කොස්ලන්ද පොලිස් වසමට අයත් පූනාගල පාර . කෝවිල අසල නිවසක සිරුරට ගිනි ඇවිලීමෙන් මිය ගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (27) උදෑසන සොයා ගත් බව කොස්ලන්ද ප
වසර දහයකට ආසන්න කාලයක් නාවික හමුදාවේ සේවය කර ලුතිනන්වරයකු ලෙස වැඩ තහනමට ලක් වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ රුපියල් කෝටි ගණනි
මුදල් විශුද්ධිකරණ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා
ළමයින් දරුකමට හදාවඩා ගැනීමේ ආඥාපනතට අනුව විදේශීය ඉල්ලුම් කරුවන් සඳහා මෙම ලිත් වර්ෂය සඳහා සියලුම අධිකරණ මගින් නිකුත් කළහැකි ළමයින් දරුකමට හදාවඩා ගැ
මහනුවර ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකුට පහර දුන් බව කියන බීමත් අයියා මලෝ දෙදෙනෙකු මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
බීමතින් පොලිස් කැබ් රථයක් ධාවනය කර ත්‍රිරෝද රථයක හප්පා පලා ගිය උප පොලිස් පරීක්ෂකවරයෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ජපුරේ දන්ත පීඨයට මහාචාර්ය ඒකකයක්