(රෝෂන් තුෂාර)
දකුණු පළාත් සභාව වෙන්දේසි කරන ලද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීප් රථය අසාදු ලේඛනයෙන් ඉවත් කරදීමට රුපියල් අසූදහසක අල්ලසක් ඉල්ලා රුපියල් 10000 මුදලක් ලබා ගත්තේ යැයි අත්අඩංගුවට පත් කළමනාකාර සහකාරවරයා ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (04) නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් පෙරේදා (03)දින අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කළ දර්ශන පිරිස් නැමැති සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
දකුණු පළාත් සභාව වෙන්දේසි කරන ලද මෝටර් රථය ලියාපදිංචි කිරීමට නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයට ගිය පැමිණිලිකරුට තම ජීප් රථය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අසාදු ලේඛනයට ඇතුලත් කර ඇති බව මෝටර් රථ කාර්යාංශය දැනුම් දී ඇත.
ජීප් රථය අසාද ලේඛනයෙන් ඉවත් කරවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට ගිය පැමිණිලිකරුට සැකකරු මුණගැසී ඇති බවත්,අසාදු ලේඛනයෙන් ඉවත් කරදීමට අදාළ අල්ලස් මුදල ඉල්ලා ඇති බවත් අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජිප් රිය අසාදු ලේඛනයෙන් ඉවත් කරන්න අල්ලස් ගත් නිලධාරියා රිමාන්ඩ්