IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ජෙයරාජ් කොටියාට බිලිවී වසර 6 යි

කොටි ත්‍රස්තවාදින් විසින් ඇටවු  බෝම්බයකින් වැලිවේරියේදී ජීවිතක්ෂයට පත් වු   හිිටපු ඇමතිවරයකු වු ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ හය වැනි ගුණ සමරුව  වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගනය අසල පිහිටි ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ස්මාරකය අසලදී  ජල සම්පත් අමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  අද පැවැත්විණි.

ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ  මහතාගේ බිරිය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සමග පුත් භානුක ප්‍රනාන්දුපුල්ලේ සහ දියණිය සමුර්ධි ප්‍රනාන්දුපුලලේ මෙනවියද ගුණසමරුව  පැමිණ සිටියහ.

ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා 2008 අප්‍රේල් 06 වැනි දින වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගනයේ පැවති අවුරුදු උත්සවයක මැරතන් තරගයක ආරම්භක අවස්ථාවකට සහභාගී වීමට පැමිණ සිටියදී කොටි ත්‍රස්තවාදීන්ගේ බොම්බයකට හසුවී එතනම මිය ගියේය.

මහා සංඝරත්නය සහ වැලිවේරිය මීසම බාර ලක්ප්‍රිය නෝනිස් පියතුමන්  එක්ව කරන ලද ආගමික වතාවන්වලින් අනතුරුව  පිරිස ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වුහ.

පුෂපෝපහාරයෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රිනි සුදර්ශනී ප්‍රනානදු පුල්ලේ මහත්මිය පිරිස ඇමතූවාය. ඇගේ ස්වරය   හැගුම්බර විය. ඇය කතාව අතර මැද නවතා මොහොතක් කඳුළු සැලූ අතර එම අවස්ථාවේ පැමිණ සිටි සියල්ලන්ගේ  දෙනෙත් ද කඳුලින් බර විය.  

 ජලසම්පත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා පිළිබඳ අතීත මතකයන් සිහිපත් කළ අතර ඔහු   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගැනීම සඳහා කළ කැපවීම් සහ ගන්නා ලද නිර්භීත ක්‍රියා පිළිබඳ කතා කළේය.

ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද ජෙයරා්ජ් ප්‍රනාන්දු පුලලේ මහතාගේ පිළිබඳ ගුණකතනයක්  කළේය.

 බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, විද්‍යා හා තාක්ෂන අමාත්‍ය තිස්ස විතාරණ, සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා, ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහත්වරු ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

 

 



අදහස් (0)

ජෙයරාජ් කොටියාට බිලිවී වසර 6 යි

ඉස්මිල් හුස්සෙන් Monday, 07 April 2014 12:19 PM

රිශාන්ත, ඔබගේ චින්තනය ඉතාමත් පහත් මට්ටමේ ඇත... (ස)

:       0       0

වීරසේකරගේ Sunday, 06 April 2014 08:02 PM

ත්‍රස්තවාදීන් නැතිකළ සරත් ෆොන්සේකා දිනේවා! (නි)

:       0       0

ශමින් පණ්ඩිතරත්න Monday, 07 April 2014 04:44 AM

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යතුමා වැනි උතුම් ගුණගරුක පුද්ගලයන් නැවත බිහි නොවෙන බව මා දනිමී.එතුමා කියන දේ කරන ,කරන දේ කියන ,පක්ෂ විපක්ෂ කාගේත් ජනාදරය දිනු නිර්භීත ජන නායකයෙක්.ඇමතිතුමනි ,ඔබතුමා වෙනුවෙන් තවම අප කදුළු සලන්නෙමු .ඔබට නිවන් සැප! (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Sunday, 06 April 2014 08:35 PM

ඔබතුමාට නිවන් සැප! (නි)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Monday, 07 April 2014 08:54 AM

ජාති ආගම් සහ පක්ෂ භේදයෙන් තොරව ජනතාවට සේවය කල මෙතුමා වැනි උතුම් පුද්ගලයන්ට අපේ රටේ වැඩිකල් ජීවත් වෙන්න ඉඩ ලැබුනේ නැහැ.මේකේ අපේ රටේ කරුමේ.ජනතාවගේ කරුමේ. ඔබ තුමාට මෙවන් අකල් මරණ මතු භවයෙදි නොවේවා! . (නදී)

:       0       0

නීල් පරණවිතාන Sunday, 06 April 2014 11:34 PM

සරත් ෆොන්සේකා මහත්මයට අපි ගෞරවය කරනවා හොඳ හමුදා නායකයෙක් විදියට නමුත් ජනාධිපති තුමා දේසපාලන වශයෙන් ලොකු මෙහෙවරක් කළා. අපි ඒකට ගරු කරන්න ඕනා.(නදි)

:       0       0

මාලක සිල්වා. Monday, 07 April 2014 09:22 AM

මිනි මරපු ,මරවපු බොහෝ දෙනෙක් නැවත මිනිය බලන්න යනවා. ඔහු මැරුවේ කොටිද? නැත්නම්.(නදී)

:       0       0

කොස්වත්ත Sunday, 06 April 2014 03:12 PM

අම්මෝ, ඒ රුදුරු බිහිසුනු යුගය නැති කරදුන් අපේ ආදරණිය රණවිරුවන්ටත් ,අතිගරු ජනධිපතිතුමාටත් පින්සිදු වෙවා. (ස)

:       0       0

පෙරේරා Sunday, 06 April 2014 04:04 PM

නොබියව ත්‍රස්තවාදයට විරුද්දව අදහස් පලකල එතුමා සිහිකරමි. (ස)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන. Sunday, 06 April 2014 04:08 PM

ජිනීවා යෝජානාවේ පිල්ලේ, වැලිවේරිය සිද්ධිය(රතු පස්වල වතුර ප්‍රශ්නයේදී ඇතිවුන මරණ )ගැනත් රජයෙන් උත්තර ඉල්ලනවා.පිල්ලේගෙන් අපි ඉල්ලන්න ඕනේ ප්‍රනාන්දු පුල්ලේ මහත්මාගේ මරණය ගැන වගකීම එයා ගන්නවද කියලා. (ස)

:       0       0

රිශාන්ත Sunday, 06 April 2014 05:19 PM

ස්වාමිපුරුෂයා මලාම බිරිඳට පින පෑදෙන එක තමය අපේ රටේ දේශපාලනය .(ස)

:       0       0

කමල් Monday, 07 April 2014 06:46 PM

ත්‍රස්තවාදය නැති කිරීමට හමුදාවට නායකත්වය දුන් සරත් ෆොන්සේකා මහතාට ජය! (නි)

:       0       0

නඩරාජා Monday, 07 April 2014 01:09 AM

ජාතිවාදී පිල්ලේ නෝනට මේවා පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

ලක්මාල් Sunday, 06 April 2014 05:46 PM

මම කැමතිම නායකයෙක්. අපෙත් රටෙත් අවාසනාවට අපිට එතුමා නැති උනා. ඔබ තුමාට නිවන් සැප. (ස)

:       0       0

සරණ Sunday, 06 April 2014 05:58 PM

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමතිතුමාව ඝාතනය කළා නම්, රතු පස්වල සිද්ධියේ හොයන්න දෙයක් නෑ කියලද හිතන්නේ? රටේ සිද්දවෙන වැරදි වහන්න බෑ ඔය වගේ කතාවලින්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 932 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5693 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3253 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 280 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1450 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1568 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28403 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site