IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ජයලලිතාගේ පඹයා කොළඹ දී පුළුස්සයි

උතුරේ ජනමත විචාරයක් පැවැත්වීමට ජයලලිතා ජයරාම් කරන ඉල්ලීම හා උතුරු නැගෙනහිරට බලය බෙදන ලෙස ඉන්දියාව කරන බලපෑමට ‘ජාතික සංවිධාන එකමුතුව‘ කොල්ලුපිටියේ පිහිටි මෙරට ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයය ඉදිරිපිට දී අද උද්ඝෝෂණයක් පැවැත්වීය.

උද්ඝෝෂණය අවසානයේ විරෝධතා කරුවෝ දකුණු තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ පිළිරුවක් ගිනි තැබූහ.

දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමියන්, ලක්මව දියණියෝ සංවිධානයේ ලේකම් ප්‍රියංකා කොතලාවල, ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර ද මීට එක්වූහ.

 

 

 



අදහස් (0)

ජයලලිතාගේ පඹයා කොළඹ දී පුළුස්සයි

මෙන්ඩිස් Tuesday, 10 June 2014 05:53 PM

ජයලලිතා ලංකාව ගැන කතා කරන්නේ නැතුව තමන්ගේ ප්‍රාන්තයේ අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙන් සේවයක් කළොත් හොඳයි. අපේ රට ගැන අපි බලාගන්නම්. (නි)

:       0       0

චාමර Tuesday, 10 June 2014 05:56 PM

ජයලලිතාට හිතෙන්නේ නැද්ද ඉන්දියාවේ ප්‍රශ්න විසඳලා හිටියා නම් හොඳයි කියලා? (නි)

:       0       0

චමිලා Tuesday, 10 June 2014 06:45 PM

ශීලා, ඔයා හිතන්නේ අපිට ඉන්දියාව නැතුව බැහැ කියලද? (නි)

:       0       0

සම Wednesday, 11 June 2014 12:34 PM

මේකේ ප්‍රතිචාර දැක්කම පුදුම හිතෙනවනෙ..ඔබ තුමාලට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් වගේම,රටේ තවත් පිරිසකට උද්ඝෝෂණ කරන්න පඹයෝ පුච්චන්න අයිතියක් තියෙනවා, දහස් ගණන් පන තියෙන කොල්ලෝ කෙල්ලෝ වෙඩි බෝම්බ වලින් තමන්ගේ පන කැප කරලා මැරිලා රැක ගත්ත රටක් මේක, (ස)

:       0       0

විමුක්ති Tuesday, 10 June 2014 06:50 PM

ජයලලිතලාට අපේ රටට ඇඟිලි ගහන්න කිසිම අයිතියක් නැහැ (නි)

:       0       0

මිලානො ජයන්ත Tuesday, 10 June 2014 06:51 PM

ශීලා කියන විදිහට, අපි කාලයක් යටත්වෙලා හිටියා වගේ හැමදාම පරදේශක්කාරයන්ට කොන්ද නමන්න ඕනෑ කියලද කියන්නේ? මේක අපේ රට. අපේ රට පාලනය කළයුතු ආකාරය කියලා දෙන්න එයාලා කවුද? (නි)

:       0       0

පෙරේරා Wednesday, 11 June 2014 01:10 PM

ඉන්දියාවේ අයගේ පඹයෝ ලංකාවේ පුච්චනවා ලංකාවේ අයගේ පඹයෝ ඉන්දියාවේ පුච්චනවා, ප්‍රශ්නේ එහෙමම තියෙනවා! (ස)

:       0       0

චින්තා Tuesday, 10 June 2014 07:55 PM

පිළිරුවක් ගිනිතැබීම සැබෑ රුවක් ගිනිතැබීමට සමානයි නේද? බෞද්ධයෙක් ලෙස මට නම් ඇතිවන්නේ දුකක් හා කළකිරීමක් (නි)

:       0       0

තිලක් Tuesday, 10 June 2014 07:57 PM

ඉන්දියාව කියන්නේ අපේ අසල්වැසියා. අපි ඉන්දියාවත් සමඟ හැකිතරම් සහයෝගයෙන් ඉන්න බලමු (නි)

:       0       0

සජීව් Tuesday, 10 June 2014 08:10 PM

ශීල, ඔයා මොනවද කියන්නේ? අපේ රට පහත් කරන්න එපා (නි)

:       0       0

සරත් බණ්ඩාර Wednesday, 11 June 2014 01:32 PM

ජය ලලිතා රගපාන්න දක්ෂ නිළියක් .ඔය චිත්‍රපට දෙබස් වලට කිපෙන්න එපා. (ස)

:       0       0

සමන්ති Tuesday, 10 June 2014 08:14 PM

මේ වැඩ නම් මම අනුමත කරන්නේ නැහැ (නි)

:       0       0

ශාන්ති Tuesday, 10 June 2014 08:41 PM

ජයලලිතාට එයාගේ රටේ ප්‍රශ්න විසඳලා ඉන්න කියමු, පළමුව (නි)

:       0       0

විදුවර Tuesday, 10 June 2014 09:45 PM

අපිත් නෂ්ටික බෝම්බයක් හදනකම් අපි කියන දේ කව්රුත් අහන්නේ නෑ. (ස)

:       0       0

සමන්ත Tuesday, 10 June 2014 10:06 PM

ජයලලිතාගේ තිස් හත වැඩක් නැහැ. මොධි වැඩි බලයක් අරන් තියෙන්නේ. (ස)

:       0       0

පද්මිණි Tuesday, 10 June 2014 10:44 PM

ඉන්දියාවේ මෝදිගේ ප්‍රශ්නයට ලංකාවෙන් මෝඩ පිළිතුරක්! (අ)

:       0       0

විරසිංහ Tuesday, 10 June 2014 02:43 PM

අපිත් ඉන්දියාවේ මිනිස්සු කරන බොලද වැඩ නොකර තීක්ෂණ බුද්දියකින් මේ ප්‍රශ්න බේර ගන්නවානම් හොදයි . මේ වගේ දේවල් වලින් අපි ලෝකෙට පෙන්වන්නේ අපේ නුගත් කම. (දී)

:       0       0

නාලක බස්නායක Tuesday, 10 June 2014 11:30 PM

පඹයන් පුච්චා වැඩක් නැහැ . පුළුවන් කෙනෙක් ජයලලිතව පුළුස්සා දමන්න . නැතිනම් අංග විකල කර දමන්න (අ)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Tuesday, 10 June 2014 02:49 PM

ජයලලිතා කියන දේවල් මධ්‍යම රජය අහන්න වෙනවා.හේතුව මන්ත්‍රීන් 37 දෙනෙක් ජයලලිතාගේ පක්ෂයෙන් පාර්ලිමේන්තුවට යවල තියෙනවා. (දී)

:       0       0

සංජීව Tuesday, 10 June 2014 03:08 PM

මේ වගේ වැඩ වලින් එයාට නැති වටිනාකමක් ඇති වෙනවා (දිල්)

:       0       0

සෙනරත් Tuesday, 10 June 2014 03:10 PM

@රණවක නියම වදන පුස් වෙඩිල්ල තමයි (දී)

:       0       0

රණවක Tuesday, 10 June 2014 03:10 PM

පුස් වෙඩිල්ල (දී)

:       0       0

රත්නායක Tuesday, 10 June 2014 03:10 PM

ඉන්දීය නායකයා නම් ඉල්ලාසිටින්නේ පළාත් සභා සඳහා 13 එහා ගිය බලයයි .ඇලි කෙහෙල් කාපු උගුඩුවො වගේ බලාගෙන ඉදල දැන් බොරුවට දේශප්‍රේමය මවාපාලා උද්ඝෝෂණ කරලා වැඩක් නැහැ. මේවා නිකම් ගැලරිය පිනවීමට කරන සංදර්ශන. (දී)

:       0       0

සරත් Wednesday, 11 June 2014 01:10 AM

ජයලලිතාගේ යෝජනාවට තව යෝජනා ශ්‍රී ලංකා රජයත් ඉදිරිපත් කළ යුතුයි. (නි)

:       0       0

සුසිර Wednesday, 11 June 2014 01:35 AM

ඉස්සර නම් ලංකාවේ මිනිසුන් මේ වගේ වැඩ කළේ නැහැ. දැන් ඒවත් කරන්න පටන් අරගෙනද? මේවා පෙන්වලා ජයලලිතාගේ දේශපාලනයට තවත් වාසියක් අත්කර ගනියි. (නි)

:       0       0

කමල් Tuesday, 10 June 2014 03:25 PM

දැන් දැන් මාධ්‍ය හරහා සහ ජනතාවගේ සංවාද හරහා ඉන්දීය අගමැති මෝදි ලංකාව කෙරේ දක්වන ආකල්පය ප්‍රයෝජනයට ගෙන (ලංකාව කෙරේ ඔහු දක්වන සත්‍ය ආකල්පය කිසිවෙක් නොදනී) "මෝදි භීෂණය" ලාංකික ජනතාව තුල රෝපණය කර කොටින්ට කල නොහැකි දේ ලෙහෙසියෙන්ම කර ගැනීමට මාන බලන එතෙර මෙතෙර කුමණ්ත්‍රණය පැරදවිය යුතුයි - අපේ ඹලු සකසන්නට ඉඩ නොතබමු (දී)

:       0       0

ශ්‍රීලාල් Wednesday, 11 June 2014 02:37 AM

ඉන්දියාව කියන්නේ විශාල රටක්. පාලනය කරගන්න ඉතාමත් අපහසුයි. ඒවා ඔක්කොම තියාගෙන අපේ මේ පුංචි රටට ඇඟිලි ගහන්න තමයි හැමෝම උත්සාහ කරන්නේ. ඒ අයට අපේ රට ගැන තිබෙන කැක්කුම තමන්ගේ රට වෙනුවෙන් තිබුනා නම් කොච්චර ලස්සනද? (නි)

:       0       0

කීර්ති Tuesday, 10 June 2014 03:34 PM

මේවා තේරුමක් තියනවද නැද්ද කියල හරියටම කියන්න අමාරුයි. මෙහෙම දෙයක් තියනවා, ඉන්දියාව කියන්නේ කොහොමටවත් තේරුම් ගන්න අමාරු රටක්. එයාලගේ වාසියට තමයි හැම දේම. ඒවගේම හරිම කුහක රටක්. අපි රටක් විදියට කොන්ද කෙලින් තියාගන වැඩ කරනවා නම් මේවා ප්‍රශ්න නෙමෙයි.....(ස)

:       0       0

ප්‍රදීප් Tuesday, 10 June 2014 03:47 PM

සිංහල දෙමල මුස්ලිම් අපි සැවොම සමගියෙන් සිටියොත් ජයලලිතා නෙවේ ඔබාමටත් බය වෙන්න ඕන නෑ. (ස)

:       0       0

දර්ශන Wednesday, 11 June 2014 06:12 AM

ශීලාගේ කතාවට මමත් එකඟයි. ලංකාවේ අය කටින් බතල කොළ හිටවන්න හරි දක්ෂයි. ඉන්දියාවෙන් අපිට එවන දේවල් නැවත්තුවොත් කාට කාටත් ඇත්ත තේරෙයි. (නි)

:       0       0

ශානක Wednesday, 11 June 2014 06:25 AM

හරිනම් මේවා කරන්න ඕනෑ ඉන්දියාවට ගිහින් ජයලලිතා ඉදිරියේදියි (නි)

:       0       0

නාලක Tuesday, 10 June 2014 04:04 PM

ප්‍රදීප් ඔබාමා මිචෙල්ට බයයි, මිචෙල් කැරපොත්තාට බයයි. (ස)

:       0       0

ශිලා Tuesday, 10 June 2014 04:15 PM

ඇඟිල්ලේ තරමට ඉදිමෙන්ට දැන ගන්න. මොනවා තිබිලද මේ වැඩ දාන්නේ. හෙට අල්ලපු රටෙන් කෑමයි වාහන ටිකයි රෙදි සපත්තු වගේ අපි නයට කන අඩුම කුඩුම ටික එවන්ට බෑ කිවොත් මේ ගොල්ලන්ට කන්න වෙන්නේ වහ. (දී)

:       0       0

ජනක Tuesday, 10 June 2014 04:16 PM

ලෝකෙන්ම නයට කකා.. දාන සද්දේ කොහොමද... මට පරණ ප්‍රස්තා පිරුලක් මතක් උන. තව ලෝකේ අපෙන් නයට කැවා නම් මොන සද්ද දායිද. (දී)

:       0       0

වසන්ත Tuesday, 10 June 2014 04:20 PM

නිකන් බොරු වැඩ කරන නැතිව ඉන්න මහත්වරුනේ (දිල්)

:       0       0

විජේසුන්දර Tuesday, 10 June 2014 04:37 PM

1983 කරපු දේවල් නිසා 30 වසරක් වින්ද දුක දැන් අමතකද ?ලබාදුන් සාමය දිගටම පවත්වාගන්න නම් බුද්ධිමත් ලෙස වැඩ කරගන්න .ජයලලිතා කුලප්පු උනාට අපි කුලප්පු වෙන්නේ මොකටද ?(දිල්)

:       0       0

නිමල් ලලිත Wednesday, 11 June 2014 08:32 AM

කවුරු මොනවා කිව්වත් ඉන්දියාව ඔවුන්ගේ ශ්‍රී ලංකා වෙළඳ පොළ නැති කරගන්න කැමති වෙන එකක් නැහැ. (නි)

:       0       0

නිල්මිණි Tuesday, 10 June 2014 04:42 PM

ශීලා යන්න ඉන්දියාවට,ඔයාට එහෙ හොඳයි මෙහෙට වඩා. (ස)

:       0       0

ඉසුරන්දි Tuesday, 10 June 2014 05:05 PM

අපි එකා මෙන් වැඩ කලයුතු කාලයක් මේක.නමුත් මෙවැනි දේ තුලින් වෙන්නේ අපිවත් අර තමිල්නාඩුවේ රැලට සමාන වෙන එකයි. ජයලලිතලා උඩ පැන්නයි කියලා අපිට මොකෝ. (දී)

:       0       0

විමල් Tuesday, 10 June 2014 05:12 PM

අපි වෙනමම දේශහිතෛෂී පක්ෂයක් හදමුද? මෙහෙම කළා කියලා එයාලා බයවෙන්නේ නැහැනේ (නි)

:       0       0

නලින් Wednesday, 11 June 2014 09:53 AM

අපි මෙච්චර කල් ඉන්දියන් අයට බැන්නා. දැන් අපේ අයට මොකද වෙලා තියෙන්නේ . අපිට කරන්න තිබුණේ තමිල්නාඩුවේ තියෙන අඩු පාඩු ටික පෙන්නලා දෙන විදියේ වැඩක් කරලා එයාලට එයාලගේ මිනිස්සු ටික බලා ගන්න කියල කියන්න. මොළෙන් ගහමු මෙයාලට. (ස)

:       0       0

නිමල් Tuesday, 10 June 2014 05:18 PM

ජයලලිතාගේ පිළිරුව පිළිස්සීමෙන් වැඩක් වෙන්නේ නැති බව මා‍‍ඟේ හැඟීමයි. දේශපාලන බලය වෙනුවෙන් මිනිසුන් මරාගන්නා දේශපාලකයන්ට මහත්මා දේශපාලනය උගන්වන්න.ඔවුන්ට බලයට පැමිණීමටත් මිනිසුන් ඉතිරිවිය යුතු බව වටහා දෙන්න. එයයි වියයුත්තේ (නි)

:       0       0

නිමල් ලලිත Tuesday, 10 June 2014 05:24 PM

සීල, නොදන්නා දේ ගැන කතාකරන්න එපා. මේ සිංහලයන් එදත් රැකුණේ ලෙයින් ,මසින්,ජීවිත පුජාවෙන්... මෑතකදී වුණත් එහෙමයි. ඉදිරියටත් එසේම වේවි. (නි)

:       0       0

සුජානි Tuesday, 10 June 2014 05:26 PM

මේ ජන බලවේගය තමයි වැදගත් වන්නේ.... (නි)

:       0       0

ප්‍රශීන් Tuesday, 10 June 2014 05:38 PM

අපේ ලංකාවත් දැන් ඉන්දියාව වගේ වෙලාද මන්දා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 51 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 193 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 365 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 126 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 734 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 497 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39775 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 74 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 385 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1249 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site