IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ජයලලිතා මළ බව ඇපලෝ රෝහල කියයි.

ජයලලිතා ජයරාම් හිටපු මහ ඇමතිනිය (68) මියගොස් ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. සඳුදා සවස ඇය මියගොස් ඇති බවට ඉන්දියාවේ පලවූ ප්‍රවෘත්ති වැරදි බව පසුව ඇපලෝ රෝහල දන්වා සිටි අතර දැන් එම රෝහල ම එය තහවුරු කර තිබේ. ඉරිදා රාත්‍රී ඇතිවූ හදිසි හෘදයාබාධයකින් අසාධ්‍යව පන අදිමින් සිටි ඇය සඳුදා ඉන්දියවේ වේලාවෙන් රාත්‍රී 11.30ට මියගිය බවත් ඇපලෝ රෝහල් බලධාරීන් තහවුරු කරයි.

ඇය අසාධ්‍යව සිටිය දී  රෝහල අසළට පැමිණි දහස් ගණන් ආධාරකරුවන් පාලනය කර ගැනීමට 15,000ක පොලිස් බලඇණියක් ද කැඳවා තිබිණි. ඇයට ඉක්මන් සුව පතා ආධාරකරුවන් දෙවියන් යදිද්දී තවත් පිරිසක් පොලිස් මුරපොළට ප්‍රහාර එල්ල කර අලාභහානි කර තිබූ බව ද ඉන්දීය පොලිසිය කියයි.

තමිල්නාඩු ප්‍රාන්තයේ වෙළෙඳ ඇමැතිවරයා ලෙස කටයුතු කරන ඕ.පන්නීර්සෙල්වම් මීළඟ මහ ඇමැතිවරයා ලෙස නම්කැර තිබේ.

Untitled-9

3 df dfv ds sffsf Untitled-6

(ඡායාරූප-ඒ.එෆ්.පී/රොයිටර්/ඒ.පී)



අදහස් (0)

ජයලලිතා මළ බව ඇපලෝ රෝහල කියයි.

බමුණුසේන Thursday, 08 December 2016 12:15 AM

අපේ සිංහල අය මෙයට නිවන් සුව පතනවා. අනේ මෙහෙමත් මිනිස්සු. (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 08 December 2016 12:17 AM

සිංහලයාගේ ජාතිය කන්නේ සිංහලයාමයි. (නි)

:       0       0

දිලුම් Tuesday, 06 December 2016 07:12 AM

මෙයා අමරණීයයි කියලා වෙන්න ඇති ඒ රටේ මිනිස්සු හිතාගෙන ඉන්න ඇත්තේ. ඒකනේ වැළපෙන්නේ හරියට අපි කළා වගේ. එයා නම් දේපොල රැස්කළේ නොමැරෙන කෙනෙක් කියලා හිතලයි (නි)

:       0       0

බෙනට් Thursday, 08 December 2016 12:37 AM

ලංකාවට හතුරෙක් නැති වුණා. දැන් අපේ අයට සනීපද? (නි)

:       0       0

සරසි Tuesday, 06 December 2016 07:40 AM

දැන් ඉතින් මොනවද යන තැනට ගෙනියන්නේ? දේශපාලනයෙන් හම්බකළ වස්තුවද? නැත්නම් අල්ලපු රටෙන් කඩා ගන්න හදපු කෑල්ලද? (නි)

:       0       0

රජින්ද Tuesday, 06 December 2016 07:56 AM

අඬන්න නොදන්නම කට්ටිය.... (නි)

:       0       0

සජිත් Tuesday, 06 December 2016 08:18 AM

ඉන්ද්‍රජිත්, ඒක රෝගයක් ඉක්මනට බෙහෙත් ගන්න (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Tuesday, 06 December 2016 08:38 AM

මෙතනදී වැදගත් වන්නේ මරණය පිළිබඳ සංකල්පය නොව ජීවත්වන කාලය තුළ කළ කී දෙයයි. තමන්ගේ ජාතියට ඇද්දා හෝ මෙහෙවරක් කළා කියලා දේශපාලඥයෙකු පැදකුණු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. අවසාන විග්‍රහයේදී තමන්ගේ අයටත් කියා කළ දෙයක් නැහැ. තමන්ට කරගත් දෙයක් විතරයි. නමුත් අවාසනාවකට වගේ අසරණවූ හා මුලාවූ මිනිසුන්ගේ වන්දනාවට මොවුන් මියගිය පසුත් ලක්වෙන්නේ සංස්කෘතිය විසින් උරුම කරන මනෝභාවයන් නිසාය. (නි)

:       0       0

නිහාල් Tuesday, 06 December 2016 08:40 AM

සතුටු වෙන්න හිතෙන්නේ නැතිමුත් දුකකුත් නැත (නි)

:       0       0

තම්සි Tuesday, 06 December 2016 08:39 AM

කෙනෙකුගේ මරණයේදී සතුටු වෙන්නේ නැහැ. නමුත් මෙයා හරියට ලංකාවට කරදර අපහාස කළා. ලංකාවේ අයගේ හම්වලින් සපත්තු මහලා පළදිනවා කිවුවා මතකද? මට නම් දුකක් නැත. (නි)

:       0       0

සිරිල් Tuesday, 06 December 2016 08:43 AM

ජයලලිත මියගියත් ඇය දැරූ පිළිවෙත මියගියේ නැහැ. ඒ නිසා සතුටු වෙන්නත් බැහැ. (නි)

:       0       0

රජේන් Tuesday, 06 December 2016 09:03 PM

අසාධාරනය වෙනුවෙන් සටන් කරපු, දුප්පතාට පිහිට වුනු, අපේ කාලයේ වීරවරිය. ඔබට නිවන් සුව. (ර)

:       0       0

කරුණාපාල Tuesday, 06 December 2016 09:00 AM

ජයලලිතා භූමදාන කරන කොට ඇගේ හිස ලංකාව දෙසට හරවලා භූමදාන කරන්න කියලා ඉල්ලීමක් එහෙම කරලා තිබුනේ නැද්ද? (බ)

:       0       0

උදය රත්නායක Tuesday, 06 December 2016 09:12 AM

ඔයාල වගේ අය නිසා තමයි කවදා හරි අපේ රට කැලි වලට කැඩිලා යන්නේ. (ර)

:       0       0

කුමාර් බණ්ඩාර Tuesday, 06 December 2016 09:57 AM

වටිනා ජීවිතයක් වෙලාවට මැරුණා නම්. අපරාදේ මෙච්චර කල් හිටියේ සුදෝ. (හේ)

:       0       0

බමුණු Tuesday, 06 December 2016 09:57 AM

කමණි ප්‍රභාකරන්ගේ මරණය ගැන දුක් වුනාද (හේ)

:       0       0

බන්දුල Tuesday, 06 December 2016 10:01 AM

සමහරුන්ට කණගාටුදායක සමහරුන්ට සතුටුදායක ආරංචියක්ලු. මට නම් මාසයක් පාටි දාන්න තරම් එකක්. (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 06 December 2016 10:04 AM

මෙහෙම අඬන්න තරම් මිනිස්සු තවත් ලෝකේ නැතුව ඇති. අපේ අය නම් රබන් ගගහා කිරිබතුත් දුන්නා. (නි)

:       0       0

යෂාන් Tuesday, 06 December 2016 11:15 AM

ඒ රටේ ජනතාව දුක් වෙන්නේ ඒ අය වෙනුවෙන් ඇය හොඳක් කල නිසා වෙන්නතිනේ. (ර)

:       0       0

ඉන්ද්‍රා Tuesday, 06 December 2016 11:30 AM

පොදුවේ මරණය කාටත් උරුමය .එත් මැය ලංකාව දෙස බැලුවේ වපර ඇසිනි ඒ ගැන අපට දුකයි (ර)

:       0       0

ශාන්ත Tuesday, 06 December 2016 11:35 AM

බෞද්ධයකු ලෙසට නිවන්සුව පතමි (ර)

:       0       0

උදය Tuesday, 06 December 2016 01:19 AM

දුප්පතාගේ දුක දන්නා ජයලලිතා ජයරාම් මහා ඇමතිතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරමු! (නි)

:       0       0

ධම්ම Tuesday, 06 December 2016 01:19 AM

ඕ.පන්නීර්සෙල්වම් මහතා සාදරයෙන් පිළිගනිමු! (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 06 December 2016 01:30 AM

මට නම් දැනුනේ ලොකු සැනසිලිදායක හැඟීමක් (නි)

:       0       0

ජයසිංහ Tuesday, 06 December 2016 01:45 AM

ඉන්දීය ජනතාව වෙත අපගේ බලවත් කණගාටුව මෙයින් පළකරමු. (නි)

:       0       0

ජයරත්න Tuesday, 06 December 2016 01:49 AM

සතුටුවීම වරදකි. නමුත් දුකක් නම් නැත (නි)

:       0       0

විකුම් Tuesday, 06 December 2016 02:00 AM

තම මිනිසුන්ට ඉතසිතින් සේවය කළ ඇය, ජාතිය පාවාදෙන අයට වැඩිය අගනේය. (නි)

:       0       0

කිලංක Tuesday, 06 December 2016 02:00 AM

මරණය ඇයට මෙන්ම අපටත් පොදුය (නි)

:       0       0

කමණි Tuesday, 06 December 2016 02:04 AM

කෙනෙකුගේ මරණය ගැන අසා සතුටුවීම හොඳ දෙයක් නෙමෙයි (නි)

:       0       0

සන්ධ්‍යා Tuesday, 06 December 2016 02:05 AM

සාධාරණත්වය වෙනුවෙන් නිතරම පෙනීසිටි ජයලලිතා මැතිනියට අපේ උත්තමාචාරය. (නි)

:       0       0

සුනිල් Tuesday, 06 December 2016 02:12 AM

සමහරුන්ට කණගාටුදායක සමහරුන්ට සතුටුදායක ආරංචියක් (නි)

:       0       0

සරත් Tuesday, 06 December 2016 02:15 AM

සාධාරණත්වය? හොයලා බලන්න කොහොමද මෙයා ඔච්චර සල්ලිකාරියක් වුණේ කියලා. තමිල්නාඩුවේ ඉන්න අන්ත දුප්පත් මිනිස්සු දැක්කහම පෙනෙනවා මෙයා කොච්චර නම් මිනිස්සු දුප්පත්ව ඉන්නවට කැමතිද කියලා. දුකක් නම් නැත. සතුටක්ද නැත (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 06 December 2016 02:15 AM

මරණය ගැන නොව ජයලලිතා ගැන හිතන ලංකාවේ අය කවුරු වගේද කියලා හිතන්න පුලුවන්ද? (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 06 December 2016 02:19 AM

අප රටට යම් සැනසීමක් ලැබෙන නිසා මට නම් මේ ගැන දුකක් නැහැ (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 06 December 2016 12:14 PM

ලංකාවේ හොද මිතුරෙක් නැති වුනා,ඔබට නිවන් සුව මැතිනියනි (ර )

:       0       0

ලාල් Tuesday, 06 December 2016 02:38 AM

සතුටු වීමනම් වැරදි. මොන වුනත් ජිවිතයක්. (ර)

:       0       0

රෝහිනී - නව දිල්ලිය Tuesday, 06 December 2016 02:42 AM

මනා අවබෝදයක් නැති බොහෝ ලාංකිකයන් එතුමියගේ මරණය පිළිබඳව ශෝකය නොදැක්වුවත්, සැබෑ සත්‍යනම් පසුගිය 30 වසර තුල එතුමිය එල් ටී ටී ඊ සංවිධානයට තමිල්නාඩුවේ ප්‍රභලම තර්ජනය විය. එතුමියගේ පාලන වකවානු තුල එල් ටී ටී ඊ යට තමිල්නාඩුවේ සංවිදානය වීමට කිසිම් ඉඩක් නොලැබිණ. (ර)

:       0       0

ලංකා Tuesday, 06 December 2016 02:42 AM

මරණය හැමෝටම නියතයි. (ර)

:       0       0

නීල් Tuesday, 06 December 2016 02:56 AM

අනේ බොරුවට කිඔුල් කදුල හෙලන අයත් ඉන්නවනේ්‍. මැරුනු ගමන් කවුරුත් සත්ගුණවත් වෙන්නේ නැහැ. ඉන්න කම් කල දේවල් තමයි රැව් දෙන්නේ. (ර)

:       0       0

කසුන් Tuesday, 06 December 2016 02:59 AM

ඉන්නකම් ජාතිවාදය අවුස්සලා ඒකෙන් තමන් සැප විදලපු කපටි දේශපාලඥයෝ මැරුනම හොද වෙන්නේ කොහොමද? (ර)

:       0       0

බෙනට් Tuesday, 06 December 2016 12:43 PM

වෙලාව ආවම කොහොමත් යන්න වෙනවා.(හේ)

:       0       0

සුනිල් පුෂ්පදාන Tuesday, 06 December 2016 03:05 AM

මෙයා අප රටට හරියට කරදර කරා (ර)

:       0       0

රෝහණ Tuesday, 06 December 2016 03:05 AM

ප්‍රියන්ත හරි රෝහිනී ඉන්නේ වෙන ග්‍රහ ලෝකෙක.අපේ රටට ඇඟිලි ගහපු කෙනෙක් එයා (ර)

:       0       0

ජගත් ලියනගේ Tuesday, 06 December 2016 03:05 AM

රෝහිණි ! දැන්වත් නින්දෙන් නැගිටින්න. (ර)

:       0       0

අමරකෝන් Tuesday, 06 December 2016 03:06 AM

අපරාද වංචා කොතරක් කරලා නීතියෙන් ගැලවෙන්න පුළුවන් නමුත් මරණයෙන් ගැලවෙන්ට බැහැ (ර)

:       0       0

චින්තක Tuesday, 06 December 2016 03:11 AM

ලංකාවට යම් තාක් දුරට තර්ජනයක් උනාට , එතුමිය තමාගේ ජාතිය වෙනුවෙන් කල සේවය ඉතා උසස් . මුල් වකවානුවේ ඉන්දීය ජනප්‍රිය නිළියකි.ඉන්දියීවේ එතුමිය වෙනුවෙන් ශෝක වෙන විදිය ඇහුවාම පුදුම හිතෙනවා. (ර)

:       0       0

තිවංක Tuesday, 06 December 2016 03:12 AM

මේකේ සමහරක් අදහස් දාන අය ජයලලිතා ලංකාවට කරන්න ගිය දේවල් දන්නේ නැතුව ඇති එකයි මේ දුක් වෙන්නේ. (ර)

:       0       0

ලලිත් Tuesday, 06 December 2016 03:12 AM

මරණයක් ගැන අසා සතුටු වීම වැරද්දක් (ර)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 06 December 2016 03:19 AM

රෝහිනී - නව දිල්ලිය 2016-12-06 02:42:44 ඇයගේ 2001-2005 ධුර කාලය තුල එවැනි ලක්ෂණයක් තිබුන නමුත් 2014 ධුර කාලයේදී ය තනිකරම කොටි හිතවාදී ස්ථාවරයක් ගත්තා. එම කාලය අතරතුර ඇය ඉතා අශික්ෂිත ලෙස භික්ෂුන් වහන්සේලාට හා සාමාන්‍ය සිංහල ජනතාවට අඩත්තේට්ටම් වීමට ඉඩහරියා. ඇයට තිබෙන අයතා මුදල් උපයගැනීම් චෝදනා අති විශාලයි. (ර)

:       0       0

නෞෂි Tuesday, 06 December 2016 03:25 AM

සරත් සහෝදරයා, තමිල් නාඩුවේ විතරක් නෙමේ ලංකාවෙත් එහෙම තමා. (ර)

:       0       0

සමන්ත Tuesday, 06 December 2016 03:35 AM

කිරිබත් හදන්න යන අයට මගෙන් පොඩි අදහසක් .. උදේ බුද්ධ පූජාවටත් කිරිබත් ටිකක් තියල වඳින්න.. තව තවත් ඔයාලට පින් රැස් කරගන්න පුළුවන් වෙයි... (ර)

:       0       0

බමුණුසේන Wednesday, 07 December 2016 02:11 PM

ලංකාවට සිටි හතුරෙක් නැතිවුණ එකටයි මට සතුටු (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Tuesday, 06 December 2016 03:47 AM

තමිල් නාඩු ජනතාව වැඩි වාර ගණනක් තම මහා ඇමතිනිය හැටියට පත්කර ගැනීමටත්, ඇය වෙනුවෙන් පන දීමට උනත් සුදානම් නම්, එයින් ගම්‍ය වන්නේ ඇය පොඩි මිනිසාගේ සිත් ගත්, ඔවුන්ගේ දුක දන්නා ඔවුන් වෙනුවෙන් අගනා සේවයක් කල හොඳ දේශපාලන චරිතයක බවයි. ඇයට නිවන් සුව පතමි. (ර)

:       0       0

ගාමිණී Tuesday, 06 December 2016 03:53 AM

ඉන්දියාවේ ජනතාව කම්පා වෙන අයුරු දැක්කමන්ම් හිතෙන්නෑ වැරදි කල අයෙක් බවනම් (ර)

:       0       0

බමුණු සිංහ Tuesday, 06 December 2016 04:01 AM

මට අද දින අසන්නට ලැබුන හොඳම ප්‍රවෘත්තිය (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 06 December 2016 04:03 AM

මනුෂ්‍යයින්ගේ බුද්ධි මට්ටම පිළිබදව ඇති වන්නේ මහත් කළකිරීමකි. එය ඉන්දියාවට විතරක් පොදු වූ කරුණක් නොවේ. හොරුන්, මිනිමරුවන් හිරේ ගිහින් එනවිට ඔවුන් හරි උජාරුවෙන් මල් මාල දමා පිළිගන්නට යන්නේද එහෙම පිරිසකි (නි)

:       0       0

අබය Tuesday, 06 December 2016 04:23 AM

සත්ගුණවත් ජයලලිතා උපාසිකා මාතාවට නිවන් සැප ලැබේවා !!!! (නි)

:       0       0

රකිත් Tuesday, 06 December 2016 04:24 AM

සමහරුන්ට නම් මේක දරාගන්න බැරුව ඇති (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 06 December 2016 04:28 AM

එයාල අපට මොන කෙනෙහිලිකම් කළත් බෞද්ධයන් වන අපට කරුණාව කියන දේ හිතේ මොහොතකට හෝ පහල වෙනවා මෙවැනි අවස්ථාවක.ඇයත් දැන් මළවුන් අතර.මේ ටික සැවොම තේරුම් ගෙන ජිවත් වෙනවනම් කොතරම් වටිනවද?නිවන් සුව පතමි. (බ)

:       0       0

ඩී.උපුල් Tuesday, 06 December 2016 05:06 AM

ඉන්දියාවේ නූගතුන්ට වැළපෙනවා හැර වෙන කරන්න දෙයක් නැහැ. මෙයා ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළුවේ තමිල්නාඩුවේ ඡන්ද ටික කඩාගෙන යහතින් වැජඹෙන්න. (නි)

:       0       0

සෑම් Tuesday, 06 December 2016 05:17 AM

රතිඤ්ඤා පත්තුකළේ එහෙම නැද්ද දන්නෙ නැහැ කවුරුවත් (නි)

:       0       0

ගයාන් Tuesday, 06 December 2016 05:25 AM

ඇය රුපියල් බිලියන ගණනක් රාජ්‍ය මුදල් වංචාකොට තහවුරුවී හිරගතවීමට සිටි අයෙක්. නමුත් සමාව ලැබී නැවතත් මහ ඇමති විය. හැඟීම් වලට වහල්වූ ජනතාවක් හඬා වැළපෙන අයුරු පුදුමසහගතය (නි)

:       0       0

සම්පත් Tuesday, 06 December 2016 05:38 AM

එයා වරද කළේ තමිල්නාඩු ජනතාවට නෙමෙයි අපිටයි (නි)

:       0       0

දූසර Tuesday, 06 December 2016 05:38 AM

අනේ මන්දා මොනවා කියන්නද කියලා (නි)

:       0       0

සරත් Tuesday, 06 December 2016 05:38 AM

කෙනෙක් ගැන ආදරයක් හෝ වෛරයක් ඇතිවෙන්නේ තමන්ගේ සිතුවිලි වල ස්වභාවය අනුව. පූර්ව නිගමනයකින් තොරව අනෙක් කෙනා දිහා බලා කුසල් සිත් ඇතිකරගමු (නි)

:       0       0

නිහාල් Tuesday, 06 December 2016 05:43 AM

කෙනෙකුගේ මරණයකදී සතුටුවෙන තරම් පහත් සිත් අපිට නැත (නි)

:       0       0

මංජුල‍ Tuesday, 06 December 2016 05:43 AM

හම්බ කරපු සල්ලි, ඉඩම් එහෙමත් අරගෙනද ගිහින් තියෙන්නේ? මේවා දැකලා හරි ඉන්න කට්ටිය හැදෙනවා නම් මොනතරම් දෙයක්ද..? (නි)

:       0       0

පද්මිණී Tuesday, 06 December 2016 05:53 AM

ජන හද දිනාගත් බව නම් පේනවා. මට මතක හැටියට මිට වසර කීපයකට පෙර ඇය සිරගත වූ විට 29, දෙනෙක් සියදිවි හානිකර ගත්තා කියා පුවත්පත් වල තිබුනා. (නි)

:       0       0

සේනක Tuesday, 06 December 2016 05:54 AM

ජයලලිතා කියන්නේ මුලින් කලාවට ( චිත්‍රපට ) තරුවක්. ඒ දීප්තියේ පිහිටෙන් ඇය දේශපාලන තරුවක් වුණා. ඇයගේ අනුගාමී බහුතරයෙන් වැඩි කොටස මුල් තරුවේ අනුගාමිකයෝ. ඇය ඉතා උපක්‍රමශීලීව එරට අහිංසක ඡන්ද දායකයන්ව ඇගේ දේශපාලන මායම් දැලේ පටලවාගෙන සය වරක් මහා ඇමතිනිය වුණා. ඇය විචක්ෂණශීලී පාලිකාවක් විදියට නවදිල්ලි පාලනය තක්සේරු කළ බවක් පෙනිලා නැහැ. ඇය තමිල්නාඩු ප්‍රාන්තයේ අනාගත සුරක්ෂිතභාවයට ඉදිරිය බලා කර ඇති සේවය අල්පයි. ඇය පරමාදර්ශී නායිකාවක්, යුග මාතාවක් ලෙස ඉන්දීය ඉතිහාසයට ඇතුළත්වීම සැකසහිතයි. (නි)

:       0       0

විජේතුංග Tuesday, 06 December 2016 05:56 AM

සාමදානයේ සැතපේවා! (නි)

:       0       0

එරන්ද Tuesday, 06 December 2016 06:00 AM

ඉන්දියාවේ ඉන්න මගේ යාලුවෙක්ම තමයි මට කිවුවේ මෙතුමිය වෙනුවෙන් සියදිවි නසාගත් අයගේ ඇත්ත. මගේ යාළුවා කී විදියට නම් එතුමිය වෙනුවෙන් ජන රාශිය එක්වෙන තැන් වලට බොහෝ අය යන්න කැමති නැහැ, මොකද කවුරු කොහෙන් ඇවිත් ගිනි තියයිද කියලා බයට (නි)

:       0       0

රන්දික Tuesday, 06 December 2016 02:55 PM

රටේ අය දුප්පත් වෙද්දී ඇය රුපවාහිනි සේවා ගණනක් තබාගත්තේ ඇයි? (හේ)

:       0       0

රොමේෂ් Tuesday, 06 December 2016 06:08 AM

රෑට රෑට ගෙවල් බිඳලා, ඒ සල්ලි වලින් උදේට ඒ මිනිසුන්ටම පොඩි ගානක් බෙදලා දුන්නම මංකොල්ලකාරයා මහා වීරයෙක්. මොකද මිනිස්සු දන්නේ නැහැ මේ බෙදන්නේ ඊයේ රෑ අපේම ගෙදරින් මංකොල්ලකාපු සල්ලි කියලා. ඒ වගේ තමයි මෙයා කළෙත් ජාතිවාදය වපුර වපුරා ජනතාවගෙන් සුරා කාලා සුරසැප වින්දා. මෝඩ මිනිස්සු තවත් මොවුන්ට වඳින හැටි දැක්කම සමස්ත ඉන්දියාව ගැනම දුක හිතෙනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සීතල විරසකයට මුල තමයි මේ තමිල්නාඩුව සහ එ්කේ ඉන්න මිනිස්සු. (නි)

:       0       0

විරාජ් Tuesday, 06 December 2016 06:10 AM

මට නම් මේ දුක කියාගන්න බැරිතරම් සතුටක්. (නි)

:       0       0

විරාජ් Tuesday, 06 December 2016 06:11 AM

මට නම් මේ දුක කියාගන්න බැරිතරම් සතුටක්.

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 06 December 2016 06:14 AM

දැන් ඉතින් මේ මිනිස්සු, ගිනිතියා ගනීවි, කෝච්චි වලට පනීවි. ඒ රටේ සමහර මිනිසුන්ට දේශපාලකයෝ දෙවියෝ වගේ තමා. (නි)

:       0       0

දර්ශන Tuesday, 06 December 2016 06:43 AM

කළකම් කවදා හෝ පළදෙනවා (නි)

:       0       0

අප්පුහාමි Tuesday, 06 December 2016 06:45 AM

සාධාරණය කවදා හෝ ජයගන්නවා (නි)

:       0       0

සමන් Tuesday, 06 December 2016 06:55 AM

තම ප්‍රාන්තයේ කිසිදු සංවර්ධන වැඩක් නොකර සියලු මුදල් තමන්ගේ ගිණුමට බැරකර ඡන්දයකදී මිනිසුන්ට මුදල් ගෙවා මැතිවරණය දිනන මෙවැනි නායකයන් ගැළපෙන්නේ ඉන්දියාව ලංකාව වැනි රටවලට පමණි... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 2961 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 520 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 769 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2745 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3585 7

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1939 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40148 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25987 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 262 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1325 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site