IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ජයලලිතා යළි කට අරී

ගතවූ පැය 24 කාලයේ ඉන්දියා ධීවරයින් 140 දෙනකු ශ්‍රී ලංකා නාවික හමුදා විසින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා  කැඳවා ප්‍රශ්න කරන්නැයි තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් ඉන්දියා විදේශ අමාත්‍යංශයෙන් ඉල්ලා ඇතැයි වර්තා වේ. අත් අඩංගුවට ගෙන සිටින එම ධීවරයින් මුදා ගැනීම සඳහා ඉහළම රජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු කළ යුතුබැවින් නවදිල්ලියේ සිටින මහකොමසාරිස්වරයා කැඳවා වහාම ප්‍රශ්න කිරීම කළයුතු බව ද තමිල්නාඩු මහා ඇමතිනිය පෙන්වා දෙයි. නීති විරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මහුන්මාරු ඉන්දියා ධීවරයින් 111 දෙනකු මේවනවිට මෙරට අත්අඩංගුවේ පසුවේ.



අදහස් (0)

ජයලලිතා යළි කට අරී

මංගල අබුඩාබි Saturday, 14 December 2013 10:10 AM

දෙමල සන්දානේ කට්ටිය මහා ලොකුවට නිජ බිමක් ඉල්ලනවා. ඒත් ඉන්දියාවේ ධීවරයෝ ඇවිල්ලා අපේ අහිංසක දෙමල මිනිස්සුන්ගේ මාළු ටික හුරන් කන හැටි මේ මිනිස්සුන්ට පේන්නේ නැහැ.(නදී)

:       0       0

රෝයි Sunday, 15 December 2013 07:27 AM

ලංකාව වටේටම ම මුහුද තිබුනත් සාදාරන මුදලකට ලංකාවේ කෙනෙකුට මාළු කෑල්ලක් සතියකට කෑම වේලට එකතු කරගන්න අමාරුයි. එතරම් ගිනි ගණන්. ඉන්දියාවේ කෙනෙක්වත් ඒවා කන එක ගැන සතුටු වෙමු.(නදී)

:       0       0

රොහාන් Saturday, 14 December 2013 10:21 AM

සමදරා ගමේ වරකා ගෙඩිය ගමේ වවුලන්ට කියලා කතාවක් තියෙනවා නේද? (නදී)

:       0       0

අංජන Saturday, 14 December 2013 10:24 AM

සමදරා, ජයලලිතා ඔයාගේ කව්ද?  නැතිනම් ඔයාගේ මහගෙදර දකුණු ඉන්දියාවේද ? (නදී)

:       0       0

පාලි Friday, 13 December 2013 08:18 PM

ඉංදීය ධීවරයන්ගේ මොලේ කචල් ද දන්නේ නැහැ.(නදී)

:       0       0

පාලි Friday, 13 December 2013 08:25 PM

ඉන්දීය ධීවරයන් දැනුවත් කලා නම් මේ ප්‍රශ්න මොකුත් නැහැ නේද මහා ඇමති තුමියනි.(නදී)

:       0       0

අල්විස් Friday, 13 December 2013 08:25 PM

මේ නෝනා අයි ආර් සි පාට්නේ දාන්නේ. අපේ රටේ ධිවරයින් පනස් ගානක් හිරකරගෙන තියාන අපේ සීමාවට බලෙන් රිංගන්ට හදනවා. යථා තත්වය වටහා නොගෙන ඉන්දීය විදේශ අමාත්‍යාංශය ඒකට බය වෙලා අපේ මහා කොමසාරිස්වරයාගෙන් කරුණු ඇහුවොත් ඒක වස ලැජ්ජාවක් නේද.? මේ සම්බන්ධයෙන් අපේ රට ඉකමණින් යමක් කළ යුතුයි නේද..? (නදී)

:       0       0

සනත් Friday, 13 December 2013 08:40 PM

මේක විජේ හරි රාජිනි හරි දැක්කොත් විනාසයි . ලංකාවට තනියෙම ඇවිල්ලා අපේ ඔක්කොටම නෙලලා ධීවරයෝ ටික බේරාගෙන යයි.(නදී)

:       0       0

චතුල වෙරෝනා Friday, 13 December 2013 08:41 PM

ධීවරයන්ගෙත් මොලේ කචල් ජය ලිලිතා නෝනාගෙත් එහෙම වෙලාද මන්දා.(නදී)

:       0       0

ආරියසේන Friday, 13 December 2013 08:47 PM

හැකර කට වහ ගන්න කියල කිව්වොත් හොඳයි. (නදී)

:       0       0

ගැමුණු Friday, 13 December 2013 10:16 PM

මේ නෝනට අවශ්‍ය ඉහලින් එයාගේ මැතිවරණය දිනන්නයි. මේ සියල්ලම ඒ නිසයි. එයාට අපේ රට ගැන පුදුම කැක්කුමක් නෙ තියෙන්නේ. අපේ රටේ ඉන්න සියලු ජාතින් දුප්පත් උනත් පිළිවෙලට ඉන්නවා.(නදී)

:       0       0

සේනානායක Friday, 13 December 2013 10:18 PM

අනේ මෙයාගේ ජාතික කැක්කුම. ඉන්දියාවේ අපායවල් වගේ තැන් වල කී දෙනෙක් නම් දුක් විදිනවද? අනේ මේ වගේ පව් කාර මිනිස්සු.(නදී)

:       0       0

මනෝ Friday, 13 December 2013 10:49 PM

පරිප්පු කටවල් ඔහොම තමයි. නානු දිගේ ඔහේ ගලනවා.(නදී)

:       0       0

ඉරෝෂා Saturday, 14 December 2013 03:55 PM

මෙයාට පිස්සුද මන්දා. කාලයක් විදුලි පුටුවක් ගැන කියෙව්වා.(නදී)

:       0       0

ඉරෝෂා දිලානි පෙරේරා Saturday, 14 December 2013 03:57 PM

ධීවරයින් නිදහස් කරලා මෙයාව හිරේ දාන්නයි තියෙන්නේ.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 14 December 2013 04:38 PM

ලංකාවේ උතුරේ අවරුදු 30 යුද්ධෙන් බැටකාපු දුප්පත් ධීවරයන්ගේ මත්ස්‍ය අස්වැන්න සුරා කෑමට දකුණු ඉන්දියාවේ සිට විශාල ට්‍රෝලර් යාත්‍රා මගින් ධීවරයන් එවන පොහොසත් මාලු මුදලාලිලා ගැනත් මේ මංකොල්ලයට පක්ෂව තම දේශපාලන බලය යොදවන ජය ලලිතා ගැනත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ මානව හිමිකම් සමුළුවට පැමිණිලි කිරීම බලධාරීන්ගේ යුතුකම වේ. මේ ප්‍රශ්නය ගැන විග්නේශ්වරන් මහතාගේ ස්ථාවරය කුමක්ද? (නදී)

:       0       0

දිස්නා Saturday, 14 December 2013 05:05 PM

දැන් අපි කාටවත් බය නැහැ අපිට දැන් සිංහයෙක් වගේ නායකයෙක් ඉන්නවා (දිල්)

:       0       0

ඩීඑස් Saturday, 14 December 2013 05:08 PM

මේ කටට ඒ රටේ නායකයත් බයයිනේ (දිල්)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 14 December 2013 05:25 PM

උතුරේ හමුදා කදවුරු ඉවත් කරන්න කියල විගනේශ්වරන් ඇතුළු ද්‍රවිඩ දේශපාලකයෝ උඩ පැන්නාට , ඉවත්කළ දාට එක පැත්තකින් තමිල්නාඩුවේ සිට ධීවරයන් ඇතුළු මන්කොල්ලකාරයෝ ඇවිත් මත්ස්‍ය සම්පත ඇතුළු සම්පත් කොල්ල කන්න පටන් ගනිවී . අනිත් පැත්තෙන් පරන කොටි විසින් ක්‍රියාත්මක වන මංකොල්ල කල්ලි වැඩ පටන් ගනිවී. එතකොට විග්නේශ්වරන්ලට පන බේරගන්න කොළඹට තමයි දුවගෙන එන්න වෙන්නේ.(නදී)

:       0       0

සුවර්ණා Saturday, 14 December 2013 12:44 AM

මම ඉන්දියාවට ගිය කෙනෙක් ඉන්දියාවේ ස්ටේෂන් වල 1000 ගණන් මනුස්සයන් බඩගින්නේ දුක් විදිනවා.(නදී)

:       0       0

ජීවක Sunday, 15 December 2013 04:04 PM

ජයලලිතා උඩ පනිනවා වැඩි වගේ දැන්නම්..තමිල්නාඩුවේ ඊලග ඊලම හදන්න මෙයාල දැන්ම ඉදන් උත්සහ කරනවා වගේ. (අ)

:       0       0

මංගල අබුඩාබි Saturday, 14 December 2013 01:23 AM

කෝ අර අපේ දෙමළ සන්දානේ අය. මහලොකුවට දෙමළ නිජ බිම් ගැන කතා කරනවා. ඉංදියන්කාරයෝ ඇවිල්ලා ඒ අහිංසක මිනිසුන්ගේ මාලු ටික උදුරාගෙන යනකම් කටවහන් බලන් ඉන්නවා. නිකම්වත් බැරිද ඒ වෙනුවට ඉන්දියාවට විරුද්දව එක හඬක් නගන්න.(නදී)

:       0       0

ශාන් Saturday, 14 December 2013 02:31 AM

යුද්දෙන් පස්සේ තමිල්නාඩුවට ආපු බලගතු රටක බලගතු කෙනෙක්ගේ උපදෙස් මතයි මේ අය දගලන්නේ. එදා ඉඳල තමයි මේ ප්‍රශ්ණ ඔක්කොම. මේවා කලේ නැතිනම් මෙයාලට බරපතල ප්‍රශ්න ඇතිවනවා බටහිරින්.(නදී)

:       0       0

අජිත් Saturday, 14 December 2013 07:30 PM

අයියෝ ඕක මොකක්ද, අපි දාමු එයාගේ කටට ටොපියක්.(නදී)

:       0       0

අමිත් Saturday, 14 December 2013 04:57 AM

මෙයාලගෙම හෙන්චයියො එවලා දැන් ලංකාවට චෝදනා කරනවා නැත්නම් දේශපාලන වේදිකාවල ධීවරයින්ට කියනවා ඇති උඹල ලංකාවට ගිහිල්ල මාළු අල්ලන් වරෙල්ලා අපි බලා ගන්නම් කියලා.(නදී)

:       0       0

එදිරිසිංහ ඉන්දික Saturday, 14 December 2013 05:42 AM

තමිල් නාඩුවෙන් ඇවිත් අපේ මත්ස්‍ය අස්වැන්න කොල්ලකා ගෙනයන සියලුම ධිවර යාත්‍රා රාජසන්තක කර ඔවුන් පිටුවහල් කළ යුතුයි.(නදී)

:       0       0

ළහිරු Saturday, 14 December 2013 05:55 AM

මහ කොමසාරිස්ගෙන් එහෙම ආවට ගියාට ප්‍රශ්ණ අහන්න බැහැ. ඔහු බැඳිලත් නැහැ උත්තර දෙන්න. අවශ්‍යතාවයන් තියෙනවා නම් කෙරෙන විදිහක් තියෙනවා. ඒ අනුව ක්‍රියා කල යුතුයි.(නදී)

:       0       0

බමුණු Saturday, 14 December 2013 06:25 AM

අපි නාඩු මාළු බෝට්ටු අල්ලන විදිහට ජය ලලිතට වෙන්නේ කට ඇරගෙනම ඉන්න. (නදී)

:       0       0

බමුණු Saturday, 14 December 2013 06:29 AM

"පරිප්පු කටවල් ඔහොම තමයි. පැහැදිලි නැහැ. ඔය කීවේ ජයලලිතගේ කට ගැනද? (නදී)

:       0       0

සැම් Saturday, 14 December 2013 08:07 AM

අල්විස් , ඉන්දියාවේ අය දාන පාට් අයි.ආර්.සී පාට් වෙන්න බැහැ. හේතුව අයි.ආර්.සී කියන්නේ (ලංකා) දිවයිනේ නැවත නැවතත් වැරදි කරන අපරාධකාරයන්.(නදී)

:       0       0

සමදරා Saturday, 14 December 2013 08:44 AM

අපේ අයට ඕනේ නැති දෙයක් නැහැ. මුහුදේ මාළු ඇල්ලුවහම මොකද වෙන්නේ. මුහුදේ මාළු ඕන තරන් ඉන්නවා. මාලුවෙක් දෙන්නෙක් අල්ල ගත්තට කමක් නැහැ.(නදී)

:       0       0

ඉන්දික Friday, 13 December 2013 07:28 PM

මෙයා කට ඇරියහම ආයෙත් වහන්න බැරි වෙන්න කටේ පොල්ලක් හිටවන්න ඕනේ.(නදී)

:       0       0

රුවන් නිශාන්ත Saturday, 14 December 2013 09:08 AM

ඒක හොඳ වැඩක් අපේ රටට කවදත් අකුල් හෙලන්නේ තමිල් නාඩු කාරයෝ. අපේ සම්පත් අපිට උරුම දේවල්.(නදී)

:       0       0

නදීකd Saturday, 14 December 2013 09:24 AM

මේ සමදරා කියන්නේ විෂය දැනුමක් නැතුව අදහස් පලකරන දෙකේ පන්තියේ ළමයෙක් වගේ කියල මට හිතෙනවා .අනිත් අදහස් වලත් කිසි තේරුමක් නැහැ මෙයාගේ.(නදී)

:       0       0

ලක්ෂාන් Saturday, 14 December 2013 09:26 AM

සමදරා නොදන්නා දේ කතා නොකර ඉන්න. මේ අය මාලු අල්ලනවා වෙනුවට අපේ සම්පත් මුහුදු පතුලේ ඉදල හුරගෙන යන්නේ. ඔයාගේ අස්වැන්න ගෙදරට ඇවිල්ල ගහල ගෙනියන කම් බලාගෙන ඉන්නවද? (නදී)

:       0       0

සජී Friday, 13 December 2013 07:36 PM

මේ අහිංසක ධීවරයෝ නෙමේ මංකොල්ල කාරයෝ පිරිසක්ද? ජයලලිතා ලංකාවේ උතුරු දෙමල ජනතාව ගැන කිඹුල් කදුළු හෙලලා ඒ මිනිස්සුන්ගේ මාලු ටිකත් හොරකම් කරන්න තමිල්නාඩු ධීවරයන්ව එවනවා. මේ මිනිස්සුන්ව නිදහස්කරත් නඩු පවරලා අවසන් වෙනතුරු ධීවර ආම්පන්න උසාවිය භාරයේ තියන්න ඕනා. නඩු ඉවරවෙනකන්ම.(නදී)

:       0       0

අසංග Saturday, 14 December 2013 09:54 AM

මේ නෝනා මේ දේවල් සොයන්න කලින් තමිල් නාඩුවේ තියන වැසිකිලි ටික හදා ගත්තනම් හරි නේද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 34 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 201 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 230 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 528 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


පොලිසියේදී පී සී ගේ ගිනි අවිය පත්තුවෙයි
2024 සැප්තැම්බර් මස 20 451 0

වත්තේගම පොලිස් ස්ථානයට මැතිවරණ විශේෂ රාජකාරී සඳහා කැඳවා තිබූ පොලිස් කොස්තාපල් වරයෙකුගේ ටී 56 ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් ස්ථානයේ වහලයට හාන


මැකෝ කළුතර මැතිවරණ කටයුතු නිරීක්ෂණ කරයි
2024 සැප්තැම්බර් මස 20 339 0

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 119 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 92 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site