IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ජයසූරියලාට කැනඩාවෙන් පොල්ලක්

කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී පැවැති කි‍්‍රකට් තරගාවලියකට සහභාගි වූ ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක සනත් ජයසූරිය ඇතුළු අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයන් රැුසක්ම තරගාවලියේ පොරොන්දු මුදල් ලැබෙන තෙක් තවමත් බලා සිටින බව වාර්තා වේ. මෙම තරගාවලියට අන්තර්ජාතික කි‍්‍රකට් ක්ෂේත‍්‍රයේ නමගිය කී‍්‍රඩකයන් රැසක්ම සහභාගි වූ බවද දැනගන්නට ඇත. කැනඩාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව වඩාත් දියුණු තත්ත්වයකට ගෙන ඒමේ අරමුණ ඇතිව සංවිධානය කරන ලද මෙම තරගාවලියට ශී‍්‍ර ලංකාව, පාකිස්තානය, නවසීලන්තය,  ඕස්ටේ‍්‍රලියාව, සිම්බාබ්වේ සහ දකුණු අපි‍්‍රකාව යන රටවල කී‍්‍රඩකයෝ සහභාගි වූහ.”මෙය කැනඩාවටත්, කැනඩාවේ කි‍්‍රකට් කී‍්‍රඩාවටත් හොඳ දෙයක් නොවෙයි””මා වසර 20 ක් කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වී තිබෙනවා. ඒත් මේ වගේ දෙයකට කවදාවත් මුහුණ දීලා නෑ” යයි ජයසූරිය කැනේඩියානු ගුවන් විදුලි සේවයට පවසා තිබේ. මෙම තරගාවලියට සහභාගි වීම වෙනුවෙන් ඩොලර් 15,000 ක මුදලක් සමග ගුවන් ගමන් ගාස්තු සහ අනෙකුත් වියදම්ද දීමට තරාගවලියේ සංවිධායකයන් පොරොන්දු වූ බව පැවසේ. පන්දු 24 කින් ලකුණු 41 ක් ලබාගත් සනත් ජයසූරිය නායකත්වය දැරූ ආසියානු/කැනේඩියානු කණ්ඩායම තරගයෙන් ජයගත්තේය.  



අදහස් (0)

ජයසූරියලාට කැනඩාවෙන් පොල්ලක්

චාචා Wednesday, 16 May 2012 04:12 PM

ක්‍රිකට් ජීවිතය වගේම ජයසූරියගේ දේශපාලන ජීවිතයෙත් වරදක් දකින්න නෑ.ඒ නිසා බොරු ගොතන එක හරි නෑ....

:       0       0

ආශා Wednesday, 16 May 2012 08:05 AM

ජයසූරිය සල්ලි හම්බ කරන්නේ එයාගේ හැකියාවෙන් මිසක් ඔය මැති ඇමතිවරු වගේ හොර මැරකම් වලින් නෙමෙයි

:       0       0

ගයාන් Wednesday, 16 May 2012 08:19 AM

ජයසුරිය තමන්ට ක්‍රිකට් පුළුවන් නිසා ක්‍රිකට් ගහනවා. ඒ මනුස්සය හොර වැඩක් කරන්න ගිහින් නැහැ. මෙතන තියෙන්නේ පොරොන්දුවක් කඩ වීමේ ප්‍රශ්නයක් විතරයි. තමන්ගේ දේශපාලන දැක්මෙන් අදහස් දක්වන්න එපා. තාමත් ටීම් එනක් ඉන්න සමහරුන්ට වඩා නම් ජයසුරිය දක්ෂයි..

:       0       0

සිදත් Wednesday, 16 May 2012 08:25 AM

තමන් දන්න දේ කරලා යමක් හොයන එක ගැන අපි කවුරුවත් ඉරිසියාවෙන් බනින එක හාද නෑ. ඒකෙ එම ක්‍රීඩකයාගේ හැකියාව. මේවගේ දේවල්වලට ඉදිරිපත් වීම ගැන අපි සතුටු විය යුතුයි. ඔබට ජය.

:       0       0

ජොලි බෝයි Wednesday, 16 May 2012 08:25 AM

ක්‍රිකට් ගහන එකම මන්ත්‍රීතුමා විදියට ඔබට පුළුවන්නේ ඕක පාර්ලිමේන්තුවේ කතා කරන්න

:       0       0

ලාල් Friday, 18 May 2012 09:17 AM

සල්ලි දෙන්න ඕන.

:       0       0

සරත් Wednesday, 16 May 2012 09:05 AM

ලැජ්ජයි හලෝ..........

:       0       0

නිශාන්ත දසනායක...(සුමුදු) Wednesday, 16 May 2012 05:08 PM

සනත් ජයසුරිය කියන්නේ ලංකාවේ සිංහල ලකුණ .කොහෙන් හරි අරයුමක් ආවම ක්‍රිඩාවට ආස නිසා ක්‍රිඩාව පුලුවන් නිසා ජයේ සාභාගිවිම වරදක් නැ වරද තියෙන්නේ පොරොන්දු මුදල නොගෙවු ආයතනයයි අනික මෙ මුදල් අපේ රටට එන්න ඔනේ මුදල් විදේශ විනිමය.

:       0       0

ලක්ෂිත Wednesday, 16 May 2012 09:31 AM

හැම දේම දේශපාලන කෝණයෙන් බලන්න එපා.ජයසූරිය කියන්නේ අපේ රටේ බිහිවුණ සුපිරි තරුවක්

:       0       0

ධම්මික Wednesday, 16 May 2012 09:36 AM

ඔහුට කැමති දෙයක් කරන්න ඔහුට නිදහස තියෙනවා.මේක ඔහුගේ ක්‍රීඩාවට අදාල දෙයක් මිසක් දේශපාලන බලපෑමක් මෙතෙන්ට අදාල නෑ

:       0       0

වරූ Wednesday, 16 May 2012 09:40 AM

දැන් දේශපාලනයට ඇවිත් තිබුණු නම කැතකරගෙන....

:       0       0

මම ජයසූරිය Wednesday, 16 May 2012 05:43 PM

මගේ රසිකයන්ට ගෝඬාක් ස්තූතියි .

:       0       0

ඉන්දු Wednesday, 16 May 2012 06:56 PM

කුහකයෝ වගේ කතා කියන්න එපා ජයසුරිය කියන්නේ අපේ හිටපු හොද ක්‍රිකට් ක්‍රීඩකයෙක් නායෙකයෙක් වගේම ලෝක වාර්තා තියපු ක්‍රීඩකයෙක් ඔහුගේ දක්ශතාවයෙන් ඔහු ක්‍රීඩා කරන්නේ ඇයි මේ හැමෝම තරහෙන් කතා කරන්නේ.

:       0       0

නිෂ් Wednesday, 16 May 2012 10:20 AM

කිසිකෙනෙක්ට මුල මතක නෑ..ජයා අපි ඉන්නව ඔයත් එක්ක...

:       0       0

පැට්රික් Wednesday, 16 May 2012 10:20 AM

සල්ලි වලට ක්‍රිකට් ගහන එක නවත්තලා ක්‍රීඩාව වෙනුවෙන් යමක් කරන්න

:       0       0

කොඩිකාර Wednesday, 16 May 2012 10:27 AM

ඔය මහ ලොකුවට ජයසූරියලගේ සල්ලි වලට ගරහන අය වැඩ කරන්නේ පිනටද? ජයසූරිය සහ මාලිංග හම්බ කරන්නේ ඒ අයගේ දක්ෂතාවයෙන්

:       0       0

චතුර Wednesday, 16 May 2012 10:38 AM

අපේ රට ගැන හුගක් අය දැන ගත්තේ ලෝක කුසලානෙන් පස්සේ.ජයසූරිය හිටියේ ඒ ටීම් එකේ.ඒ නිසාවත් ඔය විදියට ප්‍රතිචාර දාන්න එපා

:       0       0

සත්සරණි Wednesday, 16 May 2012 10:59 AM

ජයසූරිය කියන්නේ ක්‍රිකට් රජෙක්.ඔය බොරුවට ප්‍රතිචාර එවන අය රටට කිසිම සේවයක් කරපු අය නෙමෙයිනේ

:       0       0

sss Wednesday, 16 May 2012 08:23 PM

දැන් නම් නියම දේශපාලකයෙක්

:       0       0

ජොනී Tuesday, 15 May 2012 09:15 PM

නිදන් හාරන්න ගියානම් ඉවරයි.

:       0       0

උදිත Wednesday, 16 May 2012 11:22 AM

යසුරිය දේශපාලනය කරලා නම කැත කරගන්න එයා මොනවද කරලා තියන කැත වැඩ.... බොරු කියන්න තරම් කුහක ඇයි.... අනික ජයසුරිය කියන්නේ සචින් වගේ පත්කළ මන්ත්‍රී කෙනෙක් නෙවි...... අපේ වැඩිම මනාපය අරගෙන පාර්ලිමේන්තු ගිය කෙනෙක්..... එයා පාර්ලිමේතු ගිහින් මොනවා කලත් නොකලත් අපි එයාට ආදරෙයි........ ඔබ සැමදා අපේ ක්‍රිකට් වීරයා තමයි..... කැත විදියට කමෙන්ට් දාල තියන අයට මතක නැද්ද.... අප්පිරිය ක්‍රිකට් කාටත් බලන්න පුළුවන් කලේ ජයසුරිය බව.... අද අපේ ටීම් එක ගහන මැච් බලන්නේ කීදෙනාද.... බොරුවට කැත කතා කියල තමන්ගේ හෙළුව ලෝකෙටම පෙන්නන්න එපා.... සනත්ට තමා හොඳට ක්‍රිකට් ගහන්න පුළුවන්.... සචින් මන්ත්‍රී උනාට තාම ක්‍රිකට් ගහනවා.... එයා ටීම් එකෙන් අයින් වෙන්න කැමතිත් නෑ....ඇයි මේ තරම් සනත්ටම බනිනේ..... හොරු ඉන්නේ දැන් ටීම් එකේනේ

:       0       0

අස්මිර Tuesday, 15 May 2012 09:46 PM

තවමත් තණ්හාව

:       0       0

සිසිර Thursday, 17 May 2012 02:32 PM

මගේ රසිකයන්ට ගෝඬාක් ස්තූතියි මම ජයසූරීය

:       0       0

සිල්වා Tuesday, 15 May 2012 09:54 PM

මේ තරගයේ සංවිධායකයෝ කැනඩාවේ ඉන්න එල්.ටී.ටී. කාරයොද?

:       0       0

තත්සර Friday, 18 May 2012 12:05 PM

කවුද ප්‍රයිවට් සෙකට්‍රි????????

:       0       0

මොහාන් Tuesday, 15 May 2012 10:24 PM

තාම පෙරේතකම ගිහිල්ලා නැ වගේ.දැන්වත් අසරණ මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න

:       0       0

මතුචාන් Wednesday, 16 May 2012 11:31 AM

බෑඩ් බෝයි.....

:       0       0

මාධව Tuesday, 15 May 2012 10:39 PM

තණ්හාය ජායතී ශෝකෝ................

:       0       0

ෆාරු Wednesday, 16 May 2012 11:51 AM

ඇයි ඔයාට බැරි අපේ පාසල් ළමයි ටික පුහුණු කරන්න.

:       0       0

එරන්ද Wednesday, 16 May 2012 12:05 PM

තන්හාය ජායති සෝකෝ සනතෝ (මාලිංගෝ) කීවලු..

:       0       0

සරත් Tuesday, 15 May 2012 11:18 PM

පොරොන්දුවක් වුනානම් ඒක ඒ විදියටම වෙනන් ඕන. ඒක තමයි මනුස්ස කම.

:       0       0

චන්දන Wednesday, 16 May 2012 01:23 PM

ජයසූරිය සල්ලි හම්බ කරන්නේ එයාගේ හැකියාවෙන් ... අපේ රටට කීර්තියක් ලබාදුන් ක්‍රිකට් තරුවක්.

:       0       0

චන්දන Wednesday, 16 May 2012 01:23 PM

ජයසූරිය සල්ලි හම්බ කරන්නේ එයාගේ හැකියාවෙන් කියන්නේ.......... ඔහු අපේ රටට කීර්තියක් ලබාදුන් ක්‍රිකට් තරුවක්.

:       0       0

ශිහාන් Tuesday, 15 May 2012 11:57 PM

ඔක්කොම සල්ලිවලට නේ වැඩ

:       0       0

සංජී Wednesday, 16 May 2012 01:31 PM

හැකියාවෙන් සල්ලි හම්බකරාම මොකක් වෙනවද? කුහක කතා කියන්න එපා..........

:       0       0

අදීෂ Wednesday, 16 May 2012 01:33 PM

මේ සනත් ජයසූරියට එරෙහිව ප්‍රතිචාර දාපු අයට තන්හාවක් නැතිව ඇති නේ. එයාල නිකන් වෙන්න ඇති වැඩ කරන්නේ.

:       0       0

එස්.කොබෝවත්ත Thursday, 17 May 2012 07:56 AM

අපේ රටට කීර්තියක් ලබාදුන් ක්‍රිකට් තරුවක් සනත් ජයසූරිය ඇයි මේ තරමට විවේචනයට ලක්කරන්නනේ?

:       0       0

ෂෙරීෆ් Wednesday, 16 May 2012 12:16 AM

සනත් ජයසූරිය කියන්නේ අපේ රටට කීර්තියක් ලබාදුන් ක්‍රිකට් තරුවක්. ඇයි ඔබව මේ තරමට විවේචනයට ලක්කරන්නේ. ?

:       0       0

ෂාන්ත Thursday, 17 May 2012 08:48 AM

ලංකාවේ නම ලෝකයට ගෙන ගිය සනත් ජයසුරිය අපේ රටට කීර්තියක් ලබාදුන් ක්‍රිකට් තරුවට ඔය විදියට ප්‍රතිචාර දාන්න එපා .ජයසූරිය හම්බ කරන්නේ ඒ අයගේ දක්ෂතාවයෙන් හොර මැරකම් වලින් නෙමෙයි .

:       0       0

තාරක Wednesday, 16 May 2012 12:27 AM

ඇත්ත ජයසූරිය කියන්නේ රටට විශේෂ දෙයක් කරපු කෙනෙක්. ඒ නිසා එයාට බණින එක ගුණමකු කමක්. එහෙම කරන්න හොඳ නෑ.

:       0       0

මංජුල Wednesday, 16 May 2012 12:43 AM

ඔයාගේ සල්ලි මට එවලා. ඉක්මනට ලංකාවට එන්න.

:       0       0

LAKMAL Wednesday, 16 May 2012 01:16 AM

ජයසූරිය ඉස්සරනම් හොදයි. දැන් මොනවද කරන්නේ.

:       0       0

අලිබබා Wednesday, 16 May 2012 01:17 AM

සල්ලි සල්ලි හොද හොද සල්ලී. කවුරැමෙිවා මැවුවද මල්ලී. එක එක අය ගහන්නේ පිල්ලී. කවුරැද මෙි නොදුන්නෙ සල්ලී. සල්ලි නොදුන් අයගේ පුල්ලී. දැක්කොත් මම අල්ලමි ජල්ලී. මෙවැනි කථා අහද්දි මල්ලී. මටකන්නට හිතෙන්නෙ නෙල්ලී.

:       0       0

රෙෂාන් Thursday, 17 May 2012 09:26 AM

ජයසූරිය කියන්නෙ අපේ රටේ ක්‍රිකට් ටීම් එකේ හිටපු හොදම ක්‍රිඩකයෙක්..පොරොන්දු වෙලා ගෙන්න ගත්ත නම් ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න ඕන.. මෙතන කෑ ගහන අයියලාට කියන්න තියෙන්නෙ ජයසූරිය සල්ලි හොයන්නෙ එයාගෙ හැකියාවෙන්..හොර වැඩ කරල නෙවෙයි නේ.. එහෙම සල්ලි හොයන්න හැකියාවක් නැති ගොඩක් දෙනා තමයි ඒ වගේ ගොං කමෙන්ට් දාන්නෙ...අනික ජයසූරිය තමන්ට සල්ලි හොයාගත්තෙ නැත්තන් අනිත් මිනිස්සු ඇවිල්ල කන්න දෙන්නෙ නෑ නේ...තමන්ගෙ හිත ඇතුලෙ තියෙන ඒව එලියට දාද්දි පොඩ්ඩක් කල්පනා කරල බලන්න ඔබට ජය

:       0       0

මාතර මල්ලී Wednesday, 16 May 2012 02:15 AM

අඩු ගානට ගහන්න ගිහිල්ලා තියෙන්නේ.

:       0       0

කුමුදු Wednesday, 16 May 2012 05:05 AM

ජයසූරිය ලංකාවේ නම ලෝකයට ගෙන ගිය දක්ෂයෙක්. කීදෙනෙකුට ඔය වගේ හයේ පාරවල් ගහන්න පුළුවන්. මම ඉන්නේ බටහිර රටක. මේ රටවල ඉන්න ආසියාවේ අය වැඩියෙන්ම දන්නේ ජයසූරිය. කමෙන්ට්ස් දාන අයගේ ගුණමකුකම හරිම පුදුමයක්.

:       0       0

ප්‍රභා Wednesday, 16 May 2012 05:25 AM

ව්‍රෙස්ලින් කරන මිනිස්සු තිරිසන්නු වගේ ගහ ගන්නවා. නමුත් තමන්ට ලැබෙන සල්ලි වලින් ඒ අය කරන සමාජ සේවාව දැක්කම පුදුම හිතෙනවා. නමුත් අපේ ක්‍රීඩකයෝ සල්ලි හොයනවා විතරයි. ඒ ගැනනම් හරිම කණගාටුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 493 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 234 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3216 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1143 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 596 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1981 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37770 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24905 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 226 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 734 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site