IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ජය නියත බව මහින්දයි රනිලුයි කියති

‘අපි දිනනවා. ඒක ස්ථිරයි.‘ අද උදේ 10.53 ට යෙදුණු නැකතින් මැදමුලනේ ඩී.ඒ.රාජපක්ෂ විදුහලේදී ඡන්දය ප්‍රකාශ කළ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ප්‍රකාශ කළේය.

සාමකාමීව සතුටින් අපේ ජයග්‍රහණය භුක්ති විඳිමු යන්න මගේ පණිවිඩයයි. මහින්ද රාජපක්ෂ ඡන්දය දිනන බවට එසේ විශ්වාසය පළ කළත් මැතිවරණ විශ්ලේෂකයන් පවසනුයේ කිසිම පක්ෂයකට බහුතරයක් දිනාගත නොහැකි බවයි. හිටපු ජනපතිගේ දැඩි ජාතිවාදී පිළිවෙතින් සහ සන්ධාන හවුල්කරුවන්ගෙන් ඔහුගේ බලාපොරොත්තු සේදී යා හැකි බවයි.

ඔහුගේ රැලිවලට මහ සෙනගක් පැමිණියත් ඔහුට පසු බලයට පැමිණි අනුප්‍රාප්තිකයා රට දමිළයනට විකුණතියි චෝදනා කරයි. ජනපති මෛත්‍රිපාල සිරිසේන වඩාත් කැමැති වනුයේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අගමැති ඊළඟ රජය පිහිටවනු දැකීමයි.

කොළඹදී ඡන්දය ප්‍රකාශය කිරීමෙන් පසු අගමැති වික්‍රමසිංහ මහතා පැවසූයේ ජනවාරි 8 වැනිදා විප්ලවය ඉදිරියට ගෙන යාම සඳහා ඊළඟ රජය පිහිටුවිය හැකි බව තම විශ්වාසය බවයි.

අපි ඡන්ද දායකයාගේ මතයට ගරු කරමු. එකට වැඩ කරමු. නව රටක් ගොඩනගමු. අර්බුද ඇති නොකරමු.‘ යනුවෙන් වික්‍රමසිංහ මහතා වාර්තාකරුවන් සමග කීවේය.

ජනවාරි 8 වැනිදා ජනපතිවරණය පරාජය වීමෙන් පසු රාජපක්ෂගේ බිරියට හා සහෝදරයන් දෙදෙනකුට දූෂණ චෝදනා එල්ල විය.

හිටපු රග්බි තරුවක්ද මරා දැමීයැයි ඔහුගේ පුත්‍රයකුද සැකයට ලක්විය. රාජපක්ෂ යුගයේ දූෂණය ඉහවහා ගියේය යන මතය නිසා ඔහුගේ කීර්තිය පළුදු විය. “රනිල් (වික්‍රමසිංහ) මහින්ද (රාජපක්ෂ) වගේ හොරෙක් නොවෙයි.‘‘ කුලී රියදුරකු වන කොළඹ එන්.ජයසේකර එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දීමෙන් පසුව එසේ කීවේය.

‘‘2009 යුද්ධය අවසන් කළ රාජපක්ෂ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. ලංකා ඉතිහාසයේ සිටින්නේ එකම වීරයායි. ඔහු මහින්ද රාජපක්ෂයි.‘‘ හම්බන්තොටදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව එසේ පැවසූයේ ජගත් කුමාර (34) මහතාය.

(ඒ.එෆ්.පී ප්‍රංශ පුවත් සේවයේ වාර්තාවක් ඇසුරිණි)



අදහස් (0)

ජය නියත බව මහින්දයි රනිලුයි කියති

දුමින්ද Monday, 17 August 2015 12:58 PM

ජනමතය සියල්ලට ඉහලවේ (නදී)

:       0       0

රූපේ Monday, 17 August 2015 01:14 PM

හොරා කියන්නේ කොහොමද ? (නදී)

:       0       0

ගාමිණී Monday, 17 August 2015 01:19 PM

ඉස්සර කට්ටඩියමද මේ නැකත හැදුවේ ? (නදී)

:       0       0

නිමල් ලලිතා Monday, 17 August 2015 01:51 PM

තමන්ට අඩුම වසයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වීමට හෝ සිංහලයා ඉතිරිවිය යුතු බව නොසිතා, බලයට මරා ගන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 41 0


හම්බන්තොට තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 35 0

හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 539 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


රත්නපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 21 2354 0

පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය


ඇඳිරි නීතිය ගැන ජාජබෙන් නිවේදනයක්
2024 සැප්තැම්බර් මස 21 1189 0

ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න


රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 1080 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14627 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 41 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site