නව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඔහුගේ පාසෙල් දී උණුසුම් පිළිගැනීමකට ලක් විය.
ඒහින් උද්දාමයට පත්ව සිටි මේ අාදි ශිෂ්‍යයා මහනුවර ධර්මරාජයේ අාදී සිසුන්ට පරණ කතාවක් කීවේය.
තමා පොලිස්පති වීමේ රහස ඔවුන් සමග බෙදා හදාගත්තේය.
ඒදා උදෙන් නැගිට්ටත් ඔහුට ශාරීරික ව්‍යායාම් කිරීම අමතක වුනාලු.
අලුයම 3.30ට නින්දෙන් නැගිට ගත් ඔහු මල් වට්ටි 35 ක් පූජා කලාලු. ඉන් පසු පන්සලට ගියාලු. ජය පිරිත හා අට විසි පිරිත කීවාලු.
පසුගිය අප්‍රේල් 18 වැනිදා ඒ් පිරිත් කියා දෙවියන්ගේ බැල්ම ඉල්ලුවාලු.
උත්සවයට පැමිණසිටි අමුත්තන්ගේ සිනා මැද ඔහු කීවේ ඔහුට පොලිස්පති කම ලැබීමේ රහස ඒය බවයි.
ජයසුන්දරගේ සමීපතම ප්‍රතිවාදියා වූ ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ ද දෙවිනුවර උපුල්වන් දෙවාෙල් දී අලුයම 4.30 ට ඒවැනි පූජාවක් කලාලු.
බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත
බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය
මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජය පිරිතේ බලේ අලුත් අයි.ජී.පී. කියයි
ඇන්ජලෝ Thursday, 12 May 2016 12:44 AM
තමාගේ ආගම අදහන එක හොඳයි. නමුත් වැඩි කයිවරු අනවශ්‍යයි. මේ වගේ නිලයකට පත්වූවිට ටිකක් වැදගත් වුණොත් හොඳයි (නි)
රත්නායක Thursday, 12 May 2016 12:54 AM
ලංකාවේ ඉන්න පොලිස් මහතුන් දැන් එකසිය ගානට ජය පිරිත කියනවා ඇති රැයක් දවාලක් නොබලා. මොකද ඒ මහතුන්ටත් ඉහළට යන්න ආශා ඇති (නි)
අනිල් Monday, 09 May 2016 09:44 AM
අපි උද්දාමයට පත් විය යුත්තේ තමාට ලැබුණු පට්ටම නිසා නොව තමාගේ නිවැරදි ක්‍රියා කලාපය නිසාවෙනුයි.(හේ)
අමල් Tuesday, 10 May 2016 10:33 AM
බුදුන් තුන් වරක් වැඩිය රට මේක... ආසියාවේ ආශ්චර්ය. (ර)
කොබේවත්ත සුනිල් Tuesday, 10 May 2016 04:22 AM
ධර්මේ රකින්න, දෙවියන් රැක ගනියි! ඔබට ජය පතමු! (ර)
ජනක Monday, 09 May 2016 05:17 AM
බුදු දහමේ තියෙන හැම වචනයකම, හැම ගතවකම, හැම පිරිතකම බලයක් තියෙනවා. නමුත් එක මේ අවට ගියාට අපේ හාමුදුරුවරු කියන්න සේ හැම දේටම, හැම තැනම කියලා වැඩක් වෙන්නේ නැහැ. පංච සීලයේ හරියටම පිහිටලා, පිරිසිදුව බුදු දහම පිලි පදින යට තමයි එය හරියටම බල දෙන්නේ.එහෙම නැත්නම් අපේ හාමුදුරු වරු පිරිත් කියල නුල් ගැටගහන තරමට ලක්ව යස ඉසුරු පිරිච්ච මිනිසුන් ඉන්න තැනක් වෙන්න ඕනේ.(හේ)
ජනක Monday, 09 May 2016 05:19 AM
ඕක තමයි කියන්නේ "ධර්මේ රකින්න, දෙවියන් රැක ගනියි (හේ)
ජයවික්‍රම Monday, 09 May 2016 05:39 AM
දවසේ පැය 24ම පිරිත් කියන, බණ කියන රටක් මේක. ඒත් අපාරාධවල අඩුවක් නෑ. (බ)
පිටිගල මිලානෝ Monday, 09 May 2016 06:43 AM
පිරිත් වල බලයක් ඇති යයි මම විශ්වාස කරන නමුත් රටක පොලිස්පති වැනි තනතුරක් දරන කෙනෙක් එය ලැබුනේ පිරිත් කියා මල්වට්ටි පුජා කර ලැබුණු දේවවරමකින් යයි කීම හාස්‍ය උපදවන්නකි. (ර)
නවරත්න Tuesday, 10 May 2016 02:55 PM
සමහර දුෂණ සහ චර්යාව පිළිබඳ චෝදනා ඇති ළඟදි පපුව පුම්බාගත් ආදී ධර්මරාජයෙක් ඔබත් සමග ඡායාරූප වලට බලෙන් රිංගන බව කවුරුත් දන්නවා. අහුවෙන්න එපා. (බ)
නිම්මි Monday, 09 May 2016 02:31 PM
අනේ අනිච්චේ දුක්ඛේ! දැන් මේ රටට මොනවා වෙලාද මන්ද? ජෝකර්ලා හැම තැනම. (බ)
ධර්මරාජා-නුවර Monday, 09 May 2016 07:43 AM
ඔබ පිරිසිදු වාර්තාවක් ඇති රාජ්‍ය නිලධාරියෙකි. දුෂිතයන් ලෙසින් හංවඩු ගැහෙන නිලධාරින් සමග එකට ඡයාරුපයකට වත් නොඉන්න වග බලාගන්නා මෙන් මම ඔබගෙන් ගෞරවයෙන් ඉල්ලමි. මොවුන් ආදී ධමරාජයන් වුවද කම් නැත. (ර)
චාන්දනී Wednesday, 11 May 2016 06:46 PM
ඔබතුමාගේ කතාව අගය කරනවා (නි)
බමුණු ආරච්චි Tuesday, 10 May 2016 04:36 PM
නිමල් රාජපක්ෂ, ඔබ එහෙම කිවුවට එතුමා කියන්නේ පිරිත් බලයට ලැබුනා කියලනේ. කව්ද හරි? (නි)
ඉන්ද්‍රජිත් Sunday, 08 May 2016 11:13 PM
පිරිත් කියන්නේ පුදුමාකාර හාස්කම් ඇති දෙයක් (නි)
ටිකිරි Monday, 09 May 2016 12:54 AM
අනේ ඉතින් එහෙම කියලා අපිට තියෙන සෙත මොකක්ද රටේ කුඩුකාරයො, කප්පම්කාරයො, වංචා, දුෂණ අඩු නොවුණොත්? එහෙම අඩුවක් කරලා වෙනසක් පෙන්නන්න. (නි)
නිමල් රාජපක්ෂ Monday, 09 May 2016 07:49 PM
මෙය තමුන්ගේ දක්ෂතාවයට, උගත්කමට, කැපවීමට හා වාසනාවට ලැබුන තනතුරකි. ඔබට තනතුර අාභරණයක් නොවුණාට, තනතුරට ඔබ අාභරණයකි. ඔබට ජය පතමු! (නි)
බන්දුල Monday, 09 May 2016 01:26 AM
ඔබතුමා මෙහෙම කිවුව එක හොඳයි. අද කාලේ ළමයින්ගෙන් මේ දේවල් ඈත්වෙලා (නි)
සීලරත්න Wednesday, 11 May 2016 07:02 AM
මේවා අහන පොලිස් පොඩ්ඩෝ හොරු ඇල්ලීම පැත්තක තියලා උදේ හවස දෙයියන්ට මල්වට්ටි පුදන්න පටන් ගනියිද දන්නෙ නැහැ උසස්වීම් ලබාගන්න. (නි)
බමුණු ආරච්චි Monday, 09 May 2016 01:27 AM
ධර්මරාජයේ ආදි සිසුන් පවා ඔබතුමා වෙනුවෙන් කැපවී කටයුතු කළ බව මමත් දන්නවා (නි)