IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


ජර්මනියේ සිට ශ්‍රී ලාංකික නාවිකයන් පිරිසක් මත්තල ගුවන් තොටුපළට

(ටී.කේ.ජී.කපිල )

ජර්මනියේ නැව් සමාගම් කීපයක සේවය සදහා ගොස් සිටියදී කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 235 දෙනෙකු  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යායානයකින් අද (06) දින දහවල් මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර  ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම නාවිකයන් පිරිස අද 6 දින ජර්මනියේ , හැම්බර්ග් නුවර ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන ගුවන් යානයෙන් දහවල් 11.55 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් මගීන්  පිරිස සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය , ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කිරීමට සූදානමින් මේ වනවිටත් කොළඹ ආසිරි රෝහලේ කාර්යය මණ්ඩලයක් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ සිටින බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

එම පී.සී.ආර්.පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක් , මෙම ගුවන් මගීන් පිරිස මත්තල ගුවන් තොටුපළ අවට හෝටල් කීපයක නවාතැන් ගැනීමට අවශ්‍ය පහසුකම් සූදානම් කර ඇති බවද වාර්තා වේ .

 



අදහස් (12)

ජර්මනියේ සිට ශ්‍රී ලාංකික නාවිකයන් පිරිසක් මත්තල ගුවන් තොටුපළට

de silva berlin Saturday, 06 June 2020 07:04 AM

අරාබියේ අතරමන්වෙලා සිටින ශ්‍රී ලංකික ශ්‍රමිකයන් සදහාත් මෙම ක්‍රමය යොදාගන්න බැරි මොකද ? පැමිණි පුද්ගලයන් හොටල වල, කාමර වල වෙන් වෙන් වශයෙන් නවතාල තියල දින 5 විතර ගිය පසු පි .සි . ආර්. පරීක්ෂණය කරන එක තමා සාර්ථකම ක්‍රමය , ඉන් පසු ගෙදර ගිහින් දින 14 නිරෝධනය වෙන්න කියන්න ,ගුවන් තොටුපලේදී පැමිණීමේ පර්යන්තයේදීම මේක කිරීම සාර්ථක නැහැ , මොකද ගුවන් යානයේ එන පුද්ගලයෙකුනෙන් මෙය බෝවී තිබුනොත් ගුවන්තොටුපලේ කරන පි . සි. ආර් . පරීක්ෂණයේදී මේක අසු වෙන්නේ නැහැ . මේ දවස් වල සංචාරකයෝ නැතුව වහල දමල තිබෙන සංචාරක හොටල විශාල සන්ක්යාවක් ලංකාවේ තිබෙනවා..

:       0       200

sam Saturday, 06 June 2020 07:08 AM

මේ පිරිස කටුනායකට ගෙන ආවා නම් දැනටම එහි ස්ථාපිත කර ඇති PCR කණ්ඩායම මගින් පහසුවෙන්ම ඔවුන්ව පරීක්ෂා කර ඉක්මනින්ම ප්‍රතිඵල ලබා දිය හැකිව තිබුනා නේද ?

:       2       121

Krishan Saturday, 06 June 2020 08:16 AM

මත්තල නැවත නැගිටින්න උත්සහ කරනවා. අගෝස්තුවේ ඉදලා ෆ්ලයිට් එන්න ගන්නවා... ඉක්මනින්ම ගාල්ල, මාතර, කළුතර දක්වා නෙමෙයි කොට්ටාව දක්වා උනත් ලගාවෙන්න පුළුවන් හයිවේ එක නිසා.... අනික ටිකට් එකේ ගාන 10000කින් විතර අඩුයි.. මත්තල කටුනායකට වඩා ඒ වාසියත් ලැබෙනවා කටුනායකට වඩා ඉඩ පහසුකම් හැම අතින්ම මත්තල එයාර්පෝර්ට් එක හොඳයි. ලංකාවේ තිබෙන හොදම එයාර්පෝර්ට් එකේ වි ගබඩා කරන්න තරම් යහපාලන රජය කුහක වුණා.. එකෙන් සමහර තැන් විනාශයට පත්වුනා පි හැරසන් තමයි ප්‍රධාන වශයෙන් වගකියන්න ඕනේ සජිත් ජලනි බලවේගේ (සජබ) චන්දය ඉල්ලනවා ලැජ්ජා නැතුව රාජ්‍ය දේපල විනාශ කරලා එවාට අනුර කුමාර දිසානායකගේ ජවිපෙත් උල්පන්දම් දුන්නා...

:       1591       1361

මත්තල Saturday, 06 June 2020 10:14 AM

පිස්සුවෙන් වගේ දොඩවන්න එපා, මත්තලට එන්න ගුවන් සමාගම් කැමති නෑ. ෆ්ලයි ඩුබායි විතරයි ආවේ. ඒකත් දැං වසරකට වගේ කලින් සීමා කළා.. ගුවන් සමාගම විසින්ම... මේක තනිකර සුදු අලියෙක්. ට්‍රිලියන ගණන් ණය වෙලා ගුවන් තොටුපලක් හදලා අවුරුද්දකට සැරයක් ෆ්ලයිට් එකක් ආවාම හුරේ දානවා. මේ වගේම තමයි මාගම්පුර වරායත්, කොළඹට ආපු වාහන ගෙන්වන නැව් ටික බලහත්කාරයෙන් හම්බන්තොටට යැව්වා මිසක් එක නැවක් වැඩිපුර ආවද? කෝටි ගණන් කොමිස් ගහන්න හදපු සුදු අලි මේවා...

:       4       120

chithraniSaturday, 06 June 2020 10:17 AM

මත්තල එයාර්පොර්ට් එකෙන් එලියට ආවට පස්සේ ගෙදරට එනකම් කවුද වග කියන්නේ...? පාර හැමතැනම අලි. පරිසර අධ්‍යයනයක් නොකර මහින්දට ඕනා විදිහට අලිමන්කඩවල් හරස් කරලා, සත්තු මරලා, කුරුල්ලන් මරලා හදපු මාරයාගේ එයාර්පෝර්ට් එක. අපේ රට චීනාට ණයකලේ ඔය බල්ලෙක්වත් නොඑන එයාර්පෝර්ට් එකයි.. හම්බන්තොට වරායයි. ඔබට මෙය ලියන්න නාමල් මොනවාද දුන්නේ?

:       0       143

SiraaSaturday, 06 June 2020 10:18 AM

අයියෝ සිරිසේන... රුපියල් 10,000 ක් අඩු මත්තලට බාන නිසා නෙමේ., ෆ්ලයි ඩුබායි ෆ්ලයිට් එක කටුනායක ගොඩ බැස්සුවත් ඔය ගාණම තමයි. මත්තල ඉඩ තිබුණා කියලා පිණුම් ගහන්නද? යහපාලන රජය විතරයි ඔය ගුවන් තොටුපලේ ගුදම් වලින් වැඩක් ගත්තෙ.,, දැං මොනවද ඒ ගබඩා වල තියෙන්නෙ... මීයොයි, කැරපොත්තොයි විතරයි.

:       93       153

RoshanSaturday, 06 June 2020 10:20 AM

වී ගබඩා කරලා විනාශ වුණු සමහර තැන් මොනවද? කවුද ඔයාට ඔය බොරු කිව්වෙ? හතර හිනා මේවට නම්...

:       55       25

Mr don Saturday, 06 June 2020 09:01 AM

මැදපෙරදිග දුප්පත් ශ්‍රමිකයින් ගැනීම තමයි අමාරු..., හෙනම ගහන්න ඕනේ...

:       24       0

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 06 June 2020 10:09 AM

අප කවර හෝ දේශපාලන පක්ෂයකට කඩේ යන ගැත්තන් නොවෙයි. ඒත්, අප හරි වැරැද්ද සාධාරණව විවේචනය කරනවා. ජනපතිතුමා විවේචනය ගරු කරන කෙනෙකු බව අප දන්නවා. එතුමා මේ වසංගතය දුරුකිරීමේදී සෞඛ්‍ය, ආරක්ෂක අංශ හා එක්ව කළ මෙහෙය අමතක කරන්න තරම් අප කුහකයන් නොවෙයි. ජනපතිතුමාට හොඳම සේවයක් සලසන්නේ එතුමාගේ හොඳ පමණක් පෙන්වන සමහර මෝඩ එහෙයියන් නොවේ. හරි වැරැද්ද පෙන්වන බුද්ධිමතුන්ය. එවන් එහෙයියෙකු අද මට කැත විදිහට බැණ වැදුණා. එවන් අමනයින්ගේ කතාවන්ට අපි නොකිපෙමු. එහෙත්, වැදගත් විදිහට හැසිරෙන විරුද්ධ මතධාරීන්ටද අපි ගරු කරමු...

:       0       56

de silva berlin Saturday, 06 June 2020 12:35 PM

සෑම් මහත්මය..., එහෙම ගුවන්තොටුපලේදී පැමිණීමේ පර්යන්තයේදී PCR පරීක්ෂණය කරන වැඩේ එපමණ සාර්ථක නැහැ , මුල්‍ය ප්‍රතිපාධන වැඩි පුර තිබෙනවා නම් එහෙම කලත් කමක් නැහැ , මගියව වෙනම කාමරයක අවම වශයෙන් දින 5 වත් නිරෝධනය කරලා PCR පරීක්ෂණය කරන එක තමා ඉතා සාර්ථක , යම්කිසි විදිහකින් මගියාට ගුවන් ගතවන ගුවන් තොටුපලේදී හෝ ගුවන් යනාදී කොරෝන අසාධනය වුනොත්, පැමිණීමේ පර්යන්තයේ කරන පරීක්ෂණයේදී මේක පෙන්නුම් කරන්නේ නැහැ .

:       0       26

Palitha Wanasighe Sunday, 07 June 2020 04:09 AM

ඒ වගේම මැදපෙරදිග අතරමන්ව රැකියා නොමැතිව වැටුප් නොමැතිව අසරණ වී සිටින ජනතාවත් කොටස් වශයෙන් ගෙන්වා ගැනීමට කටයුතු කරන මෙන් ඉල්ලමි. කරුණාකර ප්‍රතිචාර දැක්වීමෙදී ⁣හැමදේටම දේශපාලන ගාවා නොගන්නා ලෙස ඉල්ලමි..

:       0       23

Bishan Sunday, 07 June 2020 07:01 AM

මුළුරටම ණය වෙලා, අතට ගන්න පඩියත් පූජාකරන තත්වෙට රට පත්වුනේ ඔය හම්බන්තොට වරායයි... මත්තලයි නිසා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මාලිමාවේ මැයි රැලිය ගෝල්ෆේස්
2025 අප්‍රේල් මස 27 104 0

ජාතික ජන බලවේගයේ මෙවර මැයි රැලිය කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට තීරණය කර ඇත.


හොරෙන් ගජමුතු විකුණන්න ගිය දෙන්නෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 27 55 0

රුපියල් ලක්ෂ 56 ක මුදලකට විකිණීම සඳහා රැගෙන ආ ගජමුතු දෙකක් සමඟ පුද්ගලයන් දෙදෙනකු ජා ඇල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.


ආඩිඅම්බලම වැරදුණ වෙඩිල්ලේ සැකකරු රාජාංගනයෙන් අල්ලයි
2025 අප්‍රේල් මස 27 254 0

කටුනායක ආඩී අම්බලම දැවුමොට්ටාව ව්‍යාපාරිකයකුගේ නිවසට කඩා වැදී වෙඩිතබා ඝාතනය කිරීමට කළ උත්සාහයක් අසාර්තක වූ තැන පලා ගිය සැකකරු අනුරාධපුර රාජාංගනය ප


සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 27 279 0

පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නිවස පරීක්ෂා කිරීමේදී ටි 56 උණ්ඩ යොදා පරිහරණය කළ හැකි මෙරට නිෂ්පාදිත අලුත්ම ගිනි අවියක් , ටි 56 ජිව උණ්ඩ තොගයක් සහ ඩෙටනේටර් ස


අදත් තැනින් තැනට වැසි
2025 අප්‍රේල් මස 27 51 0

දිවයිනේ බොහෝප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අද නිල ජන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක්
2025 අප්‍රේල් මස 27 41 0

පළාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදීමේ විශේෂ දිනයක් ලෙස අද (27) ප්‍රකාශයට පත් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවස


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 894 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 393 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 553 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site