IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ජර්මනියේ හැම්බර්ග් ගුවන්තොටුපොළ වහයි

(විමුක්ති එස් රුද්‍රිගු)

තම දරුවන් ප්‍රාණ ඇපයට ගත් පියෙකු හේතුවෙන් ජර්මනියේ හැම්බර්ග් ගුවන් තොටුපොළ වසා දැමීමට ගුවන් තොටුපොළ බලධාරීන් කටයුතු කර ඇත.ඒ හේතුවෙන් ගුවන් ගමන් වාර 27කට පමණ බලපෑම් එල්ල වූ බව ගුවන් තොටුපොළ බලධාරීන් පැවසුවේය.

35 හැවිරිදි පුද්ගලයෙකු හැම්බර්ග් ගුවන් තොටුපලේ මාර්ග බාධක බිඳ දමමින් පෙරේදා(04)  සිය මෝටර් රථය ධාවනය කර එම ගුවන් තොටුපොළ නවතා තිබූ ගුවන් යානයක් යට නතර කළ බවත් අනතුරුව ඔහු ගිනි අවියක් රැගෙන අහසට දෙවරක් වෙඩි තැබූ බවත් ජර්මානු පොලිසිය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත. අනතුරුව සැකකරු මෝටර් රථයෙන් පෙට්‍රල් බෝම්බ දෙකක් එළියට ගත් බවත් මෝටර් රථයේ අවුරුදු 4 ක පමණ වයසේ පසුවන දරුවෙකු සිටි බවත්  ජර්මානු පොලිසිය නිකුත් කළ ප්‍රකාශයේ දැක්වේ.දරුවාගේ බාරකාරත්වය සම්බන්ධයෙන් පැන නැගුනු ගැටලුවක් මෙම පුද්ගලයාගේ ක්‍රියා කලාපයට හේතුවන්නට ඇතැයි ජර්මානු පොලිසිය පැවසුවේය.

නමුත් ඇතැම් ජර්මානු මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම පුද්ගලයාගේ මෝටර් රථයේ දරුවන් දෙදෙනෙකු සිටි බවත් මෙම තැනැත්තාගේ බිරිඳ සිය දරුවන් දෙදෙනා පැහැර ගෙන ගොස් ඇති බවට පොලිසියට පැමිණිලි කර ඇති බවත්ය.කෙසේ වෙතත් මෙම ප්‍රාණ ඇපකරු සිදුවීම හේතුවෙන් කිසිවෙකුටත් ජීවිතහානියක් සිදු වූ බවට වාර්තා වී නොමැති බවත් විශේෂ කණඩායමක් තත්වය සමථයකට පත් කිරීම සඳහා  කටයුතු කරමින් සිටින බවත් ඊයේ(05) පොලිසිය ප්‍රකාශ කළේය.



අදහස් (0)

ජර්මනියේ හැම්බර්ග් ගුවන්තොටුපොළ වහයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශෙහාන් සේමසිංහත් මහ මැතිවරණයට සමු දෙයි
2024 ඔක්තෝබර් මස 10 803 0

ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.


පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
2024 ඔක්තෝබර් මස 10 980 0

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 517 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 294 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 320 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 600 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39747 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25840 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 59 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 380 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1245 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site