IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ජල කප්පාදුව අද මැදියම් රැය දක්වා?

පසුගිය සෙනසුරාදා (02) උදෑසන සිට නුගේගොඩ, කෝට්ටේ ඇතුළු ප්‍රදේශ කිහිපයක පවතින ජල කප්පාදුව අද (04) මධ්‍යම රාත්‍රිය වන තුරුත් පවතින බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කියයි.

පැය 50ක් පමණ තිස්සේ ජලය නොලැබීම නිසා එම ප්‍රදේශ වාසීහු අපහසුතාවට පත්ව සිටිති.  පෙරදින (03)  ජලාපවාහන මණ්ඩලයට ඇමතුම් ගත් විට රාත්‍රී 10ට ජල සැපයුම දෙන බව කීවත් නොලැබුණු බව ද ඔවුහු පවසති.



අදහස් (0)

ජල කප්පාදුව අද මැදියම් රැය දක්වා?

සත්‍යපාල Tuesday, 05 August 2014 04:42 AM

රටේ ජනතාව නිවටයන් බව හිතාගෙනයි මේ අය වැඩකරන්නේ. පාලකයන් වගේම නිලධාරිනුත් ජනතාව ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැතිවයි කටයුතුකරන්නේ. වෙන රටක උනානම් ජල සම්පාදන මණ්ඩලයේ සභාපති ගෙදර යවලා. අඩුගානේ ඇමැතිවරයාවත් මේගැන රටට ප්‍රකාශයක් කරන්න අාවේ නැහැ (නදී)

:       0       0

තබිත Tuesday, 05 August 2014 04:49 AM

මේ අය ආඩම්බර කම පැත්තකට දාල සුද්දාගෙන් මේ දැවෙන ප්‍රශ්නෙන් අපේ රට බේර ගන්න විදියක පානිය ජල ප්‍රශ්නෙට විසදුමක් සොයාගන්න දැනුමක් ලබා ගන්නවනම් හොඳයි (නදී)

:       0       0

සත්‍යපාල Tuesday, 05 August 2014 05:20 AM

ජල සම්පාදනේට බනින කී දෙනෙක් දොස්තරලා හෙදියෝ තෙල් සංස්‌ථා සේවකයෝ දුම්රිය සේවකයෝ පාර වහගෙන විරෝදතා දක්වපු සිසුන් ඇතිද ? තමුන්ලා කොතරම් මිනිසුන්ට හිරිහැර කරලා ඇතිද? හැම කෙනාම තමන් කරනකොට හරි අනිත් කෙනා කරනකොට වැරදි. අන්තිමට "අපිම දන්නේ නෑ මේ නැව අපිත් එක්ක ගිලෙනකම්" සමහර අය ඉන්නවා තමන්ගේ අබුඩේ තමන් අතින් මලපහ වුනත් ආණ්ඩුවට බනිනවා. හැබැයි තමන් රටට කරන කිසිවක් නෑ. අනුන්ට බැන බැන තමන් කරන තරමක් කරන්නේ ජරා වැඩ. මේ තමයි තිත්ත ඇත්ත. එවැනි ගොඩක් අයගේ අරමුණ තමන්ට පුද්ගලික වාසි ගන්න පුළුවන් රජයක් බිහිකර ගැනීම සදහා ජනතා විරෝධයක් ඇතිකිරීම. (නදී)

:       0       0

රොහාන් Tuesday, 05 August 2014 05:24 AM

හා හා කට්ටිය බොරුවට කලබල වෙලා කෑගහන්න එපා.වතුර නැත්නම් සල්ලි දීල කඩෙන් වතුර බෝතල් ගන්න. මමත් ලගදීම වතුර බිස්නේස් එකක් පටන් ගන්නයි හදන්නේ. (නදී)

:       0       0

හසන්ති Tuesday, 05 August 2014 10:13 AM

වතුර ඉක්මනින් දෙන්න මිනිස්සු ඔක්කොම අපහසුතාවයෙන් ඉන්නේ (දී)

:       0       0

අමරපාල Tuesday, 05 August 2014 05:32 AM

උසස් පෙළ මේ පාර මුහුණ දෙන ළමයි කොච්චර ඉන්නවද. මේ මෝඩ බලදාරීන්ට ඒ දේ තේරෙන්නේ නැති හැටි. (නදී)

:       0       0

රංජිත් සිල්වා Tuesday, 05 August 2014 05:31 AM

ඔය ප්‍රවාහන මණ්ඩලය අපේ මානුෂික අයිතිවාසිකම් කඩ කරලා නේද? (නදී)

:       0       0

ගාමිණී - සිරි Monday, 04 August 2014 02:41 PM

දේශප්‍රේමීන් කරන්නේ අධිරාජ්‍ය වාදීන් කියා සුද්දන් පට්ටා ගැසීමයි.ලබුගම , කලටුවාව ජලාශ ඔවුන් ඉදිකලේ නැත්නම් බස්නාහිර පළාතේ ජනතාවට බොන්නවෙන්නේ කැළණි ,කළු ගඟේ ,බෙරේ ජලයයි.මහවැලි,වික්ටෝරියා,ඉගිණිමිටිය ,උඩවලවේ,ආදී දැවැන්ත ජලාශයන්ගෙන් වියලි කලාපයේ ජනතාවට,පානීය ජලය දෙන්න තරම් වත් වගකිව යුතු අය අදක්ෂවීම හා අපොහොසත්වීම ඉතාමත් ශෝචනීය පුවතක් තව දුරටත් !!කඳුරට වාන් දොරටු අරිනවා වියලි කලාපයේ වැව් පතුලේ ලිං හාරනවා(අ)

:       0       0

රවී Tuesday, 05 August 2014 05:46 AM

මේ අය මොනවද මේ කරන්නේ? (නි)

:       0       0

රවී Tuesday, 05 August 2014 05:46 AM

දවස් ගණනක් තිස්සේ වතුර නැහැ (නි)

:       0       0

තෘත් Tuesday, 05 August 2014 05:47 AM

සත්‍යපාල තමන්ගේ නුගත්කමයි ගැතිබවයි පෙන්වන්නේ නැතුව ඉන්නවද? පාරේ විරෝධතා කරන එකයි වතුර නැති එකයි සමාන වෙන්නේ කෝමද ? නිකන් ණයට කහින්නේ නැතුව වැරදි දේට වැරදී කියන්න පුරුදු වෙන්න කොන්දක් තියෙන මිනිහෙක් වගේ. විරෝධතා වලින් වෙන අපහසුතාවය වගේ වතුර නැතුව සිද්දවෙන අපහසුතාවය දාස් ගුණයක් විශාලයි. තමන්ගේ ගැත්තෙක් උනාට ප්‍රසිද්දියේ ප්‍රදර්ශනය කරන්න එපා (දී) .

:       0       0

සමීර Tuesday, 05 August 2014 10:58 AM

කෝ මේ අදහස් දමන බන්දුල පෙරේරා නැද්ද? (නි)

:       0       0

ඩී එස් Tuesday, 05 August 2014 06:33 AM

තාම වතුර නැ නුගේගොඩ පැත්තට. (දී)

:       0       0

තිලක් Monday, 04 August 2014 04:41 PM

පාරවල් හැදීමට වඩා හොඳයි ජල වාරිමාර්ග පද්දතිය කලින් හදල දුන්නනම් (නදී)

:       0       0

නුවන් Tuesday, 05 August 2014 07:17 AM

හැකි ඉක්මනින් මෙය විසඳන්න (දී)

:       0       0

නාරද Monday, 04 August 2014 04:58 PM

සෙනසුරාදා ඉරිදා සඳුදා මේ ලියන මොහොත රාත්‍රී 10.25 වන තුරුත් හරියටම දවස් තුනක් පර්චස් කීපයක බිත්ති හතරකට කොටු උනා. පොළවෙන් එකදු වතුර බිඳක් ගත නොහැකි , ටැප් වතුරින් පමණක් අවශ්‍යතාවයන් ඉටුකර ගන්නා අපට ජලප්‍රවාහන මණ්ඩලය මගින් ලබා දුන් අගනා තෑග්ගට බොහොම ස්තුති. (නදී)

:       0       0

දුශාන් Tuesday, 05 August 2014 07:17 AM

මම දවසක් නනා ඉන්නකොටත් වතුර නැති උනා (දී)

:       0       0

දම්මි Tuesday, 05 August 2014 07:17 AM

නාල හමාරයි (දී)

:       0       0

ශාන්ත Tuesday, 05 August 2014 07:46 AM

සත්‍යපාල වගේ අය ලංකාවේ ඕනෑතරම් ඉන්න නිසා තමයි අපිට මේ හැමදේම වෙලා තියෙන්නේ (නි)

:       0       0

ජගත් ලියනගේ Monday, 04 August 2014 06:55 PM

ජලාප්‍රවාහන මණ්ඩලයේ කට්ටිය අපිට පුදුමාකාර දුකක් දෙන්නේ. එහෙම කරන්නේ අපි මොන වරදක් කරාටද? දැනට වතුර නැතුව පැය 73 කට වැඩියි. කරන්ට් නැතිව හිටියත් වතුර නැතිව ඉන්න පුලුවන්ද. ජල මණ්ඩලයේ කට්ටිය අැයි එ් ගැන හිතන්නේ නැත්තේ? (නදී)

:       0       0

ජගත් ලියනගේ Monday, 04 August 2014 07:03 PM

වතුර නැතුව දැනට පැය 74 යි. මෙම වාර්තාව ගිනස් වාර්තා පොතට අනිවාර්යෙන්ම යනවා. (නදී)

:       0       0

සමරේ(ගාල්ල) Monday, 04 August 2014 07:10 PM

ඊයේ රාත්‍රියේ ප්‍රවෘත්ති බලන ගමන් මගේ පුතා අහනව“ ඇයි තාත්තේ එක පැත්තක වතුර පිටාර ගලන්න තියෙනවා. අනිත් පැත්තේ පොලව වෙිලිලා. ඒ උඩහ පැත්තේ තියෙන වතුර පල්ලෙහා ඉන්න අයට බටදිගේ ගෙනත් දෙන්න පුලුවන්නේ කියලා”. උත්තරයක් දෙන්න ගියොත් දරුව ඉදිරියේ නරක වචනයක් කියවෙයි කියල භයක් ඇතිවුන නිසා “ඔව් පුතේ” කියල මම නිශ්ශබ්ද වුණා. (නදී)

:       0       0

හෂාන් Tuesday, 05 August 2014 08:45 AM

මිනිසුන් කොච්චර අපහසුතාවයට පත්වන්න ඇද්ද? (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 06 August 2014 03:27 AM

මම කියපු එක හරියටම ගැලපෙන උදවිය කලබල වෙලා. තොප්පිය හරි නිසා දාගෙන.(අ)

:       0       0

ඩී.උපුල් Tuesday, 05 August 2014 02:38 AM

ඌවට ඡන්දය ඉල්ලන සමහර කට්ටිය කියන කතා ඇහෙනකොට එයාලගේ නොහැකියාව, ලැජ්ජා නැතිකම හොඳට පේනවා. (නි)

:       0       0

සමන්ති Tuesday, 05 August 2014 01:26 PM

පොලොවතුල යම් අලුත්වැඩියාවක් කරනකොට කාලගුණික හේතුමත වෙලාවට කිරීම අපහසුබව තේරුම් ගැනීම කලයුතුය. ජලය දීමට ප්‍රමාදවුයේ නොකඩවා ඇදහැළුණු වර්ෂාවය .හිතා මතා ජලමන්ඩලය වැඩ ප්‍රමාද නොකරන බව අපට විස්වාසය . (දී)

:       0       0

හෙළයා Tuesday, 05 August 2014 02:49 AM

මේවා ඔක්කොම සුද්දගේ වැරදි (නදී)

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Tuesday, 05 August 2014 02:55 AM

වතුර අද එන එකක් නැහැ මේ ගොල්ලෝ බොරු කියන්නේ. අද 6 ට දෙනවා කියනවා 6 උනාම රෑ 12 ට කියනවා රෑ 12 ට කියනවා හෙට උදේ කියා හොර බොරු තක්කඩි නිලධරයෝ (නදී)

:       0       0

ගොන්ගාලේ ගොඩ බණ්ඩා Tuesday, 05 August 2014 03:59 AM

මේ වගේ වැඩ පටන් ගන්න ඕන අ.පො.ස අසස් පෙ‍ළ විභාගය පවත්වන මාසයේම එම දිනයටම වතුර නැති වෙන විදයටද? ඒ පැත්තේ ළමයි අද හරියට අසරන වෙලා විභාගෙට යන්න ලැස්තිවෙලා වතුර නැතිව හුල්ලන්න වෙලා. නියම මොල කාරයෝ. මේකවත් කල්පනා උනේ නැතිද ? අඩු තරමින් හැම නාලිකාවකම නිවේදනයක් නිකුත් කරන්න ඕන නේද? වතුර කප්පාදුව ගැන කලින්ම වතුර ටිකක් පුරව ගන්න. එ්කත් එදාම උදේ එක සැරයක් කියනව අද උදේ ඉදල වතුර කපනව කියල. මේවයි වැඩ කරන්න‍ේ හෝඩි පනිතියේ අයද? මම හිතනවා ඒ අයගෙන් උපදෙස් ගත්ත නමි හොදියි කියල. (නදී)

:       0       0

තබිත Tuesday, 05 August 2014 09:34 AM

මේ සිදුවෙලා තියෙන්නේ ජල නල වල ප්‍රශ්නයක් නොවේ.(දී)

:       0       0

සේනක Tuesday, 05 August 2014 04:00 AM

හැමෝම එකතු වෙලා ගිහිල්ල ඔය මණ්ඩලේ ලොක්කගේ ගෙදරින් වතුර ඇද ගන්න තියෙන්නේ. (නදී)

:       0       0

ජෙහාන් Tuesday, 05 August 2014 04:23 AM

ප්‍රදේශයේ හැමෝටම තියෙන්නේ මණ්ඩලයේ ප්‍රධානියාගේ ගෙදරට ගිහින් වැසිකිලි පෝලිමේ ඉන්න. ඇත්තමයි මෙහෙම අමන වැඩ වලට වෙන කරන්න දෙයක් නැහැ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 429 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 474 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 148 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1449 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1094 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 428 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 747 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site