IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ජල ගාස්තු ඉහළට

ලබන දෙසැම්බර් පළමු වැනිදා සිට ජල ගාස්තු 30%කින් ඉහළ නංවන බව ජාතික ජල සම්පාදන හා ජලජපවහන මණ්ඩලය කියයි.

සාමාන්‍යයෙන් වසර තුනකට වරක් සිදුවන ජල ගාස්තු සංශෝධනයට අනුව මෙවර ජල ගාස්තු ඉහළ නැංවීම සිදුකළ බව එම මණ්ඩලයේ සභාපති කේ.ඒ අන්සාර් මහතා පැවසීය.

ආගමික ස්ථාන,පාසල් සහ අඩු ආදායම්ලාභී පවුල් සඳහා මෙම ජල ගාස්තු වැඩිවීම බලනොපාන බව ද කියයි.

මේ හේතුවෙන් බේකරි හා හෝටල් නිෂ්පාදන වල මිල ඉහළ යා හැකි බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

 



අදහස් (0)

ජල ගාස්තු ඉහළට

ධම්ම Sunday, 13 November 2016 04:48 PM

ජයවේවා!(රේ)

:       0       0

ප්‍රියන්ත විමලගුනේ Sunday, 13 November 2016 05:12 PM

රට දියුණු කරන්නනේ කට්ටිය මහන්සි ගන්නේ. සුරපුරයක් කරනකල් තව ටිකක් ඉවසල ඉන්න.හාද? (අ)

:       0       0

ටිකිරි Sunday, 13 November 2016 05:30 PM

ඔබට සතුටුයිද දැන්! (නි)

:       0       0

ලලිත් Sunday, 13 November 2016 09:44 PM

ප්‍රභාකරන් වතුර සිමා කලේ මවිල්අරුවල. නමුත් මෙයාල වතුර සිමා කරන්නේ කොළඹ?(අ)

:       0       0

ඉමේෂ් Monday, 14 November 2016 01:29 AM

නව ලිබරල් ආර්ථිකය ටික ටික එළියට එනවෝ... (නි)

:       0       0

පීරිස් Sunday, 13 November 2016 07:52 AM

අද මොනවද ඉහළයන්නෙ නැත්තේ? තව ටික දවසකින් හුස්ම ගන්න එකටත් නහය යටින් මීටරයක් සවිකරලා යුනිට් ගාණට අයකරන්න පටන්ගනීවී! (නි)

:       0       0

මොහාන් Monday, 14 November 2016 02:41 AM

තිලක්-ඩුබායි, ටිකිරි බණ්ඩා-නුගේගොඩ, තිලකසිරි ඊට කලින් හොඳ නැද්ද මහා බැංකුව හොරාකාපු අයගේ ධනස්කන්ධය රාජසන්තක කරන්න. තව අවුරුදු ගානකට බදු නොගහා රට හදන්න පුළුවන්. (නි)

:       0       0

වසන්ත Sunday, 13 November 2016 08:07 AM

ගහපු බදු මදිවාට දුප්පත් මිනිසුන්ටම තමා ගාස්තුත් වැඩි කරන්නේ. දේශපාලුවෝ හොරාකන ඒවා අහිංසක මිනිසුන්ට තමා ගෙවන්න වෙලා තියෙන්නේ. ඡන්දෙට එන්නකෝ එදාට දෙන්නම් (නි)

:       0       0

වසන්ත Sunday, 13 November 2016 08:15 AM

පුළුවන් කෙනෙකුට මුදල් ඇමතිකම දීලා යන්න. රට කරන්න බැහැ නුඹලාට (නි)

:       0       0

රෝහිත Sunday, 13 November 2016 08:27 AM

හොරාකාපු සල්ලි ටිකත් ගෙවන්න වෙලා තියෙන්නේ අපටමයි. (නි)

:       0       0

මහේෂ් Sunday, 13 November 2016 08:42 AM

මොකක්ද වෙන්නේ මේ අපේ රටට? පින් අයිතිවෙයි රට කන්නේ නැතුව පුළුවන් කෙනෙකුට දීලා යන්න. යහපාලනයට ඡන්දෙ දුන් අයගෙන් අහන්නේ. ඔබට සතුටුයිද දැන්? (නි)

:       0       0

සත්‍යයා Monday, 14 November 2016 03:23 AM

යහපාලන ආණ්ඩුව "ජලභීතිකා" රෝගයෙන් පෙළෙනවා වගේ පේන්නේ. වැඩේ අවසන් වුණාම අපි කියන්නම් පිස්සු බල්ලන්ට වුණේ මොකද කියලා. (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 13 November 2016 09:18 AM

බලන් යද්දී ලැබෙන සහනයක් නැහැ. එහෙන් අඩු කලයි කිව්වට අනෙක් පැත්තෙන් ඒක කපාගන්නවා.ඔක්කොම රැවටිලි තමයි. (හේ)

:       0       0

තිලක් Monday, 14 November 2016 03:39 AM

මොහාන්, මහා බැංකුව හොරාකාපු අයගේ ධනස්කන්ධය රාජසන්තක කරන්න ඕනෑ කියන එකේ කතා දෙකක් නැහැ. යහපාලනය ගේනවා කියලා දහ අතේ පොරොන්දු දුන් අයම ගසා කනකොට පුදුම වේදනාවක් තියෙන්නේ.ඒ නිසයි ප්‍රතිපත්තියක් හැටියට යහපාලන නායකයන්ගේ කතා බලන්නේවත් ඒ අයගේ කතා වලට අදහස් දාන්නේවත් නැත්තේ. (නි)

:       0       0

අර්ජුන Sunday, 13 November 2016 09:26 AM

ඔබලාගේ සුර සැප වෙනුවෙන් අපි බදු ගෙවමු. පාලකයිනි ! මේවා ගැන සොයා බලා ගාස්තු අඩු නොකළහොත් යහපාලනයට 2017 අබසරණයි.(හේ)

:       0       0

රොහාන් Sunday, 13 November 2016 09:30 AM

මේ රජය වෙනුවෙන් අපගේ වටිනා චන්දය ලබාදීම ගැන දැන් අපි පසුතැවිලි වෙන්වා මේ ආණ්ඩුවේ යහ පාලනයත් නැහැ ජනතවට සහනත් නැහැ අන්තිමට වුනේ අපි දුක්මහන්සියන් හම්බකරලා බැංකුවට දාලා තියන් අපේ මුදල් ගන්න රජයට බදු ගෙවන්න වුන එක, රටේ ජනතාව තලා පෙළා මේකාරන දෙයින් අපි නම් අයේ ඔයාලට ඡන්දය නම් දෙන්නේ නැහැ දන්නා කියන යට දෙන්නේ දෙන්නෙත් නැහැ (හේ)

:       0       0

මලික් Sunday, 13 November 2016 10:16 AM

තව ටිකක් කල් යද්දී විදුලි ගාස්තුත් නඟීවි (නි)

:       0       0

ටියුඩර් Monday, 14 November 2016 03:59 AM

වතුර බීලත් ඉවරයි වගේ (නි)

:       0       0

සුනිල් විජේසේන Monday, 14 November 2016 04:55 AM

කුම්බලා කටු කෑවා නම් දුක විඳපන් (හේ)

:       0       0

තිලක් Monday, 14 November 2016 04:57 AM

ඉන්දියාවේ කලා වගේ කිසිම ප්‍රසිද්දියක් නොකර දවසින් දෙකින් දැනට ලංකාවේ තියෙන රුපියල් 5000 සහ 2000 නෝට්ටු ඉවත් කරලා අලුත් නෝට්ටු දාන්න.මාසයක් ඇතුලත හැදුනුම් පත සමග පරණ නෝට්ටු බැංකු වලින් පමණක් අලුත් කරන්න පුලුවන්නම් හංගලා තිබෙන දනස් කන්දය සොයාගැනීමට පුළුවනි.(හේ)

:       0       0

චින්තක Sunday, 13 November 2016 11:57 AM

තව විඳවන්න වුණේ නැහැ හරියට (නි)

:       0       0

තිලකසිරි Sunday, 13 November 2016 01:07 PM

රටේ මහජන මුදල් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කාලා ලෝකයේ හංගලා තියෙන ධනස්කන්දය නැවත ජනතා සතුකරන්න වැඩපිළිවෙලක් සොයා ගන්න බැරුව අසරණ මිනිසුන්ටම බදු/දඩ ගහන එක නම් යහපාලනය වෙනුවෙන් කඩේ ගිය අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Sunday, 13 November 2016 01:09 PM

අයවැය පරතරය පියවන්න හිටපු රජ පුතෙකුගේ ලෝකයේ තිබෙන ගිණුම් වල තිබෙන මුදල් හොඳටම ප්‍රමාණවත් නේද? (නි)

:       0       0

ඉන්ද්‍ර Sunday, 13 November 2016 01:18 PM

යහපාලන රජය බිහිකරන්න මමත් දායකවුණා. එය වෙනස් කරන්නටද ඉදිරියේදී දායක වෙමි. යහපාලන ආණ්ඩුවෙන් දුන්න පොරොන්දුවක්ද මේ? මේක දැනෙන්නේ දුප්පත් කම්කරුවට. මේ කිසිවක් රට හදන අයට අදාළ නැහැ නේද (නි)

:       0       0

ප්‍රීති කුරේ ප්‍රංශය Sunday, 13 November 2016 01:31 PM

රටේ අහිංසකයන් රවටා ඡන්ද ලබාගෙන ජනතාව සූරාකනවා. දිනෙන් දින අපිටම බදු ගහලා දේශපාලුවෝ යන්නේ උඩින්. අපි හැමදාම රැවටෙනවා. යහපාලනය කියලා තමයි අපිව රැවැට්ටුවේ ....!!! (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 13 November 2016 02:22 PM

යහපාලනය වෙනුවෙන් ඡන්දය දුන් වැලේ වැල් නැතුව දුක් විඳින මිනිසුන්ට බදු/දඩ ගහලා තවත් අසරණ කරන්නේ නැතුව, රාජපක්ෂලා ගසාකාලා ලෝකයේ පුවරපු ධනස්කන්ධය රාජසන්තක කරන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 260 1

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


විශ්‍රාමිකයන් සඳහා 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට
2024 ඔක්තෝබර් මස 11 446 0

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍


ලංකාවට ලෝක ආහාර වැඩසටහනේ සහායත්
2024 ඔක්තෝබර් මස 11 213 0

ලෝක ආහාර වැඩසටහන හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයෝ ජනාධිපති ලේකම් ආචාර්ය නන


නිල නිවසක් පිටුපස මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 11 280 0

මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩා පිටිය ඉදිරිපිට ඇති දැනට භාවිතයෙන් ඉවත් කොට රජයේ නිල නිවසක් පිටුපස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහනුවර මූලස්ථාන පොල


කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
2024 ඔක්තෝබර් මස 11 755 0

උතුරු,නැගෙනහිර,උතුරු - මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැනට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති


ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සම්මාන ලබයි
2024 ඔක්තෝබර් මස 11 238 0

ලෝක මානව සම්පත් කොංග්‍රසය වාර්ෂිකව සංවිධානය කරන සේවා යෝජක සම්මාන උළෙලේදී (2024) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම ලෙස සම්මේල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39916 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25910 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 164 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1284 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site