IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ජල ජල්තරයකින් ජල්තර කැළඹෙයි

හංවැල්ල ජල්තර නල ළිං කැණීමක් හේතුවෙන් තම ප‍්‍රදේශයේ ළිං ජලය සිඳී ගොස් ඇතැයි කියමින් ප‍්‍රදේශවාසීහු පිරිසක් අද(23) ජල්තර මංසන්ධියේදී කොළඹ  - අවිස්සාවේල්ල ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ යෙදුණහ.

ප‍්‍රධාන මාර්ගය අවහිර වීමෙන් දැඩි වාහන තදබදයක්ද ඇති වූ අතර පසුව හංවැල්ල පොලිසිය පැමිණ මාර්ගය හරස් කර සිටි පිරිස් ඉවත් කර වාහන

ගමාගමනයට ඉඩ ලබා දුන් අතර පසුව පිරිස විරෝධතාකරුවෝ පුවරු රැගෙන  වෙනත් ස්ථානයක විරෝධතා පාඨ කියමින් පැයක පමණ විරෝධයක යෙදුණහ.

එහි පැමිණි හෝමාගම සහකාර පොලිස් අධිකාරී බැසිල් කි‍්‍රශාන්ත මහතා විරෝධතාවයෙහි යෙදුණු පිරිස් සමග සාකච්ඡා කර සඳුදා (24) මේ සඳහා

විසඳුමක් ලබා දෙන බවත් සංවර්ධන කමිටුවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් පැවසීමෙන් පසු පිරිස විසිර ගියහ.

ජල විද්‍යාඥයන්ගේ මතය වී ඇත්තේ ඉවක් බවක් නැතිව නල ළිං කැපීම නිසා භූගත ජල මට්ටම බෙහෙවින් පහත වැටී ඇති බවයි. රජරට ද, උතුරේ ද, වයඹ ද එම තත්ත්වය ඇතැයි ඔවුහු කියති.

vlcsnap-2016-10-23-12h09m22s25 vlcsnap-2016-10-23-12h09m55s98

 



අදහස් (0)

ජල ජල්තරයකින් ජල්තර කැළඹෙයි

ගමගේ Sunday, 23 October 2016 02:01 PM

ඕන එකකට පාරවල් හරස් කරන එක සාමාන්‍ය දෙයක් වෙලා මෙයින් වෙන්නේ රටේ අදායම නැතිවෙන මෙහි ප්‍රතිපල දැනෙන්නේ කාලයක් යන්න වෙනවා, මෙය මුළු රටම නැතිකරන උපායක් (බ)

:       0       0

ලක්ෂි Sunday, 23 October 2016 03:23 PM

රුවන්, ගමගේ, මේ වගේ දේ වලදි මිනිසුන්ගේ ප්‍රශ්ණ වලට අැහුම්කන් දීලා විසඳුමක් දෙන්න ප්‍රාදේශිය පාලකයන්වත් නිලධාරීන්වත් ඉදිරිපත් වෙන්නෙ නැත්නම්, පොලීසියට ගියත් පිළිසරණක් නැත්තම් රටට අැහෙන්න හරි අපිට පාරට බහින්න වෙනවා. එතකොට අඩුතරමින් පත්තරෙන් දැකලා හරි මේවට විසඳුමක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. (නි)

:       0       0

හිමාල් Sunday, 23 October 2016 05:45 PM

නළ ළිඳක් හරියට සවිකරනවා නම් එන්නේ භූගත ජලය. ඔය කියන සාමාන්‍ය ළිං වලට එන්නේ භූතල ජලය. (නි)

:       0       0

රුවන් Sunday, 23 October 2016 08:31 AM

මොන හේතුවකට මේ මිනිස්සු පාරවල් හරස් කරනවද දන්නේ නෑහෑ, ඕක තියන්න වෙන තැන් ඈත්තෙම නෑද්ද? හැම දේටම පාරවල් වහගෙන (බ)

:       0       0

රවී දර්ශන Monday, 24 October 2016 03:48 AM

රුවන්, ගමගේ, වැරදියට හිතන්න එපා, හිතල බලන්න තමන්ගෙ ගෙදර ලිඳ හිඳුනොත් ඒක තමන්ට කොච්චර දැනෙනවද කියලා. ප්‍රශ්නය තමන්ටම වුනොත් විතරයි ඒකෙ වේදනාව තමන්ට දැනෙන්නේ.අනික රටේ පාලකයො ඕව හරියට හොයල බලනවනම් මිනිස්සු පාරට බහින්නෙ නෑ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශෙහාන් සේමසිංහත් මහ මැතිවරණයට සමු දෙයි
2024 ඔක්තෝබර් මස 10 721 0

ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.


පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
2024 ඔක්තෝබර් මස 10 905 0

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 487 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 287 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 315 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 587 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39747 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25840 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 57 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 380 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1245 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site