(විනීතා එම් ගමගේ)
ජල පනතක් ගෙන එන්නට කටයුතු කරන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
ජල මූලාශ්‍ර, ඒවායේ සංවිධිත බව, එහි අයිතිය වගකීම වැනි කරුණුවල දී ජලය සම්බන්ධ නීතියක අවශ්‍යතාව පැන නගින බැවින් ජල පනතක් ගෙන එන්නට අවශ්‍ය බව හෙතෙම කියා සිටියේය.
නව පනත උල්ලංඝනය කළ හොත් නීතිමය පියවර ගත හැකි පරිදි නව පනත ගෙන එන බවත් එය කිසිසේත්ම ජනතාවට පීඩාවක් බවට පත්වන පනතක් නොවන බවට සහතික වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ජලය සීමිත සම්පතක් වන බවත් එය ජනතා අයිතියක් බවත් කී නානායක්කාර මහතා සීමිත පිරිසක් එහි ප්‍රතිලාභ ගැනීම වලක්වා සියලු දෙනාට ජලය ලබාගැනීමට ඇති අයිතිය ජල පනතකින් තහවුරු කරන බව ද කියා සිටියේය.
වාසුදේව නානායක්කාර මහතා මේ බව කියා සිටියේ ජල සම්පාදන අමාත්‍යංශයේ අද (31) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි වසර පහ අවසන් වන විට සියලු දෙනාට පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩ පිළිවෙලක් යටතේ මෙම ජල පනත ද ගෙන එන බවය.
තැන් තැන්වල සිදුවන භූගත ජලය ලබා ගැනීම වැරදි බවත් මතුපිට ජල තලයේ ජලය රඳා පවතින්නට නම් භූගත ජලයේ මට්ටම යහපත් විය යුතු බවත් කී අමාත්‍යවරයා ජල සංරක්ෂණය හා උත්පාදනය සිදුකළ යුතුව ඇතැයි ද කීය.
ජලයේ ඉපැයීමක් නැතිවම සැපයීම සිදුවන්නේ යැයි ද ඒ පිළිබඳ පර්යේෂණ සිදුව නැතැයි ද කී නානායක්කාර මහතා අහසින් වැටෙන ජලය මුහුදට යා නොදී යළි භූගත කිරීමට කටයුතු කළ යුතු බව ද එවිට මතුපිට ජල මට්ටම තබා ගත හැකි බව ද කියා සිටියේය.
නව ජල යෝජනා ක්‍රම පහක් ක්‍රියාත්මක කරන බවත් දිනපතා ඇතිවන නව ජල අවශ්‍යතා සඳහා එම යෝජනා ක්‍රම තුළින් විසඳුම් ගෙන එනු හැකි වන බවත් ඔහු සඳහන් කළේය.
එම නව ජල යෝජනා ක්‍රම වන්නේ පට්ටියවිල , මන්නාරම, කටාන, දැදුරුඔය හා මාතලේ යන ජල යෝජනා ක්‍රම යැයි ද එයින් පවුල් තුන් ලක්ෂ දස දහසකට අධික පිරිසකට ජල සම්බන්ධතා ලබා දිය හැකි වන්නේ යැයි ද නානායක්කාර මහතා පැවැසීය.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘ජල පනතක් ගෙන එනවා ‘
Asanga Monday, 31 August 2020 11:24 AM
ඕක ඉතින් ආයේ අමුතු මාධ්‍ය සංදර්ශන දාන්න අවශ්‍ය දෙයක්ද? තියෙන නීතිටික ආරක්ෂා කළොත්නේ වඩාත් වැදගත්..
Rohana Monday, 31 August 2020 11:28 AM
පළමුවෙන් හා ඉක්මන් අවශ්‍යතාව වන්නේ ජල සම්පත් මණ්ඩලයට ජල මීටර් හා ජලබට ඉක්මණින් සපයාදී ජල පහසුකම සඳහා මුදල් ගෙවා ඇති සැමට ජල සම්බන්ධතාව ලබාදීම ඉක්මන් කිරීමයි. ජල මීටර් සහ ජල බට මණ්ඩලයට නොමැතිකමින් අනාගත ජල පාරිභෝගිකයින් දැඩි අපහසුතාවට පත්ව සිටිති...
විජේ Monday, 31 August 2020 12:04 PM
ඇමතිතුමා පරිස්සමින්, පනතෙ 'න' යන්න වෙනුවට 'ක' යන්න ලියැවෙයි.. පුරුද්දට වගේ..
pradeepa Monday, 31 August 2020 03:05 PM
වාසු වතුරවලට ෆ්‍රී ඔෆ් චාර්ජ් කරන්නකෝ? සාමාන්‍ය පාරිභෝගිකයින්ට.. ඔය පනතින්..
Bamunuarachchi Tuesday, 01 September 2020 01:48 AM
මේ හදන්නේ ළිංටික වහලා දමන්න. ළිංවලට බදුගැසුවා කියලා මේ උන්දෑ කියන ගැටලු විසඳෙන්නේ නැහැනේ.