( බී.ජී.චතුරංග )
කලා වැවේ සිට වාරි ජලය මුදා හැරෙන ජය ගඟේ සොරොව්වක, යන්ත්‍ර ක්‍රියාකරු ලෙස (ජල පාලක) ලෙස කටයුතු කල පුද්ගලයෙකු රාත්‍රියේ දීයේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව එප්පාවල පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අංක 9, නල්ලමුදාව පාර, බටහිර ඇඳගල, එප්පාවල ලිපිනයේ පදිංචිව සිටි වී. ගමගේ ධර්මසේන නැමති 53 හැවිරිදි විවාහකයෙකි.
මොහු, එම ස්ථානයේ පාලම අසල වැවී තිබූ කුණු රොඩු කැබලි ඉවත් කිරීමට යාමේදී ජය ගඟට වැටී ඇති බවට සැක කරන බවත්, එම පාලම ආසන්නයේ තිබී මරණ කරුට අයත් යතුරු පැදිය සහ පාවහන් යුගල හමුවූ බවද පොලිසිය සඳහන් කළේය.
මරණකරුගේ පුතෙකු විසින් සිදු කල පැමිණිල්ලකට අනුව මේ සම්බන්ධ විමර්ශනයක් ආරම්භ කල බව පොලිසිය සඳහන් කළේය.මරණකරු මහවැලි අධිකාරියට අයත් ජය ගඟේ එප්පාවල ප්‍රදේශයේ පිහිටි, කිරි අමුණුකොලේ පාලම ඇති ස්ථානයේ පිහිටි සොරොව්වේ යන්ත්‍ර ක්‍රියාකරු ලෙස සේවය කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බව පොලීසිය කියයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජල පාලක දියේ ගිලී මරුට
සමන්ති Wednesday, 29 November 2023 11:24 PM
කඩවර දෙවියන් වහන්සේගේ කතාව මතක් වුනා. අනික් අයට සේවයක් කරන්න ගිහින් පූජා කළ ජීවිතයක්. නිවන් සුව අත්වේවා.