(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජල පිරිපහදුව සඳහා ලංකාවට ගෙන්වූ " ලයිම්" වල ක්‍රෝමියම් ප්‍රතිශතය වැඩිවීමෙන් පිළිකා ඇතුළු විවිධ රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා පාර්ලිමේන්තුවේදී අද (6)පැවසීය.
එම ලයිම් කන්ටේනර් 25ක් ලංකාවට ගෙනවිත් තිබෙන බව කී මන්ත්‍රීවරයා ශ්‍රී ලාංකික පරීක්ෂක කණ්ඩායමක් විසින් පරීක්ෂා කිරීමේදී එහි ක්‍රෝමියම් ප්‍රතිශතය වැඩි බව අනාවරණය වී තිබෙන්නේ යැයි ද පසුව පෞද්ගලික විද්‍යාගාරයකට ගොස් පරීක්ෂා කිරීමේදී ද අදාල කාරණය තහවුරු වී තිබෙන බව ද කීය.
ලංකාවේ වැඩිපුරම බීමට ගන්නේ ටැප් ජලය බව කී මන්ත්‍රීවරයා රත්මලාන, ගාල්ල සහ අඹතලේ අදාල පිරිපහදු කරන බව සඳහන් කළේය.
ජලය පිරිසිදු කිරීමේ මාර්ගෝපදේශ තිබෙන අතර ඒ සඳහා භාවිත කරන මූලද්‍රව්‍ය සහ සංඝටක වල මිලිග්‍රෑම් ප්‍රමාණ සඳහන් වෙන බව මන්ත්‍රීවරයා පැවසීය.
ජලයේ ක්‍රෝමියම් වැඩි වුවහොත් පිළිකා,වකුගඩු රෝග, අංග විකල දරු උපත් ඇතිවිය හැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
සති දෙකක් තුළ මේ අලුත් ජාවාරම පටන්ගෙන තිබෙන බව කී ඩී.වී චානක මහතා මේවා සිදුවන්නේ කාගේ වුවමනාවකටදැයි ප්‍රශ්න කළේය.
එම කන්ටේනර් වහාම නැවත ප්‍රති අපයනය කරන්නැයි ද මන්ත්‍රීවරයා කීය.
ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක රන්වල මහතා පැවසූයේ ලයිම් වල බැර ලෝහ අන්තර්ගත යැයි නැගුණු චෝදනාව බරපතල එකක් බවයි.
"ජලය පිරිසිදු කරන්නට භාවිත කරන ලයිම් ලොකු තාක්ෂණ ක්‍රියාවලියකින් හදන එකක් නෙමෙයි.ලයිම් වල ප්‍රධාන මූලාශ්‍රය වන්නේ හුණුගල්.හුණු ගල් ක්‍රම දෙකකට ගන්නවා. කොරල් පර ආශ්‍රිත හුණුගල් හා කඳු ආශ්‍රිත හුණුගල් තිබෙනවා.සාමාන්‍ය ආකාරයට උඳුන් වල මේ හුණුගල් පුළුස්සූ විට ඒවා කැල්සියම් ඔක්සයිඩ් බවට පත්වෙනවා.
කැල්සියම් ඔක්සයිඩ් වලට වතුර ගසා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් බවට පත්කර ගන්නවා. එම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ජලය පිරිසිදු කරන්නට භාවිත කරනවා.මේ හුණු ගල් වල හෝ කැල්සියම් කාබනේට් වල ස්වභාවිකව බැරලෝහ අන්තර්ගත වන්නේ නැහැ.ඒ නිෂ්පාදන ක්‍රියාවලිය තුලත් එලෙස බැර ලෝහ අන්තර්ගත වන්නේ නැහැ.
හැබැයි වෙනත් ආකාරයකට ව්‍යාජ ලෙස වෙනත් ද්‍රව්‍ය එකතු වීම තුළ මීට බැර ලෝහ එකතු වන්නට ඉඩ තිබෙනවා.එමෙන්ම ලයිම් වල බැරලෝහ චෙක් කිරීමක්ද සිදු කෙරෙන්නේ නැහැ.අයථා ක්‍රමයකින් ලයිම් ලංකාවට ගෙනෙනවාද?නැද්ද? කියා මා දන්නේ නැහැ.ලයිම් කියන්නේ අප බුලත් විට වලට කන හුණු.මේ හුණුවල බැර ලෝහ තියෙන්න විදියක් නෑ.හුණුගල් මුහුදින් ගත්තත් බැර ලෝහ එකතු වන්නේ නැහැ. කඳු වලින් කඩා ගත්තත් බැර ලෝහ එකතු වන්නේ නැහැ.ලයිම් වලට බැරලෝහ අන්තර්ගත වී ඇතැයි නැගුණු චෝදනාව බරපතල තත්ත්වයක්.ඒ සම්බන්ධව සොයා බැලිය යුතුයි.සාමාන්‍ය ලයිම් වල එහෙම අන්තර්ගත වන්නේ නැතැයි මන්ත්‍රීවරයා කීය.
කොළඹ ජාතික රෝහල ඇතුළු රට පුරා ජාතික, දිස්ත්‍රික්, මූලික සහ ප්‍රාදේශීය යන රජයේ රෝහල්වල දැඩි ඖෂධ සහ උපකරණ හිඟයක් පවතින බව වෛදවරු සහ රෝහල් කාර්ය මණ්ඩල පවසය
හදිසියේ විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා පාසල් ක්‍රීඩා සංගම් ඇතුළු පාසල් බලධාරීන් පාසල් දරුවන් යොමු කිරීමෙන් එම දරුවන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නි
නව ත්‍රිවිධ හමුදාපතිවරු ජනාධිපති කාර්යාලයේ දී අද (6) පස්වරුවේ සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුද
කොළඹ කොටුවේ ක්‍රිෂ් ගොඩනැඟිල්ලේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ජල පිරිපහදුවට ගෙනා දෙයක් ගැන ආන්දෝලන ප්‍රකාශයක්
ana Thursday, 06 February 2025 10:02 PM
අපොයි හුණු ගල් අපේ රටේ නැද්ද?