IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ජල බිල අඩු කරන තීරණය ලබන සතියේ

(අංජුල මහික වීරරත්න)

නව විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීම සම්බන්ධව අධ්‍යයනය කරමින් සිටින අතර මෙම සතිය ඇතුලත ඒ සම්බන්ධව තීරණයක් ගැනීමට හැකිවනු ඇතැයි  ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.

එසේම මාසිකව රුපියල් බිලියන 2.8ක අලාභයක් ලැබූ ජල සම්පාදන මණ්ඩලය අද වන විට රුපියල් බිලියන 6.2ක ලාභ ලබන තත්ත්වයකට පත් කර ගැනීමට හැකි වූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

විදුලි ගාස්තු අඩු කළහොත් ජල ගාස්තු ද අඩුවන බවට කලින් පොරොන්දු වී තිබුණ බවද අමාත්‍යවරයා කීය.

 



අදහස් (7)

ජල බිල අඩු කරන තීරණය ලබන සතියේ

Upul Gunaratne Wednesday, 17 July 2024 08:26 PM

ජනතාවගේ මුදල් සූරාගෙන අසීමිත ලාභ ලබන රජයේ ආයතන

:       0       0

ජයනාත් Wednesday, 17 July 2024 08:35 PM

විදුලිය අයුතු ලාභ ලබලා මහජනතාව හූරගෙන කාලා ප්‍රකෝටි ගණන් ලාබ ගත්තා . ජලයත් ඒ වගෙම තමයි . මහජනතාව ට ඔරොත්තු නොදෙන විදියට ගාස්තු වැඩි කරල දැන් ලාබ ගගන්නව කියන එක සූරගෙන කෑම මිස දක්ෂතා නෙවෙයි .

:       0       1

චතුරි Thursday, 18 July 2024 06:29 AM

දැන් මොවුන් කොහොමද ජලය විදුලිය. අඩු කරන්නෙ එකපාරටම. රටින් බාගයක් පැනලා ගිහින්ද. අසරණ දුපප්ත් මිනිස්සු හරියට මරණයට පත්වුණා. විදිලිය නැතිව වෙන ගෙදරකින් විදුලිය ගන්න ගිහින්. මුන්ට ඒවේලාවේ.ඔය දේවල් කරන්න තිබුණානේ. මුන්ගේ මේ සෙල්ලම් නතර කරන්න ඕන. ඡන්දේ තියෙනකොට විතරයි මිනිසුන්ට සහන. ඉට පස්සෙ අපාදුක් දෙන්නෙ බීරි අලියෝ වගෙ තම්ස්‍යි ඉන්නෙ මිනිස්සු ඉල්ලිම් ඉලල්ද්දි කඩුලුගෑස් ගහල එල්වනවා. හරිනම් මේ නස්කි පින්ගුත්තරයි. රැස්විම් තියන කොට කදුලු ගෑස් ගහන්න ඕන. ලෑජ්ජාවක් නැති මයික් එක ලග හිටගන. මුන්ගෙ කෙරුවාවල් කියන කොට. අනුර කුමාර. ආවාම පින්ගුත්තර. පිම්ප්ස් ල හිර ගෙදරට තමයි අරින්න ඕන. ඒ ෆ්හේ වෙන නිසා තමයි කට්ටිය බය වෙලා ඉන්නෙ. උබලව ආරාක්ෂා කරන පොලිසිය එක ෆ්හවසින් උබලගෙ ගෙවල් වලින් අයින්කරනවා

:       1       0

sam Thursday, 18 July 2024 07:30 AM

මොකද ලාභ ලබන්න බැරි තමුසෙලාත් ඕනි ඕනි හැටියට වතුර මිල වැඩි කරාම ඕනි බොරුවකට පුළුවන්නේ ලාභ පෙන්නන්න ජනතාවගේ රීරි මාංස හොරා කලා බදු ගැහැවුවාම ඕනිම ආයතනයක් ලාභ ලබනවා..

:       2       10

Jayasekara Thursday, 18 July 2024 09:06 AM

මණ්ඩලය දැන් ලාභ ලබන්නේ අපිට බිල වැඩි කරලා මිසක් මණ්ඩලයේ අනවශ්‍ය වියදම් කපා හැරලා නෙමෙයි ද?

:       2       11

JayasekaraThursday, 18 July 2024 10:05 AM

මණ්ඩලේ එකෙක් ඉන්නවා මෙතන

:       0       1

Nandipala Thursday, 18 July 2024 06:38 PM

එතකොට හිටපු ඇමතිවරයා (වාසු) ආරම්භ කර ඔහුගේ නොහැකියාව නිසා අතරමග නවතා කෝටි ගණනක් මුදල් කාබාසිනියා කරපු ව්‍යාපෘති අවසන් කිරීම ගැන අදහසක් නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 449 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 183 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 551 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 418 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 2409 4

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 2326 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37070 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24420 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 604 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site