IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ජල විදුලි සැපයුම සියයට 12 ට බසී

(යොහාන් භාසුර)

නියඟය හේතුවෙන් ජලාශවල සක්‍රීය ජල මට්ටම පහළ බැසීමෙන් මේ වන විට ජල විදුලි නිෂ්පාදනය සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් සියයට 12 ක් දක්වා පහත බැස ඇති බවත් ඉදිරි දිනවලදී සැළකිය යුතු වාර්ෂාවක් නොලැබුණ හොත් තවත් සති තුනක් පමණක් ජල විදුලිය නිෂ්පාදනය කළ හැකි බවත් ලංකා විදුලිබල මණ්ඩලය උසස් නිලධාරියෙක් අද (28) පැවසීය.
විදුලිබල මණ්ඩලය සතුව පවතින ජල විදුලි බලාගාරවල නිෂ්පාදනය සියයට 12 ක් දක්වා පහත වැටීම හේතුවෙන් තාප බාලාගාරවලින් සියයට 66 ක් සහ සූර්ය සහ සුළං බලයෙන් සියයට 11 ක් පමණ විදුලිය නිෂ්පාදනය කරන බව කී එම නිලධාරියා මෙම තත්වය හේතුවෙන් විදුලිබල මණ්ඩලයට දිනකට රුපියල් කෝටි 90 ක පමණ අමතර මුදලක් වැයකිරීමට සිදුව ඇති බව ද සඳහන් කළේය.  
පසුගිය වසරේ අගෝස්තු මස ජල විදුලියෙන් විදුලි අවශ්‍යතාවයෙන් සියයට 58 කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කළ බවත් ඉදිරි දින කීපයේදී වැසි නොලැබුණහොත් තත්වය දරුණු වන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
සියලුම ජල විදුලි බලාගාර ජලාශවල ජල මට්ටම් විශාල ලෙස පහළ ගොස් ඇති අතර අද පස්වරු වන විට සමනලවැව ජලාශයේ සියයට 0.9 ක්, උඩවලව ජලාශයේ සියයට 0.6 ක්, කාසල්රී ජලාශයේ සියයට 30 ක්, මාවුස්සාකැලේ ජලාශයේ සියයට 32 ක්, වික්ටෝරියා ජලාශයේ සියයට 26.5 ක් සහ මොරගහකන්ද ජලාශයේ සියයට 13.5 ක් දක්වා සක්‍රීය ජල ධාරිතාව පහළ බැස ඇති බවත් පසුගි 19 වැනිදා සිට මොරගහකන්ද ජලාශයේ ජල විදුලිය නිෂ්පාදනය අත්හිටුවා තිබේ.

 



අදහස් (0)

ජල විදුලි සැපයුම සියයට 12 ට බසී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිහි ඇනුමකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 14 32 0

ගල්කිස්ස , බඩෝවිට ,දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය .


බඳින තුවක්කුවට දෙදරු පියා බිලි
2024 ඔක්තෝබර් මස 14 180 0

මහකුඹුක්කඩවල කොරකහයාය ප්‍රදේශයෙ පදිංචි දෙදරු පියකු බදින කදකට හසුවි අද ( 14 ) මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.


බඩල්ගම කර්මාන්ත ශාලාවක පිපිරීමක්
2024 ඔක්තෝබර් මස 14 903 0

ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ කාබන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු වූ අද අලුයම සිදු වූ පිපිරීමකින් එහි සේවකයෝ 19 දෙනකු තුවාල ලබා එක් අයකු මියගොස් ඇතැයි පොලිසි


අතහැර දැමු තවත් රියක් නුවරඑළියෙන් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 14 1583 3

ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝවක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.


පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 1870 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 253 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 359 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 435 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1385 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site