IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ජුලි වර්ජකයනට පොලිසියෙන් හිරිහැර

වසර 32කට පසුව ද තම ප‍්‍රශ්නය නොවිසදුණු බව කියමින් ජූලි වර්ජකයන් කොළඹ  ඕල්කට් මාවතේ සිට ජනපති මැදුර දෙසට යන්නට ආ නමුත් පොලිසිය මාර්ග බාධක පනවා ගමන වැළැක්වීය. ටෙලිකොම් මූලස්ථානය අසලින් පනවා තුබු මාර්ග බාධක බිඳගෙන යන්නට ඇතැමෙක් උත්සාහ කළහ. පොලිසිය සමග ඇති වූ බහින්බස් වීමේදී පොලිසිය වර්ජකයන් එහොට මෙහාට තල්ලූ කැර දැමීය. පොලිසිය තමන්ට පහරදුන් බව වර්ජකයෝ කීහ. පහර නොදුන් බව පොලිසිය කියයි.



අදහස් (0)

ජුලි වර්ජකයනට පොලිසියෙන් හිරිහැර

සරා Thursday, 16 August 2012 08:38 AM

සමහරුන් ජූලි වර්ජකයන්ව අපහාසයට ලක් කරලා ප්‍රතිචාර දාලා තියෙනවා. ඒ වැඩේ වැරදියි. (නි)

:       0       0

සරා Thursday, 16 August 2012 08:38 AM

මට නම් ජූලි වර්ජකයින් කියන්නේ ලොකු වීරයන් පිරිසක්. (නි)

:       0       0

ටිරෝන් Wednesday, 15 August 2012 04:49 PM

දේශපාලකයන් ගැන විශ්වාසය තියන්න එපා. (නි)

:       0       0

ප්‍රභාෂ් කුලරත්න Wednesday, 15 August 2012 04:54 PM

අනේ අපොයි, ඔය මහ ඇත්තො ‍බලේට ආවෙත් ඔය වර්සකයන්ගෙ කරේ නැගලා නො‍වැ.දැන් බලාගෙන ගියාම ජේ.ආර් උන්නැහේ කරපු දේ හරිද මන්දා.නැත්නම් තමන්ගෙම අයගෙනුත් ගුටි කන්නෙ. (ස)

:       0       0

චානක Wednesday, 15 August 2012 05:22 PM

මේ අය මේ විදියට ඉන්න තරමට හොදයි. (නි)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 15 August 2012 05:34 PM

කරුණාකරලා අපේ රටට තවත් හිසරදයක් නොවී ඉන්න බලන්න. (නි)

:       0       0

රොෂාන් Thursday, 16 August 2012 09:25 AM

අයියෝ සල්ලි

:       0       0

නිරෝෂණී Wednesday, 15 August 2012 05:52 PM

පොලිසියට කාගෙන්ද කරදර නැත්තේ? (නි)

:       0       0

කවි Wednesday, 15 August 2012 06:14 PM

මම දන්න විදියට ජූලි වර්ජකයින් යනු ඉතා අසරණ පිරිසක්. බොහොමයක් දැන් ජීවතුන් අතරත් නැහැ. මොවුන්ගේ ඉල්ලීම් සාධාරණයි. (නි)

:       0       0

තිලක් Wednesday, 15 August 2012 06:19 PM

අනේ අම්මේ,තාත්තේ,ඔයගොල්ලො නේද බලයට පත් කළේ ? අපිටත් දුකයි. මොනවා කරන්නද? අපේ කරපිටින් ගිහිල්ලා රජ වුණානේ. (නි)

:       0       0

වරුණ Wednesday, 15 August 2012 06:26 PM

අයියෝ අන්කල්ලා වයසේ හැටියටද මේ හැසිරෙන්නේ? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 16 August 2012 09:52 AM

"අමිල කටුනායක 2012-08-15 22:18:37 දැන් වර්ජන කරන අයටත් හොද පාඩම්. විශේෂයෙන් විදුලිබල මණ්ඩලේ.(ත) මනුල 2012-08-16 02:38:37 ගහලාම දාන්න, හරිම වදේ. " මෙහෙවූ සත්වයින් ඉන්න රටක ඉපදීම ලැජ්ජාවකි. මානව හිමිකම් ගැන අපෙන් ප්‍රශ්න කරන්න එන රටවල් වලට ගොරවන්නේ මොවුන් වැනි අයද? කටු අනුභව කරන මේ සත්වයින්ගේ සැර දකින විට මොවුන්ගේ මස්කන හාම්පුතුන් තව හොඳයි කියා සිතේ. (නි)

:       0       0

නිරෝෂණ Wednesday, 15 August 2012 06:31 PM

මගේ තාත්ත ජුලි වර්ජකයෙක්, අවුරුදු ගානක් ඔය සංවිධානේ කෑ ගැසුවා. ඒත් අද වෙනකම් කිසිම රජයකින් නිසි පිළිතුරක්‌ ලැබුණේ නැහැ. එදා සිටම ස්වයං රැකියාවකින් අපිව ජීවත් කළා. පිළිතුරු බලා සිටියා නම් අපි මැරීච්ච තැන්වල ගසුත් නැහැ. අද මේ මිනිසුන්ගෙන් බාගයක්ම මියගිහින්,අනෙක් සියළු දෙනාම වයසට ගිහින්. තවම එයාල බලාපොරොත්තු තියාගෙන ඉන්නේ සාධාරන විසදුමක්. එදා මෙන් අදත් මේ මිනිසුන් ඔය පොලිස් පහර කෑමට ලක්වෙනවා. ඉදිරියටත් ඕකම තමා ලැබෙන විසදුම. (නි)

:       0       0

හරිත Wednesday, 15 August 2012 06:58 PM

අනේ, වයසක මිනිස්සුන්ටත් ගහනවද? (නි)

:       0       0

ලක්මාල් ඩුබායි Thursday, 16 August 2012 10:26 AM

ඔහොම කරලා මදි මේ අහිංසක මිනිස්සුන්ට...!!(නු)

:       0       0

සහන් දසනායක Thursday, 16 August 2012 10:28 AM

මේකට වගකියන්න ඕන වෙන කෙනෙක්. පොලිසියට කරන්න දෙයක් නැහැ. (නි)

:       0       0

පද්මි Thursday, 16 August 2012 10:35 AM

ඇසට කදුලක් ඉනුවා.. මගේ ස්වාමිපුරුෂයාත් මේ කෙනෙක්... නමුත් එයා ඉඩම් උගස් තියලා රට ආවා.. ඒ නිසා අද අපි වෙනත් රටක වැසියෝ වෙලා.. මගේ දරුවො අහනවා ඇයි අපේ මුල් උදුරා දමලා මෙහෙ ආවෙ කියලා.. අද මම මේ පිංතූර පෙන්නුවා.. ඒකට හේතුව..!!(නු)

:       0       0

ෂහිවා Wednesday, 15 August 2012 07:15 PM

අපේ දෙමවුපියන්ගේ වයසේ කට්ටිය නේද මේ? ඔවුන් ගැන හොයන්න බලන්න කවුරුවත් නැහැ. (නි)

:       0       0

විතාන Wednesday, 15 August 2012 07:22 PM

මේ ජූලි වර්ජකයින්‍ මේ ආණ්ඩුව ගැන ගොඩක් විශ්වාසය තබලා හ් වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. (නි)

:       0       0

ගයා Wednesday, 15 August 2012 07:23 PM

එදා ජූලි වර්ජනයට නායකත්වය දුන් නායකයන් අද කොහේද? (නි)

:       0       0

කමල් Wednesday, 15 August 2012 07:35 PM

අනේ අන්කල්, දැන් අවුරුදු 32ක්ම ගිය එකේ ඉතුරු ටිකත් ඔන්න ඔහේ යන්. (නි)

:       0       0

පාලිත අබේරත්න Thursday, 16 August 2012 11:19 AM

අවුරුදු 32ක් යනකල් බැරි උනානනම්. මේ වෙනකොට ජනාධිපතිවරු කීදෙනෙක් බිහි උනාද? එහෙනම් කවදත් මෙ වර්ජනය විසදෙන්නේ නැහැ..අත ඇරලා දාන්න.. ඔක්කොම ගෙදරට වෙලා වැඩක් බලාගන්න..!!(නු)

:       0       0

සමන් Thursday, 16 August 2012 11:16 AM

අපේ පොලිසියෙ මාමලාව ඊළඟ පාර ඔලිම්පික් යැව්වොත් ගහගන්න තරග ඔක්කොගෙම කප් ටික ලන්කාවෙ තමයි ...!!(නු)

:       0       0

ආචාර්ය වසන්ත ලියනගේ Wednesday, 15 August 2012 07:59 PM

රජයේ සේවය වෙනුවෙන් ඩහදිය කඳුළු හෙලූ මෙම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එදා කිසියම් සාධාරණ ඉල්ලීමක් දිනාගැනීම වෙනුවෙන් මහා වැඩ වර්ජනයකට සහභාගී වුණා. එවකට පැවැති රජය මෙම වර්ජනය මැඩ පැවැත්වීම සඳහා ගත් දැඩි ක්‍රියාමාර්ගය හේතුවෙන් මොවුන් රැකියා අතහැරගිය අය ලෙස සළකා ඉවත් කරනු ලැබුවා. රජය ගත් එම ක්‍රියාමාර්ගය දරුණු වැඩිවූවා මෙන්ම හයෙන් පහක බලයක් තිබූ ප්‍රබල රජයකට අභියෝග කරන විට වැඩ වර්ජනයකට මෙහා වූ කිසියම් එකඟතාවයකට ඒමට කටයුතු යොදා ගත්තේ නම් මෙම පුවත අද අසන්නට නොලැබෙනු ඇත. එදා මෙම අය වැඩ වර්ජනයට මෙහෙයවූ ඇතැම් වෘත්තීය සමිති නායකයින් පසු කළෙක දේශපාලනයට පිවිස පසු රජයන්වල මැති ඇමැති පදවි දැරුවද, තමන් සමග එදා කටයුතු කළ සටන් සගයන් කෙරෙහි යම් සාධාරණයක් ඉටු කිරීමට කටයුතු කළේ නැත. එසේ වුවද ජූලි වර්ජකයන් කෙරෙහි සාධාරණය ඉටු කිරීමට සිය දායකත්වය ලබාදුන් මැති ඇමැතින්ද නැතුවා නොවේ. ඇතැම් අවස්ථාවලදී රජයේ චක්‍රලේඛ මගින් යම් යම් සහනයන් මොවුන් වෙත ලබා දී තිබුණද, වසර 32ක් පුරාවට ඔවුන් හෙලූ සුසුම් වෙනුවෙන්ද, අසරණවූ සහ මියගිය අයගේ යැපෙන්නන් වෙනුවෙන්ද එම සහනයන් ප්‍රමාණවත් නොවන බැවින් මෙම අයගේ ඉල්ලීම් සළකා බැලීම වටී. (නි)

:       0       0

අමන්දා Wednesday, 15 August 2012 08:07 PM

අයියෝ සල්ලි

:       0       0

ඩයස් Wednesday, 15 August 2012 12:19 PM

පොලිසියෙන් කාටද හිරි හැර නැත්තේ (දී)

:       0       0

සෙනරත් Thursday, 16 August 2012 04:58 PM

මොනවා උනත් මේ අපේ අහිංසක නැති බැරි මිනිස්සු.. මේ අයට පුළුවං ජනාධිපතිතුමා මුණ ගැහිලා ඕක විසදගනන්.. මට පේන විදිහටනම් මේ ගොල්ලන්ව කවුරුහරි මේ අවස්ථාවෙ පොළඹවාගෙන වගෙයි..!!(නු)

:       0       0

බණ්ඩාර Wednesday, 15 August 2012 08:15 PM

එන්න එන්න ... එකතු වෙලා ජේ. ආර්. ට බනිමු.. අවුරුදු තිස් ගානකට පස්සෙත් මේ දවස් වල සිදුවෙන හැම වැඩකටම වගකියන්න වෙලා තියෙන්නේ එයා හදපු ව්‍යවස්තාවටයි විවෘත්ත ආර්ථිකෙටයිනේ..

:       0       0

සිසිර කුමාර Thursday, 16 August 2012 11:41 AM

මේගොල්ලන්ව මේකට ඇදලා දාපු අය අද ලොකු තැන්වල ඉන්නවා.. ඒත් මේ අය තාම දුක් විදිනවා.. ඔන්න ඕක තමයි කියන්නේ ලංකාවෙ දේශපාලනය....!!(නු)

:       0       0

සිසිර කුමාර Wednesday, 15 August 2012 12:43 PM

පෙළපාලි ගියයි කියලා දැන් හැමදේම විසදෙයිද? (නි)

:       0       0

මනෝජ් ඩුබායි Wednesday, 15 August 2012 08:36 PM

දැන් මොන පෙළපාලිද? පිනක් දහමක් කරගෙන ඉන්න සීයේ. (ත)

:       0       0

ෂරීෆ් Wednesday, 15 August 2012 08:51 PM

මට නම් පේන්නේ පොලිස් නිළධාරීන්ගේ හිරිහැරිය වගේ (අ)

:       0       0

වාස දිසා Thursday, 16 August 2012 12:11 PM

ලංකාවේ දේශපාලකයන් ගැ විශ්වාසයක් නොතබමු.. (නු)

:       0       0

දයා-සවුදි Wednesday, 15 August 2012 01:05 PM

ගහෙන් වැටිලා අත පය ඔක්කොම කැඩිලා ඉන්න මිනිහෙකුට ගොනා ඇන්නාටත් වැඩිය අන්තයි නේද? (නි)

:       0       0

දීපාල් පීරිස් Wednesday, 15 August 2012 09:57 PM

මේ අය වෙනුවට සේවයට බදවා ගත්ත අයත් මේ වෙනකොට විශ්‍රාම අරගන්නවා ඇති. (ත)

:       0       0

අමිල කටුනායක Wednesday, 15 August 2012 10:18 PM

දැන් වර්ජන කරන අයටත් හොද පාඩම්. විශේෂයෙන් විදුලිබල මණ්ඩලේ.(ත)

:       0       0

නිමල් Wednesday, 15 August 2012 01:26 PM

වසර 32ක් ගතවෙලත් මේ මිනිසුන් තාමත් එහෙමමයි. (නි)

:       0       0

චන්දන Wednesday, 15 August 2012 01:35 PM

ඕකටත් අපේ අහවල් ඇමතිතුමාට අත දාන්න කියන්නකො.කොහොම හරි විසදුමක් දේවි. (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 15 August 2012 01:51 PM

අවුරුදු 32 නම් ගොඩක් කට්ටිය මැරිලත් ඇති‍‍...(ස)

:       0       0

මනෝජ් Wednesday, 15 August 2012 11:35 PM

විදුලි බල මණ්ඩලේ අයත් ගෙදර යවයිද? (නි)

:       0       0

සමන්ත Wednesday, 15 August 2012 11:42 PM

පොලිසියෙ මහත්වරුන්ටත් හිනා මෙයාලගේ වැඩ දැකලා. (නි)

:       0       0

ජගත් Wednesday, 15 August 2012 11:46 PM

මේ පෙරහැර නිසා අද කොළඹ පාරවල් ඔක්කොම අවහිර වුණා. අද සමහර ළමයින්ට උ.පෙළත් තිබුණා. (නි)

:       0       0

මොහොමඩ් අලි Thursday, 16 August 2012 01:01 PM

වර්ජනය කරලා රුකියාව අහිමි කරගත්තාම ආණ්ඩුව වග කියන්න ඕනද? දණගස්සලා තියන්න තිබුණෙ..!!(නු)

:       0       0

ලලිත් Wednesday, 15 August 2012 11:55 PM

'මහ මගේ මගීන්ට හිරිහැරයක් වූ ජුලි වර්ජකයනට පොලිසියෙන් හිරිහැර' කියලා දැම්මා නම් තමයි හොද. (නි)

:       0       0

මනුල Thursday, 16 August 2012 02:38 AM

ගහලාම දාන්න, හරිම වදේ. (නි)

:       0       0

නසීර් Thursday, 16 August 2012 05:16 AM

හොද වැඩේ. (නි)

:       0       0

පරාක්‍රම Monday, 27 August 2012 05:11 PM

මේ ජූලි වර්ජකයින් කියන්නේ 80 කිසියම් ඉල්ලිමකට අරගලයක නිරත වුණු, එහෙත් ඒ අරගලය නිසා සේවයෙන් පහ කරපු අසරණ කොට්ටාශයක්.මේ අයගේ හිගයට ඒ කාලේ උ.පෙළ සමත් වුණ අයගෙන් පුරප්පාඩු පුරවනු ලැබුවා. කෙසේ වෙතත් මේ අවධානය යොමු විය යුතු අහිංසක මිනිසුන් කොට්ඨාශයකි. රජය විසින් මේ අයගේ අර්ථසාධක මුදලවත් අඩුම තරමේ ලබා දිය යුතු නොවේද? (නි)

:       0       0

කරුණාරත්න Thursday, 16 August 2012 07:25 AM

ඕකනේ කරන්න බැරි

:       0       0

රංජිත් Wednesday, 15 August 2012 03:58 PM

පහුවදාම සල්ලි ටිකක් හොයාගෙන ගෙදරම පොඩියට කඩයක් දාගත්තානම් අද පෙළපාලි යන්න වෙන්නේ නෑ. තව වසර 32කට පසුවත් ඔය ටිකමයි! (ත)

:       0       0

සමන් Wednesday, 15 August 2012 04:00 PM

නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. ඒ නිසා කලු ගලේ ඔලුව ගහගන්නේ නැතුව ඉන්න. (නි)

:       0       0

වරුණ Thursday, 16 August 2012 07:48 AM

අහංසකයන්ට චණ්ඩිකම් පෙන්වන එකේ වරෙන්තු පහක් හයක් තියෙන අර හොරු ටික ඇල්ලුවා නම් හරිනේ. (නි)

:       0       0

රත්නායක Thursday, 16 August 2012 07:22 PM

අනේ පිස්සු පොලිස්. නිල ඇදුම ගැළෙවුවහම නිකන් අර කවුද වගේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 110 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5450 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1175 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 355 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2121 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2057 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40052 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site