IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘ජල සම්පාදනේ ප්‍රසාද දීමනා දියවෙලාලු‘

වසර අවසානයේ තමන්ට හිමිවිය යුතු රුපියල් 37,300 ක ප්‍රසාද දීමනාව රුපියල් 25,000 දක්වා අඩු කිරීමට විරෝධය පාමින් අද (28) ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ සේවක පිරිස වැඩවර්ජනය කළ අතර ඔවුහු රත්මලාන ප්‍රධාන ශාඛාව ඉදිරිපිට උද්ඝෝෂණයක ද යෙදුණහ.

එම ශාඛාව ඉදිරිපිට කළු කොඩිවලින් ද සරසා තිබිණි.

වැඩ වර්ජනය සඳහා වෘත්තීය සමිති රැසක් සහභාගීවූ අතර තමනට ප්‍රසාද දීමනාව නිසි පරිදි නොලැබෙන්නේ නම් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බවද ඔවුහු පැවසූහ.



අදහස් (0)

‘ජල සම්පාදනේ ප්‍රසාද දීමනා දියවෙලාලු‘

ලක්මාල් Tuesday, 29 December 2015 03:18 AM

පාඩු ලබන ආයතනවල බෝනස් ගෙවන්නේ කොහොමද? මෙහෙම කළාම මේවා කඩාගෙන වැටෙනවා. (බ)

:       0       0

යසස් Monday, 28 December 2015 01:06 PM

අපි වැඩ කරන්නේ මැද පෙරදිග. අපිට ලබන අවුරුද්දට බෝනස් නැ. අපි උද්ඝෝෂණ කලා නම් රස්සාවත් නැතුව ගෙදර එන්න වෙනවා. රට විතරක් නෙවෙයි ලංකාවේ පෞද්ගලික අංශයේ බෝනස් දෙන්නේ නැ කිවුවොත් උද්ඝෝෂණ කලොත් ගෙදර යන්න වෙන්නේ. මෙහෙම වැඩ කලොත් රටක් ඉදිරියට යන්නේ නැ. (ර)

:       0       0

උපාලි Tuesday, 29 December 2015 05:06 AM

බෝනස් ඉල්ලන්න ආයතනය ලබා ලබන තත්වයට පත් කරන්න ඕන. හොඳ සේවයක් ලබා දෙන්න ඕන. එහෙම වෙනවද. සේවකයින් තමන්ගේ යුතුකම් හරියට කරනවද. මගේ ගෙදරට නම් දැන් අවුරුදු ගණනාවක් තිස්සෙම අපිරිසිදු මඩ වතුර තමයි එන්නේ. අපි ඒවා පාවිච්චි කරන්නේ ගස් වල වලට දාන්න විතරයි. (බ)

:       0       0

දහම් Monday, 28 December 2015 01:47 PM

යසස්, මේ මැද පෙරදිග නෙමෙයි. මැද පෙරදිග නීති ගැන කවුරුත් දන්නවා. සේවකයන්ට තිබුණු අයිතිවාසිකම් නැති කරන එක වැරදියි. ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ දීමනා කපන්නේ නැහැ. දැන් යෝජනා කරලා තියෙන්නේ තව වැඩි කරන්න. (අ)

:       0       0

සරත් Monday, 28 December 2015 02:49 PM

පාඩු ලබන ආයතන වල බෝනස් දෙන්නේ ලංකාවේ විතරයි. තමන් වැඩ කරන තැන ලාභ ලබන තැනක් කරලා ඉන්න ඕනෑ නේද බෝනස් ඉල්ලන්න කලින් (නි)

:       0       0

රජිත් Monday, 28 December 2015 02:52 PM

කොහෙද බෝනස් එක මෙච්ච්රයි කියලා තියෙන්නේ. ගිය අවුරුද්දේ දුන් ගාන මේ අවුරුද්දේ මොකටද? රුපියල් 10000 මාසෙකට වැඩිකළ එක මතක නැද්ද තව බෝනසුත් ඉල්ලන්නේ? (නි)

:       0       0

පරාක්‍රම Monday, 28 December 2015 03:23 PM

ප්‍රසාද දීමනා කියන්නේ යම් ආයතනයක කාර්ය මණ්ඩලයේ කාර්යක්ෂමතාව හා එය හේතුකොටගෙන ලාභ ඉපදවීම නිසා ප්‍රසාදය පළකිරීම සඳහා ඔවුනට පිරිනැමෙන දීමනාවක්ද නැතිනම් පාඩු ලැබුවත් නැතත් පිරිනැමිය යුතු එකක්ද නැතිනම් යම් කණ්ඩායමක සැඟවුන අරමුණකින් කැරෙන උසිගැන්වීම මත බලහත්කාරයෙන් ලබාගන්නා "කොල්ලකැමක්ද" කියන එක ගැන මේ අය කිසි දෙයක් දන්නේ නැතිකම ප්‍රදර්ශනය කිරීමක්. (බ)

:       0       0

දම්මි Tuesday, 29 December 2015 08:00 AM

මෙම ආයතනය රජයේ වැටුප් වැඩිවීම් වලට අදාල නොවන ව්‍යස්ථාපිත මණ්ඩල ගනයේ ආයතන, කවුරුත් දොස් කියන්නේ ජල සම්පාදන සේවකයන්ට නමුත් දේශපාලුවන්ට ඕන විදියට නව බදවා ගැනීම් කරලා නුපුහුණු දේශපාලන හෙන්චයියන්ට රැකියාවල් දෙනකොට පාඩු ලබන ආයතන තවත් පාඩු ලබනවා මිසක් ලාබ ලැබෙන්නේ නෑ.මේ වගේ අත්‍යවශ්‍ය සේවා ආයතන දේශපාලුවන්ගේ ගණිකා මඩම් නොකර ස්වාධීන ආයතන කළ යුතුය.(බ)

:       0       0

යසරත්න Monday, 28 December 2015 06:12 PM

පුද්ගලික අංශයේ අපිට ඔය මොකුත් නැහැනේ... (නි)

:       0       0

රසිකා Monday, 28 December 2015 06:17 PM

පාඩු විඳින ආයතනයක සේවකයන්ට මහජන මුදලින් බෝනසුත් දෙන්න ඕනෑද? එහෙනම් පුද්ගලික ආයතනවල සේවකයන්ටත් කියමු රජයෙන් බෝනස් ඉල්ලන්න කියලා (නි)

:       0       0

සමන්ති Tuesday, 29 December 2015 02:40 PM

දම්මි, ඔබ නොදන්නවාට මේ අයටත් පඩි වැඩිවෙනවා කියලයි මම නම් හිතන්නේ (නි)

:       0       0

නොයෙල් Monday, 28 December 2015 06:25 PM

රජයේ රැකියා කරන අයට බෝනස් / විශ්‍රාම වැටුප් /කාර් පර්මිට් ... වැඩක් කරගන්න ගියොත් අපිට රස්තියාදුව. අපි ගෙවන බදු වලින් රජයේ සේවකයාට සැප. මේ සියල්ල නවත්වන්න ඕනෑ (නි)

:       0       0

යසස් Saturday, 02 January 2016 08:09 AM

දහම් බෝනස් කියන එක මෙච්චරයි කියල කොහෙවත් සඳහන් වෙන්නේ නෑ. මැද පෙරදිග වෙන්න ඕන නෑ ලංකාවේ පුද්ගලික අංශයේත් බෝනුස් දුන්නේ නැත්තම් උද්ඝෝෂණ කලොත් ගෙදර තමයි. අනික බෝනස් ඉල්ලන්න කලින් තමන් හරියට වැඩ කරලා තියෙනවද කියල කල්පනා කරන්න කියන්න.(කෞ)

:       0       0

නිවන්තක Tuesday, 29 December 2015 01:44 AM

බෝනස් දෙනවා කියලා පොරොන්දු පත්‍රයක් දීලා නැහැනේ (නි)

:       0       0

ජයාත් Tuesday, 29 December 2015 01:49 AM

රාජ්‍ය අංශයේ ඉන්න සමහර කම්මැලියන්ට නම් බෝනස් නෙමෙයි දෙන්න ඕනෑ, මඩු වලිගයකින් තළන්නයි වටින්නේ. වැඩක් කරවගන්න ගියාම අත්දකින දේවල් කවුරුත් දන්නවානේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් වෙති
2024 සැප්තැම්බර් මස 24 57 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 358 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2451 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2067 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1529 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8419 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34512 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24006 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 217 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site