IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ජීවිතාන්තය තෙක් සිර දඩුවම් නියම වු අයෙක් නිදොස් කොට නිදහස්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

හෙරොයින් ග්‍රෑම් 9.64 ක් සිය සන්තකයේ තබා ගැනීම සහ වෙළදාම කිරීමේ චෝදනාවන්ට වරදකරුකර  කොළඹ මහාධිකරණය මගින් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියමවී වසර 2කට ආසන්න කාලයක් සිර දඩුවම් ලබමින් සිටි චූදිතයෙකු නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය නියෝග කරන ලැබ ඇත.

අධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ මේ සිද්ධිය පිළිබදව ප්‍රධාන සාක්කිකරුවන් වන මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ගේ සාක්කි පිළිබද විශ්වසනීයත්වයක් තැබිය නොහැකි බව අධිකරණය තීන්දු කරමිනි. මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ

තමා පැනවූ සිර දඩුවමට එරෙහිව කොළඹ 14 , පදිංචි  අසංක ප්‍රනාන්දු හෙවත් සංජීව නැමැති චූදිතයෙකු ගොනු කර තිබූ අභියාචන පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශය පත් කෙරිණි.

එම තීන්දුවේ මෙසේද සදහන් වේ.

හෙරොයින් ග්‍රෑම් 9.64 ක් සන්තකයේ තබා ගැනීමේ හා වෙළදාම් කිරීමේ චෝදනාවන්ට කොළඹ මහාධිකරණය මගින් වරදකරුවන් කොට පෙත්සම්කාර චූදිතට නියෝග කර තිබිණි.එම තීන්දුවෙන් අගතියට පත් පෙත්සම්කාර චූදිත විසින් මෙම අභියාචන පෙත්සම අධිකරණය හමුවේ ගොනු කරන ලදී.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී පැමිණිල්ලේ ප්‍රධාන සාක්කිකරුවන් සාක්කි අනුව 2013 අප්‍රේල් 25 වැනි දින පෙත්සම්කාර චූදිතයා මහවත්ත ඔර්ලෝසු කණුව අසලදී පෙත්සම්කාර චූදිත අත්අඩංගුවට ගත් බව අධිකරණය හමුවේ සාක්කි දී ඇත.

එහෙත් පැමිණිල්ලේ තවත් සාක්කිකරුවෙක් කියා සිටිනුයේ පෙත්සම්කාර චූදිතයා එඩේරමුල්ල ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බවය.විත්තියේ ප්‍රධාන තර්කය වූයේ පැමිණිල්ලේ සාක්කිකරුවන් ගේ විශ්වසනීයත්වයක් නැති බවය.

පෙත්සම්කාර චූදිතයා විත්ති කූඩවේ සිට කළ ප්‍රකාශකයෙන් කියැවූයේ ඔහු උදෑසන අත්අඩංගුවට ගෙන පොලීසිය ඔහුව විවිධ ස්ථාන වලට රැගෙන ගොස් පහර දුන් බවය.

මේ අනුව ඉදිරිපත් වූ සාක්කි අනුව පෙනී යන්නේ මෙම මෙහෙයුමට සහභාගී වූයේ ප්‍රධාන පොලිස් නිලධාරීන් ගේ සාක්ෂි වල විශ්වසනීයත්වය පිළිබද ගැටලු සහගත තත්ත්වයක් ඇති බවය.

ඒ අනුව පෙත්සම්කාර චූදිතගේ අභියාචන පෙත්සමට අවසර දෙමින් ඔහුව නිදොස් කොට නිදහස් කරන බවද තීන්දුවේ සදහන් වේ.

පෙත්සම්කාර චූදිත වෙනුවෙන් නීතීඥ නිරංජන් ජයසිංහ මහතා පෙනී සිටියේය.

නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඒ.නවාවි මහතා පෙනි සිටියේය.



අදහස් (8)

ජීවිතාන්තය තෙක් සිර දඩුවම් නියම වු අයෙක් නිදොස් කොට නිදහස්

Nuwan Monday, 27 September 2021 02:39 PM

ගොඩක් වෙලාවට වෙන්නේ පොලීසිය එක්ක කටගහගෙන යන අයව මත්ද්‍රව්‍ය තිබුණා කියලා හිරේ යවන්න වැඩ සලස්වන එක.

:       0       15

sujith Monday, 27 September 2021 02:40 PM

අපේ තාත්තා නිතර කියන දෙයක් තමයි ලයිෂන් තියෙන අපරාධකාරයිනුත් පොලිසියේ ඉන්නවා කියලා

:       0       20

BamunuarachchiTuesday, 28 September 2021 11:50 AM

ඇයි පුතේ තාත්ත කිවීවේ නැද්ද අලුගොසුවටත් මිනී මරන්න ලයිෂන් තියනවා කියලා?

:       0       0

ගමේ එකාලා Monday, 27 September 2021 03:27 PM

නියමයි. බිස්නස් එකත් ඉස්සරහට බය නැතුව කරගෙන යන්ඩ හැකිවේවා ! අනේ වාසනාවන්?

:       10       2

fairoos Monday, 27 September 2021 04:07 PM

මෙහෙමනේ ආණ්ඩු මාරුවෙනකොට නඩු තීන්දු වෙනස් වෙනවා

:       6       3

BamunuarachchiTuesday, 28 September 2021 11:46 AM

ගොබ්බ කතා නොකියා නඩු තීන්දුව වෙනස් වීමට දුන් හේතු කියවන්න.

:       0       0

Royfedricks Monday, 27 September 2021 04:24 PM

හරිම සාදරනයි.අර කුඩු දුමියට වගෙ ආන්ඩුවේ ලොකු තනතුරක් නම් ලැබෙන එකක් නැහැ. මොකද මේ මනුස්සයා අහින්සකයෙක්නේ..

:       2       13

rocky Monday, 27 September 2021 06:48 PM

ලබන සැරේ ඡන්දෙදී පොහොට්ටුවෙන් නාම යෝජනා දෙමු නේද? 

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 117 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 216 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 2233 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 411 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 1773 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 400 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 287 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1714 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site