IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ජීවිතයෙන් සමුගත් වම් ඉවුරේ පත්තරකාරයා : දුෂ්‍යන්ත සමරසේන

තවත් මාධ්‍ය මිතුරෙකු ජුනි 30වැනිදා ජීවිතයෙන් සමුගත්තේය. ඒ ලංකාදීප පුවත්පතේ සහකාර ප්‍රවෘත්ති කර්තෘ දුෂ්‍යන්ත සමරසේනය. මාතර තලල්ලේදී 1955 ඔක්තෝබර් 7වැනිදා උපන් දුෂ්‍යන්ත සමඟ ලියුම්කරුගේ ඇසුර ඇරඹුණේ 1984දී පමණය. එකල ඔහු හරය පුවත්පතේ ලේඛකයෙකුවූ අතර මා දිවයින කර්තෘ මාණ්ඩලිකයෙකු විය. ගලා බසින ජල දහරාවක් සේ වම් ඉවුරේ පුවත්පත් කලාවේදියෙකු ලෙස මතුව ආ දුෂ්‍යන්ත කාන්තාරයේ එන පවනක් සේ දැන් පිටව ගොස් ඇත.

දුෂ්‍යන්ත අධ්‍යාපනය ලැබුවේ ගාල්ලේ මහින්ද විදුහලෙනි. කැලණි සරසවියේ ජනමාධ්‍ය ඩිප්ලෝමාධාරියෙකුවූ ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ සේවක අධ්‍යාපන උපාධි පාඨමාලාවේ උපාධිධාරියෙකි.දෙදරු පියෙකුවූ දුෂ්‍යන්තගේ දියණියන් වූයේ සෙනුරි සහ ගිම්හානිය. බිරිඳ මානෙල් කලකට පෙර ජීවිතයෙන් සමුගත්දා පන්නිපිටිය මාකුඹුරේ නිවසේදී දුෂ්‍යන්ත හමුවිය. වෙනදා යෞවනත්වයෙන් පිරුණු සුන්දරත්වයෙන් බැබලුණු දුෂ්‍යන්තගේ මුහුණ එදා දක්නට ලැබුණේ ශෝකානුකූලව කාලවර්ණ වී ගොසිනි. දුෂ්‍යන්ත අවසන්වරටලියුම්කරුට හමුවූයේ ඉකුත් ජුනි මස මුල් සතියේ මාදිවෙල නිවසේදී ඔහුගේ සුවදුක් බැලීමට ගිය අවස්ථාවේදීය. ජේෂ්ඨ මාධ්‍යවේදීන්වූ එල්මෝ ප්‍රනාන්දු සහ එස්. පියසේනගේ සැපදුක් බලා එන අතරමඟ ඔහු සිටි නිවසටද ගොඩවැදිණි. දුෂ්‍යන්තගේ බිරිඳගේ ඥාතින් ඔහුගේ සියළු සැපදුක් අවසන් මොහොත දක්වා නොපිරිහෙලා ඉටු කළහ. දුෂ්‍යන්තගේ බිරිඳගේ සොහොයුරෙක් මාගේ පාසැල් මිතුරෙකුද විය.

දුෂ්‍යන්ත වමේ ව්‍යාපාරයට එක්වූයේ සිය ඥාති මාමාවූ ලංකා සමසමාජ පක්ෂයේ වෘත්තීය සමිති නායක හේ.ආ විල්බට් පෙරේරා මගිනි. ලංකා සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරිකයෙකුවූ දුෂ්‍යන්ත එම පක්ෂයේ කාර්යාල සේවක සංගමයේ ප්‍රධාන ලේකම් විය. එහි සභාපති වූයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අබේසේකරය. රටපුරා එහි සාමාජිකයින් 15,000කට ආසන්න පිරිසක් විසිරී සිටියේය. සමසමාජ වාම ප්‍රවණතාවයේ ක්‍රියාකාරීහු ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ නායකත්වයෙන් සමසමාජයෙන් ඉවත්ව 1976 වෙනම කණ්ඩායමක් වශයෙන් සිට වාසුදේව නානායක්කාරගේ වමේ ප්‍රවණතාවය සමඟ එක්වී 1977 වැල්ලවත්ත සරස්වතී ශාලාවේදී සමසමාජ නව නායකත්වය ලෙස නම් කරන ලදී. එය නව සමසමාජ පක්ෂය ලෙස 1979 නම් කෙරුණු විට මාමාවූ හේ.ආ විල්බට් සමගින්දුෂ්‍යන්තද නව සමසමාජ පක්ෂයේ සමාරම්භක සාමාජිකයෙකු විය. කාර්යාල සේවක සංගමයේ බලය ඔහු ඇතුළු පිරිස නව සමසමාජයට ගොනු කළේය.එතැන් පටන් නසසප දේශපාලන ඉලක්කය වූ ජන අරගලය මගින් බලය අල්ලා ගැනීමේ සටනේ ඔහු ක්‍රියාකාරිකයෙකු විය.

අසූවේ ජුලි වැඩ වර්ජනයට පෙර මසකට රුපියල් 300කින් වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා 1980 ජුලි 5වැනිදා කෑම පැයේ ජාතික විරෝධතා ව්‍යාපාරයක් රටපුරා පැවැත්වූ අතර එයට ලක්ෂ 4කට ආසන්න සේවක පිරිසක් එක්ව සිටියහ. මෙහිදී කොළඹ චිත්තම්පලම් ගාඩිනර් මාවතේ රජයේ සැපයුම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට (මහජන බැංකුවේ මුලස්ථානය අසළ) විරෝධතාවේ නිරතවූ වාසුදේව නානායක්කාර, ගලගෙදර, විජය වීරසේකර, රංජිත් වීරසිංහ, රත්නායක, යක්කල පද්මසිරි, සවනදාස, අබේසේකර ඇතුළු පිරිස අසලටඅගලවත්ත එජාප මන්ත්‍රී මෙරිල් කාරියවසම් ප්‍රමුඛ මැර පිරිසක් පැමිණ ආණ්ඩුවට සහයෝගිතා පිකටින් ව්‍යාපාරයක් පවත්වන ලදී. දුෂ්‍යන්ත එකල නාරහේන්පිට කම්කරු දෙපාර්තමේන්තුවේ සේවය කල අතර කාර්යාල සේවක සංගමයේ ප්‍රධාන ලේකම්ද විය. අගලවත්ත මන්ත්‍රී මෙරිල් සහ දුෂ්‍යන්ත අතර මුහුණට මුහුණලා වාද විවාදයක්ද ඇතිවිය. ලේක්හවුස් දෙසින් පැමිණි ජාතික සේවක සංගමයේ පිරිස් ගල්මුල් වලින් පහරදී බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් පොදු සේවක වෘත්තීය සමිති ශාඛාවේ නාරාහේන්පිට පදිංචි දෙදරු පියෙකුවූ දෙද්දුවගේ සෝමපාල මරුමුවට පත්විය. පසුව ඇතිවූ සිද්ධි මාලාවකින් පසු 1980 ජුලි මහා වැඩ වර්ජනය 1980 ජුලි 15 වැනිදා ආරම්භ විය. ලක්ෂ 2කට ආසන්න පිරිසක් මුල් වටයේදී වර්ජනයට එක්වී සිටි අතර ජුලි 24වැනිදා වන විට සේවයට වාර්තා නොකර වර්ජනයේ යෙදී සිටි 40,356කගේ රැකියා අහිමිවිය. දුෂ්‍යන්තද ජුලි වර්ජනයේ පුමුඛ ක්‍රියාකාරිකයෙක් ලෙස රැකියාව අහිමිවූ එම පිරිස අතර විය.

ජුලි වර්ජනයෙන් රැකියා අහිමිවූ ජී.ඩී. ජෙරාඩ්, ජී.වී.ඩී තිලකසිරි, සවනදාස, දුෂ්‍යන්ත සමරසේන ඇතුළු 42 නව සමසමාජ පක්ෂයේ පූර්ණකාලිනයින් බවට පත්විය. ජුලි වර්ජකයින් ගෙන ගිය උද්ඝෝෂනයේ එක් ප්‍රතිඵලයක් වශයෙන් 1990දී ප්‍රේමදාස ආණ්ඩුව දුන් සහන යටතේ අනිවාර්ය විශ්‍රාම යැවූ වර්ජකයින් දහස් ගණනක් අතර දුෂ්‍යන්තද විය. දුෂ්‍යන්ත නවසමසමාජයේ හරය පුවත්පතේ ලේඛකයෙකු බවට පත්වෙමින් මාධ්‍යකරණයට පිවිසියේය. එකල හරය පුවත්පතේ නයනානන්ද, චන්දන කීර්ති, මංගල විජේසිංහ, කොත්තිගොඩ, රනත්, දුෂ්‍යන්ත ඇතුළු පිරිස සමඟ මසකට වරක් දෙවරක් බඹරුන් විසින් වටකරගත් මල්පොකුරු මෙන් මිත්‍ර සමාගමේ සංවාද කළෙමු. පසුව ඉරිදා ලංකාදීපයේ නිදහස් මාධ්‍යවේදියෙකුවූ දුෂ්‍යන්ත දිනපතා ලංකාදීප ආරම්භයේදී එහි සමාරම්භක කර්තෘ මාණ්ඩලිකයෙකු විය.

ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමයේ වරෙක ප්‍රධාන ලේකම්වූයේද ඔහුය. මාධ්‍යකරණට පිවිසි තරුණ පුවත්පත් කලාවේදින්ට නිර්ලෝභීව අතදුන් ජේෂ්ඨ මාධ්‍යවේදින් අතර ඔහුද විය. අතිවාම ප්‍රවණතාවන් බැහැර කරමින් අනූව දශකයේදී නව සමසමාජයෙන් වෙන්වූ දුෂ්‍යන්ත විසින් වාසුදේව නානායක්කාර සමඟ සමීප සබදතාවයක් පවත්වාගෙන ගියද දේශපාලනයේදී එක්ව කටයුතු කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද රාජපක්ෂ ඇතුළු ප්‍රගතිශීලි කඳවුර සමඟය. ඔහුගේ මාමාවූ විල්බට් නසසප අභ්‍යන්තර ලේකම් කමින් ඉවත්ව යළි කොමියුනිස්ට් පක්ෂයට ගියද දුෂ්‍යන්ත මියයන විටද ලංකා සමසමාජ පක්ෂයේ කෝට්ටේ ශාඛාවේ සාමාජිකයෙකු විය. ජේෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු වශයෙන් මියයන තෙක්ම ලංකාදීප පුවත්පතේ සේවය කල ඔහු වැඩකරන ජනතාවගේ විමුක්තිය සහ ජනතා බලවේගයන් වෙනුවෙන් සිය පන්හිද අවිය කරගත් වම් ඉවුරේ පුවත්පත් කලාවේදියෙකු ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

ජේෂ්ඨ පුවත්පත් කලාවේදී දුෂ්‍යන්ත සමරසේනගේ(61) අවසන් කටයුතු ජුලි 3 ඉරිදා බැද්දගාන පොදු සුසාන භූමියේදී පස්වරුවේදී සිදුකරනු අතර දේහය තැන්පත් කර ඇත්තේ කෝට්ටේ මාදිවෙල ඔබහේන පාරේ අංක 15 දරණ නිවසේය.

-ධර්මන් වික්‍රමරත්න-

01 02



අදහස් (0)

ජීවිතයෙන් සමුගත් වම් ඉවුරේ පත්තරකාරයා : දුෂ්‍යන්ත සමරසේන

මංගල වේලාරත්න Sunday, 03 July 2016 01:16 AM

නව සමසමාජයේ සිටි මගේ මිතුරා හොඳ අදහස් තිබු සටන්කාමියෙකි. (නි)

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 230 0

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


පුංචි ඡන්දෙට එජාපය අලියා පිටින් එයි
2024 ඔක්තෝබර් මස 04 847 2

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.


ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 662 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 352 1

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 2639 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 983 4

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38895 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25515 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1021 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 364 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site