IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ජවිපෙට ක්‍රීඩා ඇමැති හමුවෙන්න ඕනෑලු

ක්‍රීඩා ක්ෂේත්‍රයේ මතුවී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට කඩිනමින් දිනයක් සහ වේලාවක් ලබාදෙන්නැයි ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාට ලිපියක් යොමු කර ඇත.

ආණ්ඩු බලය මාරුවීමත් සමඟ වංචා දූෂණවලට අදාළ ලිපි ලේඛන ආයතනවලින් හොර රහසේ ඉවත් කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දුන් බවත් ක්‍රිකට් ආයතනය ඇතුළු ක්‍රීඩා ක්ෂේත්‍රයේ දූෂණ වංචා සම්බන්ධයෙන් තමන් සතුව ඇති ලිපි ලේඛන එම සාකච්ඡාවේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බවත් ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ලිපියේ සඳහන් කරයි.



අදහස් (0)

ජවිපෙට ක්‍රීඩා ඇමැති හමුවෙන්න ඕනෑලු

බණ්ඩාර Thursday, 29 January 2015 04:05 AM

88-89 කාලවල වුණ ඒවත් හොයමු. මේවත් හොයමු. එහෙම හොඳයි නේද? ආයේ ඉතින් පහුගිය ආණ්ඩුවේ ඒවා විතරක් හොඳ නැහැනේ නේද? (නි)

:       0       0

යසිරු Thursday, 29 January 2015 04:08 AM

ඔය එක්කම අපේ අසහාය ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් සමහරෙකුට සද්දය දැමූ අය කවුදැයි කියලාත් රටට හෙළිකරන්න. දඬුවම් දෙන්න නෙමෙයි, රටේ මිනිස්සු දැනගන්න ඕනෑ තරඟය ඔන්න මෙන්න තිබියදී අපේ ක්‍රීඩකයන්ගේ මානසිකත්වය වැට්ටූ කට්ටිය කවුද කියලා. ඒ මිනිස්සු විශ්‍රාම යනතුරු ඉන්න එපා. යන්න කලින් ඒ අයට අසාධාරණයක්, හිත්රිදීමක් වෙලා තිබේ නම් ඒකට සාධාරණයක් ඉටුකරන්න. (නි)

:       0       0

සරත් ගමගේ Thursday, 29 January 2015 06:01 PM

රටේ ජනතාවගේ මුදල් විනාස නැති කිරීමට දරන උත්සාහය අනෙක් පැත්තට දකින ලින් මැඩියෝ සමාජයේ ඉන්නවා (දිල්)

:       0       0

චන්දරේ Thursday, 29 January 2015 05:23 AM

ඕක පත්තරේට කියන්න කළින් ඇමැතිතුමාට කිව්වා නම් හරිනේ. ඔක්කොම මධ්‍ය සංදර්ශන වගේ.(දිල්)

:       0       0

ජයසේකර Thursday, 29 January 2015 06:01 AM

බණ්ඩාර ඔබ හරි.මේ 2005 පස්සේ වුණ දේවල් විතරද රටේ දුෂණය, නාස්තිය..ඊට කලින් එහෙම වෙලා නැද්ද ලංකාවේ. (දිල්)

:       0       0

නජිත් Thursday, 29 January 2015 06:36 AM

මේක ඉතින් මාධ්‍ය වලට කියා කියා ඉන්න ඕනි නැහැනේ. ඔයාලා ගාව ෆයිල් තියනවා කියලා ඒ කාලේ ඇතිවෙනකල් කිව්වනේ.දැන් බලය තියන නිසා හරියට දෙයක් කරලා ඊට පස්සේ අපට කියන්න.දැන් මේවා අහලම ඇතිවෙලා (දිල්)

:       0       0

දුමින්ද Thursday, 29 January 2015 07:28 AM

මාධ්‍ය තුල ඕවා කතා කරනවට වඩා හොඳ ක්‍රමවේද නැද්ද.? (ර)

:       0       0

ගිෂාන් Thursday, 29 January 2015 07:39 AM

ඔය කොයි කාලේකවත් පුතාලට සෙල්ලක්කාර විදියට වගකීමක් නැති ජිවිත ගත කරන්න ඉඩ දුන්න තාත්තලා හිටියේ නැහැ. (දිල්)

:       0       0

ෂෙහාන් Thursday, 29 January 2015 07:39 AM

කලබල වෙන්න එපා මේ වගේ දේවල් කරද්දී (දිල්)

:       0       0

උදාර Thursday, 29 January 2015 08:02 AM

දැන් ඔය මාධ්‍ය සංදර්ශන මැතිවරණයට කලින් කාලයේ තිබුනේ නැද්ද ? (හේ)

:       0       0

ඉනෝකා Wednesday, 28 January 2015 05:53 PM

පසුගිය සමයේ ක්‍රීඩා ක්ෂේත්‍රය බොහෝදුරට පිරිහුණා (නි)

:       0       0

රොහාන් Wednesday, 28 January 2015 05:53 PM

නියමයි. ඒ පැත්ත ගැනත් හොයන්න (නි)

:       0       0

ජෝන් Sunday, 01 February 2015 09:43 AM

බොහොම හොඳ දෙයක්. ඒ උනාට බොරුව වැඩියි. මීට වඩා හොඳ නැද්ද කරලා ඉවර වෙලාම මාද්‍යට දම්මා නම්. බොරු සංදර්ශන තමා ඔයාලගේ ජනප්‍රියත්වය නැති වෙන්න හේතු වෙන්නේ. නිකන් අනුන්ගේ හාල් කිරනවද කියලත් හිතෙනවා. (නදී)

:       0       0

දිසානායක Thursday, 29 January 2015 02:37 AM

ඉක්මණින් වෙලාවක් ලැබෙයි. බයවෙන්න එපා (නි)

:       0       0

රන්ජිත් Thursday, 29 January 2015 03:41 AM

අර ලැම්බෝගිනි, සීප්ලේන් සහ හෙලිකොප්ටර් වගේ මාධ්‍ය සංදර්ශන නොතියා ඇත්ත හොර වැඩක් නම් කරුණාකරලා හොඳට හොයලා පැමිණිලි කරන්න. බොරු අපහාස එපා. (නි)

:       0       0

ඉන්දික Thursday, 29 January 2015 03:42 AM

මේක මේ රට වෙනුවෙන් කරන දෙයක්ද, නැත්නම් වෙන දෙයක්ද? දූෂණ හොයන්න කොමිසමක් දැම්මා නම් ඉවරයිනේ. (නි)

:       0       0

ප්‍රේම්‍ Thursday, 29 January 2015 03:52 AM

ඔබට ස්තුතියි මේවා ගැන හොයනවට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1186 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2639 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1641 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2822 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 1893 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38546 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site