IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ජවිපෙත් සොව පළ කරයි

තම ජීවිත කාලය පුරා සාධාරණ සමාජයක් බිහි කර ගැනීම වෙනුවෙන් නොනැවතී සටනක නියැළුණු මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ අභාවය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ ශෝකය පළ කරන බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය කියයි.

විවිධ සමාජ ක්‍රියාකාරකම්වලට නායකත්වය දෙමින් කටයුතු කළ සෝභිත හිමියෝ දශක ගණනාවක් තමන්ගේ වරප්‍රසාද වෙනුවෙන් නොව සමජීය යහපත වෙනුවෙන් තමන්ගේ ලේ, කඳුළු, දහදිය කැපකළ ප්‍රගතිශීලී හිමි නමක් බව ද ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

ඔවුන් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

‘විශේෂයෙන් 1988 මව්බිමට ඉන්දියා හමුදා ආක්‍රමණයක් සිදුවූ මොහොතේ ඊට එරෙහිව දිවි නොතකා සටන් වැදුණු ආකාරය ඒ ඉතිහාසය දන්නා කිසිවකුටත් අමතක විය නොහැක. මව්බිම සුරැකීමේ ව්‍යාපාරයේ පුරෝගාමී භික්ෂූන් වහන්සේ නමක වශයෙන් උන් වහන්සේ ඉටු කළ කාර්යභාරය අතිමහත්ය. මව්බිම තවත් රටක ප්‍රාන්තයක් නොවී නිදහස් රටක් ලෙස පැවතීම පිළිබඳව සතුටුවන සියලු දෙනාගේ කෘතඥභාවය, නිදහස් සටනට පණපෙවූ කුඩහපොළ හිමියන්ගේ පරම්පරාවේ උන්වහන්සේ වෙත පළවනු නිසැකය.

මෑත කාලීනව ගතහොත් සෝභිත හිමිපාණන්ගේ කාලය කැපවූයේ දශකයකට ආසන්න දුර්දාන්ත පවුල් පාලනයක නිමාව හා විශේෂයෙන් ඒකාධිපති ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන වෙනුවෙනි. වරප්‍රසාද වරදාන පිරි මාවත් තිබිය දී ඒවා පිළිකෙව් කර සාධාරණ සමාජයක් වෙනුවෙන් සටන් වැදුණු උන් වහන්සේ බිහි වූ, නව පාලනයේ වැරදි ගමන පෙන්වාදීමට නොපැකිළුණහ.

තමන් වහන්සේගේ සමාජ දේශපාලන ජීවිතයේ අදීනභාවය අවසානය දක්වාම ආරක්ෂා කර ගත් මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සිදු වන්නේ සමාජයට මඟපෙන්වීමට උන් වහන්සේලා සිය දහස් ගණනක් අවශ්‍යව ඇති සමයකය.‘



අදහස් (0)

ජවිපෙත් සොව පළ කරයි

සමන්ත Monday, 09 November 2015 02:39 AM

හිමියන්ට නිවන් සුව පතමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4855 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


රුවන් නව ජනපතිට සුභපතයි
2024 සැප්තැම්බර් මස 22 62 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 860 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


පුත්තලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 126 0


බියගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 130 0


මඩකලපුවම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 84 0


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 15522 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 74 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 252 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 130 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site