IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ජවිපෙන් යෝෂිතට රතු එළියක්

ජනතා විමුක්ති පෙරමුණ හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව පැමිණිල්ලක් අද (26) ආරක්ෂක ලේකම්ට ඉදිරිපත් කළේය.

නාවික හමුදාවට යෝෂිත රාජපක්ෂ බඳවා ගත් ආකාරය නීතිවිරෝධී බවත්, ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ මුලික කැඩෙට් පුහුණුව කාලයේ විශේෂ වරප්‍රසාද ලබාගෙන ඇති බවත්, ව්‍යාජ ප්‍රගති වාර්තා මත බ්‍රිතාන්‍යයේ නාවික පුහුණු ශිෂ්‍යත්වයක් ලබා ගත් බවත් එම පාඨමාලාව අසමත්වී නැවත ලංකාවට පැමිණ නාවික හමුදා නිලධරයකු ලෙස රජයේ විශේෂ වරප්‍රසාද ලබා ගත්තේ කෙසේදැයි සොයා බැලිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ ආරක්ෂක ලේකම්ට කරුණු ඉදිරිපත් කළේය.

ජනතා විමුක්ති පෙරමුණු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

DSC_5177 DSC_5185

ඡායාරූප සහ වීඩියෝ -  ශාන්ත රත්නායක



අදහස් (0)

ජවිපෙන් යෝෂිතට රතු එළියක්

ප්‍රශීන් Monday, 26 January 2015 03:00 PM

පිවිතුරු යහපාල, රටක හොදක් වෙද්දී හොදයි කියන්න නරකයි නම් නරකයි කියන්න. හිතට එකගව කතා කරන්න. කඩේ යන්න එපා. බේබිට රේසින් කාර් ගන්නද අපි බදු ගෙවන්නේ. මෙච්චරටම කරපු හොරකම් අහු වෙද්දී තාමත් පොට්ටයෝ වගේ කතා කරන එකයි මට දුක. (අ)

:       0       0

චමින්ද Monday, 26 January 2015 08:01 AM

පිස්සු හැදෙනවා මේවා අහලම.(හේ)

:       0       0

යසිරු Monday, 26 January 2015 08:05 AM

මේවා ඇත්ත නම් බොහොම ලජ්ජා වෙන්න ඕන කාරණා. (හේ)

:       0       0

ගුණවර්ධන Monday, 26 January 2015 08:05 AM

හරි ලොකු වැඩක් කරන්න යනවා.(හේ)

:       0       0

චරිත් Monday, 26 January 2015 08:09 AM

බොහොම ලැජ්ජයි ඔක්කොටම වැඩිය මේ විභාග වංචා ගැන තිබෙන චෝදනා නම්. (හේ)

:       0       0

සරත් Monday, 26 January 2015 08:11 AM

බලන් ඉමු මේ වෙන දේවල් ගැන.(හේ)

:       0       0

උදාර Monday, 26 January 2015 08:12 AM

ඔය එක්කම අයියා පස්ස දොරෙන් සරසවියට ඇතුලත් කළ කෙනා ගැනත් තීරනයක් ගන්න. එහෙම නම් එම සුදුසු කම් ලකුණු ඇති අනිත් අයටත් ඒ අවස්ථාව ලබා දෙන්න. (හේ)

:       0       0

රුකී Monday, 26 January 2015 08:14 AM

ඒ කියන්නේ හතර වරිගයේම අවංකව විභාගයක් සමත් වුන කෙනෙක් නැද්ද එතකොට ? (නදී)

:       0       0

රණවක Monday, 26 January 2015 08:29 AM

ජනතා විමුක්ති පෙරමුණ රටට කල දේවල් මිනිසුන්ට හොඳට මතකයි .අවනීතිය අතට අරගෙන මෙයාල කලේ මොනවාද?මිනිස් ඝාතන කොච්චර කළා ද?රජයේ දේපල විනාශ කළේ කොහොමද?මෙයාලට අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතුමයි.(අ)

:       0       0

චම්පික Monday, 26 January 2015 08:33 AM

සමහර උදවිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් සහ ජ'පුර සරසවියෙන් පස්චාත් උපාධි වලට සුදුසුකම් ලැබුවේ කොහොමද කියලාත් , ඒවායේ නිබන්දන විභාග සමත් වන්නේ කොහොමද කියලාත් සොයලා බලන්න. නැති නම් මහන්සි වෙලා අවංකව උසස් අධ්‍යාපනය ලබන අනෙකුත් සුදුස්සන්ට කරන ලොකු අසාධාරණයක්. (අ)

:       0       0

ප්‍රසන්න Monday, 26 January 2015 08:45 AM

මෙහෙම දේවල් වෙයි කියලා කවදාවත්ම හිතන්න නැතුව ඇති.(හේ)

:       0       0

දුමින්ද Monday, 26 January 2015 08:47 AM

නාවික හමුදාවේ කරපු වැඩ වලට ජන්දිපතිවරනේ තැපැල් ඡන්දේ දී උත්තර ලැබුනා.(හේ)

:       0       0

චාරුකා Monday, 26 January 2015 08:50 AM

අවංකව විභාගයක් සමත් වුණ , සුදුසකම් හදා ගත්තු කෙනෙක් පවුලේ ඇත්තෙම නැද්ද ?(හේ)

:       0       0

චාන්දනී කළුපෙරුම Monday, 26 January 2015 08:52 AM

ඔය රාජපක්ෂලාගේ පුතුන් තිදෙනාම ගත් අධ්‍යාපන සහතික වල සැකයක් පවතිනවා , රටේ මහජන සල්ලි කාබාසිනියා කරන්නට සහතික නම් ඔවුන්ට තිබිලා තියෙනවා.(හේ)

:       0       0

චනිල් Monday, 26 January 2015 08:59 AM

දෙන්නෙක් විශ්ව විද්‍යාලවල පශ්චාත් විභාග වලට ලියාපදිංචි වෙලා තිබෙන්නේ සහ එහි අධ්‍යයන කටයුතු වල යෙදෙන්නේ අදාළ විභාග පටිපාටියෙන් බැහැරව කියල විශ්වාස කටයුතු ආරංචි තිබෙනවා. මේවා සොයා බලන්න. (අ)

:       0       0

රුවන් Monday, 26 January 2015 09:03 AM

කරුණාකර , මේ පවුලේ ළමයින්ගේ උසස් විභාග ප්‍රශ්න පත්‍ර වල නිබන්දන ආදිය ලියන්නේ කවුද කියලා සොයලා බලන්න. අනෙක් මිනිස්සු පස්චාත් උපාධියක් ගන්න අවුරුදු ගණන් පර්යේෂණ කරමින් කට්ට කකා සරසවියේ තපිනවා. (හේ)

:       0       0

කමල් Monday, 26 January 2015 09:08 AM

තුන් දෙනාගේම විභාග සහතික වල සාධාරණ සැකයක් තියනවා තමයි. මුළු දවසම , රගර් ක්‍රීඩා කර කර නැතිනම් දේශපාලනයේ දීලා ඉන්න අයෙකුට , ආචාර්ය විභාගයක නිබන්දන ආදිය කරන්න වෙලාවක් තියනවද ? (හේ)

:       0       0

රමණි Monday, 26 January 2015 09:11 AM

මහත්වරුනේ ඔය අල්ලස් දූෂණ කොමිසමට යන්න පළමුව 88-89 කාලයේදී මංකොල්ල කෑ දුප්පත් අපගේ රත්තරන් බඩු සියල්ල දුන්නා නම් සාධාරණයි. අපි මැරිලා ඉපදුනේ නැහැ. මට පේන්නේ මෙයාල අපහු තුවක්කු ගන්න හදන්නේ.හමුදාවට අස් වෙන්න කිව්වෙත්, නැත්නම් මරනවා කිව්වෙත් මේ අය තමයි. මෙයාල කැමති ආයෙත් කැලේ නීතිය අතට ගන්නයි ,(හේ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 26 January 2015 09:12 AM

මේක රුපියල් ලක්ස තුන්සීයක් නාස්ති කරපු වැඩක් ඉතින් මේක පොඩිද ? මේ සල්ලි මේ රටේ මිනිසුන්ගේ සල්ලි.(හේ)

:       0       0

මේනක Monday, 26 January 2015 09:29 AM

මෙයා හරිම චන්ඩියෙක් බවත් , අනෙකුත් මැති ඇමතිවරුන්ගේ පුතාලට සත්තම දාගත්ත ගමන් හිටිය බවත් ආරංචියි. (බ)

:       0       0

සත්‍යපාල Monday, 26 January 2015 09:30 AM

හොයන්න දෙයක් නැහැ තාත්තාගේ උදව්වෙන් තමයි. මගේ තාත්තා ජාති ජාතිත් මට වාසනාවන් කියලා. (බ)

:       0       0

කෙවින් Monday, 26 January 2015 09:33 AM

තුන් දෙනාගේම බාලාංශ පන්තියේ සිට විභාග සහතික ඇදල අරගෙන ඒවායේ නිරවද්‍යතාව සහ විභාග වලට වාඩි වුනේ අදාළ නීති රීති වලට අනුව ද කියල සොයන්න. විශේෂයෙන්ම උසස් විභාග (බ)

:       0       0

ඇසළ Monday, 26 January 2015 09:38 AM

හමුදාවේ වැඩ වලට ඇගිලි ගහන්න ඉඩ දුන්නොත් වෙන්නේ 71, 88/89 වෙච්ච එකේ අනික.(හේ)

:       0       0

මෙල්වින් Monday, 26 January 2015 09:40 AM

පහුගිය කාලයේ මේ පුතාලගේ බලයෙන් මත් වුන වගකීමක් නැති ක්‍රියා කලාපය ඕන කෙනෙකුට පෙනුන දෙයක්. ඒ වුනාට ඒ ගැන කාටවත් කට අරින්නවත් ඉඩ ලැබුනේ නැහැ. (හේ)

:       0       0

අනෝමා Monday, 26 January 2015 09:47 AM

අනේ රමණි ඔයා බන්දුල පෙරේරාගේ ගේ ගැහැණු අවතාරය කියල හොඳට පේනවා. (බ)

:       0       0

චමල් Monday, 26 January 2015 09:50 AM

ඇසළ කියන්නේ මේ රටේ අයථා විදියට විභාග පාස් වුන කෙනෙක් ඉන්නවා නම් ඒ ගැන සොයන්න එපා කියලද ? මේක සමාන්‍ය පුරවැසියන්ට කරන ලොකු අසාධාරණයක්. (බ)

:       0       0

සඳුන් පෙරේරා Monday, 02 February 2015 02:59 PM

ජනතා විමුක්ති පෙරමුණ රටට කල දේවල් මිනිසුන්ට හොඳට මතකයි. අවනීතිය අතට අරගෙන මෙයාල කලේ මොනවාද? මිනිස් ඝාතන කොච්චර කළා ද? රජයේ දේපල විනාශ කළේ කොහොමද? මෙයාලට අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතුමයි. (නදී)

:       0       0

ජයසේන Monday, 26 January 2015 10:00 AM

ඊරිසියාවට කියන බොරු කතා වෙන්න ඇති.(හේ)

:       0       0

ගයනි Monday, 26 January 2015 10:02 AM

රමණි අක්කේ ඔයා කට ඇරියාට පිට වෙන්නේ බන්දුල පෙරේරාගේ සද්දේ නේ! ඒ මොකද අනේ ? (බ)

:       0       0

මංජු Monday, 26 January 2015 10:08 AM

අනේ මන්දා 88/89 කාලයේ බන්දුල පෙරේරා රත්තරන් බඩු ඔච්චරටම පැළඳුවේ ඒ කාලයේ ටීටර් එකක ගැහැණු චරිතයක් වත් කලාද ? (බ)

:       0       0

කාන්ති Monday, 26 January 2015 10:12 AM

අනේ අපි නොදන්නා රමණි ! (බ)

:       0       0

දුල්වින් Monday, 26 January 2015 10:16 AM

ඊට කලින් බලන්න අර තුවාල වුන රගර් ක්‍රීඩා විනිසුරුට මොනවා වුනාද කියලා. (හේ)

:       0       0

අශෝක Monday, 26 January 2015 10:26 AM

රමණි ඔයාගේ රත්තරන් බඩු ටික අර ඔයාගේ පන් මල්ලේ ඇති . හොඳට අත ගාලා බලන්න. ඒකේ නැති නම් ඕක ඔයා බන්දුල පෙරේරා නමින් ලැසි ගමනින් කඩේ යනකොට හැලිලා ඇති. (බ)

:       0       0

කපිල Monday, 26 January 2015 11:10 AM

ගුවන් හමුදාවේත් ඔය වගේ දෙයක් වෙලා තියෙනවා. (හේ)

:       0       0

මහේන් Monday, 26 January 2015 11:14 AM

නාවික හමුදාවට බැඳෙන්න උසස් පෙළ විද්‍යා විෂයන් හදාරා ඉන් සමත් විය යුතු යයි මම අසා තිබෙනවා. මේ ඇත්තද ? ආරංචි හැටියට යෝෂිත වෙනත් විෂය ධාරාවක් තමයි උසස් පෙලට ඉගෙන ගෙන තියෙන්නේ. ඒකත් කමක් නැහැ කියමුකෝ. ව්‍යාජ ලියකියවිලි සකස් කර පිටරට ශිෂ්‍යත්ව ගත්තා කියන චෝදනාව ඉතාම බරපතලයි නේද ? (හේ)

:       0       0

බිමල් Monday, 26 January 2015 11:17 AM

ඔය එක්කම ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාල වලට උඩින් සමහරු කඩන් පහත් වුනේ කොහොමද කියලා සොයලා බලන්න. (හේ)

:       0       0

හිරාන් Monday, 26 January 2015 11:37 AM

රමණි හා ඇසළ - මේ ඉන්නේ මම හිතන්නේ. මේ කාරණය ගැන මොළේ තියෙන ඕනෑම මිනිහෙකුට තේරෙන දෙයක්. මොකද නාමල් උ.පෙළ පේල් වෙලා රගර් ගහ, දේශපාලනය කරකර ඉදල නීති ඇතුළත් විභාගේ වෙනම කාමරයක ඉදල ලියපු එකේ නෝන්ඩි නැතුව පාස්වෙයන්. ගොන්කමට ලකුණු 90 නුත් එහා. එතකොට උ:පෙ පාස් වෙන නීති විභාගේ නිදිමරලා පාඩම් කරලා ලියල යන්තන් පාස් වෙන්නේ උන් මෝඩයෝ නිසාද ? (බ)

:       0       0

රසිකා Monday, 26 January 2015 12:01 PM

සමහරු ඉන්නවා "මහින්ද" අවතාරය ආවේස උන. පත්තරයක් වත් බලන්නේ නැහැ. ඔහේ කියවනවා. (නදී)

:       0       0

දුල්මි Monday, 26 January 2015 12:19 PM

අවතේව වලට තමන්ට වැඩිය නිලයෙන් ඉහල නිලධාරියෙක් තියාගෙන ඉඳල කියන්නේ . නඩු දාන්න ඕන අන්න ඒ කොන්ද පණ නැති නිලධාරියාට තනතුරේ ගරුත්වය නොරැක්කට. යෝශිතට නෙවෙයි. (අ)

:       0       0

පිවිතුරු යහපාල Monday, 26 January 2015 02:28 PM

මගේ අම්මේ රතු මල්ලිලා උඩ ගිහින් තියෙන තරම..හරියට ආණ්ඩුව ගත්තේ එයාල වගේ..බලාගෙන ..ඔහොම උඩ ගිය අය බිම වැටෙන්න අවුරුදු ගණන් යන්නේ නැහැ..මාස තුනත් ඇති...අටලෝ දහම කැරකෙනවා රිය සක වගේ..අද මේ පැත්තේ..හෙට අනෙක් පැත්තේ..ටිකක් පරිස්සමෙන්..ඔය එකතු වෙලා ඉන්නේ තමන්ගේ නායකයා පන පිටින් අල්ලලා පෝරකේට දාපු තමන් නිසා නොමග ගිය හැට හැත්තෑදාහක් ජිවිත වලට වග කියපු පක්ෂයක් එක්ක වගේම තමන්ට මර බිය ගෙන ආ ප්‍රා සංවිධානයේ නිර්මාතෘ වරු එක්ක කියල අමතක කරන්න එපා..ඔවුන්ගෙන් වුනු විනාශයෙන් අංශු මාත්‍රයක් රාජපක්ෂ වරුන්ගෙන් තමන්ට වෙලා නැහැ කියන එකත් එකත් එක්කම සිහි කර ගන්නවානම් ගොඩක් හොදයි...එෆ් බි පරම්පරාවට පිටින් ලෝකය දැකපු කට්ටිය තාම මේ රටේ ඉන්නවා මහත්තුරුනේ..(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 475 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 135 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1995 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2425 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3790 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38561 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25377 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site