IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ජවිපෙන් වාහන පෙළපාළියක්

රජයේ පාලනයට එරෙහිව පේදුරුතුඩුව දක්වා යන ජවිපෙ රිය පෙරහර දෙවිනුවර තුඩුවෙන් අද ඇරැඹිණි. වාහන දහසක් පමණ ඊට එක්වී සිටියි. නායක සෝමවංශ අමරසිංහ මහතා පැවැසුවේ මගදි පති‍්‍රකා බෙදමින් ලබන පළමුවැනිදා පේදුරුතුඩුවට යන බවයි. දින හයේ ගමනට වාහන දස දහසක් එකතු වෙතියි පක්ෂය කියයි.



අදහස් (0)

ජවිපෙන් වාහන පෙළපාළියක්

විජේ Saturday, 28 July 2012 05:18 AM

මේවා නිර්ධන පංතියෙ අරගලයට පටහැනියි. දහඩිය ගඳ ගගහ පාරේ අව්වේ යන්න ඕන ඒසී කරපු වාහන වල යන්නෙ නැතුව. දුප්පත් මිනිහව නියෝජනය කරන්නෙ සුපිරි වාහනද??(නු)

:       0       0

අක්රම් සෞදි අරාබිය Saturday, 28 July 2012 06:07 PM

අනේ පව් (නු)

:       0       0

කනිෂ්ක Sunday, 29 July 2012 11:03 AM

මෙන්න කට්ටිය එලි බැහැලා (දී)

:       0       0

පාලි ඩුබායි Sunday, 29 July 2012 11:05 AM

මෙන්න කට්ටිය අයෙත් ඇවිත් වගේ නේද මගේ යාලුවනේ ?(දී)

:       0       0

ඉන්දික Friday, 27 July 2012 04:58 PM

දැන් කරන්න තියෙන්නේ වාහන සංදර්ශන නෙමෙයි, සමගිව වැඩ කිරිමයි. දකුණේ මෝඩ මිනිසුන් නැත. (නි)

:       0       0

සමන් Friday, 27 July 2012 05:01 PM

පෙට්‍රල් ගහන්නේ කවුද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. මේ පාලනයට අභියෝග කරන්න කවුරුවත් නැති එකයි. (නි)

:       0       0

සුනිල් Friday, 27 July 2012 05:01 PM

ඔහොම යමුකෝ.... (නි)

:       0       0

ජගත් Friday, 27 July 2012 05:10 PM

මටත් ජවිපෙ සමහර දේවල් ගැන ගැටළු තියෙනවා. එත් අපි ආපහු හැරිලා බැලුවොත් , නිදහසින් පස්සේ අපේ රටට අනික් පක්ෂ දෙක කරලා තියෙන විනාශයේ හැටියට ජවිපෙ කරලා තියෙන්නේ 1% ක් විතර හානියක් කියලා මට හිතෙන්නේ. අපි මේ විදියට බලාගෙන හිටියොත් අපට, අපේ බාල පරම්පරාවට කවදාවත් හොඳ රටක් ඉතුරු නොවෙන්න පුළුවන්. මෙයාල උසස් පෙළ ප්‍රශ්නේ ගැන කියනකොට අපිත් තව ගොඩක් දෙමව්පියොත් ජවිපෙ බොරුවට කෑගහනවා කියලා බැන්නා. අද ඒ දෙමව්පියන්ටම තමන්ගේම දරුවට විශ්ව විද්‍යාලේ යන්න බැරිවෙනකොට , අද මෙයාලත් එක්කම පාරට බැහැලා කෑ ගහන්න වෙලා. ඇත්තටම අපි අද මේ වෙන දේවල් වලට විරුද්ධ නොවුණොත් , හෙට අපිට ඒකට මුණ දෙන්න වුණොත් අපි වෙනුවෙන් කවුරුත් කතා කරාවිද? විනිශ්චය පාඨක ඔබ සතුය. (නි)

:       0       0

රොෂාන් Friday, 27 July 2012 05:17 PM

මෙයාලට තියෙන්නේ මවා ගත්තු බොරු සමාජවාදී බයිලාවක්. (නි)

:       0       0

ජී.අප්පුහාමි Friday, 27 July 2012 05:22 PM

වංචාවට, හොරකමට, දූෂණයට යටවෙලා හැමදාම හදවතින් හඬාවැටෙන මිනිසුනට ශක්තියක් වෙන්න මෙහෙම දෙයක් වත් කරන එක හොඳයි. සමහරුනට හිතේ අමාරුව උනා මොනවා කරන්නද? (අ)

:       0       0

ජයරත්න Friday, 27 July 2012 06:01 PM

වාහන පෙළපාළිය ඹ්මන්ත හරියෙ නවත්තලා රජයට පින් දීලම උතුරට යන්න. (නි)

:       0       0

ඉන්දික-මිලානෝ Friday, 27 July 2012 06:24 PM

නරකද මෙ වියදම් කරන මුදලින් අහිංසක මිනිසුන්ට කන්න බත් පාර්සල් එක එක වත් දුන්නනම්. අඩුම ගානෙ මිනිස්සු පින් හරි දේවි. දෑන්වත් මේ මෝඩ විහිළු නවත්තන්න. (නි)

:       0       0

ප්‍රවීන් Saturday, 28 July 2012 09:12 AM

රටේ වාහන තියෙනවා. පාරත් හොදට තියෙනවා. ඉතින් කාටද යන්න බැරි (දී)

:       0       0

ඉෂාන් Friday, 27 July 2012 06:50 PM

එතකොට ඔයාලට කොහෙන්ද සල්ලි මෙච්චර තෙල් පුච්චන්න? (නි)

:       0       0

කුමාරි Saturday, 28 July 2012 09:18 AM

හරිම පුදුමේ වාහන 1000 ක් ...........? ඒ කියන්නේ පක්ෂෙට සාමාජිකයෝ 1,000ක් ඉන්නවා..........? දෙවියන්ට ස්තුති වේවා! (දී)

:       0       0

විජේසිරි Saturday, 28 July 2012 09:31 AM

මොකද්ද දන්නේ නැහැ "කැබ් සර්විස්" එක (දී)

:       0       0

සිසිර Friday, 27 July 2012 12:31 PM

මේ සුපිරි වාහන කොයින්ද ???????.(ස)

:       0       0

විජය Friday, 27 July 2012 12:36 PM

අනුන්ට බැන්නට මෙයාලගෙත් තියෙන්නේ බොරු වැඩනේ....වාහන 10000 ට තෙල් ගහන්නේ කාගේ සල්ලි වලින්ද ??? .(ස)

:       0       0

ඉන්දික Friday, 27 July 2012 12:46 PM

ජනපතිතුමා ඇරලා දීපු පාරෙන් එතුමාටම බැණ බැණ නේද මේ යන්නේ? (නි)

:       0       0

ප්‍රවීන්-මැනිලා Friday, 27 July 2012 12:56 PM

අනේ පුළුවන් නම් පේදුරුතුඩුවෙන් බෝට්ටුවක නැගලා කොහේටහරි යන්නකෝ. හැබැයි ආයිත් එන්නනම් එපා. (නි)

:       0       0

මහේන්ද්‍ර Friday, 27 July 2012 01:03 PM

බරකරත්ත වලින් ගියානම් නේද හොඳ ??.(ස)

:       0       0

නෝනිස් Friday, 27 July 2012 01:17 PM

වැලිගමට එනකොට වාහන කීයක් වේවිද දන්නේ නෑ....(ස)

:       0       0

චම්පි Friday, 27 July 2012 07:47 PM

මගදි පරණ පුරුද්ද මතක් වෙලා ගිනි තියයිද දන්නේ නැහැ. (නි)

:       0       0

කුශාන් අධිකාරී Friday, 27 July 2012 01:27 PM

බරකරත්ත වලින් ගියානම් හොදයි තමා.............(ස)

:       0       0

ප්‍රනාන්දු Friday, 27 July 2012 01:35 PM

සුභ පැතුම්....(ස)

:       0       0

දර්ශක Friday, 27 July 2012 08:35 PM

අද මෙයාලා මෙහෙම යන්නේ කාට පින්සිද්ධ වෙන්නද......(දී)

:       0       0

ෆාරු Friday, 27 July 2012 01:49 PM

හැමෝටම පුලුවන් නම් ඇයි මේ අයට විතරක් බැරි? (නි)

:       0       0

අමිල කටුනායක Friday, 27 July 2012 01:49 PM

කවුරු බය කරන්නද මේ ??.(ස)

:       0       0

ජයරත්න Friday, 27 July 2012 08:52 PM

රථ පෙළපාළි.... පේදුරුතුඩුවට.... ඇති තරම් ඉන්ධන.... ඹ්නෑ තරම් නිදහස... වාහන 10000ක් නොව 100000ක් යන්න පහසුකම්.... මොළය ඇති අයට හිතන්න දෙයක්.... (නි)

:       0       0

මංජි Friday, 27 July 2012 01:58 PM

මේ තමයි ජේ.වී.පී. නොහැකියාව. ගමේ ජනතාව අතරට නොයා.. මොනවාද මේ කරන්නෙ. මේ ධනේෂ්වර ක්‍රම වේදයන්.. (නු)

:       0       0

සහන් දිසානායක Friday, 27 July 2012 01:58 PM

මේවා කරන්නෙ මිනිස්සුන්ගෙන් එකතු කරපු කැට සල්ලිවලින්.. මේ විකාර නවත්තලා බැරිද ඔය සල්ලිවලින් නැති බැරි පවුල්වලට ආදාර ටිකක්වත් කලානම්..

:       0       0

ශාන් Friday, 27 July 2012 01:57 PM

මේවා කරන්නෙ මිනිස්සුන්ගෙන්ම එකතුකරගත්ත සල්ලිවලින්.. (නු)

:       0       0

මධූ Friday, 27 July 2012 01:58 PM

අද මෙයාලා මෙහෙම යන්නේ කාට පින්සිද්ධ වෙන්නද ??? .(ස)

:       0       0

ලාල් පෙරේරා Friday, 27 July 2012 02:00 PM

පාද යාත්‍රාව වෙනුවට රෝද යාත්‍රාවක් .........."රෝද යාත්‍රා"එච්චර සමාජවාදී නැහැ..(ස)

:       0       0

සුදත් Friday, 27 July 2012 02:13 PM

කව්රුවත් බය කරන්න නොවේ.............අන්දයින් ලෙස සිටින මිනිසුන්ට පෙනීම ලබා දීම සදහාය , රථ පෙලපාලියට ජය !! .(ස)

:       0       0

රුවන් Friday, 27 July 2012 02:16 PM

දැන් අපේ රටට අඩු මෙච්චරයිනේ. (නි)

:       0       0

සාගර Friday, 27 July 2012 02:25 PM

කාට පිං සිද්ධ වෙන්නද කියලා මධු කියලා තියෙනවා.. පහුගිය කාලෙ මධු කොහෙද හිටියෙ..? ලංකාවෙ සියලුම ජයග්‍රහණ පිටුපස ජේ.වී.පී. ඉන්නවා කියන්න මේ මිනිසුන්ට කට නැහැ.. යුද්දෙ යුද්දෙන්ම තමයි දිනන්න පුළුවං කියලා මුලින්ම කිව්වෙත් ඒ වෙනුවේන් හැම දෙයක්ම කළේ ජේ.වී.පී. එක කියලා ප්‍රගතිශීලී ජනතාව දන්නවා...(නු)

:       0       0

සුමිත් Friday, 27 July 2012 02:26 PM

මෙයාල කරන්න දන්නෙ ඔය වගේ දේවල් තමයි.. ඔය වියදම්කරන්නෙ කට ඇරගෙන එකතුකරන සල්ලිනේද? තෙල් ගහන්න යන සල්ලිවලින් දුප්පතකුට කෑම අරන් දුන්නනම් කොයි තරම් වටිනවාද?(නු)

:       0       0

කස්තුරි Friday, 27 July 2012 02:28 PM

වාහන 1000 කියන්නේ සාමාජිකයෝ 1000 ක්. (දී)

:       0       0

සුමිත් Saturday, 28 July 2012 12:56 PM

අයියෝ සල්ලි ! නිස්කාරණේ තෙල් පුච්ච පුච්ච අනුන්ට බණ කියනවා. පුළුවන්නම් පාද යාත්‍රාවක් සංවිධානය කරන්නකෝ. (ස)

:       0       0

සිසිර Friday, 27 July 2012 02:33 PM

තෙල් වලට යන වියදමින් දුප්පත් මිනිසුන්ට කන්න දුන්නනම් පිනක්වත් ලැබෙනවා..!! තෙල් තියෙන රටවලින් පගාවක්වත් දුන්නද දන්නෙ නැහැ මේගොල්ලන්ට. ... (නු)

:       0       0

හේවගේ Friday, 27 July 2012 02:42 PM

මෝඩ වැඩක්......(ස)

:       0       0

මහේන්ද්‍ර Friday, 27 July 2012 02:48 PM

සුදත්, අන්ධයන් ලෙස සිටින මිනිසුන්ට පෙනීම දෙන්න නම් මේ වගේ දේවල් කරලා හරියන්නෙ නැහැ.. මීට වඩා සංවේදී ලෙස යම් දෙයක් කළ යුතුයි..!! ආණ්ඩු විරෝධී වෙනවාට වඩා හරි දේ මිනිසුන්ට පෙන්නලා..!!(නු)

:       0       0

ප්‍රවීන් Friday, 27 July 2012 02:49 PM

නරකද කට්ටිය පේදුරු තුඩුවට වෙනකම් ගිහින් එතනින් බෝට්ටුවක නැගල වෙන රටකට ගියොත්.... (ස)

:       0       0

චන්දන ඩුබායි Friday, 27 July 2012 02:51 PM

අද ජේ.වී.පී කණ්ඩායම යාපනේ යන්නේ මහින්ද රාජපක්ෂ ජනපතිට පිංසිදුවෙන්න නේද? යන ගමන් පාර දෙපස තියෙන ආයතන ටිකත් ගිනි තියාවිද දන්නෙ නැහ..!! (නු)

:       0       0

මෙවන් Friday, 27 July 2012 10:10 PM

මහත්තයව මෙවාට කියන්නෙ රථ ගාය කියල නැතුව රථ පෙරහැරවල් නෙවෙයි.....වාහන 10000 ට තෙල් ගහන්නේ කාගේ සල්ලි වලින්ද ?.ඵන්.ජි.ඔ.සල්ලි ද................ (දී)

:       0       0

අමර Friday, 27 July 2012 02:59 PM

බයිසිකලෙන් පාර්ලිමේන්තු යන්න කතා කරපු අයම නේද මේ බෙන්ස් වලින් යාපනේ යන්නේ.... (ස)

:       0       0

අමිල Friday, 27 July 2012 10:15 PM

පෙළපාළිය ඉවර වෙද්දී වාහන කොහොම වුණත් පක්ෂය නැවත කැඩෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

බණ්ඩාර Friday, 27 July 2012 10:16 PM

රට වෙනුවෙන් ඉදිරියට එන එකම බලවේගය (දී)

:       0       0

ගුනවර්දන Friday, 27 July 2012 10:17 PM

වාහන පෙළපාලියක් (දී)

:       0       0

ෂෙරීෆ් Friday, 27 July 2012 03:18 PM

වාහන දාහා කෙසේ වෙතත් තව අවුරුදු දාහක් ගියත් ඔය හිතන් ඉන්න දේනම් ඉෂ්ඨ කරගන්න බෑ... (ස)

:       0       0

ඉන්දික Friday, 27 July 2012 03:17 PM

මේ වැඩ වලින් තමන්ගෙ බලය සුණු විසුණු යෙයි කියලා හිතන අයද කොහෙද මේවට විරැද්ධව අදහස් පළ කරන්නෙ.. මේ යන්නේ කාවෙත් යෙක් ඩැහැගන්න නෙමෙයි..අපේ රටේ සිදුවන මේ විනාසයෙන් බේරගන්න මිනිසුන්ගේ ඇස් පාදන්න.. පටු අරමුණුවලට මෙම දිරිය මිනිසුන්ව ලඝු කරන්න එපා. ජේ.වී.පීයට සහ රටට ජය වේවා..!!(නු)

:       0       0

කළණ ජේ. Friday, 27 July 2012 03:31 PM

අයියෝ සල්ලි ! නිස්කාරණේ තෙල් පුච්ච පුච්ච අනුන්ට බණ කියනවා. පුළුවන්නම් පාද යාත්‍රාවක් සංවිධානය කරන්නකෝ. (ස)

:       0       0

නෆ්හාන් Friday, 27 July 2012 03:36 PM

නොදුවපු තැනකුත් නැහැ. කරපු වැඩකුත් නැහැ. (නි)

:       0       0

අශාන් Sunday, 29 July 2012 08:14 AM

රජය මොනවා කළත් ඒක හොදයි කියලා පිළිගන්න මිනිසුන් ඉන්නා තාක්කල් අපට හරියන්නේ නැහැ. පිටරටවල ඉන්න අපටයි පේනනේ මෙහේ වෙන විනාශයේ තරම.... (නි)

:       0       0

විජේ Sunday, 29 July 2012 08:17 AM

මේ රටේ මිනිස්සු නටන තරමක් නටන්නේ පිස්සුමයි නේද ? (නි)

:       0       0

නිරන්ජන් Friday, 27 July 2012 03:48 PM

සුදත් , මිනිසුන් අන්ද කෙරුවෙ කවුද ? . අද මිනිසුන් අවදියෙන් මුලු රට පුරාම සැරි සරනවා . ඒකට ඊර්ෂියා කරල වැඩක් නැහැ ....(ස)

:       0       0

කුලසේකර Saturday, 28 July 2012 12:11 AM

ලොකු ලොකු වාහන පෙළපාලියක් (දී)

:       0       0

පියසිරි-ඉතාලි Friday, 27 July 2012 03:49 PM

කමක් නැහැ. ඒ ඉන්ධන වියදමත් ලැබෙන්නේ අපේ රජයටමනේ.......... හූ..හූ............... (නි)

:       0       0

අබේ ගුනවර්දන Saturday, 28 July 2012 12:51 AM

බොරු වැඩ .කියනකොට එහෙමයි . කරනකොට මෙහෙමයි (දී)

:       0       0

ජයරත්න Saturday, 28 July 2012 04:27 AM

බලය ලැබුනොත් කොහොමට හිටීවිද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 353 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 533 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 329 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 273 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 868 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 172 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site