IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ජවිපෙ කේන්දර බලයි : අලියාට අතට බහුතර බලයක් නෑ

ජනතාවගේ දේශපාලන මතය පැය 24ක් තුළ වෙනස්වන ප්‍රවනතාවක් රටේ ඇතිවී තිබෙන බවත් එවන් පසුබිමක ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් බිහි වීම වැඩි ඈතක නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි. ඒ මහතා ඒ බව පැවසුවේ ලංකාදීප එසැණ සමග සාකච්ඡාවකට එක් වෙමිනි.

ප්‍රශ්නය -  කොහොමද ඔබ මෙම මැතිවරණයට මුහුණදෙමින් සිටින්නේ?

පිළිතුර - අපි ගම් මට්ටමින් හා දිස්ත්‍රික් මට්ටමින් ජනතාව දැනුවත් කරමින් ඉන්නේ ? ඊට අමතරව විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් ආචාර්යවරුන් කලාකරුවන් අපිට ඡන්දය දෙන්න කියලා ජනතාව දැනුවත් කරනවා. අද උදැසනත් තරුණ කලාකරුවන් පිරිසක් ඒ ආකාරයට ජනතාව දැනුවත් කළා.

ප්‍රශ්නය -   ඔබේ පක්ෂයේ දේශපාලන මත නොදරන අයත් ඒ අතර ඉන්නවද?

පිළිතුර -  අනිවාර්යෙන්ම, අපේ දේශපාලන මතය දරන අය වගේම නොදරන අයත් ඒ අතර ඉන්නවා. ඔවුන් හැමෝම කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතිව රටේ අවශ්‍යතාවය වෙනුවෙනුයි පෙනී සිටින්නේ?

ප්‍රශ්නය - ජනතා විමුක්ති පෙරමුණේ  බිම් මට්ටමේ සාමාජිකයින්ගෙන් ඔබලාට තොරතුරු එනවා ඇති එළබෙන මැතිවරණයේ ඔබේ පක්ෂේ ජයග්‍රහණය කොහොම වෙයිද?

පිළිතුර -  මන්ත්‍රීවරු ගණන නම් කියන්න බැහැ. ඒත් මෙහෙම කියන්න පුළුවන්. මේ මැතිවරණයෙන් ප්‍රධාන පක්ෂ දෙකටම බහුතර බලයක් ලැබෙන්නේ නැහැ. ඒ අනුව ආණ්ඩුව කරවන්නේ අපි. පාර්ලිමේන්තුවේ තීරණාත්මක බලවේගය බවට අපි පත්වෙනවා. රටට ජනතාවට ජයග්‍රහණ ලබා දෙන්න අපි කටයුතු කරනවා.

ප්‍රශ්නය -  ඇමති නියෝජ්‍ය ඇමති තනතුරු වලට කතා කළොත්?

පිළිතුර -  පැහැදිලිවම එකක් කියන්න නෑ. ආණ්ඩුව කරවන බලය අපිට තිබුණාට ආණ්ඩුව ඇතුළට යන්නේ නැහැ. හොද පනත් වලට සහයෝගය දෙනවා. රටට ජනතාවට අහිතකර හැම පනතක්ම පරාජය කරනවා.

ප්‍රශ්නය -  ඒ කියන්නේ ආණ්ඩුව වට්ටනවා. ඒ වට්ටලා ගෙන්න තියෙන්නේ තවත් එක පක්‍ෂයක් විතරයි නේද?

පිළිතුර -  ආණ්ඩුව පරාජය නොකර රටට ජනතාවට අහිතකරන පනත් පරාජය කරන්න පුළුවන්. තව එකක් කියන්න නෑ. සුළුතර ආණ්ඩුවක් පැවතීම රටට ජනතාවට හොදයි. මොකද වැරදි දේ කරන්න ඔවුන් බයයි.

ප්‍රශ්නය - රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා පත්වන ඔහුන්ගේ රජය යටතේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හැම පක්ෂයකටම වගකීම් බාරදෙනවා කියලා. ඔබලාටත් යම් වගකීමක් පැවරෙයි නේද?

පිළිතුර - අපි වගකීමක් ගන්නවා නම් ගන්නේ යහපත් ආණ්ඩුවකින් විතරයි. නැතුව හොරුන් සමඟ යන ආණ්ඩුවකින් කිසිම වගකීමක් ගන්නේ නැහැ.

ප්‍රශ්නය -  නව රජය පත්වෙන්න ප්‍රථම ඔබ කොහොමද කියන්නේ ඒ ආණ්ඩුව ඇතුළේ හොරුන් ඉන්නවා කියලා.

පිළිතුර,  බලන්න මහින්ද රාජපක්ෂ වටා ඉන්න කට්ටිය දිහා. උපාසකලද? මහින්ද අවුරුදු නමයටම කරපු දේ රනිල් මාස තුනෙන් කළා. මෑත සිදුවුණු මහ බැංකු මුල්‍ය වංචාව තමයි මෑත ඉතිහාසයේ ලොකුම වංචාව.

ප්‍රශ්නය -  චන්ද්‍රිකා ආණ්ඩුව සමයේ ඔබට ඇමති තනතුරක් ලැබුණා. ඒ වගේම පක්ෂයට ඇමැතිකම් නියෝජ්‍ය ඇමැතිකම් ලැබුණෘ. පසුව ඔබලා එය අත හැරියා. ජනතාවට සේවය කරන්න ලැබුණු අවස්ථාවක් මගහැරුනා කියලා ඔබලාට දැන් හිතෙන්නේ නැත්ද?

පිළිතුර - අපි එදා ඇමැතිකම් අතහැර එළියට බැහැපු නිසා තමයි සුනාමි සහන මණ්ඩලය ක්‍රියාවට නංවන්න චන්ද්‍රිකාට බැරි වුණේ. ඒක ක්‍රියාවට නැගුවානම් මේ වන විට රට දෙකට කැඩිලා. රනිල්ගේ ඊනියා සටන් විරාමයටත් වඩා දරුණුයි. එකට ඇතුළු වී හිටපු නියෝජිතයින් පස් දෙනාගෙන් එක්කෙනයි සිංහල. මුස්ලිම් සාමාජිකයන් හිටියා කොටිත් හිටියා. විගණන නිලධාරියෙක් පත් කරලා හිටියා. මිනිහා පාර්ලිමේන්තුවට වග කියන්නෙත් නැහැ. අනික විදේශ ආධාර කෙලින්ම උතුරට ගෙනියන්න පුළුවන්. මේවා ගැන හොඳට හිතලා තමයි අපි එළියට බැස්සේ. එදත් අදත් අපි රට ජනතාව ගැනයි හිතුවේ. නැත්නම් අපිට තිබුණා ඇමැතිකම් අරගෙන ගල් කොරියක් ,බාර්, ලයිසන්, කොමිස් ගගහා සැප විදින්න. අපි විනයක් හික්මීමක් ඇති ආදර්ශවත් පක්ෂයක්.

 



අදහස් (0)

ජවිපෙ කේන්දර බලයි : අලියාට අතට බහුතර බලයක් නෑ

සමන් වන්නිආරච්චි Wednesday, 05 August 2015 05:24 AM

ජවිපෙ අවංක නම් සෝමවංශ යයිද?. බොරු ඒපා. බලයට ආවම ඔක්කොටම හපන් මේ අය. පක්ෂය තුළ ප්‍රජාකන්ත්‍රවාදය නැතිව මේ අය කොහොමද රටට ප්‍රජාතන්ත්‍ර වාදය ගෙන්නෙ. අද ජවිපෙ ධනපති මුක්කුවක්. 1994 චන්ද්‍රිකාට මුක්කු ගහල ඇමති රස වැටුන දා සිට ජවිපෙ යන්නේ අයාලේ.(නදී)

:       0       0

කමලා Tuesday, 04 August 2015 01:09 PM

ඹබලාට ජයවේවා! (නදී)

:       0       0

ඩොනල්ඩ් Tuesday, 04 August 2015 01:22 PM

ඔබගේ කැපවීම අහිංසක මිනිසුන්ට දිරියක් (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 04 August 2015 02:22 PM

නිල් හොඳ නැහැ කියල කොළ පත් කර ගත්තත්, කොළ හොඳ නැහැ කියල නිල් පත් කර ගත්තත් දෙකේ කිසිම වෙනසක් නැහැ. කම්බා හොරු ටික ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට පැනල නැවත රට විනාස කරන එක පමණයි සිද්ද වෙන්නේ. අපේ දරුවන්ට රටක් ඉතිරි කර දෙන්න ඕනෙනම් /වෙනසක් දකින්න ඕනෙනම් /පොලවේ පය ගහල ජිවත් වෙන්න ඕනෙනම් ජවිපෙට වැඩි බලයක්/ආසන ප්‍රමාණයක් ලබා දෙන්න ඕනේ. (නදී)

:       0       0

නලින් Wednesday, 05 August 2015 01:18 AM

ජේ වී පි එකේ විනය 71-88/89 කාලවලදී අපි දැක්කා. නැවත ජනතාව බොරුවෙන් අන්දවනවා. ඔවුන්ගේ මේ උපාය මෙවර පරාජය කළයුතුයි. (නි)

:       0       0

හෙට්ටිආරච්චි Wednesday, 05 August 2015 01:29 AM

ඔබ යන ගමන හරි. ඔහොම ඉදිරියට ගියොත් ඔබට ජනතා සහය ලැබෙනවා සිකුරුයි. (නි)

:       0       0

හර්ෂලාල් Wednesday, 05 August 2015 01:37 AM

අලියටත් නෙවෙයි අතටත් නෙවෙයි බහුතරය බුලතට (නදී)

:       0       0

ඇන්ටන් Friday, 07 August 2015 05:14 PM

අපි ඔබටයි ජේවීපී... (නි)

:       0       0

සනත් Wednesday, 05 August 2015 02:11 AM

ජවිපෙට සුබ අනාගතයක්! (නි)

:       0       0

රන්ජිත් පානබොක්ක Tuesday, 04 August 2015 03:06 PM

ජනතා විමුක්ති පෙරමුණට මාධ්‍ය වලින් දෙන ප්‍රචාරය මහ පොලොවෙ දකින්නට නැහැ. ඔයාලගෙ කතා අහල මිනිස්සු ප්‍රධාන පක්ෂයක් බලයට ගේන්න හැමදාම ජන්දය දුන්නා. මේ පාරත් ඊට වඩා වැඩි දෙයක් වෙන්නෙ නැහැ. තවමත් මිනිසුන්ට විස්වාසයක් ඇතිවෙලා නැහැ. මේ දවස්වල හිටපු නායක තුමාගේ කතා ඇහුනොත් තීයෙන ජන්දයත් නැති වෙනවා.(නදී)

:       0       0

රුවන් Tuesday, 04 August 2015 03:30 PM

ජවිපෙ රටට ආශිර්වාදයක් (නි)

:       0       0

කස්තුරිආරච්චි Wednesday, 05 August 2015 03:11 AM

රටට අවශ්‍ය ජේවීපී ආණ්ඩුවක්. ජනතව ඒකට සුදානම් වෙමින් ඉන්නේ. (නි)

:       0       0

නිලූ Wednesday, 05 August 2015 03:27 AM

ජවිපෙට ජය! (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Wednesday, 05 August 2015 03:27 AM

අලියයි බුලත් කොලයයි දේවභාෂිත ලෙස පිළිගන්න නොසිතන මහත්වරුනි. ජ වී පෙ අවංක තරුණයින් පිළිගන්න. 67 වසරක් දෙගොල්ලන්ට බලය දුන්නා හොඳටම ඇති. ජ වී පෙ දිනවමු. (නි)

:       0       0

ඩයස් Wednesday, 05 August 2015 03:51 AM

රතුපස්වල ගැන ඔබලා කතා නොකරන්නේ ඇයි? (නදී0

:       0       0

ජයන්ත Tuesday, 04 August 2015 04:54 PM

කොහොමටත් ප්‍රධාන පක්ෂ දෙකටම වඩා ඔබලා අදූෂිත බව නම් පෙනෙනවා විවිධ පැතිවලින්.1971 අමතක කරමු.නමුත් ඔබලා 1988/89 දී සිදුවුණු අවාසනාවන්ත ජීවිත හානි හා දේපළ විනාශයන් වැඩි කොටසකට හිමිකම් කියනවා.ඒ පිළිබඳව රට හා ජනතාවගෙන් වහාම සමාව ගතයුතුයි, මාන්නය පසෙක තබා. ඔබ 1977 පෙර තිබුණු තට්ටුමාරු ක්‍රමය පිළිගත යුතුයි සහ රටට ප්‍රකාශ කළයුතුයි වහාම.එය තමයි ජනතාවට නුසුදුසු පාලනයන් වෙනස් කිරීමට ඇති එකම ක්‍රමය. එය වෙනස් කිරීමට ගොස් ජේ.ආර්.රටට කළ අපරාධය ඔබ හා මහජනතාව අත්දැකීමෙන්ම හොඳින් දන්නවා. 17 ට පෙර එසේ කළහොත් අපි හැමෝගෙම ඡන්දය ජ.වි.පෙට තමයි (නි)

:       0       0

නිහාල් Tuesday, 04 August 2015 05:56 PM

මන් අපේ ඥාතීන්ට,මිතුරන්ට කීවා ජේ .වී පි එකට ඡන්දෙ දාන්න කියල (නදී)

:       0       0

ජයන්ත Wednesday, 05 August 2015 04:36 AM

ජවිපේ, යු.එන්.පී එකේ අතකොළුවක් වෙලා. තමන්ගේ නායකයා පණපිටින් මරපු යු.එන්.පී එකට අද කඩේ යනවා. මේ රටේ දේපල විනාස කරලා උගත් බුද්දිමත් හා අහිංසක මිනිස්සු මරපු ජවිපේ ගැන කුමන විස්වාසයක් තියන්නද ? කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරුවෙන්නේ නෑලු. (නදී)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 05 August 2015 04:39 AM

මොනවා කතා කරන්නද ඩයස් මහත්තයෝ..වතුර පිටින් දාල දෙතුන් දෙනෙක් බාවා ගෙන කම්හල අයින් කර ගත්තා. කම්හල අයින් වුනු ගමන් වතුරත් හොද වෙලා. පි එච් අගෙත් අඩු වෙලා..විශ්ව කර්ම වැඩක්. මම රතු පස්වල ජනතාවගෙන් ඉල්ලනවා ලිංවල වතුර ආයේ මැන ගෙන වාර්තා අරන් ජේ වී පි මුලස්තානෙට එන්න කියල..ඒවා ඔක්කොම එකට එකතු කරලා රතු අලි පැටියාගේ කටේ ඔබල නැතිවෙච්ච ජීවිතයි අහිමි වුනු කම්හලයි ඉල්ලා ගන්න කියල...(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 904 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1836 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2301 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5700 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1709 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6270 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18161 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 278 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site