IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘ජවිපෙ කාර්යය දූෂිතයන් පැන්නීමයි‘

‘රටේ මූල්‍ය පාලනයේ හදවත ශ්‍රී ලංකා මහ බැංකුවයි. ඒ නිසා දූෂිතයින් හෙළිදරව් කිරීම අපේ වගකීමක්‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් විජිත හේරත් මහතා අද පැලවත්ත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

‘මේ වනවිට රටේ විශාල මූල්‍ය අර්බුදයක් තිබෙනවා. ඊට ප්‍රධාන හේතු කිහිපයක් බලපා තිබෙනවා. රාජපක්‍ෂ පාලන කාලයේ සිදුකළ වංචා-දූෂණ-අක්‍රමිකතා හේතුවෙන් විශාල මුදලක් රටට අහිමි වුණා. ඒ වගේම රාජපක්‍ෂ පාලනය කාලයේ අපේ රට විශාල ණය උගුලක හිරකළා. එම හේතු නිසා පැන නැඟුණු මූල්‍ය අර්බුදය තව තවත් දිග්ගැස්සෙමින් තිබෙනවා. වත්මන් ආණ්ඩුවත් අයථා ගනුදෙනු, ඥාති ගනුදෙනු හරහා ජනතා මුදල් නාස්ති කරනවා. දින 100 ආණ්ඩුවේ මුල් කාලයේ නව මහබැංකු අධිපතිවරයෙක් පත්කළා. මහ බැංකු අධිපතිවරයා පත්කර මාසයක් ගතවීමටත් පෙර ඔහු ඥාති සංග්‍රහයක් කළා. තමන්ගේ බෑනාට මහබැංකු බැඳුම්කර විකුණමින් ඥාති ගනුදෙනුවක් කළා. ජනතා විමුක්ති පෙරමුණ එම අයථා ගනුදෙනුව පිළිබඳව රටේ ජනතාවත් පාර්ලිමේන්තුවත් දැනුවත් කළා. මහබැංකු බැඳුම්කර ගනුදෙනුව ගැන මුලින්ම කතා කළේ ජනතා විමුක්ති පෙරුමණයි. අප පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා 2015 මාර්තු 10 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව රටට හෙළිකළා. ගනුදෙනුව ගැන විධිමත් පරීක්‍ෂණයක් සිදුකරන ලෙසත් මහබැංකු අධිපතිවරයා ධුරයෙන් ඉවත් කර සුදුසු පුද්ගලයෙකු එම තනතුරට පත්කරන ලෙසත් අපි ආණ්ඩුවට අවධාරණය කළා. මුල සිටම ඒ පිළිබඳව අපි පැහැදිළි, සෘජු ස්ථාවරයක සිටියා. වත්මන් මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව පමණක් නෙවෙයි අජිත් නිවාඞ් කබ්රාල් මහබැංකු අධිපතිවරයාව සිටියදී සිදුකළ ග්‍රීසියේ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව අපි අල්ලස් හෝ දූෂණ කොමිසමට 2015 ජනවාරි 13 පැමිණිල්ලක් ඉදිරිපත් කළා‘ යැයිද හේරත් මහතා කීය.

web_jvp_626



අදහස් (0)

‘ජවිපෙ කාර්යය දූෂිතයන් පැන්නීමයි‘

වින්සන්ට් Sunday, 26 June 2016 10:58 AM

මෙතුමන්ලාට අනුව දුෂිතයන් පැන්නීම කියන්නේ ආණ්ඩු මාරු කිරීම පමණක්ද? පන්නන දුෂිතයන් නැවත බලය ලබා ගැනීම දුෂිතයන්ට උරුමයක්ද? එය ඔවුන්ට උරුමයක් නම් ඔවුන් පන්නන්නේ තවකාලිකවද? එය අපට තේරුම් ගත නොහැකිය. කව්රුත් දුෂිතයන් ගැන කථා කළත් දඬුවම් ලබන දුෂිතයෙක් තවමත් අප දැකද නැත. යන විධියට නම් අපට පෙනෙන්නේ බලය ඇති දුෂිතයන් සහ බලය නැති දුෂිතයන් රඟපාන නාට්‍යයේ මෙතුමන්ලා "පොතේ ගුරා" වීමක් පමණි. (බ)

:       0       0

රත්නසිරි Sunday, 26 June 2016 11:15 AM

ඔයිට වඩා බරපතලයි නේද 71, 89, කළ දේවල්. කොහොමද පරිවාස ආණ්ඩුව වැව් 1000 කළාද? මෙතෙක් රටේ දියුනුවට කරපු එක වැඩක් තියනවද? හැමදාම පැන පැන කියවපු දේවල් විතරනේ? (බ)

:       0       0

ඇසළ Sunday, 26 June 2016 01:35 PM

චිනෙත් කොන්ඩේ බැදපු මිනිස්සු නැහැ ඒ වගේ තමයි ඕව අහන්න දැන් ලංකාවෙත් කොන්ඩේ බදින මිනිස්සු නැහැ කියල හිතා ගන්න.(බ)

:       0       0

නිම්මි Sunday, 26 June 2016 02:29 PM

රත්නසිරි හරි. මෙයාලගේ කට විතරයි. බලමු මහා බැංකු අධිපති ගැන කරනදේ. (බ)

:       0       0

උපාලි Sunday, 26 June 2016 03:39 PM

ඔබේ පක්ෂයේ කෙනෙක් කෝප් සභාපති නොවෙන්න අපට හිතාගන්න පුළුවන් බැඳුම්කර වැඩේට මොකද වෙන්නේ කියල. ඒ වගේම විගණකාධිපති නැවතත් තහවුරු කර තිබෙන පරිදි ඔහුගේ නිවැරදි වාර්තාව අනුව අනුමත සීමාව වගේ දෙගුණයක් ණය අරගෙන. පුද්ගලික වාසිවලට බෙරිහන් දෙන ඒකාබද්ධ විපක්ෂයට මේවා පේන්නේ නැහැ. ඔබ මේවා රටට පෙන්වා දීමම විශාල මහජන සේවයක්. (බ)

:       0       0

පෙරේරා Sunday, 26 June 2016 06:59 PM

ජනතා විමුක්ති පෙරමුණ බිහිවුණ දවසේ ඉඳලම ඔය තමයි කියන කතාව. අද වෙනතුරු දූෂිතයින් එළවලා නැහැ. දැන්නම් ජනතා විමුක්ති පෙරමුණත් එළවලා දාන්න ඕනෑ. (නි)

:       0       0

සුමිත් Sunday, 26 June 2016 09:46 PM

ඔයාලගේ කතා අහන පිළිගන්න අය ටික දෙනා මිසක් වෙන අය ඕවා අහන්නේ නැහැ. පරාදවුණ සෙට් එක පස්ස දොරෙන් අරගෙන කරන වැඩ නොදන්නා කෙනෙක් නැහැ. පක්ෂයට ආදරේ කළ අපිත් මෝඩයෝ (නි)

:       0       0

මොරිස් Sunday, 26 June 2016 10:18 PM

උපාලිගේ කතාවට මම එකඟයි. නමුත් වින්සන්ට්ගේ කතාවෙත් හිතන්න යමක් තිබෙනවා. (නි)

:       0       0

ශක්ති Monday, 27 June 2016 12:29 AM

ඔබතුමන්ලා වගේ ආර්ථික දැනුමක් තිබෙන අය මාධ්‍ය හරහා මහබැංකු අධිපති සමග සංවාදයක් කර රටේ ජනතාවට සිදුවූ ආර්ථික අලාභය ගැන පැහැදිලි කරන්න. (නි)

:       0       0

ජයරත්න Monday, 27 June 2016 04:36 AM

මෙතුමාගේ කතාවෙනුත් උත්සාහ ගන්නේ පසුගිය රජයෙන් රට ණය උගුලක සිරකලබව කියන මතය සමාජගත කිරීමට උත්සාහ කිරීම බවයි පෙනෙන්නේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 161 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 563 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘බන්දුල කලකිරේ‘
2024 ඔක්තෝබර් මස 04 1202 6

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 1036 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 159 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 1017 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38856 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25499 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site