(සුජිත් හේවාජුලිගේ )
රටපුරා පසුගිය දිනවල ඇති වූ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා හෙට සදුදා උදේ හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය .
එම ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ලවෙමින් පවතින හෙයින් පොලිස්පතිවරයා හමුවී එය නිරවුල් කරගැනීමට අදහස් කරන බවද හෙතෙම සඳහන් කළේය.
ජවිපෙ නායකයා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද පසුගියදා කරුණු පැහැදිලි කළේය.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජවිපෙ නායකයෝ හෙට පොලිස්පති හමුවෙති
Bamunuarachchi Sunday, 22 May 2022 12:55 PM
පොලිස්පති හමුවෙලා මොනවා කරන්නද? බලශක්ති ඇමැති ජෙප්පෝ ජෙප්පන්ගේ පරණ නම, ත්‍රස්තයින් බව නැවත පෙරේදා ජනතාවට මතක්කර දුන්නා. ජනතාව ජෙප්පන්, ත්‍රස්තයින් බවත් රටේ සිදුවුණු අපරාධවලට ජෙප්පන් වගකිව යුතු බවට තීරණය කර ඉවරයි. ඊළඟ සැරේ ජෙප්පන්ට 3% වත් ලැබෙන්නේ නැත...!
Hafeel Sunday, 22 May 2022 02:38 PM
3% රැවට්ටුනේ නැහැ. නමුත් ලැජ්ජයි 69 ලක්ෂය ජනවරම දැන් මාලිගාව තුළ හිරවෙලා. 2/3 හැංගිලා හිටියා....
BamunuarachchiMonday, 23 May 2022 09:19 AM
අපි කතාකරන්නේ අපේ රට ගැන පාකිස්තානයවත්, වෙන මුස්ලිම් රටක් ගැනවත් නොවෙයි. ගම්මිරිස් මල්ලත් අරන් යන දේවාලෙක යන්න ...
bamunaSunday, 22 May 2022 04:50 PM
බත් බැලයින්ට මැදමූලන දන්කුඩ රස තවම දැනෙනවා වගෙයි..!
ගමේ එකාලාSunday, 22 May 2022 09:05 PM
අද ජෙප්පන්ට තියෙන තැනවත් දූෂිත පවුල් පාලනේ උදවියට නැහැ. කූජිත වෙලා, හැංගිලා තමයි ඉන්න වෙලා තියෙන්නේ...
BamunuarachchiMonday, 23 May 2022 08:52 AM
වලිගේ පාගාගන්න එපා.... දූෂිත පවුල් පාලනය තාවකාලිකව ගියා. ඒක හරි.. නමුත් ජෙප්පන් බලයට ආවේ නැහැනේ. ජෙප්පන්ට රටේ බලය නොදීමටයි අපි කටයුතු කරන්නේ? ජෙප්පන්ට බලය ගියොත් දූෂිත පවුල් පාලනය නැවත ඕනේ වෙයි. ඒකයි මම තාවකාලිකව දූෂිත පවුල් පාලනය ගියා කියන්නේ. අනික මහා ජෙප්පන් දන්නවා ඔවුන්ට කිසිදාක බලය නොලැබෙන බව. එත් ඔවුන් සැපට ඉන්නවා. ඔවුන්ගේ ළමයි පිටරට කොලු ජෙප්පෝ තාප්පවල පාප්ප ගගා පෝස්ටර් අලවමින් මහා ජෙප්පන් රකිනවා...!
kamal Sunday, 22 May 2022 01:14 PM
ඔයාලා මොනතරම් සුදනෝ වෙන්න හැදුවත් මේ රට මේ තැනට පත්වෙන්න ඔවුන් වගේම ඔයාලා වගකියන්න ඕනේ. විශ්ව විද්‍යාල දරුවන් අවුරුදු ගණන් පාරේ දක්කලා ඔවුන්ගේ අනාගතේ කාලා. කර්මාන්තශාලාවල යුනියන් හදලා ඒවා වට්ටලා, ගුරුවරු අවුරුදු 2ක් ගෙදර කියලා, තමන්ගේ අණට කීකරු වුනේ නැති අහිංසක මිනිස්සු සියදහස් ගණනක් මරලා, රජයේ දේපළ කෝටි ගණන් ගිනි තියලා (88/89). නායකයින්ගේ ළමයි ටික පිටරට ඉගෙන ගන්න යවලා, ප්‍රායෝගික නැති ෆැන්ටෂි කෙබර ගාලා, හැම දේකම නෙගටිව් තින්කින් විතරක් මිනිස්සුන්ගේ ඔලුවලට දාලා, ලංකාවේ ඉන්න කුහකම සාමාජිකයින් ඉන්න 3% ඔයාලා. මතක තියාගන්න මේ රටේ මිනිස්සු මෝඩයෝ නෙමේ. ඔයාලගේ බයිලා 2000න් පස්සේ ජෙනරේෂන් එකට කියන්න. හිතේ ගිල්ටි නැතම් මොකටද පොලිස්පති හම්බ වෙන්න යන්නේ..?. බලපෑම් කිරීමටද?
budSunday, 22 May 2022 04:56 PM
අනේ ඔබලාෙග් දැනුම. ඔබලා නම් රටට සාපයක්... අමන පාලකයින් රට කනකොට එයට නිහඬව සිටීමත්, පාලකයින්ට එරෙහි වන අයට එරෙහි වීමත් දේශද්‍රෝහී ක්‍රියාවක්... තව පෝලිම්වල හිටගෙන හිඟා කාපල්ලා...!
හීමMonday, 23 May 2022 10:11 AM
අනේ ඔයාලගේ දැනුම...! ඉතිං හනුමන්තාගේ අසූචිත් සුවඳයි කීමනේ..!
anaSunday, 22 May 2022 09:14 PM
හරි ඔවුන්ගේ භීෂණය 88/89 කාලයේ යැයි පිළිගනිමුකෝ. එතකොට අනෙක් අයගේ භීෂණය අවුරුදු කීයක්ද? ජෙප්පන්ගේ භීෂණය අවුරුදු දෙකයි. ඒ අවුරුදු 30කට විතර පෙර. අනෙක් අයගේ භීෂණය තවමත්...
කිරි පුතා Sunday, 22 May 2022 01:20 PM
කතා කරන්න දෙයක් නෑ. ඒ දේවල් කළේ සාමාන්‍ය අහිංසක ජනතාව වෙන්න බෑනේ. ගිනි තියලා හොඳ පළපුරුද්දක් තියෙන්න එපැයි ඒ තරම් විනාශයක් කරන්න...
යෝගා Sunday, 22 May 2022 01:28 PM
කැලේ මාරු වුණාට පුල්ලි මාරු වෙලා නෑ කියලා හොඳට මතක තියාගන්න... පොලිස්පතිතුමා..!
මොහමඩ් Sunday, 22 May 2022 02:08 PM
නුඹලා විතරක් නෙමෙයි, පුංචි අම්මාවත් ඵක්ක යන්න. 71 ඉඳලාම රට විනාශ කරපු අය දැන් සුදනන් වෙන්න දඟලනවා...
සුජිත් පල්ලේවත්ත Sunday, 22 May 2022 02:46 PM
පොලිස්පතිතුමාට වැඩේ ලේසිවෙන පාටයි... හෙට ඔය ගිනිතියන හමුදාවේ නායකයින් ආවාම අත්අඩංගුවට ගන්න එක විතරයි කරන්න තියෙන්නේ...
buddySunday, 22 May 2022 04:49 PM
කරලා බලමුකෝ එහෙනම්... බත් බැලයින්ට මැදමුලන දන්කුඩ රස තවම දැනෙනවා වගෙයි...
සුජිත් පල්ලේවත්ත Sunday, 22 May 2022 07:35 PM
ජෙප්පන්ගේ ප්රචණ්ඩත්වයේ උච්ඡතම අවස්ථාවක්..."කරලා බලමුකෝ... මෙයා විතරක් නෙමෙයි ජීවත්වීමට රැකියාවක් නොකරන එහෙත් හැමදාම අලුත් ඇඳුම් වලින් සැරසි සිටින හඳුන්නෙත්තිත් ඔන්න අද මාතලේදී කිව්වා මැයි 9 හවස ප්රචණ්ඩත්වයේ යෙදුනු අය රැකගැනීමට කටයුතු කරන බවට.... 88 වකවානුවේ ටයර් සෑයවල් වල දැණුනු සුවඳද දන්නෑ දැනෙන්නේ?
budMonday, 23 May 2022 03:07 AM
තමුන් ගේ දැනුමේ තරම පෙනෙනවා. අඩුම ගණනේ ඇස්දෙක අර දැනුම දියුණු කරගන්න බලන්න. අරගලයට සහාය දෙන්න ඕනෑතරම් වැදගත් මිනිසුන් ඉන්නවා. හොයලා බලන්නකෝ. තමුන් කවුද කියලා අදාලත් නැහැ. හැබැයි මම මසකට මි. 1.6 කට වැඩ ආදායමක් ලබන කෙනෙක්..
swene Sunday, 22 May 2022 04:22 PM
පොහොට්ටු කාරයෝ මන්තරේ ජප කරලා වගේ කියල කියල ජෙප්පෝ විසින් කරන ලද්දක් කියල ජනගත කරනවා. මේ සම්බන්ධව වගකිවයුතු අයගෙන් - (පොලිස්පති ගෙන්) පොලිසියේ ස්ථාවරය පැහැදිලි කිරීම ඉතා හොඳයි.
සත්‍ය ගවේෂී. Sunday, 22 May 2022 07:49 PM
බමුණුආරච්චිලා වැනි දේශපාලනගැති අඳ බාලයින් තාමත් පොහොට්ටු මැරයින් වන්දනා කරාට, මොලය හා සංවේදී හදවතක් ඇති කිසිවෙකු හෝ පොහොට්ටු මැරයින් කණ්ඩායම සිදුකළ ඒ ප්‍රහාරය අනුමත කරන්නේ නැත. එය එසේ වුවත්, කුපිත වූ පොදු මහ ජනතාව දඩමීමා කරගෙන ජනතා විමුක්ති පෙරමුණේ මැරයින් සිදුකළ ගෙවල් ගිනිතැබීම් හා අනෙකුත් කඩාකප්පල් කාරී ක්‍රියාද කිසිසේත් අනුමත කළ නොහැකියි. මංකොල්ල කෑම්ද එසේමයි. මේ දේවල් ආරම්භ කළ මහින්ද ඇතුළු පොහොට්ටු මැරයින්ද, පසුව ජනතාවට වහන්වී,ගෙවල් ගිනි තැබීම් මංකොල්ල කෑම් හා අනෙකුත් කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකළ ජේවීපී මැරයින්ද අත් අඩංගුවට ගෙන අධිකරණයට ගෙන සැමට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
BamunuarachchiMonday, 23 May 2022 09:15 AM
හලෝ මම, අපි පාරම්පරික ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්. පක්ෂයක් මෙහෙයවන්නේ, පක්ෂයෙන් රටට කෙරෙන්න ඕන වැඩකොටස කෙරෙන්නේ පක්ෂ නායකයාගෙන්... බණ්ඩාරනායකලා ආණ්ඩුකාලේ එහෙමයි. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයෙක් නැතිතරම්. නියම නායකයා පොහොට්ටුව හැදුවා. ඉතින් අපි ඉබේම පොහොට්ටුවට ඇදුණා. ජෙප්පන් රටට කළදේ අපි දක්කා. ඔවුන්ගේ ප්‍රතිපත්තිවලට අපි කැමැති නැහැ. මට ජෙප්පෝ එපානම්, සජබයෝ එජාපයෝ එපානම්, මම ඉබේම පොහොට්ටු සාමාජිකයෙක් වෙනවා. ජෙප්පන් දැනට මංකොල්ල කෑවේ මැති ඇමැතිලාගේ දේවල්. ඔවුන්ට බලය ගියොත් ජෙප්පන්ට වඩා තිබෙන සෑම ගෙයක්ම මංකොල්ල කනවා. ගාලුමුවදොර ඉන්නේ නිර්පාක්ෂික ජෙප්පන් බව දැක්කා නේද? ගෝල්ෆේස් ආපු සජිත් ඇතුළු සෑම දේශපාලුවන්ටම පහර දුන්නා. නමුත් අනුරට පහර දුන්නේ නැහැ. ගාලුමුවදොර ඉන්නේ නිර්පාක්ෂික ජෙප්පන්. වැදගත් පවුලක එක ළමයෙක් ජෙප්පෙක් වෙලා ඉන්නවාද? නැහැ...
Sameera Sunday, 22 May 2022 08:06 PM
ජවිපෙ 1994 සිට පාර්ලිමේන්තුව නියෝජනය කරනවා...! හැම දෙයටම විරුද්ධව පාරට විශ්වවිද්‍යාල සිසුන් ගෙනැල්ලා රටේ අනාගතය පාරට දියකරනවා! ජවිපෙ අඩුම තරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහාවත් වැඩ පිළිවෙලක් නැහැ! අනුර කුමාර වැනි ජනතාව දැනුවත් කිරිමට කිසිම ප්‍රායෝගික වැඩපිළිවෙලක් නැති යාවත්කාලීන නොවූ නායකත්වයකට රටක් දියුණු කළ නොහැකියි සහෝදරයා...! කරුණාකරලා යූ ටියුබ් බලන්න.. තාක්ෂණය රටක සංවර්ධනයට කොතරම් වැදගත්කමක් තියෙනවද කියලා..! JVP යනු වැඩබැරි කටින් දේශපාලන පක්ෂයක්!
මහී Sunday, 22 May 2022 10:13 PM
අපි අහිංසකයි. අපේ එවුන් ගිනි තියන්න තියා ගිනිකූරුවලටත් බයයි. මට හනුමන්තා කාඩ් එක ගහලා. ඒකට නඩුවක් දාන්න. දෙගොල්ලොම එකයි.
Rajapaksha Monday, 23 May 2022 04:49 AM
මුලින් ප්රචණ්ඩත්වය වපුරනු ලැබූවන් නිදහස් කරනු පිණිස..., බොහෝ පිරිසක් ප්‍රතිචාර දමා ඇත..
Lelwala Monday, 23 May 2022 06:35 AM
රජයේ දේපල ගිනිතැබිම්, මංකොල්ල කෑම්, මිනීමැරීම් සම්බන්ධව ඇති අයට නීතිය ක්‍රියාත්මක විය යුතුය. මොවුන් කෙරෙහි ඇති මහජනයාගේ අවිශ්වාසය පහවී නොමැත.
Gamage Monday, 23 May 2022 07:11 AM
බත් බැලයින්ට මැදමූලන දන්කුඩ රස තවම දැනෙනවා වගෙයි.
prasanna Monday, 23 May 2022 08:24 AM
සීතල ගේම් කාරයින්. 1988/89 කාලෙත් සාමාන්‍ය ජනයාගේ දේපළ කොල්ල කවා. ගිනි තිබ්බා. ඊළඟ ඡන්දයෙන් ඔබට ලැබෙන්නේ 0.03% ක ප්‍රමාණයක් පමණයි.
Daforiya Monday, 23 May 2022 02:58 PM
කවදාවත් වෙනස් නොවන කඩාකප්පල් හමුදාව...