IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ජවිපෙ මන්ත්‍රී විපතට පත්වූවන්ට බෙහෙත් කරයි

 ගංවතුරින් අවතැන්වූ කොළොන්නාව ප්‍රදේශයේ ජනතාවට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට ජනතා විමුක්ති පෙරමුණ ‘රතු තරුව‘ නමින් සහන සේවා වැඩසටහනක් සිදු කළේය.  

වෘත්තියෙන් වෛද්‍යවරයකු ද වූ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ද එම වැඩසටහනේදී ජනතාවට ප්‍රතිකාර කිරීමට එක් විය.

kolonnawa-kadawra---04 kolonnawa-kadawra---07 kolonnawa-kadawra---08



අදහස් (0)

ජවිපෙ මන්ත්‍රී විපතට පත්වූවන්ට බෙහෙත් කරයි

රෝහිණී Monday, 23 May 2016 04:08 PM

ඒ කියන්නේ ඔය පාර්ලිමේන්තුවේ දොස්තරලා ඉන්නේ වැඩ කරන්න පුලුවන් අය එක්කෙනයි. අනික් අය පින් පඩිකාරයෝ. අපේ රටට ගිය කලක්. එතුමාට පින් මේ කරන සේවයට​. (බ)

:       0       0

සුසන්ත Tuesday, 24 May 2016 06:00 AM

හුසේන් මොහොමඩ්ගේ කතාව හරියටම හරි (නි)

:       0       0

උපාලි Monday, 23 May 2016 04:32 PM

ජවිපෙ ජනතාවගෙන් ඈතින් ඉන්නේ කියලා අපිට හිතෙනවා. ඒ කිව්වේ ජවිපෙ හඬ ජනතා හඬ නෙමෙයි කියලා නොයෙක්විට පෙනෙන නිසා. ජනතාවට ළංවෙන්න නම් මෙවැනි සමාජ සත්කාර වගේම සැබෑවටම ජනතාවගේ අදහස් ජවිපෙ හඬ බවට පත්කර ගතයුතුයි කියලයි හිතෙන්නේ. (නි)

:       0       0

විරාජ් Monday, 23 May 2016 04:36 PM

චතුරි නිවැරදිදේට නිවැරදියි කීම/ වැරදිදේට වැරදියි කීම මනස විකෘතිවීමක්ද? (නි)

:       0       0

ජයනාත් ශ්‍රී බණ්ඩාර Monday, 23 May 2016 04:35 PM

මෙයා චතුරිද කතුරිද කියලා මට නම් තේරෙන්නේ නැහැ. දොස්තරගේ ඇඟේ ජේවීපී කියලා ගහලා නැහැනේ. (නි)

:       0       0

අනිල් Wednesday, 25 May 2016 03:55 AM

ඇසළ, ඔයා ඉතිහාසය දන්නේ නැත්නම් 71,විජේවීර හෘද සාක්ෂිය පොත අරන් කියවන්න. ඔයාට ගොඩක් දේ තේරේවි එතකොට (නි)

:       0       0

රවී Monday, 23 May 2016 04:49 PM

මනස විකෘති චතුරි වගේ අයගෙන් ඡන්දය ගන්න පුළුවන් හොරුන්ට විතරයි (නි)

:       0       0

බණ්ඩාරනායකගේ Monday, 23 May 2016 04:50 PM

චතුරි හරියට හුළං ගිය බැලුම් බෝලයක් වගෙයි (නි)

:       0       0

රොමේෂ් Monday, 23 May 2016 04:52 PM

චතුරිගේ මනස විකෘති කළෙත් දොස්තර කෙනෙක්ද? (නි)

:       0       0

රුවන් Monday, 23 May 2016 04:52 PM

ඔබගේ මනුස්සකමට පින්! (නි)

:       0       0

සරත් Monday, 23 May 2016 04:56 PM

චතුරට මෙහෙම දෙයක්වත් හොඳ විදියට දකින්න බැරි ඇයි? (නි)

:       0       0

වසන්ත Tuesday, 24 May 2016 06:35 AM

මෙයයි සැබෑ මිනිස්කම! (නි)

:       0       0

වින්සන්ට් Tuesday, 24 May 2016 06:34 AM

ඇසළ මහතා, අවුරුදු 68 ක අතීතය නොදන්නා අය කවදා ඉපදුනේද යන්න අපටත් සිතාගත නොහැකිය. ප්‍රශ්නවලට පිළිතුරු නොමැති තැන ප්‍රචණ්ඩත්වය ඇතිවීම සාමාන්‍ය දෙයකි. යුද්ධ,කැරලි ඇතිවී ඇත්තේ එවැනි අවස්ථාවලදීය. එයට වගකිවයුත්තන්ද අප හඳුනාගත යුතුව ඇත. කව්රු කවදා ඉපදුනත් යහපත් ක්‍රියාවක් අගය කිරීම මිනිස්කම විය යුතුය. (නි)

:       0       0

රජිත් මංජුල‍ Monday, 23 May 2016 05:24 PM

චතුරි, බුද්ධදාස රජතුමා ගැන අහලා තියෙනවද? පාට කණ්ණාඩිය ගලවන්න. අරනායක නායයද්දී, කැළණි ගඟ පිටාර ගලලා ගංවතුර දාද්දි, ලොකු පොඩි පක්ෂ පාට එකක්වත් බැලුවේ නැහැ, එතුමා වෛද්‍යවරයෙක්. ගිලනුන්ට උපස්ථාන කිරීම මහා ආනිසංස ගෙනදෙන පින්කමක් (නි)

:       0       0

සනත් Monday, 23 May 2016 05:42 PM

චතුරිගේ මනස විකෘතිවෙලා වගේ තමයි පෙනෙන්නේ. කවුරු කළත් හොඳ දේ හොඳයි කියන්න. පාට කණ්ණාඩි ගලවලා බලන්න. ජනතාව විපතට පත්වුණ හැම වෙලාවකදීම ජවිපෙ උදව් කළා. ජනතාව කළගුණ නොසැළකුවා කියලා අහක බලා ගන්නේ නැහැ. (නි)

:       0       0

කසුන් දමින්ත Monday, 23 May 2016 06:14 PM

වාහන බලපත්‍රය උදුරගන්න වැඩ නතරකරන දොස්තරලාට හා දේශපාලකයන්ට සාපේක්ෂව නලින් සහෝදරයාගේ වැඩ හා ක්‍රියාවන් ඉතාම උසස්! (නි)

:       0       0

ගමගේ Monday, 23 May 2016 06:21 PM

අපි කඩුවෙල. රතු තරුව හරහා කළ සත්කාර දුටුවෙමු. අගයන්නෙමු (නි)

:       0       0

රජිත් මංජුල Tuesday, 24 May 2016 01:11 PM

ඇසල ඇතිතේ කල වැරදි පාඩමට අරගෙන වර්තමානයේ ඒ වැරදි නොකර අනාගතයට ඒ වැරදි නොවෙන්ඩ වග බලාගන්න එක තමයි මිනිස්සුන්ගේ යුතුකම බුදුන්වහන්සේ කිසාගෝතමියට කිව්ව නොමළ ගෙයකින් අබ මිටක් ඉල්ලන් එන්ඩ කියල ඇසල ඒක දන්නෑ (බ)

:       0       0

විද්‍යා Monday, 23 May 2016 07:39 PM

කෝ අර කෑගහන ගම්මන්පිලලා, විමල් වීරවංශලා, මහින්ද රාජපක්ෂලා? (නි)

:       0       0

මොරිස් Monday, 23 May 2016 08:11 PM

අනේ චතුරි, හිතේ අමාරුවට, ඊර්ෂාවට නම් බෙහෙත් තවම සොයාගෙන නැහැ. (නි)

:       0       0

සුසන්ත Monday, 23 May 2016 09:58 PM

ඉතාම හොඳ වැඩක්. අපේ මෝඩ මිනිස්සු ජවිපෙට අඩුම තරමේ ආසන විස්සක්වත් දෙන්න ඕනෑ. අපේ රටේ ඉන්න හොර දොස්තරලා එක්ක සංසන්දනය කරනකොට නලින්ද විශිෂ්ටයි. (නි)

:       0       0

නිහාල් Monday, 23 May 2016 10:04 PM

චතුරි කියනවා මිනිසුන්ගේ මනස විකෘති කරන්න එපා කියලා. මුළු රටම විකෘති වෙලා කියලා එයාට පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

රත්න Monday, 23 May 2016 10:47 PM

ලංකාවේ පාර්ලිමේන්තුවේ වැඩ කරන්න පුළුවන් උගත් අය ඉන්නවා. ඒ වුණාට නූගත් අය වැඩිකම නිසා උගත් අයට වැඩ කරන්න බැහැ. (නි)

:       0       0

කස්තුරි Tuesday, 24 May 2016 02:31 AM

ජවිපෙට රට වසර 5 කට දෙන්න. එයාලා රට හදන හැටි ඔයාලට බලාගන්න පුළුවන්. මම එ්ක වටහාගත්තේ සුනාමියෙන් විනාශ වුණ දකුණු දුම්රිය පාර හදපු හැටි දැක්කහමයි. ඔයාලට සුබ පැතුම් ජවිපෙ! (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 24 May 2016 07:55 AM

අගය කලයුතුයි මෙවැනි ක්ෂණික ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීම (ම)

:       0       0

බස්නායක Tuesday, 24 May 2016 02:30 AM

කවුද චතුරිගේ මනස විකෘති කළේ? අනේ පව්! (නි)

:       0       0

අරවින්ද Tuesday, 24 May 2016 08:55 AM

ජවිපෙ පීඩිතයාගේ නියෝජනය. ජය වේවා!!! (ම)

:       0       0

කමල් විමලවීර Tuesday, 24 May 2016 03:08 AM

අ‍නෙක් වෛද්‍යවරුත් මේ අය සමඟ සම්බන්ධ වුණා නම් කොච්චර අගනේද ? එ්ක තමයි සංහිඳියාව කියන්නේ (නි)

:       0       0

විරාජ් Tuesday, 24 May 2016 03:08 AM

චතුරි, හරි දේ හරියට දැකීම, වැරදි දේ වැරදියට දැකීම මනස විකෘතිවීමක්ද? ඔය වගේ අය නිසා තමයි පාර්ලිමේන්තුවට හොරු යවන්නේ (නි)

:       0       0

බටගල Tuesday, 24 May 2016 03:15 AM

අපි පාර්ලිමේන්තුවට යැවියයුතු අය ගැන හැමදාමත් කතා කරනවා. එත් අන්තිමේ කිසිම බුද්ධියක් සුදුසුකමක් නැති හිස් මිනිස්සු ටිකක් යවනවා. ඒගොල්ලෝ ගිය දවසේ ඉඳලම තමුන්ගේ මඩිය තර කරගන්න විදිය ගැන හිතනවා. වරද අපේම නේද? (නි)

:       0       0

සිසිර Tuesday, 24 May 2016 03:19 AM

මේ වගේ රතු තරු 130ක් පාර්ලිමේන්තුවට යැවුවා නම් මුළු ලංකාවම සුවපත් කරන්න පුළුවන් වෙයි (නි)

:       0       0

ඇසළ Tuesday, 24 May 2016 03:39 AM

71 න් පස්සේ ඉපදුන කට්ටිය අතීතය නොදන්නා නිසා ජවිපෙ ගැන දාන අදහස් වලින් හිතාගන්න පුළුවන් ඉපදුන කාලය. (නි)

:       0       0

පුරසිරි Tuesday, 24 May 2016 04:08 AM

කොච්චර හොඳද? මෙන්න මිනිස්සු! (නි)

:       0       0

වසන්ත Tuesday, 24 May 2016 04:08 AM

චතුරි, මම කිවුවා කියලා හිතාගන්නකො .... (නි)

:       0       0

උදිත් Tuesday, 24 May 2016 04:13 AM

මෙවන් මිනිසුන් හැමදෙනාටම ආදර්ශයක් (නි)

:       0       0

නිමල් එදිරිසිංහ Tuesday, 24 May 2016 04:14 AM

අවශ්‍ය වෙලාවේදි උවමනා දේ කිරීම වැදගත්. ඔය මැතිසබේ තව දොස්තරලා ඉන්නවා නේද? (නි)

:       0       0

නිරාන් Tuesday, 24 May 2016 04:17 AM

මෙන්න නියම මිනිස්සු! අපේ මිනිසුන්ට මේ ටික තේරෙන්නෙ නැහැනේ (නි)

:       0       0

ආරියපාල හේවගේ Tuesday, 24 May 2016 09:39 AM

රටේ ජනතාව ගැන සැබෑ ආදරයක් තිබෙනේ රටට සහ ජනතාවට සැබෑ කැක්කුමක් තිබෙන අයට පමණි. (ම)

:       0       0

රංග Tuesday, 24 May 2016 04:33 AM

චතුරි, හැම දෙයකම හොඳක් දකින්න පුරුදුවෙන්න. ඔයාට වැරදුනේ ඔයහින්දා (නි)

:       0       0

දර්ශන Tuesday, 24 May 2016 04:40 AM

තමන්ගේ මනස විකෘති කරගෙන ඉන්න චතුරි අනුන්ගේ මනස විකෘති කරන්න එපා කියනවා. (නි)

:       0       0

සමිත සුරංග Tuesday, 24 May 2016 04:43 AM

අපේ රටේ තණකොල මිනිස්සුන්ට මේවා තේරුම්ගන්න තව කොපමණ කාලයක් යාවිද. අති විශිශ්ටයි.....(බ)

:       0       0

වසන්ජය Tuesday, 24 May 2016 05:23 AM

අපේ රටේ සෞඛ්‍ය ඇමත් වෛද්‍යවරයෙක් .මේ වගේ ෆිඑල්ඩ් එකට බැස්ස නම් නරකද ?.දත් ගලවන්න (බ)

:       0       0

හුසේන් මොහමඩ් Tuesday, 24 May 2016 05:42 AM

මිනිසුනේ, පාට පක්ෂ ගැන කියලා මනුස්සකමට නිගා කරන්න එපා. අපි දැක්කා පහුගිය සුනාමියේදී දැන් බොහෝ කටමැත දොඩවන අපේ දේශපාලුවන්ගේ ක්‍රියාකලාපයන් ගැන. ලැජ්ජයි කියන්න මොවුනුත් පත්වුණේ ජනතාවගේ ඡන්දෙන් නේද කියලා. නලින්ද සහෝදරයා, ඔබට දීර්ඝායුෂ! (නි)

:       0       0

සමීර Tuesday, 24 May 2016 05:49 AM

වසන්ජය, එයා අපේ දත් දැනටමත් ගළවලා ඉවරයි (නි)

:       0       0

චතුරි Monday, 23 May 2016 04:02 PM

මිනිසුන්ගේ. මනස විකෘති කරන්න එපා බෙහෙත් කෙරුවට කමක් නැහැ (බ)

:       0       0

වරුණ Tuesday, 24 May 2016 05:51 AM

අනේ චතුරි, ඔයාගේ මනස නම් විකෘතිවෙලා බව පේනවා. කරුණාකර මානසික වෛද්‍යවරයෙක් හමුවෙලා බෙහෙත් ගන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 608 2

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 232 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1338 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2557 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 209 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1495 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38620 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 940 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site