IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ජවිපෙ විරෝධය අම්බලන්තොටින් ඇරැඹෙයි

හම්බන්තොට මාගම්පුර වරාය චීනයට විකිණීමට හා හම්බන්තො‍ට ඉඩම් අක්කර 15000ක් චීන ආයෝජකයින්ට ලබා දිම සඳහා රජය ගෙන ඇති තිරණයට විරෝධය පළකරමින් ජනතා විමුක්ති පෙරමුණ අද (5) අම්බලන්තොට ලැයිම හන්දියෙන් විරෝධතා පා ගමනක් ඇරඹීය.

පාගමනින් අම්බලන්තොට නගරයට පැමිණ අම්බලන්තොට නගරයේ දි විරෝධතාවයේ යෙදුණු අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, සුනිල් හඳුන්නෙත්ති, නිහාල් ගලප්පත්ති, කේ.ඩී ලාල් කාන්ත  ඇතුළු පක්ෂ සාමාජිකයෝ ඇතුළු විශාල පිරිසක් ඊට එක්වූහ.

DSC06742 DSC06745 DSC06747 DSC06751



අදහස් (0)

ජවිපෙ විරෝධය අම්බලන්තොටින් ඇරැඹෙයි

ගයාන් ප්‍රියන්ත Thursday, 05 January 2017 05:07 PM

ජේවීපී එක් මොකක්හරි ප්‍රශ්නයක් කතාකළාම හැමදා ප්‍රධාන පක්ෂ දෙකට කියන්න තියෙන්නෙ 88-89 ගැන තමා.ඒ පරම්පරාව දැන් ජේවීපී එකේ ඇත්තෙත් නැහැ. ඊටපස්සෙ මේ පක්ෂ දෙක අවුරුදු කීයක් රට පාලනය කළාද? ඒ අතරතුර කොච්චර අපරාධ හොරකම් දූෂණ වුණාද. කවදාවත් එයලා අහනදේට උත්තර දෙන්නෙ නැහැ. අපේ මිනිස්සු හැමදාම අපි කොළ, අපි නිල් කියගෙන ඉන්නවා මිසක් මොළෙන් ප්‍රශ්න දිහා බලන්නෙ නැහැ. (නි)

:       0       0

ඉසුරු Friday, 06 January 2017 11:00 AM

ජවිපෙ සාමාජිකයෝ රටට හිතවත් වුනාට දැන් ඉන්න සමහර නායකයෝ එහෙම නැහැ. (ර)

:       0       0

යෝනක Friday, 06 January 2017 12:37 AM

ජවිපෙත් නැත්නම් මේ රජය කොහොම නටයිද? (නි)

:       0       0

ලුම්බිණි Friday, 06 January 2017 12:59 AM

ජවිපෙ හැමදාම කළේ විරෝධය පාන එක. අලුත් යමක් කළොත් නරකද? (නි)

:       0       0

කස්තුරිආරච්චි Friday, 06 January 2017 02:35 AM

ලුම්බිණි ජවිපෙට අවස්ථාවක් දීලා බලන්න. (නි)

:       0       0

දිලීප Friday, 06 January 2017 04:41 AM

මෙය රටේ ප්‍රධාන පක්ෂ දෙකේ දේශපාලකයෝ මිනිස්සුන්ට තොරන් පෙන්නනවා.ජනතාව අපිත් ලස්සනට ගොනාට ඇදගන්නවා.පක්ෂ බේදයකින් තොරව හරි දෙය හරි විදියට දකිමු. (හේ)

:       0       0

කපිල Thursday, 05 January 2017 11:43 AM

71/77 / 88/89 රටේ සම්පත් වලින් බාගයක්ම විනාශ කරලා , මිනිස්සු මරලා දෑන් එනවා රටේ සම්පත් රෑක ගෑනීම ගෑන කතා කරන්න. ඒවා විනාශ නොකළා නම්, දෑන් කාලේ මේවා විකුනන්න වෙන්න නෑ කියන එක මේ අයට තේරෙන්නෙ නෑද්ද? (බ)

:       0       0

ගයාන් Friday, 06 January 2017 04:58 AM

ජවිපෙ නැත්නම් මේ වනවිට අපට රටක් ඉතුරු වන්නේ නැත (හේ)

:       0       0

රවී දර්ශන Friday, 06 January 2017 05:01 AM

ජ.වි.පෙ. ඉතිහාසයට බනින අයගෙන් නිකමට අහන්නේ, ප්‍රධාන පක්ෂ දෙක එදා ඉඳන් වැරදි වැඩ කරලම නැද්ද ? ලෝකේ වටේ ගිහින් ණය ගන්නේ, එතකොට ... රටේ සම්පත් විකුනන්නේ, ඒ කාල විනාශ වෙච්ච දේවල් ගොඩනගන්නද ??(හේ)

:       0       0

නලින් Thursday, 05 January 2017 12:43 PM

බොරුවට කාලයක් පැවතෙන්න බෑ. ඒ වගේම ජවිපෙ කවදවත් මිනිස්සු පිළිගන්නේ නෑ. (ර)

:       0       0

අමිත් දර්ශක Friday, 06 January 2017 05:31 AM

71/88 කරපුවා මතකයි (බ)

:       0       0

කුමාර Thursday, 05 January 2017 01:06 PM

බොරු වැඩ වලට කාලය නාස්ති කරන්න එපා මහත්තයෝ.(හේ)

:       0       0

වසන්ජය Friday, 06 January 2017 07:34 AM

ඒකාබද්ධ වෙලාද එහෙමවත් අනාගතයක් ගැන හිතමු (බ)

:       0       0

රෝහණ Thursday, 05 January 2017 01:40 PM

හරියටම හරි කපිල මහත්තයෝ.(ර)

:       0       0

නිහාල් ප්‍රේමලාල් Thursday, 05 January 2017 02:14 PM

ඉන්දියාවෙන් ඇවිල්ල හරි කමක් නැහැ මේ ඉඩම් බේරා ගන්නවනම් අපිට මොකද. (හේ)

:       0       0

කමල් Thursday, 05 January 2017 02:52 PM

අද වනවිට රටේ ජනතා ගැටලු අයුක්තියට අසාධාරණයට සොරකමට විරුද්ධව හඩනගන්නේ ජවිපේ පමණයි අතිතයේ වැරදි නිවැරදි කරගෙන ඹහුන් කටයුතු කරන අයුරින් අද ජනතාවට විශ්වාස කළ හැක්කේ ජවිපෙ පමණයි (බ)

:       0       0

තිලක් Thursday, 05 January 2017 03:07 PM

87/88 කාලේ ඉන්දු ලංකා ගිවිසුම කියලා පටන් ගත්ත විරෝධතාවය , සාධාරණීය කර කර තරුණයෝ 60,000ක් බිලිවුනා, අපහු මේකක් පටන්ගන්නේ ඒ වගේ වැඩකට ද ?(හේ)

:       0       0

කැනඩා ගුරා Thursday, 05 January 2017 03:52 PM

තිලක් මහත්තොයෝ 87/88 කාලේ 60,000ක් දීලත් පළාත් සභා නතර කරගන්න බැරි වුනා. දැන් කෑගහනව පළාත් සභා සුදු අලියෙක් කියල. කවද හරි හම්බන්තොට ඉඩම් ටිකටත් වෙන්නේ ඕකම තමා (බ)

:       0       0

දිලංක Thursday, 05 January 2017 04:00 PM

මේ මිනිස්සු පාරට බැස්සත් වැරදි නොබස්සත් වැරදි.....කපිල 77/89 ඒවා ගැන දොඩවනවා ...ඒ දවස්වල ආණ්ඩු බලය අැල්ලුවනම් ..අද රට මිට වඩා ගොඩක් සුන්දර වෙන්න ඉඩ තිබ්බා ....තවමත් හණමිටි කතා කියව කියවා හිටපල්ලා ...ඔය පරම්පරා ව හැඳි ගැවිලා ගිය දවසකවත් රට හැදෙයි (බ)

:       0       0

සමන් Thursday, 05 January 2017 04:23 PM

ජවිපෙ නිසා තමයි රටේ තියන ටික හරි බේරිලා තියනවා නම් තියෙන්නේ. නැත්නම් දැනටමත් විකුණලා ඉවරයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1188 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2128 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 294 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 939 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9193 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3353 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 348 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site