IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ජවිපෙ විරු සමරුව ලන්ඩනයේ

ජනතා විමුක්ති පෙරමුණ මහා බ්‍රිතාන්‍ය ශාඛාව 44 වැනි අප්‍රේල් විරු සමරුව ලන්ඩන් නුවරදී පැවැත්වීය.

එක්සත් රාජධානියේ  ජවිපෙ සංවිධායක දර්ශන හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් ලන්ඩනයේ සඩ්බරි වේල්ෆාම් ක්‍රීඩාගාර ශාලාවේදී පැවති මෙම   උළෙලට 1971 සිට ජනතාවිමුක්ති පෙරමුණට සම්බන්ධව සිටි පැරණි හා නවක සාමාජිකයෝ ද ඔවුනගේ දුදරුවෝ ද හා හිතවත්හු ද සහභගි වුහ.

අප්‍රේල් විරුවන්ගේ ශ්‍රේෂ්ඨ බව හා ගෞරවය සැමරීම සඳහා නිර්මාණාත්මක සැමරුම් කුළුණක්ද ඉදිකර තිබිණි. උත්සවය ආරම්භ වුයේ සමරු කුළුණ මත මල් පහන් තබා විරු ගී ගැයීමෙන් අනතුරුවය.

උත්සවය පැවති දිනය එංගලන්තයේ නිවාඩු දිනයක් වූ නිසා බොහෝදෙනා නිවාඩු ගත කිරීමට සංචාරයේ යෙදෙන දවසක වුවත් අලුත් හිතවතුන් හා සාමාජිකයන්ගෙන් ශාලාව පිරි තිබීම සංවිධායකයින්ගේ දිරියට හේතුවක් වූබව දර්ශන හෙට්ටිආරච්චි පැවසුවේය.

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අන්තර් ජාලයේ  ස්කයිප් ඔස්සේ සභාව ඇමතුවේය. එහිදී " 44 වන අප්‍රේල් විරුවන් යනු අධිෂ්ඨානයේත්, කැපවීමෙත්,සටන්කාමිත්වයේත් සංකේතය බව" ඔහු කියා සිටියේය.දර්ශන හෙට්ටිආරච්චි, රන්ජිත් විජේසිරිවර්ධන හා අජන්ත කාන්ගහආරච්චි සභාව ඇමතුහ.

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති සහ දුෂණ විරෝධී හඬ ව්‍යාපාරයේ කැඳවුම්කරු වන වසන්ත සමරසිංහ සහභාගී වන ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක්ද ජවිපෙ එක්සත් රාජධානි කමිටුව මඟින් සංවිධානය කර ඇත. "බල පෙරලිය සහ ජනතා අභියෝගය"  නම්වූ මෙම සම්මන්ත්‍රණය අප්‍රේල් 19 වෙනි දින සවස 3 ට  සඩ්බරි වේල්ෆාම් ක්‍රීඩාගාර ශාලාවේදීපැවැත්වෙයි.

DSC_0141 DSC_0213 IMG_3766 madawala

ඡායාරුප :හේමදාස ලියනගේ.

 



අදහස් (0)

ජවිපෙ විරු සමරුව ලන්ඩනයේ

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Friday, 10 April 2015 12:07 PM

ලන්ඩනයේ නිවාඩු දිනයක පැවැත්වූ මෙම සමරුවට ජවිපෙ සාමාජිකයින්ගේ පැමිණීමේ අඩුවක් තිබුනත් මෙම ශාලාවට එකතු කළ හැකි උපරිම පිරිසක් සහභාගී උනා...විශේෂයෙන්ම පැමිණි දරුවන් ශාලාවෙන් පිටතට යැවීමට සිදු වුනේ ඉඩමදී කම නිසයි.සැබෑ දේ නම් අදටත් ලන්ඩනයේ සංවිධානාත්මක දේශපාලන පක්ෂය ජවිපෙයි..මෙයට අදහස් දක්වන ඇසල හා සම්පත් තම තමන්ගේ දේශපාලන මඩ ගොහොරුවේ ලග ගෙන කරන විවේචන දැක්කම මහා පොළොවේ තියෙන දේශපාලන යථාර්තය තේරුම් ගෙන කරන විවෙචනක් කියල මම හිතන්නේ නැහැ. මහේෂිගේ විවේචනයේ සාධනීය පැත්තක් ඇතත් පක්ෂය කැඩීමක් සිදුවී නැහැ. (අ)

:       0       0

ඇසළ Friday, 10 April 2015 04:36 AM

අනාගතයක් නැති දෙපැත්තට වැනි වැනි ආණ්ඩුවේ ඇමතිලා වගේ වාසි පැත්තට හෝයියා කියන පක්ෂයක්. ඉන්න සාමාජිකයන් ගොඩ දැක්කහම පව් කියල හිතෙනවා. (ම)

:       0       0

සම්පත් Friday, 10 April 2015 05:09 AM

10ක්වත් හොයාගන්න බැරිවෙලා එයි මෙහෙම උනේ මන්ත්‍රී වරු තිස් ගණනක් හිටපු පක්ෂයක් නේද මේක උද්දච්චකම අනුන්ගේ කුණු ඇවිස්සීම වාසියටම විතරක් තීන්දු ගැනීම නතර කළා නම් තමන්ගේම වුන ප්‍රයෝගික වැඩපිළිවෙළක් ගේනවානම් මීට වඩා ප්‍රගතියක් තියෙනවා මෙයාලත් තව වමේ කියාගන්න දක්ෂිණාංෂික ආණ්ඩුවලට මුක්කු ගහන කල්ලියක්ම පමණි (බ)

:       0       0

විටියල ගමගේ Friday, 10 April 2015 06:05 AM

මට තිබෙන ප්‍රශ්නය නම් මහින්දට කරන විවේචන අනෙක් අයට නොකරන එක (නි)

:       0       0

මහේසි Friday, 10 April 2015 07:00 AM

මෙහි පිරිසක් නැහැ කියලා චෝදනා කිරීම වැරදියි කියලයි මම හිතන්නෙ. මොකද මීට අවුරුදු 5 කට කලින් මම ලන්ඩන් ආපු කාලෙ එයාලට ගොඩක් අය හිටියා. ඒත් පස්සෙ කාලෙ ඒ පක්ෂෙම කොටසක් කැඩිලා ගිහින් වෙනත් පක්ෂයක් හැටියට වැඩකරන්න ගත්තා. එහෙම වුණාම දෙපැත්තටම හිටපු පිරිස් බෙදිලා ගියා. ඒක හරිම අපරාධයක් කියලයි මම හිතන්නෙ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 23 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 127 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 653 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 454 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3115 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1721 7

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37992 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site