IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘‘ජීවය ඇති තව ලොවක් තිබෙනවා“

පසුගිය දෙසැම්බර් 29 දා පොළොන්නරුවේ මනම්පිටියට වැටුණු උල්කාශ්ම කොටසක තිබී ෆොසිල බවට පත්වූ ඇල්ගී සෛල ලෙස විශ්වාස කළ හැකි කොටස් හමුවී ඇතැයි එංගලන්තයේ බකිංහැම් විශ්විද්‍යාලයේ තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ පවසයි.

එම උල්කාශ්ම කැබලි ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂයකින් පරීක්ෂා කිරීමේදී මෙම සාධක ලැබුණු බවත් එය පෘථිවියෙන් පිටත ජීවය පවතින බවට ලැබුණු ප්‍රථම සාධකය බවත් මහාචාර්ය වික්‍රමසිංහ වැඩිදුරටත් පවසයි.

මෙලෙස හමුවී ඇත්තේ ඩයටම ලෙස හඳුන්වන ඇල්ගී කොටස් බවත්  ජීවීන් සහිත අභ්‍යන්තරික සාගරයකින් වෙන්වී වල්ගාතරුවක් සමග එය පැමිණෙන්නට ඇති බවත් ඔහු පවසයි. වසර ලක්ෂ ගණනක් සූර්යයා වටා භ්‍රමණය වෙමින් තිබූ මේ උල්කාපාත කොටසේ ජලය වාෂ්ප වන්නට ඇති බව ද මහාචර්ය වරයාගේ මතයයි.

ඔහු පවසන්නේ තම පර්යේෂණ වලින් හමුව ඇත්තේ ඇල්ගී ඩයටම වල පාෂාණිභූත වූ ෆොසිල බැවින් එය උල්කාපාතය පෘථිවි වායුගෝලයට ඇතුළු වීමේදී එකතුවූවක් නොවේයැයි තහවුරු වන බවයි.



අදහස් (0)

‘‘ජීවය ඇති තව ලොවක් තිබෙනවා“

නිලා Saturday, 12 January 2013 09:59 PM

අනන්ත වූ විශ්වය ගැන සෙවීම පලක් නැති දෙයක් (දී)

:       0       0

අමිල Saturday, 12 January 2013 09:58 PM

ලාංකිකයෙක් නිසා අපටත් ආඩම්බරයි. ඒත් රතු වැස්ස ගැන කිවූ දේ වගේ වෙයිද කියලත් සැකයි. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Saturday, 12 January 2013 10:41 PM

ජීවීන් සහිත සාගරයක ඝන ද්‍රව්‍ය කොටසක් අභ්‍යවකාශ ගත වී මෙතරම් ප්‍රකෝටි සංඛ්‍යාත දුරක් ඇල්ගී ටිකත් රැකගෙන (වායුගෝලයේ ගැටීමෙන් අංශක දහස් ගණනක උණුසුමින් ගිනිගනිත්දීත්- දැක්කනේ වලස්මුල්ලේ කොස්ගහ උල්කාෂ්මය වැටී ගිනිගත් හැටි..) ආවේ කොහොමද කියා අපට තේරුම් කර දෙන්න කාටහරි පුලුවන්ද? (නි)

:       0       0

ෂෙරීෆ් Saturday, 12 January 2013 11:41 PM

අපේ උගතුන් සියල්ලම වගේ සේවය කරන්නේ පිටරටවල වගෙයි නේද? (නි)

:       0       0

චන්ද්‍රා Sunday, 13 January 2013 12:35 AM

අනිවාර්යයෙන්ම (දී)

:       0       0

සනත් Sunday, 13 January 2013 12:45 AM

බුදු දහමට අනුව මනුෂ්‍ය ලෝක ඇත්තේ එකකි. (නි)

:       0       0

සුනිල් Saturday, 12 January 2013 04:40 PM

එය දෝෂාභියෝග නැති ලොවක් වේවා! (නි)

:       0       0

හන්සි Saturday, 12 January 2013 04:41 PM

හරිම ෂෝක්. මමත් යනවා. (නි)

:       0       0

ගුණපාල Saturday, 12 January 2013 04:45 PM

මිනිසුනේ, මෝඩ වැඩ කරන එක නවතාපල්ලා. ඕවා අතින් අල්ලන්න යන්න එපා. (නි)

:       0       0

තරිඳු Sunday, 13 January 2013 03:22 AM

අනේ අපිව එහෙ ගෙනියන්නකෝ (දී)

:       0       0

දහම් Sunday, 13 January 2013 05:38 AM

බුදු දහමේ නම් කියලා තියෙන්නේ අවට ඇති විශ්වයන් ගැන හොයන්න කලින් තමන්ගේ සසර ගමන කෙටි කර ගන්න වැඩ කරන්න කියලා (දී)

:       0       0

සමන්ත Sunday, 13 January 2013 05:44 AM

තව කොච්චර ඇතිද (දී)

:       0       0

වසන්ත Saturday, 12 January 2013 05:42 PM

අන්තර් ජාතිකව මහාචාර්ය තුමාගේ අදහස් වැඩිය ගණන් ගන්න බවක් පෙන්නේ නෑ (අ)

:       0       0

ලලිත් - කටාර් Saturday, 12 January 2013 05:54 PM

අනේ මොකක්හරි වැඩපිළිවෙළක් හදන්නකෝ අපිවත් එහෙට යවන්න. (නි)

:       0       0

ඩික්සන් Sunday, 13 January 2013 08:30 AM

සනත්, අංගුත්තර නිකායේ ලෝකධාතු විඤ්ඤාපන සූත්‍රය බලන්න​. පළමු ධර්මදේශනාව වූ දම් සක් සූත්‍රය අවසානයේදී දසදහසක් ලෝක ධාතුව කම්පා වුණා. (ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබ කියූ ආකාරයේ දෙයක් කියා නැත​.) රෝහිතස්ස සූත්‍රයත් බලන්න​. (නි)

:       0       0

මාලා Sunday, 13 January 2013 09:30 AM

පිස්සු හැදෙනවා (දී)

:       0       0

අජිත් Saturday, 12 January 2013 07:03 PM

මේ විශ්වය විශාලයි (දී)

:       0       0

ප්‍රේමානන්ද Sunday, 13 January 2013 10:16 AM

ඒක හොදයි දැන් මෙහෙ ඉඩත් අඩුයි නේ (දී)

:       0       0

ගැලැක්සි Saturday, 12 January 2013 07:38 PM

මෙයට ලෝක අවධානය යොමු වේවි. කවුරුන් හෝ යමක් කී විට එයට එරෙහිව බුරන්නේ නැති ජාතින් තව ලෝකයේ ඉන්නවා. මෙය සත්‍යද අසත්‍යද කියා සොයා බැලීම වැදගත්. නාසා ආයතනය පෘතුවියට පිටින් ජීවය ඇත්දැයි සෙවීමට මහා ධනස්කන්දයක් වියදම් කරනවා. (නි)

:       0       0

සංජීව Sunday, 13 January 2013 10:36 AM

ඒක හොද ආරංචියක් (දී)

:       0       0

මංජුල Saturday, 12 January 2013 08:24 PM

වෙන්න පුළුවන් , ඔය තව තවත් චක්‍රාවාට හොයා ගන්නේ (දී)

:       0       0

අමිල කටුනායක Saturday, 12 January 2013 08:45 PM

මෙතුමා අපිට ආඩම්බරයක්. (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 12 January 2013 08:46 PM

අපි තනි නැහැ එහෙනම්? (නි)

:       0       0

නිලංග Sunday, 13 January 2013 12:09 PM

වසන්ත, චන්ද්‍රා වික්‍රමසිංහ කියන්නෙ ලොව පිළිගත් අභ්‍යවකාශ-ජීව විද්‍යාඥයෙක් සහ ගණිතඥයෙක්. ඔහු නොසැලිකිලිමත් ලෙස අදහස් දක්වන්නෙක් නොවේ. ඔහු සම නිර්මාතෘවරයෙක් ව්ද්‍යා ලොව මහත් ආන්දොලනයකට තුඩු දුන් පැන්ස්පර්මියා වාදයේ . එමනිසා කළබල වෙන්න එපා. ඔහුගේ මෙම අදහස් ලොව පුරා විද්‍යාඥයින්ගේ අවධානයට නිතැතින්ම යොමු වෙයි.

:       0       0

ඩයස් Saturday, 12 January 2013 09:08 PM

හෙට අනිද්දා වෙද්දි ලංකාවෙ කට්ටියට පිටසක්වළ ජීවියොත් එක්ක කතා කරන්නත් අවස්ථාව ලැබේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 449 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1023 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 383 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 176 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 556 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1317 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site