IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ජාවාරම්කරුවකුගේ කෝටි 10 ක දේපළ තහනම්

 (බිමල් ශ්‍යාමන් ජයසිංහ )

අතුරුගිරිය ටැටූ කලාගාරය තුළදී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ සැලසුම් කරුවෙකු ලෙස හඳුනාගෙන සිටින විදේශගත  මහා පරිමාණ මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන පලනී ශිරාන් ක්ලෝරියන් නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත්  රුපියල් කෝටි 10 කට ආසන්න දේපල  මුදල් විශුද්ධ කිරීමේ වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන අනුව ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර තහනමට ලක් කිරීමට පියවර ගත් බව පොලිසිය කියයි.

එම ජාවාරම්කරු ප්‍රබල මත් ජාවාරම්කාරියක් වන කුඩු සෙල්විගේ පුත්‍රයෙකි.

තහනම් කළ දේපර අතර ක්ලබ් වසන්ත ඝාතනයෙන් අනතුරුව වෙඩික්කරුවන් දෙදෙනාට පලායාම සඳහා සූදානම් කර තිබූ බෝට්ටුව සහ එන්ජිම ද වන බව පොලිසිය සඳහන් කරයි.

එම සංවිධානාත්මක අපරාධකරු මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවමින් විශාල දේපලක් උපයාගෙන ඇති බවට ලද තොරතුරු  අනුව  සිදුකළ විමර්ශනවලදී අනාවරණ වූ තොරතුරු අනුව එම දේපළ තහනම සිදුකර ඇත.

 එම අපරාධකරු 2013 වසරේදී    වත්තල හැඳල බලගල පාරේ ඉඩමක් මිලදීගෙන 2018 වසරේ ඉදිකර තිබූ සුඛෝභෝගී දෙමහල් නිවස , 2022 වසරේදී  මිලදී ගෙන තිබූ රුපියල් ලක්ෂ 90පමණ වටිනා සුඛෝ භෝගී මෝටර්රථයක්, රුපියල් ලක්ෂ 70  ක රන්බාන්ඩ  මෙන්ම ක්ලබ් වසන්ත ඝාතනයෙන් අනතුරුව වෙඩික්කරුවන් දෙදෙනාට මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට පලායාම සඳහා රුපියල් ලක්ෂ 5 ක මුදලක් වැය කර හලාවත පුද්ගලයෙකුගෙන් මිලදීගෙන තිබූ  බෝට්ටුව සහ එන්ජිමද තහනම් කල දේපල අතර වන බව පොලිසිය සඳහන් කරයි

මේ අනුව ක්ලබ් වසන්ත ඝාතනය විදේශගතව සිට මෙහෙයවා ඇත්තේ මොහොමඩ් ඉම්රාන්  නොහොත් කන්ජිපාණී ඉම්රාන් , ලන්දුවා හන්දි සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටි , පළනි ශිරාන් ක්ලෝරියන් හා පළනි රිමෝශන් යන්න සිව් දෙනා බවට අනාවරණය විය

පලනි ශිරාන් ක්ලෝරියන් නැමැත්තා මත්ද්‍රව්‍ය  චෝදනාවකට මේ වන විට ඉන්දියාවේ බන්ධනාගාර ගතව සිටින බව පොලිසිය කියයි .

.

 



අදහස් (1)

ජාවාරම්කරුවකුගේ කෝටි 10 ක දේපළ තහනම්

Ama Wednesday, 06 November 2024 12:19 PM

මත් ජාවාරමුන් අනෙකුත් අපරාධවලට සම්බන්ධ නිසාත් දරුවන්ට දෙමාපියන් මෙන්ම රටේ වැදගත් නිලධාරීන් පවා මරා දමද්දී, මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් උදා වේවා නෙඒසේනම් ඔවුන් නීතියට බයක් නැත

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 299 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 1623 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 4262 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1127 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1690 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1208 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2040 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site