IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ජවිපෙත් සාපයේ දැවැන්ත කොටස්කරුවෙක්

(යොහාන් භාසුර)

මෙරට 75 වසරක සාපයට 88-89 තරුණයන් ඝාතනය කළ සහ වසර 30 ක යුද්ධය පටන් ගත් සියළු දෙනාත් වගකිව යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

නාමල් රාජපක්‍ෂ මහතා කොල්ලුපිටියේදී පැවති රැස්වීමකදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් අද (25) එසේ පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ ගෙවල් ගිනි තියමින් ආණ්ඩු බලය ගැනීමට උත්සාහ කර එය අසාර්ථක වීමෙන් පසුව ඔවුන් මිනිසුන් එකතු කරමින් වේදිකා මත කෑ ගසන බවත් මෙරට 75 වසරක සාපයක් ගැන කියනවා නම් 83 කළබල වලින් දේපල ගිණි තියලා මිනිස්සු ඝාතනය කර අවුරුදු 30 ක යුද්ධය පටන් ගත්තු අය ද වගකිවයුතු බවත් ඒ මහතා කීය.

තරුණයෝ 60,000 ක් 88-89 ඝාතනය කරපු අයත් එයට රටේ කඩා වැටීමට වගකිව යුතු බව කී නාමල් රාජපක්‍ෂ මහතා බස් ගිණි තැබූ, ට්‍රාන්ස්ෆෝමර් ගිණි තියපු අය වගේම පසුගි කාලයේ අරගල කරලා ගෙවල් දොරවල් ගිණි තී්‍යෘ රටේ ආර්ථිකය වට්ටලා සංචාරක ව්‍යාපාරය වට්ටපු අයත් වගකිවයුතු බව ද සඳහන් කළේය.

 



අදහස් (28)

ජවිපෙත් සාපයේ දැවැන්ත කොටස්කරුවෙක්

Sachith Sunday, 25 February 2024 10:12 PM

ඉතින් මහත්තයෝ වැරැදිකාරයෝ දන්නවා නම් දාන්නකෝ නඩුවක් ඔක්කොගේම නම් ගම් කෙරුවාවල් දාලා. අධිකරණය ඉදිරියේ වැරැදිකාරයෙක් වුණාට පස්සේ රටේ මිනිස්සු තීරණය කරයිනේ මොනවද කරන්න ඕනෙ කියලා...

:       0       19

නිහාල් Sunday, 25 February 2024 10:45 PM

අධිකරණයෙන් තීන්දු වුණා නේද ඔහේගේ අප්පයි බාප්පලා මේකට වගකියන්න ඕනෑ කියලා...!

:       0       25

anuranga Sunday, 25 February 2024 10:50 PM

මේ රටට ලොකුම සාපය පොහොට්ටුවේ අය, තොවිලයක් නටලා ඒ සාපය ඉවර කරලා ඉමු...

:       0       17

Dinesh Sunday, 25 February 2024 11:04 PM

අරගලේ වගකියන්න ඕනෑ කියනවා. ඒත් අරගල කලේ ඇයි කියලා හැමෝටම අමතකයි.

:       0       14

Muthu Sunday, 25 February 2024 11:10 PM

දරුවෝ තුන් දෙනාගේ සාපෙ ඊට ලොකු නැද්ද...?

:       0       21

Prabha Sunday, 25 February 2024 11:20 PM

83 සහ 88-89 ප්‍රධාන ඝාතකයෙක් ජනාධිපති පුටුවේ තිබ්බේ කවුද කියලා අමතකද බූරු පුතේ

:       2       20

sara Monday, 26 February 2024 01:01 AM

අනේ පලයන් යන්න පල් හොරා

:       0       20

Chathuri Monday, 26 February 2024 01:56 AM

අනේ බේබිට අප්පච්චිගෙ ඔටුන්න තියෙනකොට කරපු දේවල් අමතකද. ඒ දේවල් කෙරුවේ මිනි මැරුවේ ගැහැනු දූශනය කෙරුවේ. රට පෙරලන්නද. උඹලගෙ පරම්පරාවටම යන එන මන් නැති වෙන ලකුනු පේනවා නේද. උඹලගෙ පවුලේ උන් තක්කඩි වැඩ කෙරුවේ. ඒ කරපු දේවල් මහා පරිමාන හොරකම් දූශන මිනිමැරුම්. මේ සේරම කේරුවෙ. උබලගෙ වාසියට මිසක් රටක ට වැඩක්නැති දේවල් මෙදා සැරේ දෙවියො වදින්නෙ නැහැ වගෙ. චන්දෙට ප්‍රතම. කරපටිය ටිකක් දිගට මහලා තියා ගන්න කට්ටිය

:       1       18

විපරමා Monday, 26 February 2024 02:22 AM

ජනතාවට ආසියාවේ ආශ්චර්යය ,සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා ජනතාව රවට්ටලා බලයට ඇවිත් ,මහ පාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු දූෂිත පවුල් පාලනේ උන් කරපු විනාසේ ඒ ඔක්කොටම වැඩී. මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කෙරුවේ ,හොඳට තිබුනු අපේ රට ලෝකෙම හිගාකන තත්ත්වයකට පත්කෙරුවේ තමුන්ගේ හතර වරිගෙම අය මිසක් වෙන කවුරු වත් නෙවෙයි .ජනතාවගේ ලේ දහඩිය මහන්සිය උරාබීපු ලේ මාපිල්ලු .රටටම සාපයක් .

:       0       16

ranjith Monday, 26 February 2024 03:04 AM

මුන්ට කරුනා වගේ උන් දේශපාලනයට ගේන්න හොඳයි .දැන් මුන් විකාර දොඩවනවා

:       0       15

Perera Monday, 26 February 2024 03:26 AM

තොපි හොරාකාපු නිසා තමයි රට බංකොලොත් උනේ.උඹලාගේ හැතිකරේ හොරා කාපු තරමට වෙන මොකෙක්වත් හොරාකාලා තියනවද ගොනෝ ?

:       1       36

chandima Monday, 26 February 2024 03:29 AM

මරු විකල්ලෙන් කියවනවා වගේ ?

:       1       32

Wijepala Silva Monday, 26 February 2024 04:58 AM

ඇයි ලොක්කා 1971 කාලයේ ජෙප්පො කල විනාශය ගැන නොකියන්නෙ නුඹේ අප්පොච්චි මුලින්ම පාර්ලිමේන්තුවට ඇවිල්ලා සිරිමාවෝ කාලයේ තරුණයෝ මරද්දී ඒකට තමුන්ගෙ අප්පොච්ච් අත උස්සපු නිසාද ඒ කාලයේ තරුණයෝ කකුල් දෙකෙන් ගස්වල එල්ලලා යටින් මිරිස් කුඩු දුම් ඇල්ලුවා කියලා අහල නැද්ද ඒකාලේ විවිධ වධහිංසන කර තරුණයෝ තරුණියෝ මරාදැමීමට කටයුතු කලා ඒ කාලයේ තිස් දාහකට නොඅඩු මිනීමැරුම් කලා ඒකාලේ ප්‍රශිද්ධ ප්‍රේමවතී මනම්පේරි වගේ අය මරපු ආකාරයට තමයි අනෙක් තරුණ තරුණියෝ මරාදැමීමට කටයුතු කලේ..කොහොම වුනත් 56 දී සිදුකලා කියන මහලොකු පෙරලිය යුද්ධය ඇතිවීමට මූලිකම හේතුවක් වුනා 88/89 කාලයේ විපක්ෂයේ ප්‍රභලයින් එකල ආණ්ඩු පක්ෂයේ ගම් මට්ටමේ සාමාජිකයන් මරාදැමීමට කටයුතු කලා ඒවා වහල තමුන්නැහැ සුදනා වෙන්න හදන්නෙ තමුන් ඒකාලේ පොඩිඑකා නිසා වෙන්න ඇති ඒ නිසා ගහ දන්න අපිට කොල කඩල පෙන්නන්න අවශ්‍ය නැහැ මේක සිහියට ගන්න ලැදිව රජෙක් බොරු බස්කී විගස කයා නැතුව රිද්දි බලයත් ඒ මිනිස් කයා .........මෙලොව සතුනි ඉන් බොරුකීම නරකයා

:       0       27

swene Monday, 26 February 2024 05:35 AM

ඒ තත්වයට පෙළඹ වීමට තුඩු දුන් එවකට පැවති රාජ්‍ය පාලනය ගැන මොනවාද කියන්නේ?

:       4       21

සෙනෙවිරත්න Monday, 26 February 2024 07:13 AM

තමුසෙට අදද ඕක නරක් උනේ , අප්පට බලය ගන්නකොට හොඳයි, තමුසෙලට පේන්නෙ ඒ අඳුරු වසර කීපය පමණයි , ඒ කාලෙ පාලකයො ජනතාවට කොතරම් අසාධාරණකම් කලාද කියල අමතක උන් තමුන්ල රකින නිසානේද, ? රටේ කලු ජූලිය ඇතිකලේ ජවිපෙද? ඒ මුවාවෙන් ජවිපෙ තහනම් කලේ අද තමුන්ල රකින රනිල් සහ එයාගෙ මාම, කලගෙඩි ලාම්පු නටල ප්‍රජාතන්ත්‍රවාදය අකුලල ජවිපෙ කැලෙට දැම්මට ඔය රනිල් වගකිය යුතුයි. තමුන්ලට ⁣කියන්න දෙයක් නැති කමට ජවිපෙට දොස් කියනව ඔව අහන කෙනෙක් නැහැ .

:       3       26

Biyya Monday, 26 February 2024 07:19 AM

මෙයා මරු විකල්ලෙන් කියවනවා .චන්දෙ තියලා බලන්නකෝ

:       1       24

Ajith Pathirana Monday, 26 February 2024 08:50 AM

අනේ පල බොරු නොකියා .තොපිලා දෙගොල්ලා හොඳ බඩු .මාලිමාවට ජය වේවා .88/89 ගැන ලියපු පොත් කියවපන් නොදන්නවා නම්

:       5       20

Kazi Shajahan Monday, 26 February 2024 09:07 AM

NPP රුකේ දැන් ගෙඩි හැදිලා බරවෙලා ඒකට නාමල්ට ඉරිසියාව ,කුහක කම මොකද මැද මුලනේ දැන් පලදාව නැහැ නේ ,ඒවා ඔක්කොම පලු වෙලා ගිහිල්ලා .ඔය හිතේ අමාරුවට කියන කතා

:       4       19

Chinthaka Monday, 26 February 2024 09:35 AM

රටේ ජනතාව දන්නවා මේ රටේ ලොකුම සාපය රාජපක්ෂ සාපය කියලා

:       1       28

Karunajeewa Monday, 26 February 2024 10:17 AM

83' නාමල් ඉපදුන අවුරුද්දේ, ගිනිතැබීම්, පක්ෂ තහනම් කිරීම් ගැන එදා හිටපු පාලකයා මරණාසන්නව සිටිද්දී සත්‍ය හෙලිකලා. මෙයා හිච්චිඑකා නිසා ඕවා අවබෝධ කරගන්න අමාරු ඇති. 90' සිට අවුරුදු 33 ක් ගතවෙලාත් තවම තියෙන්නේ, එදා තත්ත්වයනම් උඹලගේ තාත්තා, බාප්පලා, මහප්පා සහ දැන් බලයදීලා තියෙන බටලන්දේ අංකල්, චන්ද්‍රිකා ඇතුළු නඩය බලය අරගෙන කරපු කෙහෙල්මලක් නැද්ද ? එතකොට. ඔය අදෝනාව ඡන්ද කීයක කියලා තියේද? හැමදාම එකම දේ කියලා දැන් එහි අගයක් නැහැ.. මහජනයා සත්‍ය වටහාගෙන ඉවරයි.. (83' මොකද කෙරුවේ කියා සිරිල් මැතිව් දන්නවා. එදා බියගම හිටපු මන්ත්‍රී ඒක දන්නවා)

:       3       15

Chandana Mohotty Monday, 26 February 2024 10:41 AM

උඹ.පරම්පරා ගනනකට හම්බකරපු එකා..අනුරටත් අවස්ථාවක් දීපන් හොරා කන්න.225 හොර නඩේ සහ උන්ගේ පවුලේ එවුන් සුර සැප විදින්නේ අපේ බදු සල්ලි හොරා කාලා. තූ නුදකින් විතරක් මුන් අපේ දෑහට නොපෙනෙවා උපදිනා ආත්මයක් පාසා.

:       0       23

nimal Monday, 26 February 2024 11:30 AM

නාමල් සහෝදරයා අපගේ විදුලි බිල ගෙවීමට සහ අයිෆෝන් 15 දුරකථන ලබා දීමට මිතුරෙකු සොයා ගන්නේ කෙසේදැයි අපට දන්වන්න. කල්තියා ස්තූතියි

:       0       12

Amara Monday, 26 February 2024 11:36 AM

ගණන් ගන්න එපා බබා. මෙයා බබා. නාමල් බේබි කියන්නෙ ඒකයි. මේ බබාල පාර්ලිමේන්තු යවන බබාලටත් දෙවි පිහිටයි. බබාලන්තේ තවත් දවසක් ගෙවුණා. එච්චරයි. කල්පනා කරල බලන්න බබා.

:       0       10

fairoos Monday, 26 February 2024 11:43 AM

මේවා අහන්නත් ඉතින් බයියන් ඉන්නවනේ ලංකාවේ...

:       0       11

පුරවැසියා Monday, 26 February 2024 02:02 PM

අනේ කවුරු හරි බේබිට එයාගේ කතාවට මිනිස්සු දාන අදහස් ටික පෙන්නන්නකෝ...!

:       0       5

Nimal Monday, 26 February 2024 02:47 PM

හොර හැතිකරේ තරම් ශාපයක් කවරදාකවත් මේ රටට වැදුණාද? එන්නකෝ ඡන්දෙ ඉල්ලන්න. බල සේනාවත් සමග. ගහලා එළවන්න.

:       0       4

Cham Monday, 26 February 2024 02:49 PM

මොවුන් නම් ලැජ්ජාවක් නැති දේශපාලුවෝ..

:       0       6

පිටරටවැසියා Monday, 26 February 2024 05:57 PM

එතකොට ඔයගොල්ලන්ටයි, අලින්ටයි තියෙන කොටසේ දිග-පළල කියනවාද රටටම දැනගන්න...?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 264 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 192 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 847 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 232 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 719 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 154 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site