IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


’’ජොස්ප් ස්ටාලින්ගේ සුවදුක් බලන්න ගිය පිරිසකට බාධා’’

(රංජන් කස්තුරි)

ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසකගේ සුවදුක් බැලීමට ගිය ලංකා ගුරු සංගමයේ ක්‍රියාකාරිකයින් පිරිසකට ආරක්ෂක අංශය වලින් අද (15) දැඩි බාධා එල්ල වී තිබේ.

එම පිරිසට ස්ටාලින් ඇතුළු පිරිස හමුවීමට අවස්ථාවක් නොලැබුණු අතර ඔවුන් රැගෙන ගිය බඩු භාණ්ඩ ගුවන් හමුදාව භාරයට ගත් බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසකගේ සුවදුක් බැලීම සඳහා ගුරු සංගමයේ ක්‍රියාකාරිකයින් 16 දෙනෙකු අද පෙරවරුවේ ගොස් තිබිණ.

 



අදහස් (21)

’’ජොස්ප් ස්ටාලින්ගේ සුවදුක් බලන්න ගිය පිරිසකට බාධා’’

chandima Thursday, 15 July 2021 06:59 PM

ලෙඩ නැහැ කියලා රිපෝර්ට් එක ආවනේ... මොන කෙහෙල් මලක්ද? තව බලන්නේ... නයෙක් පොළඟෙක් ගහලා කියලා හිතුවද?

:       1557       1704

බමුණු.Friday, 16 July 2021 01:58 PM

කොරෝනාව ගාරානාවක් කරගෙන. නිරෝධායනය විරුද්ධ අදහස් දරන්නන් මෙල්ල කිරීමට දඬුවමක් කරගෙන. මේ නිරෝධායන දඬුවම් නීතිය, රතිඤ්ඤා පත්තු කරන්නන්ට, ප්‍රීතිඝෝෂා කරමින් කිරිබත් කෑ අයට අදාළ නැත්තේ ඇයි?

:       65       118

SUNIL MILANO Thursday, 15 July 2021 07:07 PM

නිරෝධායනය වුණු අය බලන්න ගියා... මේ නඩේගේ... පොල්ගෙඩියක් තරම් තියෙන ඔලුගෙඩිය ඇතුලේ තියෙන අලගෙඩියක් තරම් මොලගෙඩියේ.. මැටිද තියෙන්නේ? මේ අය ආණ්ඩුවට ලොකුකම් පෙන්වනවා වගේ මේ අයවත් අල්ලලා නිරෝධායනය කරන්න තිබුණේ...

:       1577       3179

athula Thursday, 15 July 2021 08:49 PM

මේ ගොල්ලන්ගේ නොවෙයි ඔබෙයි ඔලුව ඇතුලේ මොලය නැත්තේ... කෙසේ වෙතත් ඔබ වැනි මෝඩයින්ගේ මොලේ තියෙන්නේ ශරීරයේ අගම කොටසේ බව අපි දන්නවා. මේ අය PCR පරීක්ෂණවලින් නෙගටිව් අය බව පෙරේදා ඔප්පු වුණා. ආණ්ඩුවේ උද්දච්චකම නිසයි මේ අයව තවදුරටත් රඳවාගන්න හමුදාවේ බත් බැලයන් උත්සාහ කරන්නේ. මේ ස්ටාලින් කියන ගුරුවරයා යුරෝපා සංගමය සමග බොහෝ සම්බන්ධකම් ඇති කෙනෙක්. යුරෝපා සංගමය අද හෙටම මේ අශීලාචාර ආණ්ඩුවට විරුද්ධව ප්‍රතිචාර දක්වන බව ස්ථිරයි.

:       0       14

asangaThursday, 15 July 2021 09:12 PM

හොර ආණ්ඩුවේ හොරුන්ගේ කටු සූප්පුකරන්නන් වැනි ඔබලා මොලය පරීක්ෂා කරගන්න... අංගොඩ මානසික රෝහලට වහාම ඇතුළත් වන්න...

:       0       3

බමුණු.Friday, 16 July 2021 12:28 PM

සුනිල් ගුරුවරයෙකුගෙන් උගත් කෙනෙකු නම් වෙන්නට බැහැ. මිලානෝ හිටියත්, ඔයාම තමයි.. තමන්ගේ ඔලුව පරීක්ෂා කරවාගන්න ඕනේ... එ්කේ තියෙන්නේ මැටිද කියලා බලන්න. ෂුවර් එකටම තියෙන්නේ මැටි...!!!

:       208       312

Sri Lanka Thursday, 15 July 2021 07:36 PM

සුද්දගේ අධ්‍යාපනය, කලු සුද්දගේ අතට ගියහැටි නේද? ජයවේවා..!!!

:       0       1

aka Thursday, 15 July 2021 07:37 PM

නිරෝධායනය කියන්නේ සාමාන්‍යයෙන් බාහිර සමාජයෙන් වෙන්කරලා තැබීම... ඒක තේරුම් ගන්න අමාරු කාරණයක්ද?

:       0       1

මුණසිංහ Thursday, 15 July 2021 08:16 PM

නිරෝධායනයට ලක් කරපු අය බලන්න දෙනවද? ඒක ඉස්පිරිතාලේ නෙවෙයිනේ... කොහොමටත් ඇමරිකන් ආධාර එයාලාට තිබෙනවා. මේ උද්ඝෝෂණය කරන්න දෙන එකත් හොඳයි. ඩොලර් ටිකක් ලංකාවට එනවා.

:       1       0

KDU panatha Thursday, 15 July 2021 08:17 PM

මේ කාලකන්නි රටේ ළමයින්ගේ අධ්‍යාපනය රකින්න කියලා ඇවිත් දේශපාලනය කරනවා. අදත් දරුවන්ට අකුරු නැහැ. මාස ගානක් පින් පඩි ගත්තු මේ අය ජවිපෙ කාලකන්නි පක්ෂයේ වහල්ලු... මේ වගකීම අනුර කුමාර දිසානායක කියන, තම පුතාව පුද්ගලික විශ්ව විද්‍යාල යවපු, මිනිහටත් තියෙනවා. මේ මිනිස්සු තමන්ගේ දේශපාලනේට අල්ලාගෙන තියෙන්නේ රටේ අධ්‍යාපනය කරන තැන් ටික, විශ්වවිද්‍යාල, පාසල්... මාස ගාණක් නිකන් පඩි අරගෙන, දරුවන්ට කිසිම දෙයක් නොකරපු ගුරුවරුත් බබාලා නෙවෙයි.

:       0       0

මුණසිංහ Thursday, 15 July 2021 08:24 PM

ඇවි⁣ලෙන ගින්නට පිදුරු දමපු රඹුක්වැල්ලට එරෙහිව අයිය මලෝවරු වහාම තීරණයක් ගත යුතුයි. ආණ්ඩුව වට්ටන්න මෙහෙයුම්වලට මෙයාලට කොන්ත්‍රාත් දුන්නේ කව්ද කියලා හොයන්න වෙයි.

:       0       0

SL Thursday, 15 July 2021 10:29 PM

පොඩි දරුවන්ගෙනුත් පළිගන්න තමයි හදන්නේ...

:       0       1

chandima Friday, 16 July 2021 06:01 AM

ඔය එන කට්ටියගේත් කොරෝනා තියෙනවද බලලා නිරෝධායනයට දැම්මා නම් කහට බිබී ඉන්න.

:       0       0

rocky Friday, 16 July 2021 06:35 AM

සුනිල් උන්නැහේට මිලානෝ පේනවා ඇති..!!! මෙහෙ ලංකාව..! මටත් අහන්න තියෙන්නේ ඔබේ ඔලුවේ තියෙන්නේ මැටිද කියලයි. මෙතන අවනීතිය පෙනෙන්නේ නැත්තේ මිලානෝ සැර වැදිලාද?

:       0       5

යාපා Friday, 16 July 2021 09:19 AM

ගුරු මෑණිවරුන්ටත්, පියවරුන්ටත් නිගාකරන මෙවැනි අමනයින් දේශපාලන කුහකයන් මේ රටෙන් පන්නා දැමිය යුතුයි..

:       0       111

Ranji Friday, 16 July 2021 09:33 AM

මේ වගේ අයද ලංකාවේ ළමයින්ට උගන්වන්නේ... ?

:       203       82

Bamunuarachchi Friday, 16 July 2021 09:42 AM

අහන්න දෙයක්ද ඩුප්ලිකේට් ඉස්ටාර්ලින් ඉන්නේ නිරෝධායනයේ. කව්ද නිරෝධායනයේ ඉන්න මිනිස්සු බලන්න දෙන්නේ...? එතකොට නිරෝධායනය බොරුවක් වෙනවා.. බලන්න ගිය අය හතර වෙනි රැල්ලක් ඇතිකරනවා. බලන්න දීලා ඔවුන්වත් නිරෝධායනයට දමන්න. එතකොට වෙන කවුරුත් එන එකක් නැහැ. ඩුප්ලිකේට් ස්ටාර්ලින්ගේ නිරෝධායනය තව සුමානම දෙකකට දික් කරන්න. අපි විරුද්ධ නැහැ...

:       316       152

සිතුමිණ Friday, 16 July 2021 12:08 PM

ඇයි මේ වෘත්තීය සමිති තහනම් කරන්නෙ නැත්තේ?මොකටද මේවා. හැමදාම වර්ජන. යහපාලනය තමයි පඩි වැඩිකරලා රාජ්‍ය සේවකයන් කරට ගත්තේ...

:       158       50

SUNIL MILANO Friday, 16 July 2021 02:08 PM

බමුණු, ඇයි මේ ඩෝන් ගිහිල්ලා උගත්, බමුණු පොඩ්ඩක් පැහැදිලි කරනවද කුලප්පු වුණේ ඇයි කියලා..?

:       61       311

SUNIL MILANO Friday, 16 July 2021 03:34 PM

බමුණු කවුද කියලා දැන් මම දන්නවා. එලොවටත් නැති, මෙලොවටත් නැති දේශපාලකයින්ගෙන් එක්කෙනෙක්...

:       4       284

BamunuarachchiFriday, 16 July 2021 06:51 PM

හලෝ එලොවටත් නැති මෙලොවටත් නැති අය නේද ඔහෙලාව පාලනය කරන්නේ... ඒ ටික හිතන්න මොලේ කළඳක් නැද්ද? ඩුප්ලිකේට් ඉස්ටාර්ලින්ට පක්ෂව ඕගොල්ලෝ කතා කරනවා. මම විරුද්ධව කතා කරනවා. ඒක කාටවත් ප්‍රශ්නයක් වුණත් මට මොකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද
2024 නොවැම්බර් මස 05 213 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්


නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එයි
2024 නොවැම්බර් මස 05 245 0

විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .


ශාන්ත තෝමස් ‘ෆියුචර් X‘ ප්‍රදර්ශනයට දින වෙන් කරයි
2024 නොවැම්බර් මස 05 35 0

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල


රනිල් ගෙන් ජනපතිට අභියෝගයක්
2024 නොවැම්බර් මස 05 781 3

තම ආණ්ඩුව රජයේ සේවකයන්ට ලබා දීමට එකඟ වූ පඩි වැඩිවීම හෝ ඊට වැඩිපුර පඩි වැඩිවීමක් දෙන බවට අනුර කුමාර ජනාධිපතිවරයා වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජන


කෝටි 10 ක අයිස් සමඟ විදෙස් කතක් මාට්ටු
2024 නොවැම්බර් මස 05 416 0

රුපියල් කෝටි 10 ක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ක පමණ ප්‍රමාණයක් තායිලන්ත ජාතික කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී ශ්‍රී බණ්ඩාරනායක ජාත්


ගම්පහ ප්‍රදේශ කීපයකට පැය 12 ක ජල කප්පාදුවක්
2024 නොවැම්බර් මස 05 180 0

ජාඇල, කටුනායක _සීදූව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, ජාඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට අද (5) පස්වරු 6.00 සිට හෙට (


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 402 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1306 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site