IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ජෝසප් ස්ටාලින් 12 තෙක් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

අධිකරණ නියෝග කඩකළැයි කොටුව පොලිසිය අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ලබන 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (04)නියෝග කළේය.

ලංකා බැංකු මාවතේ දී ඉකුත් මැයි 28 වැනි දා පැවති විරෝධතා ව්‍යාපාරයට සහභාගිවෙමින් මංමාවත් පනත උල්ලංඝනය කරමින් මහජන පීඩා ඇති කළැයි කියන සිද්ධියට අදාළව අධිකරණයෙන් නිකුත් කළ නියෝගය කඩ කළැයි කොටුව පොලිසිය සැකකාර ජෝසප් ස්ටාලින් මහතා අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ (03) ය.

අදාල උද්ඝෝෂණය සම්බන්ධයෙන් අධිකරණයෙන් නිකුත් කළ නියෝගය කඩ කරමින් මෙම සැකකරු කටයුතු කර ඇතැයි කොටුව පොලිසිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඒ අනුව අද (04) රාත්‍රියේ දී කොටුව පොලිසිය සැකකරු මහේස්ත්‍රාත්වරයාගේ නිවසට ඉදිරිපත් කළ අතර එහිදී ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

 



අදහස් (23)

ජෝසප් ස්ටාලින් 12 තෙක් රිමාන්ඩ්

chandima Thursday, 04 August 2022 09:43 PM

පව්. සර්වබලධාරී ස්ටාර්ලින්ට එහෙම කරපු එක වැරැදියි

:       12       90

වරුණ Thursday, 04 August 2022 10:07 PM

මහ ජනතාවට මේ මනුස්සයගෙ අගය වැටහෙනව මදි.අයිතීන් වෙනුවෙන් අසාධාරණය වෙනුවෙන් හඬ නගන්න,ක්‍රියාත්මක වෙන්න සමාජයට කියලා දුන්නේ මොහුයි.

:       9       1

Santhu Friday, 05 August 2022 12:51 AM

ඇතුලෙම ඉන්න දෙන්න. කොටුවෙ Railway station එකේ protest එකේ කියනව ස්ටාලින්ව නිදහස් කරන්නලු. මෙතන protest එකේ ඉන්නව ඊළගට ස්ටාලින්ගෙ තනියට යවන්න තව දෙතුන් දෙනෙකුත්

:       2       9

Bandara Friday, 05 August 2022 02:26 AM

ගොඩක් හොඳයි... දිගු කාලයක් සිරගත කොට තබන්න.

:       0       0

Rocky Friday, 05 August 2022 05:37 AM

මොහුව එළියේ තබාගන්න බයයි වගේ...!

:       0       0

 ගුරු ගුරු Friday, 05 August 2022 06:42 AM

ඔයා අපට එපා.

:       0       0

අනුරුද්ධ Friday, 05 August 2022 07:15 AM

මොහු ආදර්ශමත් ගුරු පියෙක් නොව මැරවර චණ්ඩියෙකි .අපේ කලේ හිටය ගුරුවරු කොතරම් අදර්ශවත්ද? මොහු ගුරු සංගමයෙන් පහ කිරීමට කාලය ඇවිත්.පාසල් දරුවන්ට නරකම ආදර්ශයක්!

:       2       11

Wilma Ekanayake Friday, 05 August 2022 07:44 AM

මේ රටේ තියෙන මේ අසාධාරණ දේශපාලන ක්රමවේදය කවදාවත් නැති කරන්න බැහැ ..නඩුයි බඩුයි දෙකම උන්ගේ..

:       3       3

Bamunuarachchi Friday, 05 August 2022 08:00 AM

බැරිද ජීවිතකාලයටම රිමාන්ඩ් කොරන්න.

:       3       9

සර්වබලධාරී Friday, 05 August 2022 08:43 AM

මෙයාව දින 12කට ඇතුළට දාලා වැඩක් නැහැ.. ජීවිත කාලයම තියන්න ඕනේ... අහිංසක සිංහල දරුවන්ගේ ඉගෙනීම අවුරුදු දෙකකින් ආපස්සට ගෙනිච්චාට...

:       2       5

සෙනෙවිරත්න Friday, 05 August 2022 03:32 PM

දැන් පාසල් හරියට පවත්වනවාද? මේ තෙල් හිඟවෙලා ළමුන්ට පාසල් එන්න බැහැ. ඒක කළේ ස්ටාලින්ද? ඒවා කරපු අයට ආවඩලා පෝලිමේ ඉන්නකෝ... මේ මහත්තයා කළේ වෘත්තීය සටනක්... දොස්තරලා, නර්ස්ලා ස්ට්‍රයික් කරනකොට ඒවා වෙනම හොඳයිද?

:       1       0

chinthaka Friday, 05 August 2022 09:05 AM

පිඩිත පන්තියේ ශ්‍රී ලාංකිකයන් මෙවැනි ජාතිමාමක අරගල කරුවන්ට සදා ණයගැති වියයුතුයි.ඔබ තුමාට නිදුක් නිරෝගී බව සහ දිරිය ශක්තිය ලැබේවා. අරගලයට ජය වේවා...

:       7       3

BamunuarachchiFriday, 05 August 2022 02:29 PM

රැකියාවල් නැති පිනට කන්න බොන්න හොයන අරගල කාරයින් මෙයාට ණය ගැතියි. පාසල් යන වයසේ ළමයි සිටින දෙමව්පියන් මොහුට වෛර කරනවා. ළමයින්ගේ අධ්‍යාපනය කෑවට... මට නම් තිබෙන්නේ මෙයාව BBQ කරන වෛරයක්.

:       1       7

අබමුණුආරච්චිFriday, 05 August 2022 02:55 PM

රටේ පොහොර නැති කරලා, මහ බැංකුව හිස් කරලා, ඩොලර් සංචිත බිංදුවටම වට්ටලා, අවුරුදු දෙකක් පාසල් වහලා, අවුරුදු දෙකක් පාසල් ළමුන්ට නිළ ඇඳුම් නොදීපු, නොදැකපු නැව්වලට වන්දි ගෙව්වා... රටේ තෙල්, ගෑස් පෝලිම් ඇතිකළා... රටේ ජීවන වියදම 300%ක් කළ ස්ටාර්ලින්ට හොඳ වැඩේ...

:       0       0

Senarath Friday, 05 August 2022 09:27 AM

මෙ වගෙ NGO කරයන්ගෙ බලල් අත්වල්ට මෙහෙම දඩුවම්ල දීල හරි මෙ අනවශ්ය වර්ජන නවතන්න ඔනෙ. මෙ අර්තික අර්බුදය හදුවෙ මෙ වර්ජන කරයො. 2019 ඉදලම එක එක හේතු කියමින් වර්ජන කරල රට වැට්ටුව. අපිට සැකයක් තියෙනව මෙ උදවිය බැසිල්ගෙ කොන්ත්‍රාත් එකක් කරන්වද කියලත් ? එහෙම නැතිනම් අවුරුදු 25 ක සිට පැවතුනු වටුප් ප්‍රශ්නයක් මුල්කරගෙන 2019 දී වර්ජන කරන්නෙ කොහොමද ?

:       1       5

wedage Friday, 05 August 2022 09:46 AM

එකම දේ කල එක්කෙනෙක් ඩිරෙක්ටර් අනිත් කෙනා රිමාන්ඩ් කොහොමද නරියගෙ මොලේ

:       0       1

P.D Goonawardene Friday, 05 August 2022 12:15 PM

අනේ හොඳ වැඩේ........අර කටු කම්බි සත්කාරයත් ඔය ගමන්ම ලැබුණොත් මරේ මරැ......

:       4       3

Raja Friday, 05 August 2022 01:10 PM

ලන්කාවෙ අධිකරණය ගැන. විස්වාස කරන්න පුලුවන්ද? ලන්කාවම හොරකම් කල හොරුන් යන්න දී මිනිමරපු දේස පාලුවෝ නිදහසේ ඉදිද්දි ?

:       0       4

kamal Friday, 05 August 2022 01:28 PM

පාර්ලිමේන්තු පරජාතන්ත්‍රවාදී ඒකාධිපති ක්‍රමය යටතේ කොමහරි 9 වෙනිදා පන්න ගන්න.

:       4       3

Surain Friday, 05 August 2022 01:30 PM

අගෝස්තු 9ට බයවෙච්චි බයවිල්ලක්...! මිනිස්සු හිරකරලා ප්‍රශ්න විසඳන්න පුළුවන් කාලේ කියලා හිතනවා නම් මිලකළ නොහැකි අනුවණ වැඩක්...

:       5       2

kamal Friday, 05 August 2022 03:10 PM

ක්‍රමේ වෙනස් කරන්න පුළුවනි. දැක්කනේ එක්කෙනෙක්ව පන්නපු හැටි. අතරින් පතර සුළු පසුබෑම් ඇතිවෙනවා... නමුත් ධෛර්යය ඇතිනම් නිර්භීතකම ඇතිනම්, වහල්කම නැතිනම්, කම්මැලිව අනිත් අය කරයි කියලා ගෙදරට වෙලා උඩබලාගෙන ඉඳලා නම් බැහැ... මතු පරම්පරාව වෙනුවෙන් පාරට බහින්න ඕනේ... එතකොටයි ක්‍රමේ වෙනස් වෙන්නේ...!

:       1       0

Prase Friday, 05 August 2022 03:51 PM

කෝ වෘත්තීය සමිති නායකයෝ එළියට ගත්තාද? ලංකාවේ වෘත්තීය සමිති පීචන් වේගෙන යන්නේ...!

:       0       0

Athula k Friday, 05 August 2022 05:08 PM

ඉස්සර ලංකා ගුරු සංගමය නිර්පාක්ෂිකව තිබුණා. දැන් පක්ෂයක වලිගෙ එල්ලිලා... ලංකා ගුරු සංගමයේ H.N. ප්‍රනාන්දු වගේ මහත්වරු අහලකටවත් තියන්න බැහැනේ. චණ්ඩි පාර්ට් දාන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 15 46 0

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


අත්තනගල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 308 0


මහනුවරත් ජාජබට
2024 නොවැම්බර් මස 15 549 0


පොතුවිල් ආසනය මුස්ලිම් කොංග්‍රසයට
2024 නොවැම්බර් මස 15 310 0

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 18053, සජිත් ප්‍රේමදාස 70942, රනි


පුත්තලම ජාජබට
2024 නොවැම්බර් මස 15 436 0

2024 ජනාධිපතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 207134, සජිත් ප්‍රේමදාස 173382, රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 251 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 573 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1690 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site