IMG-LOGO

2025 ජනවාරි මස 08 වන බදාදා


ජස්ටින් ටෘෘඩෝ පදවියෙන් යන්න තීරණය කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

කනඩා ලිබරල් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීමෙන් පසුව කැනඩා අග්‍රාමාත්‍ය ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ අද පැවැති මාධ්‍ය හමුවේදී නිවේදනය කළේය.

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව කැනඩා මාධ්‍ය වාර්තා කිරීමත් සමග අගමැති ටෘෘඩෝ අද එරට වේලාවෙන් පෙරවරු 10.45 ට මාධ්‍ය හමුවක් කැඳවූ අතර එහිදී තමන් ලිබරල් පක්ෂ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන්ද ඉල්ලා අස්වීමට බලාපොරොත්තු වන බව ඔහු පැවැසුවේය.

නව නායකයකු තෝරා ගන්නා තෙක් පාර්ලිමේන්තු කටයුතු එළැඹෙන මාර්තු 24 වැනිදා තෙක් අත්හිටුවන බවද ඔහු එහිදී ප්‍රකාශ කළේය.

තමන් කැනඩාව පිළිබඳව සැමවිටම සිතන බවත් මේ අවස්ථාවේ සිය රටවැසියන්ගේ යහපත වෙනුවෙන් ගත හැකි හොඳම තීරණය මෙය බව තමන් විශ්වාස කරන බවත් අගමැතිවරයා ඉල්ලා අස්වීම පිළිබඳ නිවේදනය කරමින් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

කැනඩාවේ ඇතිවෙමින් තිබෙන අර්බුදකාරී තත්වයෙන් ගොඩගැනීමට තමන් උත්සාහ දැරුවත් මාස කීපයක සිට සුළුතර නියෝජනය හේතුවෙන් පාර්ලිමේන්තුව අඩපණ වී ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

 



අදහස් (6)

ජස්ටින් ටෘෘඩෝ පදවියෙන් යන්න තීරණය කරයි

Kule Tuesday, 07 January 2025 02:50 AM

ඔය ගියහම ඔයා පිළිගත්තු අර දෙමල නිජබිමට මොකද වෙන්නේ?

:       1       9

ravin Tuesday, 07 January 2025 05:25 AM

ඕනෙ නම් දෙන්නම් අපේ රටේ ඉන්නවා ඕනෑම දෙයක් විනාශ කල හැකි දේශපාලුවෝ ටිකක්. ඒක දුරකථන ඇමතුමක වියදම විතරයි යන්නේ.. එවැනි යන සියලු විය හියදම් පොදුජනයා දැරීමට සුදානම්.

:       1       8

Bunny Preena Tuesday, 07 January 2025 08:42 AM

ක්ලීන් කැනඩා?

:       2       5

Mohamed Tuesday, 07 January 2025 08:43 AM

එකනේ අපේ අප්පච්චි ජනේලයෙන් හරි එල්ලිලා බලය ගන්න බැලුවේ

:       1       5

Perera Tuesday, 07 January 2025 09:03 AM

අපේ රනිල් කැනඩාවේ අගමැති පුරප්පාඩුවට සුදුසු නැද්ද ?

:       1       10

Lalla Tuesday, 07 January 2025 11:03 AM

මේ ඔක්කොම පැරදෙමින් පක්‍ෂ නායකත්වය අතහැරීම ප්‍රතික්ෂේප කරනවා.... මහජනයාට තම අභිමත දේශපාලන තීරණය ගැනීමට අවශ්‍ය පරිසරය නැති කරනවා. මැතිවරණ පරාජයකට පසු පක්‍ෂ නායකත්වය අලුත් අයට පැවරීම පක්‍ෂ ප්‍රතිපත්ති මාලාවට ඇතුළත් කිරීම අනිවාර්ය කරන නීතී අවශ්‍ය නැතිද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

අනුරාධපුර - හබරණ පාරේ අලුත් විදුලි රැහැන් අදින ලංසුව දෙයි
2025 ජනවාරි මස 08 236 0

අනුරාධපුර හබරණ කිලෝවෝල්ට් 220ක නව සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය ඉදිකිරීමේ ලංසුව පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


චීනුන්ට ලංකාවේ ලස්සන හිතවට්ටන්න ගිවිසුමක්
2025 ජනවාරි මස 08 275 0

චීන මාධ්‍ය සමූහය (China Media Group) සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ආණ්ඩුවේ ඉවතලන කඩදාසි වාලච්චේනට
2025 ජනවාරි මස 08 320 0

රජයේ ආයතන වල ඉවතලන කඩදාසි සීමාසහිත ජාතික කඩදාසි සමාගමේ වාලච්චේන කඩදාසි කම්හල වෙත බාර දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගාල්ල බන්ධනාගාරයට විසි කළ ටෙනිස් බෝලයේ මත්ද්‍රව්‍ය
2025 ජනවාරි මස 07 320 0

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටෙනිස් බෝලයක් තුල සඟවා එය ගාල්ල බන්ධනාගාරය තුලට අද(07) සවස විසි කර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.


ලක් ආයතන හතරක් චීන ආයතන හතරක් එක්ක ගිවිසුමක්
2025 ජනවාරි මස 07 548 0

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ මහජන චීන සමූහාණ්ඩුවේ ආයතන අතර අවබෝධතා ගිවිසුම් වලට සහ සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ පත් කරයි
2025 ජනවාරි මස 07 518 0

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පී. බී.ටර්නි ප්‍රදීප් කුමාර මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 469 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 244 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 231 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site