IMG-LOGO

2025 පෙබරවාරි මස 23 වන ඉරිදා


ජාතික ආරක්ෂාව ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

(අංජුල මහික වීරරත්න,ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල්.ජයසිංහ)

ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී අද පැවසීය.

පාතාල කණ්ඩායම් එකිනෙකා අතර ගැටුම් නිර්මාණය වී තිබෙන බව කී ජනාධිපතිවරයා මහජනතාවගේ පොදු ආරක්ෂාවට එය තර්ජනයක් වී නැති බව සඳහන් කළේය.

මෙම පාතාල කණ්ඩායම් දිගු කාලයක් තිස්සේ වර්ධනය වී ඇති බව ද එය දැන් විනාශකාරී ජාලයක් බවට පත්ව ඇතැයි ද ජනාධිපතිවරයා  කීය.

මෙම විනාශකාරී ජාලය සහමුලින්ම මැඩ පවත්වන්නට දැඩි උත්සාහයක් ගන්නා බවත් ජාතික ජන බලවේග ආණ්ඩුවට එම කාර්යය කළ හැකි බවට ලොකු විශ්වාසයක් තිබෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

රටේ පාතාලය වර්ධනය වූයේ දේශපාලන රැකවරණය යටතේ බව කී ජනාධිපතිවරයා වර්තමානයේ දී ඔවුන්ට එවැනි රැකවරණයක් ලැබෙන්නේ නැති බව කීය.

මහනුවර දී මල්වතු මහා නා හිමියන් බැහැ දදැකීමෙන්  අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව කීය.

(ෂේන් සෙනෙවිරත්න- ජේ.ඒ.එල් ජයසිංහ)

 



අදහස් (9)

ජාතික ආරක්ෂාව ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

වික්‍රම විදුර Sunday, 23 February 2025 01:17 PM

අරකට අත්සන් කරන්න.. කෝටි 100ට වැඩිය පොලු තිබ්බ අයටත් ඒත් ඒක්කම අත්සන් කරනන.. අනුකම්පා එපා..

:       2       5

මහ ජනතාව Sunday, 23 February 2025 01:41 PM

"මහ ජනතාවගේ පොදු ආරක්ෂාවට තර්ජනයක් වී නැහැ" එතකොට අර ඊයේ පෙරේදා මැරුණු කිරිසප්පයෝ දෙන්නත් පාතාලේද?

:       7       14

Doni Sunday, 23 February 2025 01:42 PM

හැබෑට?

:       5       11

Rata Perata Sunday, 23 February 2025 01:46 PM

දුර්වල මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි වුණාට මේක තමයි ඇත්ත. පාතාලය හැදුවේ දේශපාලකයින්...

:       8       10

යෝගා Sunday, 23 February 2025 02:08 PM

මෝඩ අප්පුවා තාමත් පරණ ආණ්ඩුවලට බැන බැන ඉන්නවා. ඔය තියන වෙඩිල්ලක් විදේශීය සංචාරකයින්ට වැදුනොත් ජාතික ආරක්ෂාව රෙද්ද පල්ලෙන් බේරෙයි.

:       9       14

කව්ද බෝයි Sunday, 23 February 2025 02:39 PM

ප්‍රාදේශීය දේශපාලකයින්, විදේශිකයින් අමු අමුවේ ඝාතනය කරලා ඔවුන්ගේ පෙම්වතියන් සමුහ දූෂණය කරපු අමරණීය ඉතිහාසයක් ඇති රටක්...

:       9       5

Kumudu Sunday, 23 February 2025 03:16 PM

අප්පුවට කඩේ යන බයියෝ මාර විදිහට හෝදනවා.

:       5       9

Don perea Sunday, 23 February 2025 03:25 PM

බොරු කියලා දැන් බොරු වපුරවනවා.

:       5       11

PRASANNA Sunday, 23 February 2025 04:31 PM

පාතාලේ කියන්නේ JVP ... වෙන දෙයක් නොවේ.

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

තෝරයායේ බස් අනතුරේ රියැදුරන්ගේ රියැදුරු බලපත්‍ර අත්හිටුවයි
2025 පෙබරවාරි මස 23 149 0

සිව්දෙනකුට මරු කැඳවමින් 24 දෙනකුට තුවාල සිදු කරමින් කුරුණෑගල බඩගමුව තෝරයාය සිදු වූ බස් රථ අනතුර සම්බන්ධ බස් රථ දෙකේම රියැදුරන් දෙදෙනාට ඇප නියම කළ කැරුණ


සංජීව ඝාතනයේ තිදෙනකු රඳවා ප්‍රශ්න කරනන අවසර
2025 පෙබරවාරි මස 23 283 0

ගනේ මුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් සැකකරුවන් තිදෙ­නෙකු පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැක


මන්ත්‍රීවරු ඝාතනය කරන හමුදාවක් පොහොට්ටුවේ නෑ
2025 පෙබරවාරි මස 23 860 9

අරගල කර මන්ත්‍රීවරු ඝාතනය කර ආණ්ඩු බලය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සන්නද්ධ හමුදාවක් නොමැති බවත් වැඩ කර පෙන්වා ඇති පක්‍ෂයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාද


සුපිරි වෙළඳසැලෙන් භාණ්ඩ සොරාගත් එස් අයි අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 23 1981 0

පේරාදෙණිය පොලිස් වසමේ කිරිබත්කුඹුර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳ සැලකින් රුපියල් 650ක් වටිනා භාණ්ඩ සොරකම් කළ බව කියන පේරාදෙණිය පොලිසියට අනුයුක්ත උප පො


ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් වැඩි කරන්න සැලසුමක්
2025 පෙබරවාරි මස 23 416 3

ස්නායු ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පුහුණුව සදහා තරුණ වෛද්‍යවරුන් වැඩි වශයෙන් දිරි ගැන්වීමේ අවශ්‍යතාවය පිළිඳව මේ වනවිට සෞඛ්‍ය අමාත්‍


පුංචි ඡන්දෙට මුදල් වෙන් කරයි
2025 පෙබරවාරි මස 23 198 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මේ වන විට රජය වෙන් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 160 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 402 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 173 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site