(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අතුරුගිරිය ටැටූ කලාගාරය තුළදී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ සැලසුම් කරුවෙකු ලෙස හඳුනාගෙන සිටින විදේශගත මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන පලනී ශිරාන් ක්ලෝරියන් නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් කෝටි 10 කට ආසන්න දේපල මුදල් විශුද්ධ කිරීමේ වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන අනුව ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර තහනමට ලක් කිරීමට පියවර ගත් බව පොලිසිය කියයි.
එම ජාවාරම්කරු ප්‍රබල මත් ජාවාරම්කාරියක් වන කුඩු සෙල්විගේ පුත්‍රයෙකි.
තහනම් කළ දේපර අතර ක්ලබ් වසන්ත ඝාතනයෙන් අනතුරුව වෙඩික්කරුවන් දෙදෙනාට පලායාම සඳහා සූදානම් කර තිබූ බෝට්ටුව සහ එන්ජිම ද වන බව පොලිසිය සඳහන් කරයි.
එම සංවිධානාත්මක අපරාධකරු මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවමින් විශාල දේපලක් උපයාගෙන ඇති බවට ලද තොරතුරු අනුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වූ තොරතුරු අනුව එම දේපළ තහනම සිදුකර ඇත.
එම අපරාධකරු 2013 වසරේදී වත්තල හැඳල බලගල පාරේ ඉඩමක් මිලදීගෙන 2018 වසරේ ඉදිකර තිබූ සුඛෝභෝගී දෙමහල් නිවස , 2022 වසරේදී මිලදී ගෙන තිබූ රුපියල් ලක්ෂ 90පමණ වටිනා සුඛෝ භෝගී මෝටර්රථයක්, රුපියල් ලක්ෂ 70 ක රන්බාන්ඩ මෙන්ම ක්ලබ් වසන්ත ඝාතනයෙන් අනතුරුව වෙඩික්කරුවන් දෙදෙනාට මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට පලායාම සඳහා රුපියල් ලක්ෂ 5 ක මුදලක් වැය කර හලාවත පුද්ගලයෙකුගෙන් මිලදීගෙන තිබූ බෝට්ටුව සහ එන්ජිමද තහනම් කල දේපල අතර වන බව පොලිසිය සඳහන් කරයි
මේ අනුව ක්ලබ් වසන්ත ඝාතනය විදේශගතව සිට මෙහෙයවා ඇත්තේ මොහොමඩ් ඉම්රාන් නොහොත් කන්ජිපාණී ඉම්රාන් , ලන්දුවා හන්දි සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටි , පළනි ශිරාන් ක්ලෝරියන් හා පළනි රිමෝශන් යන්න සිව් දෙනා බවට අනාවරණය විය
පලනි ශිරාන් ක්ලෝරියන් නැමැත්තා මත්ද්‍රව්‍ය චෝදනාවකට මේ වන විට ඉන්දියාවේ බන්ධනාගාර ගතව සිටින බව පොලිසිය කියයි .
.
වඳසැත්කම් කළැයි චෝදනා ලැබ සිටි කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍යවරයකු ෂාපි සහබිදීන් මොහොමඩිට එරෙහි සියළුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කුරුණෑ
ඇමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියස සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ, ජෝර්ජියා සහ උතුරු කැරොලිනා යන ජනපදවල ජය තහවුරු කර ගැනීමෙන් පසුවය.
පුද්ගලයකු සාවද්‍ය ලෙස අත්අඩංගුවට ගෙන නොයෙක් ප්‍රදේශවලට රැගෙන ගොස් රඳවා තබා ගනිමින් ඔහු සතු මුදල් සහ දේපළ බලෙන් ලබාගෙන ගිනි අවි පෙන්වා මරණීය තර්ජනය කළ
මහා භාණ්ඩාගාරයේ ඉහළ කළමනාකාරීත්වය සඳහා නිලධාරීන් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වෙනුවෙන් සහ එම කාර්යාලයීය කටයුතු සඳහා ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසුරුවා හැර එම වෛද්‍ය උපකරණ සෞඛ්‍ය කාර්
අඩු ආදායම්ලාභි පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක 1,996 ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජාවාරම්කරුවකුගේ කෝටි 10 ක දේපළ තහනම්