IMG-LOGO

2024 සැප්තැම්බර් මස 16 වන සඳුදා


ජීවිත දානය දුන් සැනින් වෙඩි තබා මරන්න වෙලා

(ර.මු.වී.ර.බණ්ඩාර)

වගා ළිඳකට වැටී සිටි වන අලිපැටියකු ප්‍රදේශවාශින්ගේ ද සහායෙන් වනජීවී නිළධාරීන් දැඩි පරිශ්‍රමයක් යොදා ගොඩගැනීමෙන් පසු කලහකාරී ලෙස හැසිරෙමින් කාන්තාවක පසුපස පන්නා යද්දී මෙල්ල කිරීමට තැබූ වෙඩි පහරකින් ඇත් පැටවා මියගිය බව වනජීවි කාර්යාලය කියයි. 

මහව වනජීවි කාර්යාල බලප්‍රදේශයේ කොහොඹකඩවල තමිමැන්නෑව ග්‍රාමයේ අඩි 20 පමණ ගැඹුරු වගා ළිඳක ඉකුත්(04)වැනි දින රාත්‍රී කාලයේ වැටී සිටිය දී ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීම මත වනජීවී නිලධාරීන් පැමිණ ප්‍රදෙශවාසීන් සමග සහයෝගයෙන් දැඩි පරිශ්‍රමයක් දරා අලිපැටවා ඉකුත් 05 දින පෙරවරුවේ ගොඩගෙන ජීවිත දානය පිරිනමා ඇත.

වගා ලිඳෙන් ගොඩගත් වන අලි පැටවා කළහකාරී ලෙස හැසිරුණු මොහොතේ ඔහු අසලට ගිය කාන්තාවක පසුපස පැන්නීම නිසා  වනජීවී නිලධාරියකු ඔහු සතුව තිබු ගිනි අවිය ක්‍රියාත්මක කර ඇත.

 

 



අදහස් (22)

ජීවිත දානය දුන් සැනින් වෙඩි තබා මරන්න වෙලා

සෙනෙවිරත්න Friday, 06 September 2024 01:23 PM

අලියගේ ඇඟේ පෙරහරක් යනවා බලන්න ළඟටම යන්න ඇති, ඒ නිලධාරින්ට ඒ වැඩේ කරගන්න ඇරලා තමන් සුරක්ෂිත තැනක හිටියා නම් මේ අපරාධය වෙන්නේ නැහැ...!

:       1       135

Lalla Friday, 06 September 2024 01:32 PM

මෝඩ හැත්ත එලවලා දාලා අලියා ගොඩ ගන්න එක නොකලාට වනජීවී නිලධාරීන් වගකිව යුතුයි...!

:       3       100

mihindaSaturday, 07 September 2024 07:57 PM

අලි වෙනුවට ගෑණු පෙන්නපු අපි සුද්දන්ට...!

:       0       0

Alahakoon Friday, 06 September 2024 01:35 PM

වනජීවී රාජකාරි අස්සේ රින්ගන්න ගිය කාන්තාවට දෙන දඬුවමක් නැද්ද? ඒ වගකීමක් නොදන්න කාන්තාව නිසා අහින්සක සතෙක්ගේ ජීවිතේ විනාශ කළා...

:       0       99

Ranja Friday, 06 September 2024 02:01 PM

රටක් දියුණු වෙන්නේ කොහොමද මේ වගේ මෝඩ පිරිසක් එක්ක.. අලියා ගොඩට එන අනතුරුදායක අවස්තාව රස විදින්න ආපු සැවොම මේකට වග කිව යුතුයි.

:       0       89

Lankika Friday, 06 September 2024 02:14 PM

මොන දේකටද ඔය කෙනා ඕක අස්සට රිංගන්න ගියේ?

:       0       61

sam Friday, 06 September 2024 02:46 PM

ඒ අලියා අස්සට ගිය ගොන් ගෑණිට විරුද්ධව නඩු දාන්න ඕනේ.

:       0       67

සංජීව Friday, 06 September 2024 03:00 PM

මේ වගේ අවස්ථාවක වන සතෙකුගේ හැසිරීම ගැන වනජීවි එක දන්නෙම නැත්ද? හදිසි අවස්ථාවකදී සතාවත් බේරගෙන තමනුත් බේරෙන්න පූර්වාරක්ෂක සූදානමක් තිබුණෙම නැත්ද? වතාවක් කොටියෙක් බේරන්න ගිහින් ගහක් කපලා කොටියත් මැරිලා ගහත් නැති වුණා. ලැජ්ජයි අපේ වනජීවි එකේ වැඩ මීට වඩා මහදැනමුත්තා හොඳයි.

:       0       46

පැරකුම්Saturday, 07 September 2024 05:42 AM

ඇයි මැරෙන්නම වෙඩි තිබ්බේ? වන ජීවියේ නැද්ද සත්තු සිහි නැති කරන වෙඩි...!

:       0       5

මහින්ද Friday, 06 September 2024 03:15 PM

සමහර ගෑණුන්ට අලි සයිස් දැක්කාම උංහිටි තැන් අමතක වෙනවනේ. එයාලා හරි ආසයි...

:       3       41

Jkdy Friday, 06 September 2024 03:28 PM

දඬුවම් කළ යුතුයි...

:       0       30

pathum Friday, 06 September 2024 05:11 PM

අලියාගේ රෙද්ද අස්සේ රින්ගන්න ගියේ මොකටද?

:       0       21

නිහඩ ඔවුන් වෙනුවෙන් හඩක් නගමු Friday, 06 September 2024 06:04 PM

ලංකාවේ තියන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ අලි ඉන්න වනාන්තර අස්සේ මිනිස්සු ගෙවල් හදන හේන් කොටන එක. මිනිස්සුන්ගේ පුදුම තණ්හාවක් තියෙන්නේ. ඊට වඩා නූගත්කම සහ ඔලමොට්ටලකම. මේ වගේ වෙලාවට මිනිස්සු මොකට මෙතැන එකතුවෙලා හිටියාද? මේ සතියේම අලිපැටව් විතරක් කී දෙනෙක් වෙඩි තියලා මැරුවාද? කාලකන්ණි ජීවත් වෙන රටක් මේක. මේ ඔක්කෝටම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ.

:       1       23

පිටිගල මිලානෝ Friday, 06 September 2024 07:54 PM

මේ ගෑණිව අල්ලලා හිරේ දාන්න...

:       0       17

Ruhunu Friday, 06 September 2024 08:01 PM

ඇයි ඒ ගෑණිට තිබ්බේ නැත්තේ..?

:       0       16

උඩුවර Saturday, 07 September 2024 12:38 AM

සම්පූර්ණ වරද මේ වනජීවියන්ගේ. මේ වගේ අවස්ථාවක අලියෙක් හැසිරෙන්නේ කොහොමද කියලා අත්දැකීමක් ඇත්තේම නැද්ද ඔය නිලධාරීන්ට. අර ගහක් කපලා කොටියෙක් මරපු සෙට් එකද දන්නේ නෑ ඔතැනටත් ආවේ.. ගැහැණු ගැන ආයේ කියන්න දෙයක් නැහැනේ...

:       0       3

Don perea Saturday, 07 September 2024 01:08 AM

පුදුම ගොන්නු ඉන්න රටක් මේක...!

:       0       3

jayarthna Saturday, 07 September 2024 06:46 AM

වනජීවී නිලධාරීන් හැර වෙනත් අය මෙතෙන්ට අදාළම නෑනේ.. ඕක හැමතැනකදීම සිද්ධ වෙන දෙයක්. ඒ කියන්නේ අලියගෙ අස්සේ ගමේ අය.

:       0       1

චන්දිම Saturday, 07 September 2024 07:56 AM

ඒ වෙලාවේ තිබුණේ ඒ මෝඩ ගෑනිට ඕනෑ මගුලක් වෙන්න ඇරලා සතාව නොමරා යන්න අරින එකනේ. ඒ ගොන් මෝඩ ගෑනි ඇවිත් මොන එහෙකට මේ අස්සේ රිංගන්න ගියාද? මේ නම් මහා අපරාධයක්. අනේ දකින කොටත් හරිම දුකක් හිතෙනවා. ගෙදරක ඉන්න හුරතල් දරුවෙකුට කොලු පැටියෙකුට අමු අමුවේ වෙඩි තියලා මරලා දාලා ඉන්නවා වගේනේ මේ වැටිලා ඉන්නේ. මොන හිතකින් මේ තිරිසන් වැඩේ කලාද?

:       0       4

don Saturday, 07 September 2024 10:59 AM

වෙන දෙයක් වෙන්න ඉඩහැරලා බලන් ඉන්නේ නැතිව මොකටද වෙඩි තිබ්බේ? වනජීවී නිලධාරියා අලි පැටියෙක් කුලප්පු වුණාම ඔහොම කළා නම් අලි රංචුවක් කුලප්පු වුණොත් ගම වටේම වෙඩි තිය තිය දුවයි.

:       0       4

අරවින්ද මොනරවිල Saturday, 07 September 2024 12:02 PM

අනේ මන්දා ලංකාවේ වන ජීවි එකේ ඉන්නේ හරක් විතරමද කියලා, මුලින්ම අලි පැටවා ගොඩ ගන්න පෙර එතැන ඉන්න අනවශ්‍ය පුද්ගලයින් විශේෂයෙන්ම කුඩා ළමයින්, කාන්තාවන්, වැඩිහියන් ඉවත් කළයුතු බව දන්නේ නැද්ද? දෙවනුව වන සතකු බැවින් ඌ මෙල්ල කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා පාවිච්චි කිරීමට නිර්වින්දන එන්නත් ලබා ගතයුතු බව දන්නේ නැද්ද? වෙඩි තැබීමට තීරණය කෙරුවා නම් සතාගේ ජීවිතයට හානි නොවන ආකාරයට එය නොකරුවේ මන්ද කියලා වහාම වනජීවි අමාත්‍යංශය සොයා බැලිය යුතුයි.

:       0       5

Rohan Saturday, 07 September 2024 05:16 PM

වෙඩි තියන්න තිබුනේ ගෑනිට. තිරිසන් සාතා මෙනවාද දන්නේ? සතා හොඳටම බය වෙලා ඉන්න ඇත්තේ.... අනික සම්පූර්ණ වැරැද්ද වනජීවි එකේ.... සෙනග අයින් කරලා ඔය සතා ගොඩ ගත්තා නම්...

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දියේ ගිලී තරුණයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 16 125 0

අනුරාධපුර විජය පුර ප්‍රදේශයේ පදිංචිව සිටි සිය නැන්දාගේ අවමගුල් උත්සවය සඳහා සහභාගී වීමට, අහංගම ප්‍රදේශයේ සිට පැමිණි තරුණයෙකු, අවමගුල් උත්සවයේ අවසන් ක


ගැටුම මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 16 457 0

වඳුරව ප්‍රදේශයේ අසල්වැසි නිවැසියන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් පසු එක් පුද්ගලයකු බරපතල තුවාල සහිතව මියගොස් ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි.


තනි රෝදයෙන් සෙල්ලම් දැමු 12 ක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 16 438 0

සමාජ මාධ්‍ය ජාලයේ ටික් ටොක් හරහා සම්බන්ධ වී මුදල් ඔට්ටුවට කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ යතුරුපැදි රේස් පදමින් සිටි තරුණයන් 12 ක් යතුරුපැදි 18 ක් සමග අ


මහව පීලි පනී - දුම්රිය ධාවනයට බාධා
2024 සැප්තැම්බර් මස 16 488 0

මහව සිට කොළඹ කොටුව දක්වා ධාවන වූ සීග්‍රගාමී දුම්රිය රාගම දුම්රිය ස්ථානයේදී පිලී පැනීමකට ලක්වීමෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ සියලු ගමනාගමන කටයුතු ඇනහි


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 16 48 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හවුති සටන්කාමීන්ගෙන් පළිගන්නවා - නෙදන්යාහු
2024 සැප්තැම්බර් මස 16 1985 1

යේමනයේ, ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. මිසයිලය පතිත වූයේ මධ්‍යම ඊශ්‍රායලයට අයත් ජනශුන්‍ය ප්‍රද


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 58 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2118 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 982 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site