IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ජේ.ආර් ජන්ම දිනය සැමරේ

මෙරට ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දින සංවත්සරය අද (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි.

ජයවර්ධන මහතාගේ පුත් අම්රිත් ජයවර්ධන මහතා ජයවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. 

ශ්‍රී ලංකාවට නොතිබුණු දියුණුවක් අත්පත් කරමින් සියලු ජනකොටස්වලට ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ අත්පත් කරදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කළේය. 
යුද්ධයෙන් පසුබෑමට ලක් වූ මෙරට ආර්ථික වර්ධනය නගා සිටුවමින් ලංකාව ආසියාවේ ප්‍රබල රටක් බවට පත්කිරීමට ජාතික ආණ්ඩුව විශාල වැඩ කොටසක් සිදු කරමින් සිටින බව ද අගමැතිවරයා කීවේය. 
ජේ.ආර් ජයවර්ධන මහතා ආසියාවේත් ලෝකයේත් ආර්ථික වෙනසකට මඟ පෑදූ බව කී අග්‍රාමාත්‍යවරයා ජේ.ආර් ජයවර්ධන මහතාගේ ප්‍රතිපත්ති ආසියාවේ ආර්ථික විප්ලවයට පදනම යෙදූ බව ද පෙන්වා දුන්නේය. 

RDS_8032 RDS_8044 RDS_8106 RDS_8166



අදහස් (0)

ජේ.ආර් ජන්ම දිනය සැමරේ

රූබි Monday, 19 September 2016 09:28 PM

ඒ කාලයේ දුරදිග සිතාබලා වැඩ කළා නම් අද ලංකාව ලෝකයේ කොතරම් දියුණු රටක් වෙන්න තිබුනද?

:       0       0

බමුණු Tuesday, 20 September 2016 07:53 AM

මෑත ඉතිහාසයේ ලංකාවේ පහළ වුණු ශ්‍රේෂ්ඨතම ජන නායකයාලු ශ්‍රේෂ්ඨතම නායකයින් දැකපු නැති අසානැති අයට හොඳයි ඔය කතාව (බ)

:       0       0

අබය Monday, 19 September 2016 09:55 PM

මෑත කාලයේ ලෝක ඉතිහාසය දෙස බැලූවිට බටහිර රටවල් තරම් අසාධාරණ විදියට, එමෙන්ම මිනිස් ජීවිත ගැන අල්පයකුදු තැකීමක් නොකළ වර්ගයක් මේ ඉතිහාසයේ නැති තරම්. ඔවුන් තරම් ජන සංහාරයක් කළ වෙන කිසිවෙකුත් නැත. ඒ අස්සේ අපේ ජේ. ආර් ජයවර්ධන ජනාධිපති කෙළින්ම බටහිරට නැඹුරුවුණා. ඉන්පසු තවමත් අපි ඒ වළේ වැටී එය දෙව්ලොවක් යැයි සිතා කමින් බොමින් නටමින් සිටින්නෙමු. (නි)

:       0       0

තිලක් Tuesday, 20 September 2016 07:58 AM

මෙතුමා රටට කළ සේවය අගය කළ යුතුය (බ)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 20 September 2016 12:32 AM

තිලක්, ජපානය හිස නැමුවාට අපට වැඩක් නැත. දැනටමත් මේ රටට බටහිර හිස නමන්නේ ඔවුන්ට ඕනෑ දේ මෙහෙ කරන නිසා. (නි)

:       0       0

ප්‍රියාන් Tuesday, 20 September 2016 03:14 AM

"නිවහල් ධර්මිෂ්ට සමාජයක් ඇති කිරීම සඳහා මටත් අවස්ථාවක් දෙන්න" යන ආදර්ශ පාඨය එක්ක තමයි මෙතුමා බලය ඇල්ලුවේ 1977 දී. ධර්මිෂ්ට සමාජයක් ඇතිකළාද තිබුණ ධර්මිෂ්ට සමාජය නැති කළාද කියලා තේරුම් ගන්න ඔබට බාරයි. රටේ සංවර්ධනය නම් වුණා. ඒ එයාට හිටපු දක්ෂ ඇමති මණ්ඩලය නිසා. (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 20 September 2016 03:30 AM

එදා ලංකාවේ දේශපාලනය කළේ බුද්ධිමත් උගතුන්. අද කෙසේ හෝ සල්ලි හම්බකරලා තමාගේ පැවැත්මට රටේ නායකත්වය කරා යන්න බලාඉන්න පිරිසක් තමයි පාර්ලිමේන්තුවට මහජනයා තෝරලා තියෙන්නේ (නි)

:       0       0

සුනිල් Tuesday, 20 September 2016 03:52 AM

මෑත ඉතිහාසයේ ලංකාවේ පහළ වුණු ශ්‍රේෂ්ඨතම ජන නායකයා (ම)

:       0       0

හෆීල් Tuesday, 20 September 2016 10:19 AM

ලංකා ඉතිහාසයේ පහළ වුණු ශ්‍රේෂ්ඨතම ජන නායකයා. ඉතා කුඩා බුද්ධිමත් ඇමති මන්ධලයක් සමග, දුෂණයෙන් තොරව රට පාලනය කල ජන නායකයක්. මම දන්නා හැටියට 1987 ඉන්ඩෝ ලංකා ගිවිසුම තමයි එතුමා ගත්ත වැරදි තීන්දුවක්. නැත්නං ඒවනවිට යුධය අවසන්. නමුත් ඉන්දියාවේ බලපෑම නිසා එතුමාට ඒ කරන්න සිද්ධවුණා. (ර)

:       0       0

උදය රත්නායක Tuesday, 20 September 2016 10:20 AM

තිලක් දන්නේ නැති දේවල් කතා කරන්න එපා. (ර)

:       0       0

සුසන්ත Tuesday, 20 September 2016 04:52 AM

කොච්චර දක්ෂ වුනත් ඉන්දියාවෙන් පරිප්පු දාන එක නවත්තා ගන්න බැරි වුණා. පවතින ව්‍යවස්ථා අර්බුදයේ නිර්මාතෘ. (බ)

:       0       0

නිරේෂ් Tuesday, 20 September 2016 05:08 AM

මෙතන ඉන්න සමහරක් අය දුකට බුරන උන් වගේ. මෙවැනි මිනිසුන් මුළු ලෝකයටම පහල වෙන්නේ එක්කෙනයි.(බ)

:       0       0

අජිත් රණසිංහ පැරිස් Monday, 19 September 2016 02:53 PM

මෑත ඉතිහාසයේ ලංකාවේ පහළ වුණු ශ්‍රේෂ්ඨතම ජන නායකයා (බ)

:       0       0

සුදේශ් පෙරේර‍ෙ Tuesday, 20 September 2016 05:34 AM

ජාතියේ පිනට පහළ වු සැබෑ නායකයෙක්. (ම)

:       0       0

ධම්ම Monday, 19 September 2016 03:19 PM

පවතින ව්‍යවස්ථා අර්බුදයේ නිර්මාතෘ. ඉතාම කෙටි දැක්මක් තිබූ ජන නායකයා. (හේ)

:       0       0

රොහාන් දයාදර පැරිස් Tuesday, 20 September 2016 01:13 PM

විධායක ජනාධිපති ක්‍රමය තුළ රටට ලැබුණු වාසි අසීමිතයි ඇතැමුන්ගේ නොහොබිනා ආත්මර්ථකාමි කටයුතු නිසා අවාසි , අපකිර්ති රටට ලැබුණා .ජේ . ආර් . ජයවර්ධන කියන්නේ ලෝකයක් පිළිගත් ,කලාපයක් විස්මයට පත්කළ රටක අතීතය . වර්තමානය .අනාගතය සැලසුම් කල සුරක්ෂිත කළ . පළපුරුදු උගත් ලොව ප්‍රථම විධායක ජනාධිපතිවරයාය. විටෙක ඔබකිවා මට මතකයි . මගෙන් පසු ධනය , බලය අනවශ්‍යයි .... මට රකින්න පරපුරක් නැත .... ඔබට නිවන්සුව ..!!! (අ)

:       0       0

දිනන්ති පැරිස් Tuesday, 20 September 2016 01:20 PM

ජේ . ආර් . ජයවර්ධන නිරිදුන් ගේ ඉන්දු _ ලංකා ගිවිසුම මගින් 30 වසර යුද්ධයට නිමාකිරීමට සියියට 60 කට වැඩියෙන් වාසි ලැබුනා ඒ ගැන.. නො කතා ... නො සිනා .. (අ)

:       0       0

චමින්ද පෙරේරා Monday, 19 September 2016 04:03 PM

කෙටි දැක්මක්. ඔහු ගැන සොයා කට කරන්න ...ඔහු දේශපාලන වැරදී ඇති.එක දන්නේ කරපු නිසා.ඒ දේ කරන්න ඔහු අවුරුදු 50 පමණ බල හිටිය.(අ)

:       0       0

උපාලි Monday, 19 September 2016 04:12 PM

මොහු මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ පහලවූ එක් දේශපාලකයෙක් පමණයි . හැබැයි පවතින අර්බුදවල නිර්මාතෘ මොහුයි . 80-90 කාලයේදී තමාගේ පැවැත්ම වෙනුවෙන් පාලන බලය යොදා රටේ පැවතිය යුතු යථාර්තය වෙනස් කර රට අර්බුදයකට යොමු කලා. මෑතකදී අගමැති රනිල් පවා පිළිගත්තා ඔවුන් ඉතිහාසයේ වැරදි කළා කියල. (අ)

:       0       0

ඉසුරු Tuesday, 20 September 2016 01:49 PM

70 ව 80 ව දසකයේ ලෝක දේසපාලන ඉතිහාසයේ පළපුරුදු විශිෂ්ඨතම දෙසපාලනඥයා ජේ . ආර් .ජයවර්ධන මැතිතුමායි ..(අ)

:       0       0

අල්විස් Tuesday, 20 September 2016 01:49 PM

අද යුද්දේ දින්න දින්න කියා කියා පම්පෝර කියන උදවිය එදා ජේ . ආර් . යුද්දෙට සැලසුම් හදනකොට ඒ අය ලොවෙත් නැ ලොවි ගහෙත් නැ . (අ)

:       0       0

රොහාන් Tuesday, 20 September 2016 02:04 PM

තමන්ගෙන් පසුව දෙශපාලනයට පරපුර... නොගෙනා ඒකම ජනනායකයා ඔබයි ජේ . ආර් ජයවර්ධන මතිදුනි ඔබට අමහ මහ නිවන් සුව (අ)

:       0       0

තිලක් Monday, 19 September 2016 04:51 PM

උපාලි , ධම්ම , දන්නා දේ පමණක් කියන්න ,JR තමයි අදටත් ජපානයත් හිස නවන අපේ නායකයා , අපිට අපේ මිනිස්සු අගයන්නේ නැනේ .(රේ)

:       0       0

රන්දික Tuesday, 20 September 2016 02:28 PM

ජේ .ආර් . ගෙ එදා ඉන්දු - ලංකා ගිවිසුම නිසා රජිවූ ගාන්ධි ගාතනය වුණා. අවසාන යුද සමයේ සෝනියා ගාන්ධි තිරේ පිටුපස නායකයා වීම හා තමපුත් දේසපාලන කරලියට ගෙන ඒමට ඇති වුවමණාවත්. කොටි. විනාශයට මුල්වුණා මේ කිසිවක් අද කවුරුත් නොදන්නාසේ පිට්ටු ගිලපු කබරයන්සේ නිදිවදියි . (අ)

:       0       0

බණ්ඩාර Tuesday, 20 September 2016 02:28 PM

සුසන්ත.විව්‍යස්තාවේ අර්බුද ඇතිවුනේ 18 ගෙනාවට පස්සේ එක ගෙනාවේ කවුද .? ගෙනාවේ රටට ද .? මොකටද .? (අ)

:       0       0

සමරේ Monday, 19 September 2016 05:39 PM

පිටරටකට හිස නැමූ පළියට නායකයෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ. තව තියෙනවා කියන්න. නමුත් මේ අවස්ථාව නොවේ (නි)

:       0       0

සයිමන් Tuesday, 20 September 2016 02:56 PM

යුද්දෙදි ආයුද ගනුදෙනු වලදී කොමිස් නොගත් නායකයා ඔබයි ජයවර්ධන මැතිදුනි . (අ)

:       0       0

සුදර්සන Tuesday, 20 September 2016 02:52 PM

ඔබ රටේ නායකයා මිස නළුවෙක් වුනේ නැ කවදත් ජයවර්ධන ජනාධිපති තුමනි (අ).

:       0       0

රෝහිත Tuesday, 20 September 2016 02:53 PM

ඔබට ...අජරාමර නිවන් සුව ..(අ)

:       0       0

උදය Monday, 19 September 2016 06:40 PM

මෙතුමාගේ කාලයේ තිලක් සමහරවිට ඉපදිලත් නැතුව ඇති. ඔය ජපානයේ අය සළකන කතාව ඇත්ත. එ්ත් ලංකාවේ එයා පාලනය කරන කාලේ හිටිය අය දන්නවා වුණ දේවල්. (නි)

:       0       0

අන්වර් Monday, 19 September 2016 07:10 PM

මෙතුමා අමරණීය නායකයෙක් (නි)

:       0       0

මොරවක Monday, 19 September 2016 07:34 PM

පිදියයුත්තන් පිදීම හොඳ දෙයක් (නි)

:       0       0

සුනිල් Tuesday, 20 September 2016 04:25 PM

ඔබ සහෝදර සමාගමක් නො හැදුවේ. ඔබ පුතින් මිල මුදලින් සුපිරි සපිරි . අක්කර 35000ක ට එපිටට හිමිකම් ඇති .උගත්කමින් විනිසුරුවරයෙක්. බාෂා හැසිරවීම ඉහලයි ලෝක පිලිගැනීම අති ඉහලයි දේශපාලන පළපුරුද්ද අවු 55 ට එපිට ඉතින් ඔබට කා සමකල හැකිද ...!!! (අ)

:       0       0

කමනි Tuesday, 20 September 2016 07:49 AM

මම ඒ යුගයේ පහල වුණ දොන් ජුවන්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 681 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1067 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 79 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 753 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 341 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1018 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39483 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25727 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1177 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site