(අංජුල මහික වීරරත්න)
ජේ.ආර්.තරුණ අවධියේදී ම රටේ රාජ්‍ය නායකත්වයට පත්වූවා නම් ලංකාව අද ධනවත් රාජ්‍යයක් බවත් ජේ.ආර් කළා වැනි කාර්යයක් වර්තමානයේ ඉටුකරන්නට හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යැයි කෝට්ටේ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ජපානයේ ප්‍රධාන සංඝනායක පැල්පොල විපස්සි හිමියෝ පැවැසූහ.
ජේ.ආර්.මෙන්ම රනිල් දේශපාලනයෙන් කිසිවක් උපයා නොගත් අතර තම දේපොළ පවා ජනතාව වෙනුවෙන් කැප කළ නායකයින් බවත් එදා නිසි නායකත්වයක් හඳුනා නොගැනීම නිසා රට මෙවන් අර්බුදයකට මුහුණ දී සිටින බවත් විපස්සී හිමියෝ පැවසූහ.
පැල්පොල විපස්සි හිමියන් මේ බව සඳහන් කළේ හිටපු ජනාධිපති දිවංගත ජේ. ආර් ජයවර්ධන මහතාගේ 26 වන ගුණානුස්මරණය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේ අද (01) පැවති සංඝගත දක්ෂිණාවේදී විශේෂ අනුශාසනාවක් සිදු කරමිනි.
මහා සංඝරත්නය විෂයෙහි දානය පිළිගැන්වීමට ද ජනාධිපතිවරයා එක් විය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, එක්සත් ජාතික පක්ෂ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, යදාමිණී ගුණවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජේ.ආර් තරුණ කාලේ ජනාධිපති වුණා නම් අද ලක් දිව ධනවත් රටක්
sharm warn Tuesday, 01 November 2022 03:59 PM
ඔව් ඔව් .ඔබටත් තව බිස්නස් එකක් දාගන්න තිබුනා එහෙනම්.කොහෙන් හොයා ගත්තද මන්දා මේ පුද්ගලයන්ව .අනිත් ස්වාමීන් වහන්සේලාට ඇත්තටම හිරිකිතයක් නැද්ද මේ වගේ දහමේ ගරුත්වය කෙලෙසන අය එක්ක ගැවසෙන්න .ඇත්තටම ?
සකල බුජං Tuesday, 01 November 2022 04:02 PM
අනේ මගේ කට.
Hafeel Tuesday, 01 November 2022 04:05 PM
ජේ ආර් ආර්ථිකයට යමක් කළා. හැබැයි සීයට සීයක්ම ව්යුර්ත ආර්ථික හඳුන්වා දුන්න නිසා, රටේ අපනයනට විශාල හානි වුනා. තවද ඔහු හඳුන්වා දුන් නරක ව්‍යස්තාවේ ප්‍රතිපල තමයි අපි දැන් විඳින්නේ. ඒ නරක ව්‍යස්ථාව නිසා තමයි දුෂිත, වංචා කරුවන් බලයට එන්නේ. එදා 1983 දී 5/6 බලය සහිත ආණ්ඩුවක් තියාගන 20 ටත් අඩු ත්‍රස්තවාදීන්ව මෙල්ල කරන්න නැතුව, තිස් වසරක සාපලත් යුද්දය එදී ගියේ ජේ ආර් ගේ මෝඩ තීන්දු නිසා.
ප්‍රේමසිරි Tuesday, 01 November 2022 08:57 PM
ජේආර් කරපු මෝඩම වැඩේ රජිව්ගේ තර්ජනයට බියවී පළාත් සභා ඇතිකිරීම කියලා කියන්න පුළුවන්.
Senarath Tuesday, 01 November 2022 04:20 PM
රටට මේ තරම් විපතක් වෙලා තියෙද්දිත් මේ හාමුදුරුවරු තවම ගුණ ගායනයා කරනවානේ. වයස 75 ක් වෙලා ජනාධිපතිවෙලා් ව්‍යවස්ථා ගැට, 1983 ජූලි කලබල වලදි පොලීසියට නිවාඩු දීප ජේ.ආර් තරුණ කාලෙදි ජනාධිපති වුණා නම් කොහොමට හිටීවිද හිතන්න පුළුවන්. ඒක තමා එන්.එම්. පෙරේරා කිව්වෙ ජේ.ආර්.ට රට දීලා ආයෙම ගන්න හිතන්න එපා කියලා.
මරිසිපාලTuesday, 01 November 2022 06:34 PM
මේ රට මෙතරම් ප්‍රපාතයකට වැටෙන්න ඇන් ඇම් වගකිවයුතු පුද්ගලයෙක් කියන්න පුළුවන් මොකද මිනිහා ඩී එස් මැතිතුමා ගල් ඔය ව්‍යාපාරය කරද්දී උද්ඝෝෂණ කලා මැලේරියාව හදල ජනතාව මරණවා කියලා ඉන් පස්සෙ 1952 හර්තාලය කලා.ජනතාවට කන්න බොන්න රජයෙන්ම දෙන්න ඕනි කියලා ජනතාව නොමග යැව්වා.ඒ කාලයේ රටේ තිබුන පුද්ගලික අංශයේ ව්‍යාපාර රජයට ගැනීමට කටයුතු කලා.බණ්ඩාරනායක සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමෙන් ලංකාවෙ ඉහළම පංතියේ අයට හැර අනෙක් සිංහල දරුවන්ට පමණක් සිංහල ඉගෙන ගන්න වුනා ඔහුගේ ක්‍රියාකාරකම් අවුරුදු තිහක යුද්ධයටත් හේතුවක් වුනා .1983 ජූලි කලබල වලට හේතුවක් වුනා කියන කවුද කොටියා පොත ලියපු ජේආර් ගේ ළගම හිතවතෙකු වුනු පුද්ගලයා ඇමති තනතුරෙන් පහකිරීමට ජේආර් කටයුතු කලා
මුදියන්සෙ Tuesday, 01 November 2022 04:45 PM
ලංකාවෙ මහින්ද චින්තනය සහ බණ්ඩාරනායක චින්තනය යන පසුගාමී මතවාද වලින් අන්ධ වූවන් පිළිගන්න අකමැති වුනත් එදා ජේ ආර් විවෘත ආර්ථිකයක් ඇති කරල වෙලඳ ගිවිසුම් ඇති කරන්න ගත්තු තීරණය නිවැරදියි ජේ ආර් ට වඩා අද ඉන්න තරුණ පරපුර සංවෘත ආර්ථිකයි: සියල්ල රට තුල නිපදවීම වගේ මෝඩ අදහස් වල ගිලිල ඉන්නෙ වෙලඳ ගිවිසුමක් අත්සන් කරන්න දෙන්නෙ නෑ රට බෙදනෝ රට කඩනෝ කියල කෑගහගෙන රට බේරගන්න පෙරට එනව ඒවගෙ විපාක අද විඳිනව යහමින් දැන්වත් හැදෙනව නම් ලොකු දෙයක්
සමන් විමල Tuesday, 01 November 2022 08:44 PM
ගොනා උනාට උම් බෑ කියන්න එපා කියන කතාව දැනගන්න ක්‍රමයක් නෑ නේ.
Bamunuarachchi Tuesday, 01 November 2022 05:05 PM
අනේ හාන්දුරුවනේ කටින්ද කතා කරන්නේ වෙන කොහෙන්වත්ද? එයාට යැංකි ඩිකී කිව්වේ මොකදකියලාවත් හිතන්න බැරිද?
ගජමිතුරු Tuesday, 01 November 2022 06:19 PM
බබුනෝ මහින්දලා හැර වෙනත් කිසිවකු හාන්දුරුවනේ කියන්නෙ නැහැ හාමුදුරුවනේ කියලා තමයි නියම ආමන්ත්‍රණය එහෙම කියන තවත් කට්ටියක් ඉන්නවා ඔවුන්ට අපහාසයක් වෙන්න පුළුවන් නිසා කියන්නෙ නැහැ
tikira Tuesday, 01 November 2022 06:56 PM
අනේ පලයන් අඩෝ යන්න
BamunuarachchiWednesday, 02 November 2022 07:04 AM
හාන්දුරුවෝ කිව්වේ නොදැන නොවේ. ජේ.ආර් තරුණ කාලේ ජනාධිපති කරන්න හදන මේ හාන්දුරු ගජමිතුරන්ට වෙන කොහොම කතා කොරන්නද?
kapila Tuesday, 01 November 2022 05:08 PM
හාමුදුරුවෝ තමන්ට අයිති රාජකාරියත්, දේශපාලනය කරන උදවිය තමන්ට අයිති රාජකාරියත් කරා නම් මේ රටේ මෙතරම් ප්‍රශ්න ඇති වන්නේ නැහැ.
Mahasen Tuesday, 01 November 2022 06:15 PM
තරුණ කාලේ මුදල් ඇමති වෙලා හිටියා නේද? පස්සේ පිහින ටිෂූ පේපර් පිටරටින් ගෙනාවේ රබර් විකිණීමෙන් ලැබුණ වෙළඳ වාසියට
chandima Tuesday, 01 November 2022 06:45 PM
අම්මපා අපේ හාමුදුරුවනේ ?පිරිකරට මොනවද හම්බවුනේ ?
saki Tuesday, 01 November 2022 08:06 PM
අපේ හාමුදුරුවනේ JR කෙසේ වෙතත් මේ රනිල් නම් දෙපත් නයෙක්.
pakeer Tuesday, 01 November 2022 08:32 PM
සිවුරු දාගෙන කරන්න බැරි වුණේ, සෝවාන් වෙන එක විතරයි අපේ හාමුදුරුවනේ.
ganegoda Tuesday, 01 November 2022 09:56 PM
සිංහල බෞද්ධයෝ කිසිම දවසක මේ චීවරධාරීන්ට දණ ගහන්නෙ නැහැ.
Rexi Tuesday, 01 November 2022 09:59 PM
ධර්මය ප්‍රචාරණය කරනවා වෙනුවට කරන දේවල්.
Kumar (Gulf) Tuesday, 01 November 2022 11:15 PM
ජේ.ආර් රට කාපු මීහරකා
ගමගේ Tuesday, 01 November 2022 11:29 PM
පිනට කන තොපිට හොරු තමයි හොද
chandima Wednesday, 02 November 2022 01:38 AM
ජේ.ආර්. එහෙම ධනවත් රටක් හදලා තිබුණා නම් මුන් අද පැන පැන සුද්දෙ දීලා තමයි රට බංකලෝත් කරන්නේ. හොඳ වෙලාවට ඒ ධනය සුද්දෝ ලඟම තියෙන්න ඇරියේ.
ruwan Wednesday, 02 November 2022 07:53 AM
ජේ.ආර් තරුණ කාලේ ජනාධිපති වුණා නම් අපි තරුණ කාලේ ඉන්න රටක් නැති වෙනවා.
Gamiyek Wednesday, 02 November 2022 01:19 PM
JR ගේ මොලෙන් කරපු වැඩ දැන් ඉන්න දේශපාලකයින්ට හිතන්නවත් බෑ. මේ තාක්කල් රට කරපු නායකයින් ගැන හොඳම මොලේ JRගේ... දැන් ඉන්න අයගේ තියෙන්නේ හොරකන් කරන්න මොලේ. JR හොරකන් කෙරුවේ නෑ. යුද්ධය ඔඩු දුවන්න ඇරියා බලය රැකගන්න. විවෘත ආර්ථිකය ඕනෑවට වඩා විවෘත කෙරුවා. පිටරටින් යැපෙන විදියට රට හුරුකෙරුවා. ඔවැනිදේ නිසා රටේ දියුණුවට බාධා ආවා...!