IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ජී.ඇල් රනිල් හෙළා දකියි

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් දුන් තීන්දුව ගැන අගමැති කරන ප්‍රකාශ මෙරට අධිකරණය බිය ගැන්වීමට තැත් කිරීමක් බවත්, එවැනි ක්‍රියා තරයේ හෙළා දකින බවත් හිටපු විදේශ ඇමැති හා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

එසේම එම පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව විනිශ්චයකාරවරුන් දෙදෙනකු විසින් ලබා දීමට නීතිමය ප්‍රතිපාදන නැතැයි සඳහන් කරමින් අගමැති කරන ප්‍රකාශ අධිකරණයට අපහාස කිරීමක් බව ද ඔහු සඳහන් කරයි.

එම ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව ගැන පොදුරාජ්‍ය මණ්ඩලයේ විනිශ්චයකාරවරුන්ගේ සංගමයට  යොමු කරන බවත් අගමැති කළ කතාව සම්පූර්ණයෙන්ම නුසුදුසු ක්‍රියාමාර්ගයක් බවත්, මේ රටේ අධිකරණය විදේශ අයට බාරදිය නොහැකි බවත් හිටපු විදේශ ඇමැති කියයි.

ඊවා වනසුන්දර හා සරත් ආබෘ විනිසුරුවරු එම පෙත්සම විභාග කළහ. බුවනෙක අලුවිහාරේ විනිසුරු පෞද්ගලික හේතු මත පෙත්සම් විභාගයෙන් ඉවත් විය.

එම තීන්දුව ප්‍රකාශයට පත් කළ වනසුන්දර විනිසුරුවරිය 2014 ජූලි හය වැනි දා දේශය පුවත්පතට සමූඛ සාකච්ඡාවක් දුන්නාය.

මේ එම සාකච්ඡාවයි.

http://deshaya.lk/component/content/article/35-epaper/288-20140706

2014



අදහස් (0)

ජී.ඇල් රනිල් හෙළා දකියි

දුමින්ද Monday, 18 May 2015 04:20 AM

කන්න ඕනෑ වුණාම සමහරු කබරයා තලගොයා කරනවා (නි)

:       0       0

ඇන්ටන් Monday, 18 May 2015 04:57 AM

සිහලයා මෝඩයා කැවුම් කන්න සූරයා.උඩ බලාගන කෙළ ගහපල්ලා ,(බ)

:       0       0

නදීකා Monday, 18 May 2015 05:11 AM

දැන් මේවා කතාකරලා වැඩක් තිබේවිද? (නි)

:       0       0

වැකෝ Sunday, 17 May 2015 10:51 AM

රනිල් මහජන ඡන්දයෙන් පත්වුණු අගමැති නොවේ . මැතිවරණ කොමසාරිස් මෙම පත්වීම අවලංගු කළ යුතුය. (බ)

:       0       0

පිටර්සන් Sunday, 17 May 2015 10:59 AM

ඒ කාලේ හෙලා දෑක්කොත් ගෙදර යන්න වෙන නිසා, දෑන් වත් කොන්ද කෙලින් තියාගෙන තමන්ගෙ උගත්කම පෙන්නලා වෑඩ කරනන. අට පාස් කොල්ලන්ට යට වෙලා තමයි මෙයා ඒ කාලෙ වැඩ කළේ. (බ)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 17 May 2015 11:42 AM

ජි.එල් මහත්තයෝ, සිරානි බණ්ඩාරනායක පැය දෙක තුනකින් ගෙදර යැව්වේ අදිකරණය සතුටු කරල වෙන්ඩ ඇති නේද ? එදා හැම දෙටම ම පාර්ලිමේන්තුවේ අත උස්සලා දැන් සිංහයා වෙන්න හදනවද ? (නදී)

:       0       0

විමුක්ති Sunday, 17 May 2015 11:49 AM

වැකෝ කියනකම් හිටියේ රනිල් ගෙදර යන්න. අනේ මගේ කට (බ)

:       0       0

ජයන්ත Sunday, 17 May 2015 11:50 AM

මේ කොන්ද පන නැති මහාචාර්යවරයා මෙච්චරකල් කොහෙද හිටියේ. මෙයා අර මැදමුලන පුතාට සර් කිව්වා (බ)

:       0       0

නාරද Sunday, 17 May 2015 11:59 AM

කථාවේ සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත්, පෙර අසත්‍ය දැක දැක නිහඩව සිටි බවද මතකයට නගමින් යහ පාලනය තියන නිසා කුක්කෝ වගේ නැට්ට පශ්චාත් භාගයේ හංගාගෙන හිටපු බුද්ධිමත් යයි කියාගන්න අයත් දැන් සිංහ වෙස් ගෙන වාගේ (බ)

:       0       0

උදිත Sunday, 17 May 2015 11:58 AM

කොහොමත් රනිල්ලා අදිකරණ තීන්දු පිළිගන්න අය නෙමේ මතකනේ මාමගේ කාලේ .උසාවි වලට ගඩොල් ප්‍රහාර දුන්නු හැටි (බ)

:       0       0

හිරාන් Sunday, 17 May 2015 12:02 PM

අධිකරණ තීන්දුව සම්බන්දව සැකය තවදුරටත් සනාථ වෙනවා, දැන් අධිකරණයට චරිත සහතික දෙන, ඉස්සර අධිකරණයේ මළගම වෙනුවෙන් පන දුන් කට්ටියගේ කතා අහන කොට. ජි එල් පිරිස් , ගෝඨාභය, මහින්ද. (බ)

:       0       0

සජිත් Sunday, 17 May 2015 12:13 PM

කව්රු මොනා කිව්වත් මේ රටේ කවදාවත් අගමැති ඡන්දෙන් පත් කළේ නැහැ ජනාධිපතිට කැමති කෙනෙක් තමයි අගමැති විදියට පත් කළේ එතකොට දී.මු ජයරත්න අගමැති කළේ ඡන්දෙන් දිනලා නෙමේනේ අඩුම ගානේ ඡන්දෙ ඉල්ලුවෙත් නැහැ නිකන් පුහු තර්ක දාන්න එපා (බ)

:       0       0

දේශප්‍රිය Sunday, 17 May 2015 12:18 PM

පිටර්සන් ඔබ හරියටම හරි.තමන්ගේ ෆයිල් ටික උස්සන් යන පියන් කෙනෙක් තරම් වත් සුදුසුකම් නැති, අට පාස් මැරයකුට තමන්ගේ අමාත්‍යාංශය මෙහෙයවීම සම්පුර්ණයෙන්ම භාර දීලා අවුරුදු ගණනක් ඇස්, කන්, කට ඔක්කොම පියාගෙන හිටපු ප්‍රොෆෙසර්ගේ කටේ දැන් තියන නරිවාදම දැක්කම මෙය ආශ්චර්යයක් බව හිතෙනවා. (බ)

:       0       0

කිත්සිරි Monday, 18 May 2015 06:49 AM

අපිත් හෙළා දකිනවා (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 17 May 2015 12:46 PM

මේ හැම දේශපාලකයෙක්ම හිතන් ඉන්නේ රටේ මිනිස්සු මැරිලා ඉපදිලා කියලයි.(නදී)

:       0       0

සමන්ති Sunday, 17 May 2015 12:54 PM

සමන්, දිමු අගමැති කළේ ඔය පීරිස්ල තමයි. පොතේ නිතිය දෙසුවාට එයා දියවන්නාවට ආවෙත් මහජන ඡන්දෙන් නෙවෙයි. තමුන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන්නේ නැහැ.(නදී)

:       0       0

දහම් Sunday, 17 May 2015 12:55 PM

මේ කොමෙන්ට් බොහොමයක් දාල තියෙන්නේ ඒ අය යූ එන් පී නිසා. ජී.එල්. කියන කතාව ඇත්ත. අරමුණ ඉටු නොවුනට අධිකරණයට දොස් කියන එක කැත වැඩක්. මීට වඩා තැන්පත් බවක් තිබිය යුතුයි. (නදී)

:       0       0

රණේ Sunday, 17 May 2015 01:09 PM

එකෝමත් එක රටක අධිකරණයෙන් එක්තරා පුද්ගලයෙකුට තින්දුවක් දුන්නා. එයාට කිසිම රජයේ ආයතනයක රැකියාවක් කරන්න බැහැ කියලා. හැබැයි පස්සේ ඒ පුද්ගලයා එක්තරා රජයේ ආයතනයක මහපුටුවට ගියා. ඔන්න ඔහොමයි ඒ කාලේ අපේ ඇයෝ අධිකරනයට ගරු කලේ.(නදී)

:       0       0

අනුර Sunday, 17 May 2015 01:26 PM

ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ වරදක් තියෙනවා නම් නඩුව ඉදිරියට ගෙනියන්න. ඒ තුලින් ඔහුට දඩුවම් පමුණුවන්න පුළුවන්. අැවන්ගාඩ් ප්‍රස්නේ කොහොමත් යට ගහන්න බැහැ එතන යම්කිසි අවුලක් තියෙනවා. ජි එල් පිරිස් මහතා දැන් ලොකුවට කියවනවා ඒ දවස්වල හැමදේකටම එහෙයියෝ. සීෂෙල් වල බැංකු අරින්නත් මෙතුමා ගියා නේද ? (නදී)

:       0       0

පෙරේරා Monday, 18 May 2015 07:15 AM

මේ දෙන්නගෙන් එක්කෙනෙකුටවත් ඡන්දයකින් දිනලා බලයට එන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා කියන ඒවා ගණන් ගන්න හොඳ නැහැ. (බ)

:       0       0

රේණුකා Sunday, 17 May 2015 02:38 PM

එතකොට ඒ දවස්වල ඔබතුමාගේ කටට අගුල් දාලද තිබුනේ ? (නදී)

:       0       0

ෆාරා Sunday, 17 May 2015 03:01 PM

ඔහු අගමැතිකම ගත්තේ අනුන්ගේ එළියෙන්, කවදාවත් දිනන්න බැරි බව ඔහු දන්නවා (බ)

:       0       0

විජයබාහු Monday, 18 May 2015 07:53 AM

සමහරුන්ට හරියට තරහා ගිහින් වගේ මෙයාගේ කතාවට (නි)

:       0       0

වික්ටර් සිරිල් Sunday, 17 May 2015 03:48 PM

ඔබ සියලු දෙනාම දැනගත යුතුයි ජීඇල් නීතිය පිළිබඳ උගත් පඬිවරයෙක්. අගමැති රනිල්ටත් උපදෙස් දුන්නා. ලෝකයේ රටවල් ගනණාවක් එතුමාගෙන් උපදෙස් ගත්තා කියලා හැමෝම දන්නවා (බ)

:       0       0

චතු Sunday, 17 May 2015 03:48 PM

රනිල්ට ඉතින් අපේ ප්‍රශ්න පිට රටකට නොකිව්වොත් නින්ද යන්නේ නැහැනේ . මංගලව ලෝකේ වටේ තව රවුමක් යවන්න හැමෝටම කියල එන්න කියල . මෙහෙමත් අගමැති කෙනෙක් (බ)

:       0       0

සමන් Sunday, 17 May 2015 03:56 PM

අනේ සර් ඔබතුමා පසුගිය ආණ්ඩුව තිබුණු දවස්වල ඔලුවෙන් හිටගෙනද හිටියේ (බ)

:       0       0

වික්ටර් සිරිල් Sunday, 17 May 2015 03:57 PM

ෆාරා ඔබේ අදහසට මම එකඟ වෙමි (බ)

:       0       0

හර්ෂිණී Sunday, 17 May 2015 04:01 PM

රනිල් ජනපති වුනානම් නටන නාඩගම බලන්න තිබුන...(බ)

:       0       0

දම්සි Sunday, 17 May 2015 04:15 PM

මෛත්‍රී කරපු ජාතික අපරාදෙ ප්‍රථිපල තමා ඔය (නදී)

:       0       0

නිහාල් Sunday, 17 May 2015 04:27 PM

අනේ! අපි කවුරු කවුරු ගැනත් දන්නවා (නි)

:       0       0

වජිර Sunday, 17 May 2015 04:51 PM

රනිල් හැමදාම කරන්නේ හරි දේ! (නි)

:       0       0

ඉසුරු Sunday, 17 May 2015 07:57 PM

අනේ මන්දා මේවා! (නි)

:       0       0

ඉන්දික Sunday, 17 May 2015 07:59 PM

අපි මේ දේවල් ගණන්ගත යුතුද? (නි)

:       0       0

ජයතු Sunday, 17 May 2015 11:08 PM

රටෙි ජනතාවට කුඩු සුදුව අාදී දුසිරිත් ලෙහෙසියෙන් ලබා ගැනීමට සැළසුවේ මහින්ද අැතුලු ඔහුගේ පිරිසයි. වැරදි දෙයට ඉක්මනින් පෙළඹෙන සිංහල ජනතාව නොමඟයෑමෙන් පාලකයන්ට තමන්ට රිසිපරිදි ජනතා මුදල් කොල්ලකමින් සුරසැප විඳින්න හැක. හැකිතරම් උගතුන් බිහි කළයුතු කාලය එළඹ අැත (නි)

:       0       0

ගිහාන් Monday, 18 May 2015 12:00 AM

දැන් මෙතුමාට පුළුවන් වුණාද භාරගත් අමාත්‍යංශය හරියට පරිපාලනය කරන්න. තානාපති කාර්යාලවල ගුස්ති. ඒවායේ සේවාව ලබාගන්න ආ ලාංකිකයන්ගේ පැමිණිලි කෝටියයි. (නි)

:       0       0

පෙරේරා Monday, 18 May 2015 12:05 AM

මේකට විරුද්ධව ඉන්නේ හිටපු මැති ඇමතිවරු හා නිලධාරීන් කීපදෙනෙක් පමණයි. මේ අයගේ ඒකායන අරමුණ සිදුවෙන පරීක්ෂණ නතර කරවීමයි. මම කියන්නේ මේ අයගේ තරාතිරම නොබලා නීතිය ඉදිරියට පැමිණවිය යුතුය යන්නයි. ඕනෑම පුද්ගලයකු නීතිගරුකව ජීවත්වෙනවා නම් සාපරාධී ලෙස කටයුතු කර නැත්නම් බයවෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සැමවිටම බියවන්නේ තමන් වැරදි යැයි සිතන අයයි. (නි)

:       0       0

ලලිත් Monday, 18 May 2015 12:12 AM

ජී.ඇල්තුමනි රනිල්ව හෙළා දකින්න කලින් අර එක් කෙනෙක් තානාපති කාර්යාල ගුස්තියක් සම්බන්ධයෙන් ලංකාව ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධ කරලා රටේ නම කාපු එක හෙළා දකින්නකෝ (නි)

:       0       0

විකුම් Monday, 18 May 2015 01:10 AM

ලබන ඡන්දෙන් පසු, හොරු ආරක්ෂා කරන්නන් කොහොමත් ගෙදර. (නි)

:       0       0

යසිරු Monday, 18 May 2015 01:13 AM

රනිල්ගේ වැරදි සොයන්න ගියේ රාජ්‍ය තාන්ත්‍රික සේවාව විහිළුවක් කරන්න ඉඩ දීලා බලා හිටපු හැටි මතක නැතුව නේද? (නි)

:       0       0

විකුම් Monday, 18 May 2015 01:20 AM

මොකද පාර්ලිමේන්තුව විසිරුවන්නේ නැත්තේ? හේතු හදාගෙන කල්දානවා. (නි)

:       0       0

ගිහාන් Monday, 18 May 2015 02:17 AM

දම්සි, ඔයා ඔය කියපු වචන ටික මහින්දගේ කාලේ කවුරුහරි එයා ගැන මෙතන කිව්වා නම් වෙන ටික මම මෙතන ලියන්නේ නැහැ. දේශපාලනයෙන් බඩවඩා ගැනීම තරම් ජාතික අපරාධයක් තවත් නැහැ දම්සි. නිකම් කට තිබෙන පළියට මෝඩ කතා කියන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 1004 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 441 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 284 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 858 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 722 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 322 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site