(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
අධිකරණ වෛද්‍ය විශේෂඥයෙකුගේ නිල මුද්‍රාව භාවිතා කරමින් විවිධ පුද්ගලයින්ට මත් පෙති මිලදී ගැනීමට අවශ්‍ය තුන්ඩු ලබා දීමේ යෙදුණු තරුණයකු එසේ ලබා ගත් මත්පෙති, අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ නිල මුද්‍රාව සහ හෙරොයින් පානය කිරීමට උපයෝගී කරගත් උපකරණයක්ද සමඟ අත්අඩංගුවට ගත් බව නාල්ල පොලිසිය කියයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලදෙනිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි .
මත්පෙති දෙකක් සමග නාල්ල ප්‍රදේශයේ තරුණයකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සතුව තිබී වෛද්‍යවරයෙකු නිකුත් කළ රිසිට් පත් පහක් හමුවීමෙන් පසු සිදුකෙරුණු පරීක්ෂණයකදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත .
වෛද්‍ය උපදේශ සහිත රිසිට්පත් නිකුත් කළ මාලදෙනියේ තරුණයාගේ නිවස පරීක්ෂා කිරීමේ දී වයඹ පළාතේ ප්‍රසිද්ධ රෝහලක අධිකරණ වෛද්‍ය විශේෂඥවරයාගේ නිල මුද්‍රාව ද වෛද්‍ය උපදේශ සටහන් කරන ලිපි ශීර්ෂ ද සොයා ගැනීමට පොලිසියට හැකි වී ඇත .
කොටදෙනියාව ප්‍රදේශයේ ආයතනයක වෛද්‍ය වරයෙකු යටතේ සේවය කරන ඖෂධ වේදියෙකු විසින් මාලදෙනියේ තරුණයාට විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ නිල මුද්‍රාව සහිත ලිපි ශීර්ෂයක් ලබා දී ඇතැයි විමර්ශන වලදී අනාවරණය වී ඇත .
පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින
ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.
1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ
ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු තීන්දු තීරණයක් නොගන්නා බවත්, ඉන්දියාව සමඟ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමට පියවර ගන්නා බවත් නවදිල්ලියට
ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ම
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජේ එම් ඔ නිල මුද්‍රාවෙන් මත් පෙති බෙදලා