IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ජි එල් ආගමික නායකයන්ට ලියයි

ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රි ලංකාව  සම්බන්ධ වන ඇමෙරිකා යෝජනාවට ශ්‍රී ලංකා රජය සම අනුග‍්‍රාහකත්වය දැක්වීම සම්බන්ධයෙන් තමන් සර්ව ආගමික නායකයින් දැනුවත් කරන බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරීස් මහතා කියයි.

රටට ඇති අහිතකර බලෑපම සම්බන්ධයෙන් මහ නාහිමිවරුන්, මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් ඇතුළු මෙරට සියලූ ආගම් වලට අයත් ආගම් නායකයින්ට ද ඔහු කරුණු දන්වා තිබේ.

සර්ව ආගමික නායකයින් 12 දෙනෙකුට ද ඔහු  ලිපි ලියා ඇත.

 

 

 



අදහස් (0)

ජි එල් ආගමික නායකයන්ට ලියයි

අතුල Wednesday, 21 October 2015 07:47 AM

එදානේ ඕවා කරන්න තිබුනේ. අශ්වයා පැනගියාට පස්සේ ඉස්තාලයේ දොර වහලා වැඩක් නැහැ (නි)

:       0       0

රසිත කාලිංග Wednesday, 21 October 2015 07:51 AM

එතුමාට ඉතින් වැඩක් තියෙන්නත් ඕනෑනේ......! (නි)

:       0       0

භද්‍රානි Wednesday, 21 October 2015 08:01 AM

දේශපාලන වේදිකාවේ ඕනෑතරම් විහිළුකාරයෝ ඉන්න රටේ, ඔබතුමා වැනි අයත් විහිලු කතා කියන්න ගියාම ජාතියක් විදිහට අපිට මොකද වෙන්නේ? ඔය සර්ව ආගමික නායකයින්ට කියන්න ඔවුන්ගේ අනුගාමිකයින්ව හික්මීමක් ඇති ශීලාචාර, දැහැමි ජන කොටසක් බවට පත්කරවන්න තම තමන්ගේ ආගම හා දර්ශනයන් අනුව කිසියම් වූ ප්‍රායෝගික වැඩසටහන් මෙහෙයවන්න කියලා. එතකොට අපිට මොන විදියේ ප්‍රශ්න ආවත් සැනසීමෙන් මේ රටේ ජීවත්වෙන්න පුළුවන්. (නි)

:       0       0

දුමින්ද Wednesday, 21 October 2015 08:15 AM

එදා හරි දේ කලානම් අද මේ දුක නැත (ම)

:       0       0

සමන් Wednesday, 21 October 2015 08:47 AM

මේ ගැන සොයා බැලුවොත් නරකද.? (ර)

:       0       0

රම්දික Wednesday, 21 October 2015 08:47 AM

හොද මනුස්සයෙක්. (ර)

:       0       0

ලුම්බිණි Wednesday, 21 October 2015 09:00 AM

මෙතුමා තමන් දන්නා දෙයක් කරගෙන හිටියානම් කොහොම හොඳට ඉන්න තිබුනද? (ර)

:       0       0

ධර්ම ජයවික්‍රම Wednesday, 21 October 2015 09:02 AM

නිතිය පිලිබඳ විද්වතෙක් වූ ඔබ පැවති රජයේ විදේශ ඇමතිවරයා ලෙස ඉටුකළ කාර්යභාරය ශේෂ කල අවදානම මෙම රජය භාර ගෙන තිබෙනවා.ඔබ ආගමික නායකයින් දැනුම්වත් කිරීම ගැන සතුටුයි. (අ)

:       0       0

විජිත් Wednesday, 21 October 2015 09:22 AM

මෙයා ගැන කියන්න ගියොත් මේ පිටු 1000ක් වත් මදිවේවි... (ර)

:       0       0

කරුණාපාල Wednesday, 21 October 2015 09:43 AM

ආගමයි, දේශපාලනයයි කියන්නේ සම්පුර්ණයෙන්ම වෙනස් වූ විෂය පත දෙකක්. ඔය දෙක එකට සම්බන්ද වූ තැන ගෝත්‍රික බහුතරවාදය ඉස්මතුවී ප්‍රජාතන්ත්‍රවාදය යටපත්වෙනවා. හැබැයි ඔය "බහුතර ඉල්ලම" පාදාගන්න දේශපාලකයෝ හරිම කැමතියි. එකනේ අපි දකින ලංකාවේ දේශපාලකයින්, ආගමික නායකයින්ටත් , පුජකයින්ටත් වැඩිය ආගමික ස්ථානවල සැරිසරමින් ප්‍රදර්ශනාත්මක ආගමික වතාවත් වල යෙදෙන්නේ. සමහරක්ට නොතේරුනාට අපිට නම් තේරෙනවා "ගොනා හැරෙද්දීම මේ පොල් පැලයටයි කියලා" (ර)

:       0       0

ශාන්ති Wednesday, 21 October 2015 10:05 AM

යන්න කලින් ප්‍රශ්නේ විසදලා යන්න තිබුණානේ අවුරුදු 5 ක් පොල් ගෑවද මෙතුමා තමුන්ට බලය තියෙද්දී එකෙන් මඟ හැර හැර ඉඳලා දැන් කණු කුණු ගානවා (ම)

:       0       0

බුද්ධික Wednesday, 21 October 2015 06:54 AM

හොඳයි හොඳයි ඔහොම යමුකෝ! (නි)

:       0       0

හුසේන් මොහමඩ් Wednesday, 21 October 2015 06:52 AM

මෙතුමා රටට අවශ්‍ය වටිනා සම්පත්. පෞද්ගලික කැමති අකමැතිකම් නිසා වැරදි මඟක යයිදෝ කියා සිතෙනවා. රට ගැන හිතා රටේ දියුණුව වෙනුවෙන් තමන්ගේ දායකත්වය දෙන්න මහත්තයෝ. (නි)

:       0       0

විමුක්ති Wednesday, 21 October 2015 07:10 AM

මම නම් කියන්නේ සමහරුන්ට තියෙන්නේ පැහැදිලි ඊර්ෂ්‍යාව. (නි)

:       0       0

එරංග Wednesday, 21 October 2015 07:10 AM

හුසේන්ගේ අදහස අගය කරනවා (නි)

:       0       0

බණ්ඩා Wednesday, 21 October 2015 07:12 AM

එක එකාට කඩේ යන්නේ නැතුව හිතට අවංකව වැඩ කරන්න මහත්තයෝ . (අ)

:       0       0

සුනිල් Wednesday, 21 October 2015 07:29 AM

පාර්ලිමේන්තු ආසනයක් ඇමති කමක් ආණ්ඩුවෙන් ලැබුනා නම්... (ර)

:       0       0

හන්සගිරි Wednesday, 21 October 2015 07:33 AM

මෙයා ගැස් සමාගම විකුණලා ලැබුණු එංගලන්ත ගේ ගැන ආගමික නායකයන්ව දැනුවත් කලේ නැ. බලය නැතුව මැරෙන්න අමාරුද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 832 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අම්බලන්ගොඩ අනුරට
2024 සැප්තැම්බර් මස 22 6 0


මාතර අනුරට
2024 සැප්තැම්බර් මස 22 654 0

මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 369 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 345 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 389 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14636 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site