වසර හයක් පුරා අත්හිටුවා තිබෙන ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය ශ්‍රී ලංකාවට නැවත ලබාදීම සදහා යුරෝපා කොමිසම විසින් රජයට ඉදිරිපත් කර තිබූ කොන්දේසි 58 , කොන්දේසි 15 ක් දක්වා අඩු කර ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය කඩිනමින් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මත අදාළ කොන්දේසි අඩු කිරීමට හේතුවී ඇතැයි තානාපති ආරංචි මාර්ග සදහන් කරයි. ජාත්‍යන්තර සම්මුතීන්ට අදාළ නීති රීති රෙගුලාසීන් වත්මන් රජය විසින් සපුරලීමට අවශ්‍ය පියවර ගැනීමත් යුරෝපා කොමිසම සිය කොන්දේසීන් ලිහිල් කිරීමට හේතුවී ඇතැයි තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.
එමෙන්ම, වත්මන් රජයේ යහපාලන ප්‍රතිපත්තීන් තහවුරු කිරීම සදහා ජී.එස්.පී. ප්ලස් ශ්‍රී ලංකාවට කඩිනමින් ලබාදීම අවශ්‍යතාවයක් බව යුරෝපා සංගමය ද පිළිගෙන ඇතැයි බ්‍රසල්ස් නුවර තානාපති ආරංචි මාර්ග පවසයි.
ජී.එස්.පී ප්ලස් ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීමෙන් අනතුරුව 2010 වසරේදී ද යුරෝපා කොමිසම එය නැවත ලබාදීම සදහා කොන්දේසි පෙලක් ඉදිරිපත් කළා. නමුත් එවකට පැවති රජය අදාළ කොන්දේසි පිලිපැදීම ප්‍රතික්ෂේප කළේ රටේ ස්වෛරීභාවයට හානියක් වන බව පවසමිනි.කෙසේ නමුත්, වත්මන් රජය යුරෝපා කොමිසම සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව අදාළ කොන්දේසි ලිහිල් කර ගැනීමට හැකිවී තිබෙනවා.
එම සහනය නැවත ලබා ගැනීම සදහා පසුගියදා නිල වශයෙන් අයදුම් කර තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම , එම පනත යටතේ රදවා සිටින්නන්ගේ නඩු විභාග කඩිනම් කිරීම , නව මානව හිමිකම් ක්‍රියාකාරි සැලැස්මක් හඳුන්වාදීම ,නව ව්‍යවස්ථාව යටතේ බලය බෙදා හැරීමට කටයුතු කිරීම , උතුරේ පෞද්ගලික ඉඩම් සියල්ල නැවත හිමිකරුවන්ට ලබාදීම , සහ ජාතික සංහිදියා සහ නැවත පදිංචි කිරීමේ ප්‍රතිපත්තියක් හඳුන්වාදීම ඇතුළු කරුණු මෙම කොන්දේසි වලට ඇතුළත්වූ බව තානාපති ආරංචි මාර්ග කියයි.
යුරෝපා සංගමය මීට පෙර ද ප්‍රකාශ කළේ මෙරට මානව හිමිකම් වල වර්ධනයක් අපේක්ෂා කරන බව වන අතර මීට අමතරව ජී එස් පී ප්ලස් තීරුබදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීම පිළිබද සලකා බැලීමට අදාළ කොන්දේසිද ඉටු කළ යුතු බවයි යුරෝපා සංගමය මෙරටට දැනුම්දී ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි.
ජී.එස්.පී ප්ලස් බදු සහනය ඉල්ලුම් කිරීම සලකා බලන්නටත් පෙර මෙම කොන්දේසි ඉටු කළ යුතු බව එම සංගමය දැනුම් දී තිබේ.එසෙම යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ඩේවිඩ් ඩැලී ශ්‍රී ලංකා රජයට දන්වා ඇත්තේ එම කොන්දේසි ක්‍රියාත්මක වන ආකාරයත් , එහි ප්‍රගතියත් නිරන්තරයෙන් සෝදිසියට ලක් කරන බවය.
කෙසේ නමුත් යුරෝපා සංගමය මගින් ඉදිරිපත් කර ඇති එම කොන්දේසි අඩු කර ගෙන එකග විය හැකි කරුණු සම්බන්ධයෙන් එකගත්වය පළකොට ඉදිරියට යාම රජයේ අපේක්ෂාව වන බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
වසර හයක සිට මෙරටට අහිමිව තිබෙන ජී.එස්.පී ප්ලස් බදු සහනය නැවත ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන් වන තවත් තීරණාත්මක සාකච්ඡා වට ඉකුත් මාස කිහිපකදීම බ්‍රසල්ස් නුවරදී පැවැත්විණි.මෙරට මානව හිමිකම් තත්ත්වය තහවුරු නොකිරීම ,කම්කරු සම්මුතීන් උල්ලංඝනය කිරීම ඇතුලු කරුණු රැසක් හා 2010 වසරේදී එවකට තිබු වාතාවරණය හමුවේ මෙරට ඇගලුම් නිෂ්පාදන ඇතුලු භාණ්ඩ වර්ග රැසක් සදහා යුරෝපා සංගමය විසින් ජී.එස්.පී ප්ලස් බදු සහනය තවදුරටත් ශ්‍රී ලංකාවට ලබා දීම යුරෝපා සංගමය අත්හිටුවන ලදී.
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජී.එස්.පී. ප්ලස් පේන මානයේ
පද්ම Monday, 11 July 2016 12:47 AM
දැනගන්න කැමතියි මෙතෙක්කල් උතුරේ හිටපු සිංහල අයගෙන් කී දෙනෙකුට ඔවුන්ගේ ඉඩම් අාපසු ලැබුනද කියලා (නි)
නිශ්ශංක Monday, 11 July 2016 02:54 AM
සුජීව, ඔබ හරියටම හරි (නි)
ජයසිරි Monday, 11 July 2016 02:56 AM
දැන් මේක නැතුව අපිට ඉස්සරහට යන්නම බැරිද? (නි)
අනුර Monday, 11 July 2016 03:00 AM
එදා විරුද්ධ පක්ෂය අද මෙය නැවත ලබාදෙන්න කටයුතු කරනවා. ඒ විතරක් නොවේ, ගුවන් හමුදාවට මිග් අලුත්වැඩියා කරන්න මුදල් ණය දෙන්න එපා කිවුවේ මේගොල්ලෝ. අපි ඉන්නේ ලංකාවේ, යුරෝපයේ නොවේ. අවුරුදු 2500 අපි ජීවත්වුණේ ජීඑස්පී වලින් නොවේ. වැඩ කරමු. රට ගොඩනඟමු. කවුරු වුණත් හොරු පන්නමු (නි)
ජොහාන් Monday, 11 July 2016 03:03 AM
පේන මානයේ තිබුනත් නොලැබී යන්න බැරිකමකුත් නැහැ (නි)
තරංග Monday, 11 July 2016 04:00 AM
කොන්දේසි වලට එකඟවෙලා සියලුදේම කරලා ජීඑස්පී ගමු කියලනෙ ඉහත සඳහන් කට්ටියම කියන්නේ. කමු, බොමු, ජොලි කරමු, රටට ඕනෑදෙයක් වුණාවේ
කපුගේ Monday, 11 July 2016 04:11 AM
ටිකිරිගේ මොළේ දෙපැත්තෙන් දැනේ කිවුවලු (නි)
අතුරා Monday, 11 July 2016 04:22 AM
තරංග, මහින්ද පැරදිලා ගෙදර ගිය දවසේ ඉඳලා ඔයාලා ඔය කියන රටට ඕනෑදෙයක් වුණාවේ කියන දේ වුණේ නැහැනේ. (නි)
සුජීව (ජර්මනි ) Sunday, 10 July 2016 02:14 PM
ජනධිපති සහ අගමැති තුමාගේ, දුරදර්ශි අනාගත සැලසුම් වල ශ්‍රේෂ්ඨ ප්‍රතිපල, ඒ වගේම ඔවුන් දෙපලගේ මනා සැලසුම් ලෝකය තුලට විවර කරන්න සිටින බුද්ධිමත් ඇමතිවරු සහ රාජ්‍ය නිලධාරීන්ගේ අනගිභවනිය සේවාවල උසස් ප්‍රතිපල !(බ)
සදුන් Monday, 11 July 2016 04:32 AM
අනුර, ඒ සේවය අගය කරනවා වෙනුවට මඩ ගහන්න එපා. (නි)
දිල්රුක්ෂි Monday, 11 July 2016 04:40 AM
මේක තිබුණත් නැතත් අපිට නම් කමක් නැහැ (නි)
පද්මිණී Monday, 11 July 2016 05:01 AM
පවතින රජය ජාත්‍යන්තරය දිනාගෙන රටට සුබවෙන දෙයක් කරනවට ජාතියම එකඟවෙන්න ඕනෑ. (නි)
ටිකිරි Sunday, 10 July 2016 03:04 PM
අනේද කියන්නේ... (ර)
නුවන් Monday, 11 July 2016 03:27 PM
බලය රැක ගැනීමේ තවත් එක්තරා නාටකයක්.උතුරේ තිබුණු සිංහල ගම්මාන කීයක් නැවත පිහිටුවාද? (බ)
අමිත් Sunday, 10 July 2016 03:24 PM
මේවට මහන්සි වී කැපවී වැඩ කරන සියලු දෙනාටම සුභපැතුම්. (ර)
ජයතු Sunday, 10 July 2016 03:24 PM
රටට හොද දෙයක් වෙනකොට ඒය නරක දෙයක් බව කියන කුහක අය රටට අැති ප්‍රධාන විෂබිජයි. (ර)
නිම්මි Sunday, 10 July 2016 03:36 PM
ජයතු හරි. මතකද අපේ රට අමාරුවෙන් කොටියාගෙන් බේරාගන්න කාලේ සමහරු ඕනෑ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කිව්වා. තොප්පිගල කියන්නේ මහා වනාන්තරයක් කිව්වා. ලැජ්ජයි නේද? (නි)
යසිරු Sunday, 10 July 2016 04:30 PM
මේවා කෙරෙන වැඩද මන්දා? (නි)
ඇන්ටන් Sunday, 10 July 2016 04:34 PM
ජයතු සමඟ මම එකඟයි (නි)
ඇන්ජලෝ Sunday, 10 July 2016 04:52 PM
අර කුහකයෝ ටික දැන් මොනවද කියන්නේ? (නි)
ප්‍රනාන්දු Sunday, 10 July 2016 05:15 PM
කන්න දී ගෙල සිඳීමට දරන උත්සහය! පවතින රජයට විරුද්ධව වැඩි වැඩියෙන් උද්ඝෝෂණ කළා නම් තිබෙන තව කොන්දේසි කීපයක් ඉවත් කරනු ඇත (නි)
අංජන Monday, 11 July 2016 06:20 AM
සුජීව, ඔයා ඔහේටම වෙලා ඉන්න. ලංකාවට එන්න එපා (නි)
සිරි Sunday, 10 July 2016 08:55 PM
පේන මානයේ... මේකත් බාලගිරි දෝෂයක් නොවේවායි ප්‍රාර්ථනා කරමු!!! (නි)