ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට අනතුරු අඟවයි. ඊශ්‍රායල හමාස් යුද්ධයේදී, කොන්දේසි විරහිතව, ඊශ්‍රායලයට සහාය පළ කිරීමට ඉදිරිපත් වී සිටින බයිඩන්, ඊශ්‍රායලයට සෘජුව අනතුරු ඇඟවීමක් කළ පළමු අවස්ථාව මෙයයි.
අනතුරු අඟවමින්ඇමෙරිකන් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ගාසා තීරයේ, රෆා නගරයට, ඊශ්‍රායල හමුදා දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන්නේ නම්, ඇමෙරිකාව ඊශ්‍රායලයට ආයුධ සැපයීම වහා නතර කරනබවය. මේ වනවිටත් ඊශ්‍රායලයට බෝම්බ සැපයීම තාවකාලිකව නතර කිරීමට ඇමෙරිකන් ජනාධිපති බයිඩන් තීරණය කර ඇත.
ඇමෙරිකන් ජනාපධිතිවරයාගේ මෙම තීරණය කනගාටුවට කරුණක් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රමුඛ රජය පවසා ඇත. ඇමෙරිකන් ජනාපධිතිවරයාගේ අනතුරු ඇඟවීම් ගණනකට නොගෙන, ඊශ්‍රායල ගුවන් හමුදාව රෆා නගරයට ප්‍රහාර එල්ල කරන බව විදෙස් මාධ්‍ය පවසයි.ඊශ්‍රායල ප්‍රහාර හමුවේ රෆා නගරයේ රෝහල් අඩපණ වී ඇති බවත්, රෝගීන්ට ප්‍රතිකාර කිරීම ගැටලුවක් වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
ඊශ්‍රායලයට ආයුධ ලබා සැපයීම නවත්වනවා යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කළ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන්, ඇමෙරිකාවේ හිටපු ජනාපධිති ඩොනල්ඞ් ට්‍රම්ප්, වත්මන් ජනාධිපති බයිඩන් විවේචනය කර ඇත. ට්‍රම්ප් පෙන්වා දී ඇත්තේ, බයිඩන් හමාස්වරුන්ගේ පැත්ත ගෙන, ඊශ්‍රායලය අමාරුවේ දැමූ බවය.
මෙම නොවැම්බර් මාසයේ, ඇමෙරිකන් ජනාපධිතිවරණය පැවැත්වෙන අතර, බයිඩන් ඩිමොක්‍රටික් පක්ෂයෙන් ද ට්‍රම්ප් ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයෙන් ද ඊට ඉදිරිපත් වෙයි. ඊශ්‍රායල හමාස් ගැටුම් ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රධාන සාධකයක් වනු ඇත.
මැදපෙරදිග කලාපයේ ඇමෙරිකාවේ හිතවතා වන්නේ යුදෙව් ඊශ්‍රායලයයි. ලොව එකම යුදෙව් රාජ්‍යය වන්නේ ද ඊශ්‍රායලයයි. පසුගිය ඔක්තෝබර් හත් වැනිදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු, ඊශ්‍රායලය පෙරළා ගාසා තීරයට පහර දෙන්නේ, ‘රිසි පරිදි පහර දෙන්නැයි’ ඇමෙරිකන් ජනාධිපති ඊශ්‍රායලයට ලබා දුන් අවසරය නිසාය. ගාසා තීරයේ පලස්තීනුවන් 34,000 ක් මේ වනවිට ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මියගොස් ඇත. ඔවුන්ගෙන් වැඩි දෙනා කාන්තාවන් සහ කුඩා දරුවන්ය.
රෆා යනු ගාසා තීරයේ ඊජිප්තුවට මායිම්ව පිහිටා ඇති නගරයයි.ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී කළ පහර දීමෙන් පසු, ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් ඉලක්කවලට පහර දෙද්දී, උතුරු දිග ගාසා තීරයේ සිටි පලස්තීන වැසියන් දකුණු දිග ගාසා තීරයේ රෆා නගරයට ගියේය.
මේ වනවිට ගාසා වැසියන් මිලියන 1.3 ක්, සරණාගතයන් ලෙස ජීවත් වන්නේ රෆා නගරයේය. ඊශ්‍රායල හමුදා පහර දෙන්නේ, රෆා නගරයේ සිටින පලස්තීන ජනතාවට සිය නිවෙස් වලින් ඉවත් වන්නැයි ඊශ්‍රායල ආරක්ෂක හමුදාව දැනුම් දෙමිනි. මහා පරිමාණයෙන්, රෆා නගරයට ප්‍රහාර එල්ල කිරීමට සියලු කටයුතු සූදානම් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත.
(ඒ.එෆ්.පී.)
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජෝ බයිඩන් පළමුවරට ඊශ්‍රායලයට අනතුරු අඟවයි
Prabha Friday, 10 May 2024 02:14 PM
පව්, ඊශ්‍රායලයේ බයිඩන් ගොයියාව සත පහකට ගණන් ගන්නේ නෑ.
Asanga samantha Sunday, 12 May 2024 11:29 AM
මේ සේරම යාලුවෝ මල්ලී...!