IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ඥානසාර හිමිට එරෙහි චෝදනා ඉල්ලයි

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්   අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි ඉදිරිපත් කර ඇති චෝදනා පත‍්‍රය සංශෝධනය කර ලබන  13 වැනි දා ඉදිරිපත් කරන ලෙස අභියාචානාධිකරණය නීතිපතිට අද (27) නියෝග කළේය.

මෙම චෝදනා පත‍්‍රය පිළිබඳව විරෝධතා ලිඛිතව ලබන නොවැම්බර් 18 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අභියාචානාධිකරණය හිමිනමට දැන්වීය.

මෙම රිට් පෙත්සම අභියාචානාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ සහ ප‍්‍රීති පද්මන් සූරසේන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ  දී ප‍්‍රගීත් එක්නැලිගොඩ   අතුරුදන් කිරීමේ නඩුව අවසන් වීමෙන් පසු එම අධිකරණයේ ශබ්ද නඟා කථාකරමින් කලහකාරී ලෙස හැසීරීමෙන් ඥානසාර හිමි අධිකරණයට අපහාසයක් සිදු කර ඇත් දැයි විභාගයක් පවත්වා ඒ පිළිබඳව පියවර ගන්නා ලෙස හෝමාගම මහේස්ත‍්‍රාත්වරයා ඉකුත් ජනවාරි 20 වැනිදා මෙම පැමිණිල්ල අභියාචනාධිකරණයට යොමු කළේය.

RDS_9069 RDS_9071



අදහස් (0)

ඥානසාර හිමිට එරෙහි චෝදනා ඉල්ලයි

රන්ජිත් Tuesday, 27 September 2016 06:15 PM

මන්නාරම උසාවියට ගහපු ඇමතිවරයාටත් නීතිය ක්‍රියාත්මක කරන්න. (නි)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 27 September 2016 08:10 PM

සිංහල ජාතිය ගැන කතා කරනවා කියලා කතා කරන්නේත් වෛරයනේ (නි)

:       0       0

ගෙහාන් Tuesday, 27 September 2016 09:50 PM

බද්‍රානි, ඒ හාමුදුරුවෝ කතා කළේ අපේ රට ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත්ත රණවිරුවන් වෙනුවෙන්. ඒ හාමුදුරුවෝ සිංහල බෞද්ධයන්ගේ ජාතික වීරයෙක් (නි)

:       0       0

රාධා Wednesday, 28 September 2016 12:45 AM

බිලා අධිවේගී මාර්ගයේ සිටි පොලිස් නිලධාරීන්ට සමහරු නොසරුප් වචනවලින් බනිනකොට මේ අදහස් දාන අය සිටියේ නැද්ද? (නි)

:       0       0

සුමාල් Wednesday, 28 September 2016 12:49 AM

ඒත් මං බැලුවා මොකද භද්‍රානි පේන්න නැත්තේ කියලා

:       0       0

දිමුත් Wednesday, 28 September 2016 01:24 AM

ඇයි උසාවි වලට ගල් ගහපු අයට සමාව දුන්න එකේ හාමුදුරුවෝ අපහස කළා නම් ඒකට සමාව දෙන්න බැරිද? (නි)

:       0       0

සමරගේ Wednesday, 28 September 2016 02:19 AM

භද්‍රානි කවදාද නඩුකාරකමක් ගත්තේ. (නි)

:       0       0

ටෙනිසන් Wednesday, 28 September 2016 02:30 AM

අනේ අපේ හාමුදුරුවනේ!

:       0       0

රාහුල Wednesday, 28 September 2016 09:04 AM

අනේ සරත්, උසාවියට ගල් ගහපු ඇමතිලා ගැන ඔයා අහලා නැද්ද.

:       0       0

ප්‍රියාන් Wednesday, 28 September 2016 03:11 AM

විග්නේශ්වරන් සහ ඥානසාර හිමි..කෙනෙක් එළියේ ඉදන් හොදට කියවනවා..අනිත් කෙනාව ඇතුලට දා ගන්න දගලනවා (බ)

:       0       0

සජී Wednesday, 28 September 2016 03:24 AM

මේ හාමුදුරුවෝ හැමදේම කළේ සිංහලයා වෙනුවෙන්. නැතුව තමන්ගේ මඩිය තරකර ගන්න නෙවෙයි (බ)

:       0       0

බුද්ධික Wednesday, 28 September 2016 03:27 AM

උතුම් කාසාවත දේශපාලන අරමුණුවලට යොදාගැනීම මේ හාමුදුරුවෝ කළා වගේම පහුගිය රජය අනුබල දුන්නා. නීතිය යනු සැබෙවින්ම සියල්ලටම පොදු දෙයක්.(බ)

:       0       0

අමාලි Wednesday, 28 September 2016 03:46 AM

භද්‍රානි එතකොට විග්නේශ්වරන්ට පුළුවන්ද නීතිය ඉක්මවා යන්න . මම දන්නේ නැති නිසා ඇහුවේ (බ)

:       0       0

උපුල් Wednesday, 28 September 2016 04:02 AM

බුදුන් දෙසු ධර්මය අනුගමනය කළානම් රටත් ජාතියත් සාසනෙත් රැකෙනවා. නමුත් හැමෝම අනුන්ගේ වැඩ කරන්න යනවා තමන්ගේ වැඩේ කරන්නේ නැ. සියල්ල අනිත්‍ය ලෝකේ ජාතිය විතරක් නිත්‍ය නැ. යන තැනකට වැඩ කරගන්න.(බ)

:       0       0

බස්නායක Wednesday, 28 September 2016 05:30 AM

අපි කලබලනොවී බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

රූපා Wednesday, 28 September 2016 05:58 AM

ඥානසාර ස්වාමින්ට ට දඬුවම්, විග්නේෂ්වරන් ට නීතිමය පියවර නැත. විරෝදය පමණයි. (ම)

:       0       0

දයස් Tuesday, 27 September 2016 01:17 PM

ඒ හාමුදුරුවන් හිරේ දාන්න යහපාලකයන් කරන වෑයමක්...!!! (අ)

:       0       0

සහන Tuesday, 27 September 2016 01:25 PM

කවුරු වැරදි කළත් දඩුවම් දිය යුතුයි. ඔය හාමුදුරුවන් පහුගිය දවස්වල කරපු දේවල් දිහා බැලුවම දැන් ඉන්න විදිය ගැන හිතා බලන්නත් අමාරුයි. (අ)

:       0       0

රන්දික Tuesday, 27 September 2016 01:26 PM

ඒ දා ඒ සිදුවීම කවුරු කොහොම කිවත්.. දුටු . ඇසු ... අය දනිති ...දිට්ට දම්ම වේදනීය කර්මයරට බාරයි ....!!! (අ)

:       0       0

සිල්වා Wednesday, 28 September 2016 06:08 AM

සියලු නීති රීති සිංහලයට විතරයි. මන්නාරමේ උසාවිය ගල් ගැසූ අය ඇමතිවරු විය. මෑතදී දෙමල තරුණයන් පොලිසියට ගල්වලින්ප හර දුනි. කිසිවක් නොදැන, අදහස් දක්වන උදචිය, සිංහලයන්ටම දොස් කියති. ලංකාවේ සිංහල අයට බැනීම, හමුදුරුවරුනට බැනීම ඉහලට යාමට හේතුවකි. මෝඩකමට හිතන විදියේ අරුමය ළඟදීම දැනෙනු ඇත. (බ)

:       0       0

මානව හිමිකම් නියෝජිතයා Tuesday, 27 September 2016 01:37 PM

මන්නරමේ කට්ටියක් උසාවියට ගලුත් ගහලා ලොකු ගාලගෝට්ටියක් කලා...එයාලට මොකුත් නඩු නැති රටේ සිංහල කියන මිනිහටයි හැම නීතියක්ම... නීතිය හැමෝටම එකක් වෙන්න ඕන....මේවට කියන්න දේවල් නෑ.(අ)

:       0       0

ශ්‍යාම් Wednesday, 28 September 2016 06:11 AM

හාමුදුරුවෝ පෙන්වා දුන් දේ තේරෙයි නුඹලාගේ තව වසර කිහිපයකින්.... එදාට පරක්කු වැඩියි. මන්නාරම උසාවියට ගල් ගැසීමට වත් මුස්ලිම් අය හා සිංහල අය වැරදියි කියන්නට බියයි. හාමුදුරුවෝ ගියේ රණවිරුවන් වෙනුවෙන්. (බ)

:       0       0

ඔස්ටින් Tuesday, 27 September 2016 01:39 PM

අනේ බුදු හාමුදුරුවනේ සාසනේට මේ මොකද වෙන්නේ .?(අ)

:       0       0

සරත් Wednesday, 28 September 2016 06:16 AM

කවුරු මොනවා කිව්වත් නීතියට අධිකරණයට අපහාස කිරීම ආදර්ශමත් ක්‍රියාවක් නෙවෙයි (බ)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Wednesday, 28 September 2016 06:36 AM

රටේ සිදුවන අසාධාරණයනට අයුක්ති සහගත දේවලට කහ සිවුරට පමණයි දැන් හඬක් නගන්න පුළුවන්. ඒකත් නැති කරන්න උඹලා වලී කනවනම් බලා පල්ලා තව ටික කාලෙකින් උඹලගේ ඔය රටට සිදු වෙන විපත්තිය.(බ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Tuesday, 27 September 2016 02:11 PM

ඔව් ඉතින් සිංහල ජාතිය වෙනුවෙන් කතා කරන හැමෝම හිරේට යවමු.මේ හම්දුරුවොත් හිරේට යවමු .(අ)

:       0       0

බුද්ධික ප්‍රියදර්ශන Wednesday, 28 September 2016 06:56 AM

හාමුදුරු නමක් කතා කළොත් ඒක ජාතිවාදී අපරාධයක්. විග්නේශ්වරන් කළොත් සංහිදියාව. ළමයිනේ තේරුම් ගනිල්ලා වෙනස. (බ)

:       0       0

තුසිත Tuesday, 27 September 2016 02:31 PM

ඔව් මේ හම්දුරුවෝ ඔක්කොම කලේ එයාගේ පව්ලේ යට දරුවන්ට නෝනට එහෙමනේ රටේ මිනිස්සු වෙනුවෙන් නෙමේ මිනිස්සු කිසි කෙනෙක් බැලුවද මේ හාමුදුරුවෝ කියන්නේ මොනවද කියල කියපු විදිය විතරි බැලුවේ කවද හරි තේරෙයි එත කොට නසරිස්ථානයක ජීවත් වන සුළු ජාතියක් විදියට ඔය ජාති වාදියෝ කියන ඔක්කොම ඉදියි (අ)

:       0       0

භද්‍රානි Tuesday, 27 September 2016 02:59 PM

සිවුරට, ලෝගුවකට හෝ වෙනත් පුජනීය ඇඳුමකට මුවා වෙලා රටේ නීතිය ඉක්මවා කටයුතු කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. (බ)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 27 September 2016 03:21 PM

බුද්ධ ශාසනය රැක ගන්න මහා නායක හිමි වරුත්, රට රැක ගන්න සිංහල බෞද්ධ නායකයිනුත් ඉන්නවා. කොහොමත් උසාවි භූමියක් තුල පැහැරීම හිමි නමකට තරම් නොවේ. (බ)

:       0       0

රුවනි Tuesday, 27 September 2016 03:21 PM

සිංහල ජාතිය විසින් සිංහලයන් විනාශ කරනලදී .මෙහෙම දවසක් ඉතිහාසයේ ලියවුණු . උතුරේ දෙමළා අවුස්සන දකුණේ ජීවත් වන විග්නේෂ්වරන් හැමදාම රට විනාශ කළත් නීතියෙන් නිදහස් (බ)

:       0       0

උපේන්ද්‍ර Tuesday, 27 September 2016 03:59 PM

භද්‍රානි එළියට එන්නේ මේ හාමුදුරුවෝ ගැන කතාකරනකොට විතරයි (නි)

:       0       0

දිල්ශාන් Wednesday, 28 September 2016 02:48 PM

විග්නේශ්වරන් මොනවා කළත් යහ පාලන ආණ්ඩුවට ඇහෙන්නේ නැහැ, පෙන්නේ නැහැ. සිංහල බෞද්ධයන් වෙනුවෙන් කතා කරන හාමුදුරුවරුන්ව මොන චෝදනාව යටතේ හරි හිරේ යවන්න දඟලනවා. (අ)

:       0       0

අසංග Tuesday, 27 September 2016 04:55 PM

එතකොට විග්නේශ්වරන් කරන දේවලට කෝ නීතිය? රටේ නීතිය නිදිද එතකොට?

:       0       0

සුමල් Tuesday, 27 September 2016 05:11 PM

භද්‍රානි අදහස් දාන්නේ ඉතින් මේ හාමුදුරුවෝ ගැන ප්‍රවෘත්තියක් පළවුණාම විතරනේ. (නි)

:       0       0

දර්ශන Tuesday, 27 September 2016 05:26 PM

මේ විදියට මේ හාමුදුරුවන්ට නඩුවක් වැටිච්ච එක හොඳයි. මොකද දැන් ටිකක් සාමකාමිව ටිකක් වැදගත් විදියට කතාකරනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි
2024 ඔක්තෝබර් මස 09 267 0

නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග


දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1142 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 112 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 1796 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 4261 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 147 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39527 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25744 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1190 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site